





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බවට අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “දැහැමි දෑ කරන වහල් දේව ගැත්තාට කුසල් දෙකකි.“ අබූ හුරෙයිරාගේ ප්‍රාණය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීමට, හජ් වන්දනාව ඉටු කිරීමට හා මාගේ මවට උපකාර කිරීමට නොවී නම් මම වහලෙකුව සිට මිය යෑම වඩාත් ප්‍රිය කරමි.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “තම පරමාධිපතිගේ වගකීම් ඉටු කරමින් තම ස්වාමියාට උපදෙස් දෙන වහල් ගැත්තාට කුසල් දෙකක් හිමිය. එය ඔහු අල්ලාහ්ට නැමදුම් කරමින් ඔහුගේ වගකීම් ඉටු කරන බැවින් හා තම ස්වාමියාට සේවය කරමින් ඔහුගේ වගකීම ද ඉටු කරන බැවිනි. තවදුරටත් අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා: සැබැවින්ම තමන් වෙත පැවරුණු ජිහාදය වහලාට නොමැතිනම් තම මවට සේවය කිරීමෙන් හා වියදම් කිරීමෙන් උපකාර කිරීමේ වගකීම නොමැති නම් වහලෙකු ලෙස සිට මිය යෑම මම ප්‍රිය කරමි. හේතුව එහි කුසල් ඇති බැවිනි යැයි පැවසූහ.
අම්ර් ඉබ්නු අබසා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම මිනිසුන් නොමඟෙහි සිටින බවත්. තවද සැබැවින්ම ඔවුන් කිසිදු ස්ථාවරයක් මත නොමැති බවත්. ඔවුන් පිළිම වන්දනා කරමින් සිටින බවත් අඥාන යුගයේදී මම සිතා ගෙන සිටියෙමි. එවිට තොරතුරු දන්වා සිටින මක්කාවේ වෙසෙන මිනිසකු පිළිබඳ පුවත මගේ කනට වැකුණි. එවිට මම මගේ වාහනය මත වාඩි වී එතුමා වෙතට පැමිණියෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් රහසිගතව කටයුතු කරමින් සිටියහ. එතුමාගේ පිරිස එතුමා කෙරෙහි උද්යෝගයෙන් සිටියෝය. මක්කාවේ එතුමා වෙත පිවිසෙන තෙක් මම සෙමින් පැමිණියෙමි. පසුව මම එතුමා දෙස බලා: ඔබ කවුද? යැයි විමසුවෙමි. එතුමා “මම නබි වෙමි“ යැයි පැවසූහ. මම: ‘නබි යනු කුමක්ද?‘ යැයි විමසුවෙමි. එතුමා: “අල්ලාහ් මා දූතයකු ලෙස එවා ඇත්තෙමි“ යැයි පැවසූහ. මම: ‘ඔහු කුමන හෙතුවක් මත ඔබව එව්වේද?“ එතුමා: “ඥාතීසම්බන්ධකම් පැවැත්වීමටත් (අල්ලාහ් හැර වන්දනයට ලක්වන) වස්තු කඩා දැමීමටත් අල්ලාහ් ඒකියභාවයට පත් කරනු ලැබීමටත් ඔහුට කිසිවක් ආදේශ කරනු නොලැබීමටත් මා එවීය.“ යැයි පැවසූහ. මම: ‘එසේ නම් ඔබ සමග සිටින මොවුන් කවුදැ?‘යි විමසුවෙමි. එතුමා “නිදහස් අයකු හා වහලෙකි“ යැයි පැවසූහ. එදින එතුමා සමග අබූ බක්ර් හා බිලාල් -රළියල්ලාහු අන්හුමා- සිටියහ. මම: ‘සැබැවින්ම මම ඔබව පිළිපදිමි‘ යැයි පැවසුවෙමි. එතුමා: “සැබැවින්ම ඔබ අද දින ඒ සඳහා ශක්තිය නොදරන්නෙහිය. මාගේ තත්ත්වය හා ජනයාගේ තත්ත්වය ඔබ දකිනවා නොවේද? නමුත් ඔබ ඔබේ පවුල වෙත හැරී යනු. ප්‍රසිද්ධියේ මා පැමිණි ඇතැයි ඔබ මා ගැන සවන් දුන් විට මා වෙත පැමිණෙන්න. යැයි පැවසූහ. පසුව මම මාගේ පවුල වෙත ගියෙමි. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මදීනාවට පැමිණියහ. මදීනාවාසීන් අතුරින් පිරිසක් පැමිණියේය. එවිට මම: “මදීනාවෙන් පැමිණි එම මිනිසා කුමක් කරන්නේ දැ?“යි විමසුවෙමි. එවිට ඔවුහු: ‘ජනයා එතුමා වෙත යුහුසුළුවෙන් යති. සැබැවින්ම් එතුමාගේ ජනයා එතුමාව ඝාතනය කරන්නට සිතුවෝය. නමුත් ඔවුනට එය නොහැකි විය.‘ යැයි පැවසුවෝය. පසුව මම මදීනාවට පැමිණ එතුමා වෙත පිවිස ‘අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ මා හඳුනන්නේ දැ?‘යි විමසුවෙමි. එතුමා: “එසේය, ඔබ මා මක්කාවේදී හමු වූ අය වේ“ යැයි පවසා සිටියහ. මම: ‘අල්ලාහ්ගේ දූතයාණනි, මා නොදන්නා, එමෙන්ම අල්ලාහ් ඔබට ඉගැන්වූ දෑ මට දන්වා සිටිනු. සලාතය ගැන මට දන්වා සිටිනු‘ යැයි පැවසුවෙමි. එතුමා: “ඔබ සුබ්හු සලාතය ඉටු කරනු. පසුව හීයක ප්‍රමාණයට හිරු උදාවන තෙක් සලාතයෙන් වැළකෙනු. හේතුව සැබැවින්ම එය උදාවන විට ෂෙයිතාන්ගේ අං දෙක අතරින් එය උදාවනන්නේය. එවිට දේව ප්රතික්ෂේපකයෝ එයට සුජූද් කරති. පසුව සලාතය ඉටු කරනු. හේතුව සැබැවින්ම එම සලාතය, හෙවණැල්ල හීයක තරම් පතිත වන තෙක් (මලක්වරු) සහභාගී කරවනු ලබන්නකි. සාක්ෂිදරනු ලබන්නකි. පසුව සලාතයෙන් වැළකෙනු. හේතුව සැබැවින්ම එවිට නිරය අවුලනු ලැබේ. ඔබ නැගෙනහිර හෙවණැල්ල දුටු විට ඔබ සලාතය ඉටු කරනු. හේතුව සැබැවින්ම එම සලාතය ඔබ අසර් සලාතය ඉටු කරනු ලබන තෙක් සහභාගීකරවනු ලබන්නකි සාක්ෂි දරනු ලබන්නකි. පසුව හිරු අවරට යන තෙක් සලාතයෙන් වැළකෙනු. හේතුව සැබැවින් ෂෙයිතාන්ගේ අං දෙක අතරින් එය අවරට යනු ඇත. එවිට දේව ප්රතික්ෂේපකයෝ එයට සුජූද් කරති. පසුව මම: අල්ලාහ්ගේ නබිවරය, එසේ නම් වුළු! ඒ ගැනද මට කියා දෙන්නැයි පැවසුවෙමි. එවිට එතුමා ඔබ අතුරින් කිසියම් පුද්ගලයකු, තමන් වුළු ගන්නා ජලයට ළං වී, කට කලත්වා පිරිසිදු කොට, නාසය ද පිරිසිදු කොට එය සොදා ගන්නේ නම් තම මුහුණේ ඇති පාපයන් තම යටි රැවුලේ අගිස්සෙන් ජලය සමගම ඉවත් වනු මිස නැත. පසුව තම වැළමිට දක්වා තම දෙඅත් සෝදන්නේ නම් තම අතෙහි පාපයන් එහි ඇගිලි තුඩු අතුරින් ජලය සමගම ඉවත්වනු මිස නැත. පසුව තම හිස ජලයෙන් තවරන්නේ නම්, තමන්ගේ හිසකෙස් අතුරින් ජලය සමගම ඔහුගේ පාපයන් ඉවත් වනු මිස නැත. පසුව ඔහු දෙපා වළලු කර දක්වා සෝදන්නේ නම් එහි ඇගිලි අතුරින් තම පාදයේ පාපයන් ජලය සමගම ඉවත් වනු මිස නැත. පසුව ඔහු නැගී සිට සලාතය ඉටු කොට අල්ලාහ්ට ප්‍රශංසා කොට ඔහුව පැසසුමට ලක් කොට ඔහු සතු සුදුසු දැයකින් ඔහු කීර්තියට පත් කොට අල්ලාහ් වෙනුවෙන්ම තම හදවත මුදා හරින්නේ නම් තම මව තමන් ප්‍රසූත කල දින ඔහුගේ තත්ත්වය මෙන් ඔහුගේ පාපයන් ඉවත් වනු මිස නැත.“ මෙම හදීසය අම්ර් ඉබ්නු අබසා තුමා අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ සහගාමියකු වූ අබූ උමාමා තුමාට දන්වා සිටියහ. එවිට අබූ උමාමා තුමා ඔහු දෙස බලා අහෝ අම්ර් ඉබ්නු අබසා, ඔබ පවසන දේ බලන්න! මෙම මිනිසාට එකම තැනකදී පිරිනමනු ලැබේ ? එවිට අම්ර් තුමා: අහෝ අබූ උමාමා, මා වයසට පත්ව ඇත. මාගේ අස්ථි දුර්වල වී ඇත. මාගේ අවසන් කාලය ළඟා වී ඇත. අල්ලාහ් වෙත හෝ අල්ලාහ්ගේ දූතයාණන් වෙත හෝ මා බොරුවක් පැවසීමට කිසිදු අවශ්‍යතාවක් මට නැත. මෙය මා අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් වරක් හෝ දෙවරක් හෝ තුන් වරක් හෝ -හත් වාරයක් දක්වා එසේ පැවසනු- අසා නොමැතිනම් කිසිවිටෙක එය මම නොපවසමි. නමුත් මම එය බොහෝ වාර ගණනාවක් අසා ඇත්තෙමි යැයි පැවසූහ.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතඅම්ර් ඉබ්නු අබසා අස් සලමී -රළියල්ලාහු අන්හු- තුමා අඥාන යුගයේ තම තත්ත්වය කෙසේ වී දැයි ද තමන් හට අල්ලාහ් ඉස්ලාමය වෙත මඟ පෙන්වූයේ කෙසේ දැයි ද අපට දන්වා සිටියේය. ඒ වන විට ඔහුගේ සිත තුළ සත්‍යයේ ආලෝකයක් විය. සැබැවින්ම ජනයා අසත්‍යයේ සිටින බවත් දේව ආදේශය හා මුළාව මත ඔවුන් සිටින බවත් ඔවුන් විශ්වාස කරන දෑ විශ්වාස කළ යුත්තක් නොවන බවත් ඔහුට පැහැදිලි විය. පසුව සැබැවින්ම එසමයේ තොරතුරු දන්වා සිටින මක්කාවේ පුද්ගලයකු බිහි වී සිටින බව ඔහුට දැනගන්නට ලැබින. පසුව තම වාහනය මත නැග නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- වෙත පැමිණියහ. කුරෙය්ෂ් ප්‍රතික්ෂේපකයින්ගෙන් ඇතිවන හිංසාවන්ට බියෙන් එතුමා තම දඃවා ප්‍රචාරය රහසිගතව මෙහෙයවනු දුටුවේය. අම්ර් ඉබ්නු අබසා තුමා මෙසේ දන්වා සිටියි.: “මක්කාවේ එතුමා වෙත පිවිසෙන තෙක් මම හීන් සීරුවෙන් පැමිණියෙමි. පසුව මම එතුමා දෙස බලා: ඔබ කවුද? යැයි විමසුවෙමි. එතුමා “මම නබි වෙමි“ යැයි පැවසූහ. මම: ‘නබි යනු කුමක්ද?‘ යැයි විමසුවෙමි. එතුමා: “අල්ලාහ් මා දූතයකු ලෙස එවා ඇත්තෙමි“ යැයි පැවසූහ. මම: ‘ඔහු කුමන හෙතුවක් මත ඔබව එව්වේද?“ එතුමා: “ඥාතීසම්බන්ධකම් පැවැත්වීමටත් (අල්ලාහ් හැර වන්දනයට ලක්වන) වස්තු කඩා දැමීමටත් අල්ලාහ් ඒකියභාවයට පත් කරනු ලැබීමටත් ඔහුට කිසිවක් ආදේශ කරනු නොලැබීමටත් මා එවීය.“ යැයි පැවසූහ. මෙහිදී එතුමා අල්ලාහ් වෙත ඇරයුම් කළහ. මහඟු දහමේ අලංකාරයන් පැහැදිලි කළහ. ඒවායින් වඩාත් වැදගත් වූයේ අල්ලාහ්ව ඒකීයභාවයට පත් කිරීම හා යහ ගුණාංගයන්ය. තමන් ජනයා ගැන දැන සිටි අයුරින්ම සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා සැබැවින්ම මෙම පිළිම අසත්‍යය බව ඔහුට දන්වා සිටියේය. එහෙයින් මෙම පුද්ගලයා ඉස්ලාමයට පැමිණීමට පෙරම දේව ආදේශකයින් නමදිමින් සිටින දෑ අසත්‍යය බව දැන සිටියේය. ඔහු සත්‍යය සොයා ගියේය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත ගිය කල්හි (සැබැවින්ම මා එව්වේ ඥාතී බැඳියාවන් සුරක්ෂා කිරීමට) යැයි එතුමා ඔහුට දන්වා සිටියහ. මෙය උදාර ගුණාංගයකි. මක්කා වැසියන් අතර නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැමිණියේ ඥාතී සම්බන්ධකම් බිඳ දැමීමටය යන මතය ව්‍යාප්තව තිබිණ. එහෙයින් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඔවුන් පවසන දෑ බොරු බවත් තමන් පැමිණියේ ඥාතී සම්බන්ධකම් සුරැකීමට මිස එය බිඳ දැමීමට නොවන බවත් දන්වා සිටියහ. (පිළිම කඩා දැමීමට) එනම් අල්ලාහ් හැර නමිදිනු ලබන දෑ ඉවත් කිරීමට යන්නයි. (අල්ලාහ් ඒකීයත්වයට පත් කොට ඔහුට කිසිවක් ආදේශ නොකිරීමටය) “ඔහු: මම, ‘එසේ නම් ඔබ සමග සිටින මොහු කවුදැ?‘යි විමසුවෙමි.“ එනම්, ඔබ සමග මෙම දහමට පිවිසුනු අය කවුදැ?යි යන්නයි. එතුමා: “නිදහස් අයකු හා වහලෙකි“ යැයි පැවසූහ. නිදහස් පුද්ගලයා අබූ බක්ර් -රළියල්ලාහු අන්හු- තුමා වූහ. වහලා බිලාල් -රළියල්ලාහු අන්හු- තුමා වූහ. “සැබැවින්ම මම ඔබව පිළිපදිමි‘ යැයි පැවසුවෙමි. එතුමා: “සැබැවින්ම ඔබ අද දින ඒ සඳහා ශක්තිය නොදරන්නෙහිය.“ යැයි එතුමා පැවසූහ. එහි අර්ථය: මක්කාවේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සමග සිටීමට ඔහු තම ජනයා අතහැර දමා එතුමාව පිළිපඳින විට මෙම දේව ප්‍රතික්ෂේපකයින්ගෙන් ඔහුව ආරක්ෂා කිරීමේ හැකියාව එතුමාණන්ට නොමැති බවය. එය එතුමාගේ ආදරය කරුණාව හා සෙනෙහස පෙන්වා දෙන්නකි. සැබැවින්ම මෙම පුද්ගලයා දුර්වලයකු විය. එහෙයින් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මෙසේ පවසා සිටියහ. “සැබැවින්ම ඔබ අද දින ඒ සඳහා ශක්තිය නොදරන්නෙහිය. මාගේ තත්ත්වය හා ජනයාගේ තත්ත්වය ඔබ දකිනවා නොවේද?