





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. එතුමා සාබිත් තුමාට මෙසේ පැවසීය. අල්ලාහ් ඔහුට ආශිර්වාද කරත්වා අල්ලාහ්ගේ දූතයාණන්ගේ රෝග නිවාරණ කර්මයකින් ඔබට ආරක්ෂාව සලසන්නදැයි පැවසූහ. එවිට ඔහු එසේ යැයි පැවසූහ එවිට එතුමා: اللَّهُمَّ رَبَّ النَّاسِ، مُذْهِبَ البَأسِ، اشْفِ أنْتَ الشَّافِي، لاَ شَافِيَ إِلاَّ أنْتَ، شِفَاءً لاَ يُغَادِرُ سَقماً “අල්ලාහුම්ම රබ්බන් නාස් මුද්හිබල් බඃසි. ඉෂ්ෆි අන්තෂ් ෂාෆී. ලා ෂාෆිය ඉල්ලා අන්ත, ලා යුගාදිරු සකමා“ තේරුම: අහෝ ජනයාගේ පරමාධිපතියාණනි! දුක් කරදර පහ කරන්නාණනි! ඔබ සුවය දෙනු මැනව. සුවය දෙන්නා ඔබය. ඔබ හැර සුවය දෙන්නකු නැත. එය මනා සුවයක් ලෙසිනි. එය රෝගී ලෙස අතහැර නොදමයි.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතසැබැවින්ම අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු තුමා සාබිත් අල් බනානී වෙත ආරක්ෂාව පතා ප්‍රාර්ථනා කළහ. අල්ලාහ්ගේ දූතයාණන් රැකවරණය පැතූ ප්‍රාර්ථනාවක් තුළින් මම ඔබට ආරක්ෂාව සලසන්නදැයි පැවසූහ. පසුව එතුමා රෝගියාගෙන් රෝගය ඉවත් කරන ලෙසත් එහි ඇති දුෂ්කරතාව හා වේදනාව පහකරන ලෙසත් රෝගියා වෙනුවෙන් තම පරමාධිපතිගෙන් අයැද සිටියහ. එමෙන්ම ඉන් පසු නැවත රෝගය නොඑන අයුරින් සුවයක් ඇති කරන මෙන්ද පැතූහ.කොන්දේසි තුනක් යටතේ එසේ ආරක්ෂාව පැතීම අනුමත බව විද්වතුන් ඒකමතිකව තීරණය කොට ඇත. 1. එය අල්ලාහ්ගේ වදනින් එසේ නැතිනම් ඔහුගේ නාමයන් හා ගුණාංග ඉදිරිපත් කරමින් විය යුතුය. 2. එය අරාබි භාෂාවෙන් හෝ වෙනත් භාෂාවක් නම් අර්ථය තේරෙන අයුරින් විය යුතුය. නමුත් හදීස්හි සඳහන්ව පැමිණ ඇති පරිදි ප්‍රකාශයන් ඉදිරිපත් කොට ප්‍රාර්ථනා කිරීම සතුටු දායකය. 3. සැබැවින්ම තමන් පතන රැකවරණයෙන් පමණක් බලපෑමක් ඇති නොවන බවත් එය අල්ලාහ්ගේ තීරණය පරිදි සිදුවන්නක් බව විශ්වාස කිරීම.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව විශ්වාස කරන්නන්ගේ මෑණිය වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. "දිනාර් එකකින් හතරෙන් එකක් හෝ ඊට වැඩි ගණනක් සඳහා (සොරෙකුගේ) අත, කපා දැමිය යුතුය."
متفق عليهසොරෙකු රන් දීනාර් එකකින් හතරෙන් එකක් හෝ ඊට වැඩි ගණනක් සොරකම් කර ඇත්නම් ඔහුගේ අත කපා හැරිය යුතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එහි වටිනාකම රන් ග්‍රෑම් 1.06 ක වටිනාකමට සමාන වන්නේය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දී ඇති බව පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අල්ලාහ් විසින් නියම කරන ලද නියමයක් සම්බන්ධයෙන් හැර කිසිවෙකු හෝ කස පහරවල් දහයකට වඩා පහර නොදිය යුතුය."
متفق عليهපිටුපාන ලද, පාපී කටයුත්තක හැර කිසිවකු හෝ තවත් කෙනෙකුට කස පහරවල් දහයකට වඩා පහර දීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමණෝ තහනම් කළහ. සඳහන් වී ඇති අල්ලාහ් විසින් නියම කළ නියමිත දඬුවමක් සම්බන්ධයෙන් හෝ පහර දීමක් සම්බන්ධයෙන් හෝ කසපහරවල් සම්බන්ධයෙන් හෝ මෙය අදහස් කරන්නේ නැත. මෙය අදහස් කරනුයේ තරවටු කිරීම වැනි අවස්ථාවක වාර දහයකට වඩා වැඩියෙන් පහර නොදිය යුතු බවයි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: "යමෙක් දඩයම් කිරීමට හෝ පශු සම්පත් ආරක්ෂා කිරීමට හෝ හැර වෙනත් අරමුණක් සඳහා බල්ලෙකු ඇති කරන්නේ නම්, (යහපත් ක්‍රියාවන් සඳහා වන) ඔහුගේ ප්‍රතිඵල දිනකට කිරාත් දෙකකින් අඩු කරනු ලැබේ." සාලිම් තුමා මෙසේ පැවසීය: 'එසේ නැතහොත් ගොවිපල ආරක්ෂා කරන බල්ලෙකු හැර' යැයි අබූ හුරෙයිරා තුමා පවසමින් සිටියේය. හෙතෙම ගොවිපල සතු අයකු විය.
متفق عليهදඩයම් කිරීමේ අවශ්‍යතාව මත හෝ පශු සම්පත් හා ගොවිබිම් ආරක්ෂා කිරීමේ පදනම මත හෝ හැර වෙනත් අරමුණක් සඳහා බල්ලෙකු ඇති කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තහනම් කළහ. වෙනත් අරමුණක් සඳහා එසේ බල්ලෙකු ඇති කරන්නේ නම් ඔහුගේ ක්‍රියාවට හිමි කුසල්වලින් දිනකට කිරාත් දෙකක් බැගින් අඩු කරනු ලැබේ. එය අල්ලාහ් සතු දැනුමෙහි පවත්නා ප්රමාණයකි.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මස්ජිදයට පිවිසුණහ. එවිට මිනිසෙක් පැමිණ සලාත් ඉටු කර, පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පවසා ආචාර කළේය. එවිට ඒ සඳහා පිළිතුරු දී එතුමාණෝ, "ඔබ නැවත හැරී ගොස් සලාතය ඉටු කරන්න. සැබැවින්ම ඔබ නිසි ලෙස සලාත් ඉටු කර නැත" යැයි පවසා සිටියහ. පසුව ඔහු ආපසු හැරී ගොස් පෙර සලාත් ඉටු කළ සේම සලාත් ඉටු කර පැමිණ, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පවසා ආචාර කළේය. එවිට එතුමාණෝ, "ඔබ නැවත හැරී ගොස් සලාතය ඉටු කරන්න. සැබැවින්ම ඔබ නිසි ලෙස සලාත් ඉටු කර නැත" යැයි තුන්වරක්ම පවසා සිටියහ. එවිට මිනිසා මෙසේ කීවේය. "ඔබව සත්‍යය සමඟ එවූ තැනැත්තා මත දිවුරා පවසමි! මට ඊට වඩා මනා ලෙස ඉටු කළ නොහැක. (මා නොදනිමි) ඒ නිසා මට උගන්වන්න." එවිට එතුමාණෝ මෙසේ පැවසූහ. "ඔබ සලාත් සඳහා නැගී සිටින විට අල්ලාහු අක්බර් යැයි පවසා තක්බීර් පවසන්න. ඉන්පසු ඔබ සමග ඇති පහසු අල්-කුර්ආන් පාඨ කිහිපයක් පාරායනය කරන්න. පසුව රුකූ ඉරියව්වෙහි තැන්පත් වන තුරු රුකූඋ කරන්න. පසුව ඔබ කෙළින් සිටගෙන සිටිනා තුරු නැගී සිටින්න. පසුව සුජූද්හි ඔබ තැන්පත් වන තුරු සුජූද් කරන්න. ඉන්පසු (හිස) ඉහළට ඔසවා ඔබ ඉඳුමෙහි තැන්පත්වන තුරු වාඩිවෙන්න. මෙය ඔබේ සලාතය පුරාම සිදු කරන්න."