“ එනම්: ජනයා බහුතරයක් දෙනා මා වේදනාවට පත් කරමින් සිටිති. ඔවුනට එරෙහිව නැගී සිටීමට මම බලය නොදරමි. එසේ තිබියදී මම ඔබව ඔවුන්ගෙන් වළකාලනුයේ කෙසේද? යන්නයි. පසුව එතුමා :“නමුත් ඔබ ඔබේ පවුල වෙත හැරී යනු. ප්‍රසිද්ධියේ මා පැමිණි ඇතැයි ඔබ මා ගැන සවන් දුන් විට මා වෙත පැමිණෙන්න.“ යැයි පැවසූහ. එහි අර්ථය: මම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බව ඔබ දැනගන්නා තුරු ඔබ ඔබේ ඉස්ලාමය මත එලෙසම සිටින්න. පසුව මා වෙත පැමිණෙන්න යන්නයි. ඔහු තවදුරටත් මෙසේ පවසා සිටියි : “පසුව මම මාගේ පවුල වෙත ගියෙමි. මම මාගේ පවුල සමග සිටියදී අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මදීනාවට පැමිණියහ. මම එතුමා ගැන තොරතුරු විමසා සිටියෙමි.“ යැයි ඔහු පවසා සිටියේය. හේතුව ඉස්ලාමය එම පුද්ගලයාගේ සිතෙහි පිවිස තිබිණ. එහෙයින් ඔහු මෙසේ තවදුරටත් මෙසේ පවසා සිටියේය. “මදීනාවෙන් ජනයා පැමිණි විට මම ඒ ගැන විමසුවෙමි. ඒ සමගම මදීනාවේ මාගේ පවුලේ අය අතුරින් පිරිසක් පැමිණියේය. එවිට මම: “මදීනාවට පැමිණි එම පුද්ගලයා කුමක් කරන්නේදැ?“යි විමසුවෙමි. එවිට ඔවුහු: ‘ජනයා එතුමා වෙත යුහුසුළුවෙන් යති. සැබැවින්ම් එතුමාගේ ජනයා එතුමාව ඝාතනය කරන්නට සිතුවෝය. නමුත් ඔවුනට එය නොහැකි විය.‘ යැයි පැවසුවෝය. පසුව මම මදීනාවට පැමිණ එතුමා වෙත පිවිස “අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ මා හඳුනන්නේ දැ?“යි විමසුවෙමි. එතුමා: “එසේය, ඔබ මා මක්කාවේදී හමු වූ අය වේ“ යැයි පවසා සිටියහ. මම: “අල්ලාහ්ගේ දූතයාණනි, මා නොදන්නා, එමෙන්ම අල්ලාහ් ඔබට ඉගැන්වූ දෑ මට දන්වා සිටිනු.“ යැයි පැවසුවෙමි. එනම්, දැන් ඔහු නබි තුමාණන්ගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය. ඔබ වෙත පහළ කරනු ලැබූ ඉස්ලාමයේ නීති මොනවාද? මම නොදන්නා අල්ලාහ් ඔබට ඉගැන්වූ දෑ මට කියා දෙන්න. සලාතය පිළිබඳ මට දන්වා සිටින්න යනුවෙනි. එවිට එතුමා “ඔබ සුබ්හු සලාතය ඉටු කරනු.“ එනම් එහි නියමිත වේලාවේ ඉටු කරනු යන්නයි. “පසුව හීයක ප්‍රමාණයට හිරු උදාවන තෙක් සලාතයෙන් වැළකෙනු.“ එහි අර්ථය: සුබ්හු සලාතයෙන් පසුව සලාතයක් නොමැත එහෙයින් හිරු උදාවන තෙක් සුබ්හු සලාතය සමග කෙටි කර ගනු යන්නයි. හිරු උදාවන විට අමතරව ඉටු කරන සලාතයක් තිබේද? යැයි ඔහු විමසා සිටියේය. එයට සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා: හිර හීයක තරම් උස්ව පවතින තෙක් සලාතය ඉටු කිරීමෙන් වැළකෙනු යැයි පවසා සිටියහ. ඉන් අදහස් කරනුයේ, ඒ ගැන අවධානයෙන් බලන්නාට යමක් ඇත. එනම් “සැබැවින්ම එය උදාවන විට ෂෙයිතාන්ගේ අං දෙක අතරින් එය උදාවනන්නේය.“ යන වගයි. හිරු උදාවන වේලාව යනු දේව ප්රතික්ෂේපකයින් හිරුට වන්දනාමාන කරන වේලාවයි. එම වේලාව දක්වා අනිවාර්යය සලාතයක් ප්‍රමාද කිරීම මුස්ලිම්වරයකුට සුදුසු නැත. හිරු උදාවී උසින් පිහිටන තෙක් අතිරේක සලාතය ඉටු කිරීමද ඔහුට සුදුසු නැත. හිරු උදාවේ වේලාව දින දර්ශනයන්හි දැකිය හැක. එයයි අපේක්ෂිත වේලාව වනුයේ. සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා මෙසේ පවසා සිටියහ. “සැබැවින්ම එය උදාවන විට ෂෙයිතාන්ගේ අං දෙක අතරින් එය උදාවනන්නේය. එවිට දේව ප්රතික්ෂේපකයෝ එයට සුජූද් කරති. “ඔවුනට සමානකම් පෑමෙන් එතුමා අප වැළැක්වූහ. පසුව එතුමා මෙසේ පැවසූහ.: “පසුව සලාතය ඉටු කරනු. සැබැවින්ම එම සලාතය සහභාගී කරවනු ලබන්නකි. සාක්ෂිදරනු ලබන්නකි.