متفق عليهසැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මස්ජිදයට පැහිණියහ. එතුමාණන්ගෙන් පසුව මිනිසෙක් එහි පිවිස ඔහුගේ කියාම්, රුකූඋ, සුජූද් යන ඉරියව්වන්හි තැන්පත් නොවී ඉතා ඉක්මණින් රකආත් (වාර) දෙකක් සලාත් ඉටු කළේය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුගේ සලාතය දෙස බලමින් උන්හ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මස්ජිදයේ එක් පැත්තක වාඩි වී සිටිය දී එතුමාණන් වෙත ඔහු පැමිණ සලාම් පවසා ආචාර කළේය. එවිට ඒ සඳහා පිළිතුරු දී එතුමාණෝ ඔහුට මෙසේ පැවසූහ.: "ඔබ නැවත හැරී ගොස් සලාතය ඉටු කරන්න. සැබැවින්ම ඔබ නිසි ලෙස සලාත් ඉටු කර නැත" පසුව ඔහු ආපසු හැරී ගොස් පෙර සලාත් ඉටු කළා සේම ඉතා ඉක්මණින් සලාත් ඉටු කර පැමිණ, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පවසා ආචාර කළේය. එවිට එතුමාණෝ ඔහුට මෙසේ පැවසූහ.: "ඔබ නැවත හැරී ගොස් සලාතය ඉටු කරන්න. සැබැවින්ම ඔබ නිසි ලෙස සලාත් ඉටු කර නැත" මෙලෙස එතුමාණෝ තුන්වරක්ම සිදු කළහ. එවිට එම මිනිසා මෙසේ කීවේය: "ඔබව සත්‍යය සමඟ එවූ තැනැත්තා මත දිවුරා පවසමි! මට ඊට වඩා මනා ලෙස ඉටු කළ නොහැක. ඒ නිසා මට උගන්වන්න." එවිට එතුමාණෝ ඔහුට මෙසේ පැවසූහ. ඔබ සලාත් සඳහා නැගී සිටින විට අල්ලාහු අක්බර් යැයි පවසමින් ආරම්භක තක්බීර් පවසන්න. පසුව උම්මුල් කුර්ආන් (සූරතුල් ෆාතිහා) පාරායනය කර ඔබ කැමති අල්-කුර්ආන් පාඨ කිහිපයක් එහි පාරායනය කරන්න. පසුව රුකූ ඉරියව්වෙහි ඔබේ අත්ල ඔබේ දණහිස් මත තබා ඔබේ පිට කෙළින් දිගු කර එහි තැන්පත් වන තුරු රුකූඋ කරන්න. පසුව ඔබ ඔබේ අස්ථි ඒවායෙහි සන්ධි අතර සමාන්තරව කෙළින් පිහිටන තුරු නැගී සිටින්න. පසුව සුජූද්හි නාසය සමග නළල, අත් දෙක, දණහිස් දෙක හා පාද ඇඟිලි තුඩු මහපොළොවෙහි තැන්පත් කරමින් සුජූද් කරන තුරු ඔබ සුජූද් කරන්න. පසුව සුජූද් දෙක අතර ඉඳුමෙහි තැන්පත්වන තුරු නැගිට වාඩි වෙන්න. මෙය ඔබේ සලාතයේ සෑම රකආතයකම (වාරයකම) සිදු කරන්න.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. මුස්ලිම් -හෝ මුඃමින්- ගැත්තා වුළූ ධෝවනය කරන විට, ඔහුගේ මුහුණ සෝදා හැරියේ නම් ඔහු තම ඇස් දෙකින් දුටු සෑම වරදක්ම එම ජලය සමග -හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ මුහුණින් පහව යනු ඇත. එසේම ඔහුගේ දෑත් සෝදා හැරියේ නම් ඔහුගේ අතින් කළ සෑම වරදක්ම එම ජලය සමග - හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ අත් දෙකින් පහව යනු ඇත. එසේම ඔහුගේ පාද සෝදා හැරියේ නම් ඔහුගේ පාද ගමන් කර, කළ සෑම වරදක්ම එම ජලය සමග - හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ පාද දෙකින් පහව යනු ඇත. අවසානයේ සියලු පාපයන්ගෙන් පිරිසිදු වූ අයකු සේ බැහැර වනු ඇත.
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැහැදිලි කළහ: මුස්ලිම් -හෝ මුඃමින්- ගැත්තකු වුළූ ධෝවනය කරන අතරවාරයේ ඔහුගේ මුහුණ සෝදා හැරියේ නම් ඔහු තම ඇස් දෙකින් දුටු සෑම කුඩා පාපයක්ම එම ජලය සමග -හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ මුහුණින් පහව යනු ඇත. එසේම ඔහුගේ දෑත් සෝදා හැරියේ නම් ඔහුගේ අතින් සිදු කළ සෑම කුඩා පාපයක්ම එම ජලය සමග -හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ අත් දෙකින් පහව යනු ඇත. එසේම ඔහුගේ පාද සෝදා හැරියේ නම් ඔහුගේ පාද ගමන් කර ඔහු කළ සෑම කුඩා පාපයක්ම එම ජලය සමග -හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ පාද දෙකින් පහව යනු ඇත. අවසානයේ වුළූ ධෝවනය අවසන් කිරීමෙන් සියලු සුළු පාපයන්ගෙන් පිරිසිදු වූ අයකු සේ ඔහු බැහැර වනු ඇත.
ජාබිර් ඉබ්නු අබ්දිල්ලා (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අල් කුර්ආනයෙන් සූරා අපට ඉගැන්වූ පරිදි සියලුම කටයුතුවල දී යහපත පතන ආකාරය අපට ඉගැන්වූහ. එතුමා මෙසේ පවසා සිටියේය. "ඔබ අතුරින් කෙනෙකු යම් කර්තව්‍යයක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් අනිවාර්ය නොවන රක්අත් දෙකකින් යුත් සලාතයක් ඉටු කර පසුව මෙසේ ප්‍රාර්ථනා කරන්න. 'අල්ලාහුම්ම ඉන්නී අස්තහීඃරුක බිඉල්මික, වස්තක්දිරුක බිකුද්රතික, වඅස්අලුක මින් ෆළ්ලිකල් අළීම්. ෆඉන්නක තක්දිරු වලා අක්දිරු, වතඃලමු වලා අඃලමු, වඅන්ත අල්ලාමුල් ගුයූබ්. අල්ලාහුම්ම ඉන්කුන්ත තඃලමු අන්න හාදල් අම්ර, (මෙහිදී තම අවශ්‍යතාව සඳහන් කරයි.) හෛඃරන් ලී ෆී දීනි වමආෂී වආකිබති අම්රි ෆක්දුර්හු ලී, වයස්සිර්හු ලී සුම්ම බාරික් ලී ෆීහි. වඉන් කුන්ත තඃලමු අන්න හාදල් අම්ර ෂර්රුන් ලී ෆී දීනී, වමආෂී, වආකිබති අම්රී ෆස්රිෆ්හු අන්නී වස්රිෆ්නී අන්හු වක්දුර්ලී අල් හඃයිර හයිසු කාන, සුම්ම අර්ලිනී බිහී." තේරුම: "අහෝ දෙවිඳාණනි! ඔබගේ දැනුමෙන් මම ඔබෙන් යහපත අපේක්ෂා කරමි. ඔබේ ශක්තියෙන් මම ඔබෙන් ශක්තිය අපේක්ෂා කරමි. ඔබගේ බලමහිමයෙන් මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙයයි. ඔබ බලය දරන්නෙහිය. මම එසේ බලය නොදරමි. ඔබ සියල්ල දනී, මම කිසිවක් නොදනිමි. ඔබ සැඟවුණු දේවල් ගැන මනාව දන්නාය.