“ එනම් දහවල් කාලයේ මලක්වරු එහි පැමිණ එය සටහන් කර ගනිති. එම සලාතය ඉටු කළ අය වෙනුවෙන් සාක්ෂි දරයි. මෙහි සාක්ෂිදරනු ලබන්නකි යනුවෙන් වාර්තා වී ඇත්තේ ලියනු ලබන්නකි යන අර්ථයෙනි. එතුමා තවදුරටත් : හෙවණැල්ල හීයක තරම් පතිත වන තෙක්. සලාතයෙන් වැළකෙනු.“ එනම් එය හිරු මුදුන්වන අවස්ථාවය. මිනිසාගේ හිසට ඉහළින් හිරු මුදුනට පැමිණීමය. එවිට හෙවණැල්ල තම දෙපා යට පවතී. ඔබ මෙම වේලාවේ සලාතය ඉටු නොකරනු යැයි එතුමා ඔහුට පැවසූහ. එය රකආත් දෙකක තරම් සුුළු වේලාවකි. එම වේලාවේ සලාතය ඉටු කිරීම නොසුදුසුය. හේතුව නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා. “සැබැවින්ම එවිට නිරය අවුලනු ලැබේ.“ යැයි පවසා ඇති බැවිනි. එය සලාතය ඉටු කිරීමට තහනම් වේලාවයි. එම වේලාවෙහි පිවිසෙන්නා ලුහර් සලාතය සඳහා අදාන් පවසන තෙක් බලාපොරොත්තුවෙන් සිටිය යුතුය. “ඔබ නැගෙනහිර හෙවණැල්ල දුටු විට“ යනුවෙන් එතුමා කළ ප්‍රකාශය වනාහි, හිරු මුදුණට පැමිණෙන විට හෙවණැල්ල ඔහුගේ දෙපා යට පවතී. ඉන් පසු එය ඉන් ඉවත්වන විට අනෙක් පැත්තෙන් එම හෙවණැල්ල දකින්නට ලැබේ බටහිර දෙසින් නැගෙනහිර දෙසට එම හෙවණැල්ල පෙරලෙන්නට ආරම්භ වේ. එය ලුහර්හි අදාන් වේලාවයි. “ඔබ නැගෙනහිර හෙවණැල්ල දුටු විට, ඔබ සලාතය ඉටු කරනු. හේතුව සැබැවින්ම එම සලාතය ඔබ අසර් සලාතය ඉටු කරනු ලබන තෙක් සහභාගීකරවනු ලබන්නකි සාක්ෂි දරනු ලබන්නකි.“ එනම්, එය අසර් සලාතය දක්වා වූ අනිවාර්යය සලාතය හා අතිරේක සලාතය වෙන් කර දැක්වීමකි. එය අසර් සලාතය ආරම්භ වන වේලාවයි. ඒ අතර ඔබ කැමති ප්‍රමාණයක් අතිරේක සලාතයන් ඉට කරනු. එහි කිසිදු පිළිකුල්භාවයක් නොමැත යන්නයි. තවදුරටත් සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- “පසුව හිරු අවරට යන තෙක් සලාතයෙන් වැළකෙනු.“ එනම් ඔබ අසර් සලාතය ඉටු කළෙහි නම් හිරු අවරට යන තෙක් අතිරේක සලාත් ඉටු නොකරනු යන්නයි. “පසුව හිරු අවරට යන තෙක් සලාතයෙන් වැළකෙනු.“ හිරු අවරට යෑමට ටික වේලාවකට පෙර හිරු උදාවන වේලාවේදී මෙන්ම තවත් වාරයකත් තහනම් වේලාව පැමිණෙනු ඇත. ඊට හේතුව සැබැවින්ම එය ෂෙය්තාන්ගේ අං දෙක අතරින් අවරට යන බැවිනි. හිරු අවරට යෑමට ඇති ස්වල්ප වේලාවක් දක්වා අසර් සලාතය ප්‍රමාද කිරීම මුස්ලිම්වරයකුට සුදුසු නැත. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එසේ ප්‍රමාද කොට ඉටු කරනු ලබන අසර් සලාතය කුහකයින්ගේ සලාතය ලෙස නම් කළහ. හේතුව කුහකයා හිරු කහපැහැ ගැන්වෙන තෙක් සලාතය ප්‍රමාද කොට පසුව නැගී සිට රකආත් හතර ඉක්මණින් ඉටු කරයි. එහිදී ඔහු ස්වල්ප වේලාවක් හැර අල්ලාහ්ව මෙනෙහි නොකරයි. එහෙයින් දේව ප්රතික්ෂේපකියන්ට සමාන වීමෙන්ද කුහකයින්ට සමානවීමෙන්ද ප්‍රවේසම් විය යුතුය. සල්ලලාලහු අලය්හි වසල්ලම් තුමා මෙසේ පැවසූහ. “හේතුව සැබැවින් ෂෙයිතාන්ගේ අං දෙක අතරින් එය අවරට යනු ඇත. එවිට දේව ප්රතික්ෂේපකයෝ එයට සුජූද් කරති.“ අම්ර් තුමා තවදුරටත්: පසුව “මම: අල්ලාහ්ගේ නබිවරය, එසේ නම් වුළු! ඒ ගැනද මට කියා දෙන්නැයි පැවසුවෙමි. එවිට එතුමා ඔබ අතුරින් කිසියම් පුද්ගලයකු, තමන් වුළු ගන්නා ජලයට ළං වී, කට කලත්වා පිරිසිදු කොට, නාසය ද පිරිසිදු කොට එය සොදා ගන්නේ නම් තම මුහුණේ ඇති පාපයන් තම යටි රැවුලේ අගිස්සෙන් ජලය සමගම ඉවත් වනු මිස නැත.“ එනම්, මිනිසා වුළු ගන්නා අවස්ථාවේ අවසන් ජල බිංදුව සමග ඔහුගේ පාපයන් ඉවත් වනු ඇත. එමෙන්ම තම මුහුණ සෝදන විට ඔහුගේ කටින් නාසයෙන් මුුහුණෙන් හා දෑසින් සිදු කළ පාපයන් සියල්ල ජලයත් සමග ඉවත්ව යනු ඇත යන්නයි. පසුව අම්ර් ඉබ්නු අබසා -රළියල්ලාහු අන්හු- තුමා මෙම සිදුවීම අබූ උමාමා -රළියල්ලාහු අන්හු- තුමාට දන්වා සිටියේය. එවිට අබූ උමාමා ඔහු දෙස බලා “අහෝ අම්ර් ඉබ්නු අබසා, ඔබ පවසන දේ බලන්න! මෙම මිනිසාට එකම තැනකදී පිරිනමනු ලැබේ ?“එනම් එය අධික යැයි සිතුවා විය හැක. මේ සෑම එකකටම එකම තැනකදී ගැත්තාට පිරිනමනු ලැබේ. එනම් ඔහු වුළු ගත් විට ඔහුගෙන් ඒ සියලු පාපයන් මැකී යනු ඇත. පසුව ඔහු සලාතයට පිවිසෙයි. පසුව මව තමන් ප්‍රසූත කළ දිනය මෙන් ඒ සියලු පාපයන් බැහැරවී ඔහු පිවිතුරු වනු ඇත. ඔහු වෙත කිසිදු පාපයක් නැත. එවිට ඔහු: නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පවසා සිටි දැයින් යමක් අතපසු වී ඇත්දැයි මැනවින් සිතා බලන්න. යැයි පැවසීය. එවිට අම්ර් -රළියල්ලාහු අන්හු- තුමාගේ පිළිතුර වූයේ. “අහෝ අබූ උමාමා, මා වයසට පත්ව ඇත. මාගේ අස්ථි දුර්වල වී ඇත. මාගේ අවසන් කාලය ළඟා වී ඇත. අල්ලාහ් වෙත මා බොරුවක් පැවසීමට කිසිදු අවශ්‍යතාවක් මට නැත.“ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන් කෙරෙහි හෝ ඔවුන්ගේ පරමාධිපති කෙරෙහි හෝ බොරුවක් පැවසීමෙන් එතුමාගේ සහගාමීහු සීමා කර ගත්හ. ඔහු මෙසේ පැවසීය. “අල්ලාහ්ගේ දූතයාණන් වෙත හෝ බොරුවක් පැවසීමට කිසිදු අවශ්‍යතාවක් මට නැත. මෙය මා අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් වරක් හෝ දෙවරක් හෝ තුන් වරක් හෝ -හත් වාරයක් දක්වා එසේ පවසා සිටිනු- අසා නොමැතිනම් කිසිවිටෙක එය මම නොපවසමි.“ එනම්, මෙම හදීසය නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා එක් වරක් පමණක් පැවසූ හදීසයක් නොවේ. එතුමා සත්වාරයක්ම මෙය පවසා තිබේ. මෙහි සත්වාරයක් යන තේරුම දෙන සබ්ආ යන අරාබි වචනය අරාබි භාවිතයේ අධිකත්වය අර්ථවත් කරයි. එනම් මෙය බොහෝ වාර ගණනක් එතුමා පවසා තිබෙන්නට පුළුවන. ඔහු තවදුරටත් : “නමුත් මම එය බොහෝ වාර ගණනාවක් අසා ඇත්තෙමි“ යැයි පැවසූහ.
අබී අලී සුවෙයිද් ඉබ්නු මුකර්රින් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. "බනූ මුකර්රින් ගෝත්‍රයෙන් හත් දෙනා අතුරින් හත්වැන්නා ලෙස මම මාව දුටුමි. එක් කාන්තාවක් හැර වෙනත් කිසිදු සේවකයෙක් අපට නොවීය. අප අතර සිටි වයසින් බාලයා ඇයගේ කම්මුලට ගැසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඇය නිදහස් කරන මෙන් අපට නියෝග කළහ. තවත් වාර්තාවක මාගේ සහෝදරයින් අතුරින් හත්වැන්නා යැයි වාර්තා වී ඇත.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතසුවෙයිද් ඉබ්නු මුකර්රින් තුමා විසින් දන්වා සිටියි: මුකර්රින්ගේ දරුවන් අතුරින් සහෝදර හත් දෙනාගෙන් මමද එක් අයකු වූයෙමි. සියල්ලෝම හිජ්රත් කළ සහාබාවරුන් වූහ. එම කණ්ඩායමේ ඔවුන් සමග කිසිවකු සහභාගී වූයේ නැත. අපගේ වැඩ කරන්නට කිසිවකු අපට නොවීය. අප හත් දෙනාටම සිටියේ එක් වහලියක් පමණි අප අතර සිටි බාලයා ඇයගේ කම්මුලට පහර දුන්හ. එවිට ඇයව වහල් භාවයෙන් ඇයව නිදහස් කරන මෙන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- අපෙන් ඉල්ලා සිටියහ. එය ඇයට පහර දීම වෙනුවෙන් ප්‍රතිකර්මයක් වශයෙන් ඇයගේ නිදහස වනු පිණිසය.
අබූ ජුහෙයිම් ඉබ්නු අල් - හාරිස් ඉබ්නු අස්-සිම්මතිල් අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.“සලාතය ඉටු කරන්නා ඉදිරියේ හරහට ගමන් කරන්නා තමන් ට අත්වන පාපය කුමක් දැ?යි දැන ගන්නේ නම් එසේ ඉදිරියේ හරහ ට ගමන් කරනවා ට වඩා රැඳී සිටිම ඔහුට හතළිස් වාරයක් යහපත් වනු ඇත. එය දින හතළියක් ද නැතහොත් මාස හතළියක් ද නැතහොත් අවුරුදු හතළියක් ද යන්න මම නොදනිමි යැයි අබූ නළ්ර් තුමා පවසයි.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතසලාතය ඉටු කරන්නා තම පරමාධිපති ඉදිරියේ සිට ඔහු සමග කතා කරයි. ඔහුට කණ්ණලව් කරයි. එම තත්ත්වයේ එම කතාවට බාධාකරන අයුරින් හා ඔහුගේ නැමදුම කඩාකප්පල් කරන අයුරින් යම් කෙනෙකු හරහට ගමන් කළේ නම්, එසේ සලාතය ඉටු කරන්නාගේ හරහට ගමන් කිරීම හේතුවෙන් මහා පාපයට ඔහු ලක්වනු ඇත. එහෙයින් ආගමානුගත කළ අය දන්වා සිටිනුයේ එසේ හරහට ගමන් කිරීමේ වරද හා පාපය ගැන දන්නේ නම්, එසේ සලාතය ඉටු කරන්නා අතර හරහට ගමන් කිරීමෙන් ඔහු වැළකී ඉන් දුරස් වී දිගු වේලාවක් එම ස්ථානයේ රැඳී සිටීම උතුම් වන බවයි.
අබූ සඊද් අල්-කුද්රී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“මිනිසුන්ගෙන් තමන් ආවරණය කරන යම් වස්තුවක් ඉදිරියේ ඔබ අතුරින් කෙනෙකු සලාතය ඉටු කරන විටක, ඒ අතරින් කෙනෙකු හරහට යෑමට සිතුවේ නම් ඔහු ව වැළැක්විය යුතුය. එයට ඔහු පිටුපෑවේ නම් ඔහු සමග සටන් වැදිය යුතුය. සැබැවින්ම ඔහු ෂෙයිතානුවෙකි.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතසියලුම කටයුතුවලදී ප්‍රවේසම හා ස්ථාවරත්වය පිළිපදින මෙන් දහම නියෝග කරයි. මෙලොව හා ආගමික කටයුතුවලින් වඩාත් වැදගත්ම කරුණ වනුයේ සලාතයයි. එහෙයින් ඒ ගැන අවදානයෙන් කටයුතු කරන මෙන් ද ඒ සඳහා සුත්රා හෙවත් බාධා තිරයක් තබා ගන්නා මෙන්ද දහම දිරි ගන්වා ඇත. සලාතය ඉටු කරන්නා මිනිසුන්ගෙන් තමන් ආවරණය වන පරිදි එසේ සුත්රාවක් භාවිත කිරීම හේතුවෙන් තමන් ඉදිරියේ ඔවුන් ගමන් කිරීමෙන් වළක්වාලිය හැක. එය තම සලාතයේ අඩුවක් ඇති නොකරයි. තම පරමාධිපති සමග සම්බන්ධතාව ඉදිරියට ගෙන යා හැකිය. තමන් අතරින් හරහට ගමන් කරන්නට යමෙකු සිතූ විට ඉතා පහසු ක්‍රමය භාවිත කරමින් වැළැක්විය යුතුය. පහසු අයුරින් වළක්වා ඔහු එයින් නොවැළකුනේ නම් සැබැවින්ම ඔහු එහි ගරුත්වය කෙළෙසා ඇත. ඔහු සීමාව ඉක්මවා කටයුතු කර ඇත. එවිට සතුරා වැළැක්වීමේ ක්‍රියා මාර්ගය වනුයේ තම අතින් ඔහුව වළක්වා අරගල කිරීමය. හේතුව සැබැවින් එම ක්‍රියාව ෂෙයිතානුන්ගේ ක්රියාදාමවලින් වූවකි. ඔවුහු ජනයා නැමදුම් කෙළසීමටත් ඔවුන්ගේ සලාතයේ ව්‍යාකූලත්වය ඇති කිරීමටත් මාන බලමින් සිටිති.
අබූ මස්ඌද් උක්බත් ඉබ්නු අම්ර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. එතුමා අන්සාරි සාහාබිවරයකු මෙන්ම බද්ර් සහාබිවරයෙකි. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“නියත වශයෙන්ම හිරු හා සඳු අල්ලාහ්ගේ සංඥා අතුරින් වූ සංඥා දෙකකි. ඒ දෙකින් අල්ලාහ් ඔහුගේ ගැත්තන් බිය ගන්වයි. ජනයා අතුරින් කිසිවකුගේ මරණය වෙනුවෙන් හෝ ඔහුගේ ජීවිතය වෙනුවෙන් හෝ ඒ දෙක ග්‍රහණයට ලක් නොවෙයි. ඉන් යමක් නුඹලා දුටුවෙහු නම් එය නුඹලාගෙන් ඉවත් වන තුරු නුඹලා සලාතය ඉටු කොට අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරනු.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතසැබැවින්ම හිරු හා සඳු අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ප්‍රඥාව පෙන්වා දෙන සංඥා අතුරිනි. එහි ස්වභාවයේ වෙනස්වීම අඥාන යුගයේ ජනයා විශ්වාස කරමින් සිටියාක් මෙන් ප්‍රධානීන්ගේ ප්‍රාණය වෙනුවෙන් හෝ ඔවුන්ගේ මරණය වෙනුවෙන් හෝ සිදුවන්නක් නොවේ. මහපොළොවේ සිදුවීම් ඒවායෙහි බලපෑම් ඇති නොකරයි. සැබැවින්ම එසේ යම් වෙනසක් සිදුවනුයේ ගැත්තන් හට ඔවුන්ගේ පාපය ගැනත් ඔවුන්ට අත්වන දඬුවම් ගැනත් බිය ගන්වනු පිණිසය. එවිට ඔවුන් පාපක්ෂමාව අයැද අල්ලාහ් වෙත නැඹුරු වී අලුත් මිනිසෙකු වන්නේය. එහෙයින් එවන් අවස්ථාවන්හි එය පැහැදිලි වන තෙක් සලාතය වෙත හා ප්‍රාර්ථනාව වෙත යොමු වන්නයි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් මඟ පෙන්වා ඇත. ලොවෙහි ඇති සියලු රහස් හා සැළසුම් අල්ලාහ් සතුය.
අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් උක්බා ඉබ්නු ආමිර් -රළියල්ලාහු අන්හු- තුමා මෙසේ වාර්තා කරන ලදී: “ඔබලා භූමිය ජය ලබනු ඇත. අල්ලාහ් ඔබලාට ප්රමාණවත්ය. (යුද තත්ත්වයක් නොපැවතුනද) විනෝදයට හී විසි කිරීමට නුඹලා කිසිවකු දුර්වල නොවිය යුතුය.“
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතකිසිදු යුද වාතාවරණයකින් තොරව තමන් දේශයන් ජය ගනු ඇතැයි යන පණිවිඩය නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අනුගාමිකයන්ට දන්වා සිටියහ. නමුත් දුනු මගින් හී විදීමේ ශාස්තුරය හැදෑරීමට දුර්වල නොවිය යුතු බව ඔවුනට දන්වා සිටියේය. මුස්ලිම්වරුන් විනෝදාංශයට කරන දෑ අතුරින් එය වඩාත් උතුම් කටයුත්තකි. නමුත් එය ඉටු කළ යුතු වගකීමක් පැහැර නොවන තරමට විය යුතුය. හේතුව එය අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමට උපකාරී වන බැවිනි. එය වඩාත් ශ්‍රේෂ්ඨ අරමුණකි. මෙහි විනෝදාංශය යන පදය යෙදී ඇත. හේතුව මිනිස් සිත් එවන් විනෝදාංශවලට ඇල්මක් දක්වති. ඒ අනුව මෙහි පද යෙදී ඇත. එසේ නොවේ නම්, වඩාත් විශිෂ්ටතම අරමුණ වනුයේ එය හැදෑරීමය. එනම් එය හුදෙක් ක්‍රීඩාවට පමණක් නොව අල්ලාහ්ගේ මාර්ගයේ සූදානම් වීමටය.
අබූ උමාමා-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී.‘අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! වන්දනා ගමනක නිරත වන්නට මට අවසරය දෙනු යැයි මිනිසෙකු පවසා සිටියේය. එවිට නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා “සැබැවින්ම මාගේ සමූහයාගේ වන්දනා ගමන යනු අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමයි.“යැයි පවසා සිටියහ.
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතසැබැවින්ම නැමදුම් සීමා කරන ලද්දකි. ෂරීආව සීමා කළ ක්‍රමයට අනුව මිස එය ඉටු කිරීම මුස්ලිම්වරයාට අනුමත නොවන්නේය. එහෙයින් වන්දනා කරනු පිණිස මහපොළොවේ සැරිසැරීමට අපේක්ෂා කළ මිනිසා දෙස බලා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා: සැබැවින්ම මෙය කිතුනුවන්ගේ ක්රියාදාමයකි. මහපොළොවේ වන්දනා ගමන යනු එහි ඉස්ලාමය ප්‍රචාරය කිරීමය. ඉස්ලාමිකයින් අතර වන්දනා ගමන යනු අල්ලාහ්ගේ දහම උසස් කරනු පිණිස අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමය යැයි පවසා සිටියහ.
ඒක්වරක් නබි තුමා වෙත මිනිසෙකු පැමිණ දිග නාසයක් තිබෙන්නාවු නාස් කඹයක් සහිත වු ගැහැණු ඔටුෙ වක් අල්ලාහ්ගේ මාර්ගයේ මා පරිත්‍යාග කරන්නෙමි යැයි පැවසූහ.ඒවිට නබි තුමා ඔහු දෙස බලා පරලොවේ දී දිග නාසයක් සහිත වු ඔටුවන්( 700) ඔබට පිරිනමනු ලැබේ.යැයි පැවසූහ.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතඉහත සදහන් හී හදීසයේ අර්ථකථනය බවනුයේ යම් බැතිමතෙකු දෙවිදුන් වන අල්ලාහ්ගේ මාර්ගයේ තමන්සතු තිබෙන්නාවු ධනයෙන් හෝ ඔටුවෙක් හෝ අශ්වයෙකු අල්ලාහ්ගෙ මාර්ගයේ පරිත්යාගකරන්නේද ඔහු උදෙසා කියාමා දවසේ හත්සීයක් දෙගුනයක් අානිසංස පිරිනමනු ලැබේ යැයි නබිතුමා පැවසූහ