(ඔබේ අවශ්‍යතාව සඳහන් කරමින්) මගේ මේ කටයුත්ත, මගේ ආගම, මගේ ජීවනෝපාය සහ මගේ කටයුතුවල අවසානයේ එහි ප්‍රතිඵල යහපතක් වනු ඇතැයි ඔබ සිතන්නේ නම්, එය මට සළසා දී, එය මට පහසු කර දෙනු මැනව! පසුව එහි අභිවෘද්ධිය ඇති කරනු මැනව. ඔබේ දැනුමෙහි එය මටත් මගේ ආගමටත් මගේ ජීවනෝපාය සහ මගේ කටයුතුවලට අයහපත් නම්, එය මගෙන් ඉවත් කරනු මැනව! මා ද එයින් ඉවතට හරවනු මැනව! තවද යහපත කොතැනක තිබුණ ද එය මට සළසා දෙනු මැනව! ඒ ගැන සතුට මට ඇති කරනු මැනව." මෙහිදී තම අවශ්‍යතාව නම් කළ යුතු යැයි හෙතෙම තවදුරටත් පවසා සිටියේය.
رواه البخاريනිවැරදි ක්‍රමය කුමක්දැ?යි නොදන්නා කරුණක් සිදු කරන්නට මුස්ලිම්වරයකු සිතූ විටෙක, ඔහු ඉස්තිකාරා සලාතය හෙවත් යහපත පතා ඉටු කරන සලාතය ඉටු කිරීම ආගමානුගත කර ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඒ ගැන තම සහගාමීන් හට උගන්වා ඇත්තේ අල් කුර්ආනයෙන් සූරාවක් ඔවුනට ඉගැන්නුවාක් මෙනි. අනතුරව එතුමාණෝ ෆර්ලු සලාතය නොවන අමතර රකආත් දෙකක් සලාත් ඉටු කර පසුව පහත සඳහන් පරිදි පවසමින් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කර සිටියහ. "අල්ලාහුම්ම ඉන්නී අස්තහීඃරුක" (අහෝ දෙවිඳාණනි! මම ඔබෙන් යහපත පතමි) කරුණු දෙකින් යහපත වෙනුවෙන් ඔබේ ආශිර්වාදය පතමි. "බිඉල්මික" (ඔබේ දැනුමෙන්) ඉල්ලමි. එය සියලු දෑ ආවරණය කරගත් දැනුමය. "වස්තක්දිරුක" (මම ඔබෙන් ශක්තිය අපේක්ෂා කරමි.) ඔබෙන් තොරව කිසිදු හැකියාවක් හෝ කිසිදු හැරවුමක් හෝ නැති පරිදි හැකියාවන්තයෙකු ලෙස මා පත්කරනු. "බිකුද්රතික" (ඔබේ ශක්තියෙන්) ඔබට කිසිවකට අපොහොත් නැත. "වඅස්අලුක මින් ෆළ්ලික" ඔබේ උපකාරයෙන්, "අළීම්" අතිමහත් උපකාරය, එනම් ඔබෙන් වූ උතුම් ආශිර්වාදය පතමි. ආශිර්වාදය තුළ කිසිදු අයිතියක් ඔබට හැර වෙනත් කිසිවකු සතු නැත. "ෆඉන්නක තක්දිරු" සියලු දෑ කෙරෙහි ඔබ ශක්තිවන්තය. මම අපොහොසත් දුර්වලයෙක්මි. "වලා අක්දිරු," ඔබෙන් වූ උපකාරයෙන් හැර වෙනත් කිසිදු හැකියාවක් මට නැත. "ව" තවද ඔබ "තඃලමු" මතුපිට ඇති දෑ මෙන්ම අභ්‍යන්තරයේ ඇති දෑ ද යහපත හා අයහත යන සියල්ල මුලුමණින්ම ආවරණය කරගත් ඔබේ දැනුමෙන් ඔබ සියල්ල දැන සිටියි. "ව" තවද මම "ලා අඃලමු" ඔබේ ආශිර්වාදයෙන් හා ඔබේ මඟපෙන්වීමෙන් හැර කිසිවක් නොදනිමි. "වඅන්ත අල්ලාමුල් ගුයූබ්" පොදුවේ සියලු දැනුම ඔබ සතුය. සර්ව ශක්තිය ඔබ සතුය. ඒ කිසිවක් ඔබ කවරෙකුට හැකියාව ලබා දුන්නේ ද, ඒ සඳහා ශක්තිය ලබා දුන්නේ ද එය හැර ඔබෙන් තොරව කිසිවක් නැත. පසුව මුස්ලිම්වරයා තම පරමාධිපති අයදිමින් තම අවශ්‍යතාව නම් කරමින් මෙසේ පවසයි: "අල්ලාහුම්ම" අහෝ දෙවිඳුනි! සැබැවින්ම මාගේ කටයුත්ත ඔබ වෙත පවරමි. එබැවින් "ඉන් කුන්ත තඃලමු" සැබැවින්ම මෙම කටයුත්ත ඔබේ දැනුම අනුව ඔබ දැන සිටියෙහි නම් (පසුව තම අවශ්‍යතාව පවසා) නිවසක් මිලදී ගැනීම හෝ වාහනයක් මිලදී ගැනීම හෝ කාන්තාවන් විවාහ කර ගැනීම හෝ එවැනි යම් අවශ්‍යතාවක්... නම් කරන්න. "ෆඅන් කාන හාදල් අම්ර්" ඔබේ දැනුම අනුව පෙර සඳහන් කරන ලද කරුණ "හෛඃරුන් ලී ෆී දීනි" මාගේ කටයුත්තට ආරක්ෂාවක් නම් "වමආෂී" මාගේ ලෞකික කටයුතුවලටත් "වආකිබති අම්රි" මාගේ කටයුතු අවාසානයේ යොමුවන තැනටත් "ෆී ආජිලි අම්රී වආජිලිහී" මෙලොවට හා මතුලොවටත් යහපතක් ලෙස දකින්නෙහි නම්, "ෆක්දුර්හු" එය සූදානම් කර දෙන්න. එය සකසා දෙන්න. "ලී" එහි පහසුව "වයස්සිර්හු ලී" මට පහසු කර දෙන්න. "සුම්ම බාරික්" එම යහපත වර්ධනය කර දෙන්න "ලී ෆීහි" එහි මට පහසු කර දෙන්න. " වඉන් කුන්ත තඃලමු" දෙවිඳුනි ඔබ දන්නෙහි නම්, "අන්න හාදල් අම්ර" මම යහපත පතන මෙම කරුණ "ෂර්රුන් ලී ෆී දීනී, වමආෂී, වආකිබති අම්රී" මගේ දහමට, මගේ ජීවිතයට, හා මගේ කටයුත්තේ අවසානය මට නපුරක් නම් එසේ නැතහොත් "ෆී ආජිලි අම්රී වආජිලිහි" මෙලොවට හා මතුලොවට නපුරක් නම් "ෆස්රිෆ්හු අන්නී වස්රිෆ්නී අන්හු" එය මගෙන් ඉවත් කරනු මැනව! මා ද එයින් ඉවතට හරවනු මැනව! "වක්දුර්ලී අල් හයිර හයිසු කාන, සුම්ම අර්ලිනී බිහී." තවද යහපත කොතැනක තිබුණ ද එය මට සළසා දෙනු මැනව! ඒ ගැන සතුට මට ඇති කරනු මැනව." එනම් මම ප්‍රිය කරන හෝ මම පිළිකුල් කරන කවර දෙයක් වුව ද ඒ සියල්ල ඔබේ නියමය අනුවම සකසා දෙන්න.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබු සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අහෝ අබූ සඊද්, කවරෙකු අල්ලාහ්ව පරමාධිපතියාණන් ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් නබිවරයාණන් ලෙසත් පිළිගත්තේ ද ඔහුට ස්වර්ගය නියම විය." ඒ ගැන අබූ සඊද් තුමා පුදුමයට පත් ව මෙසේ පැවසූහ. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එය නැවත මා වෙත පවසන්න." එවිට එතුමාණෝ එසේ සිදු කර පසුව මෙසේ පැවසූහ. "ස්වර්ගයේ තරාතිරම් සියයක් උසස් කරනු ලබන තවත් කරුණක් ඇත. ඒ සෑම තරාතිරම් දෙකක් අතර ඇති දෑ අහස හා මහපොළොව අතර ඇති දෑ හා සමානය." "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එය කුමක් දැ?"යි විමසා සිටියේය. එතුමාණෝ: "අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම, අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම" යැයි පවසා සිටියහ.
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අබූ සඊද් (රළියල්ලාහු අන්හු) තුමා හට මෙසේ පවසා සිටියහ. "සැබැවින්ම කවරෙකු අල්ලාහ්ව විශ්වාස කොට, ඔහුව පරමාධිපතියාණන්, දෙවිඳාණන්, රජාණන්, නායකයාණන් හා විධායකයාණන් යැයි පිළිගෙන ඉස්ලාමය තමන් පිළිපදින දහම ලෙස පිළිගෙන, එහි ඇති සියලුම නියෝග හා තහනම් දෑට යටත් වී, මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව එතුමාණන්ට එවන ලද දෑ හා දන්වා සිටි සියලු දෑ දැනුම් දෙන නබිවරයාණන් ලෙසත් පිළිගත්තේ ද, ඔහුට ස්වර්ගය සහතික විය." ඒ ගැන අබූ සඊද් තුමා පුදුමයට පත් ව මෙසේ පැවසූහ. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, එය නැවත මා වෙත පවසන්න." එවිට එතුමාණෝ එසේ සිදු කර පසුව මෙසේ පවසා සිටියහ. "මා සතුව තවත් කරුණක් ඇත. එමගින් අල්ලාහ් ගැත්තාව ස්වර්ගයේ තරාතිරම් සියයක් උසස් කරනු ඇත. ඒ සෑම තරාතිරම් දෙකක් අතර ඇති දෑ අහස හා මහපොළොව අතර ඇති දෑ හා සමානය." අබූ සඊද් තුමා, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එය කුමක් දැ?"යි විමසා සිටියේය. එතුමාණෝ: "අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම, අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම" යැයි පවසා සිටියහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ නිරතව දිනක් උපවාසය රැක්කේ ද අල්ලාහ් ඔහුගේ මුහුණ අපා ගින්නෙන් වසර හැත්තෑවක් දුරස් කරනු ඇත.”
متفق عليه"අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කරන අතරවාරයේ කවරෙකු දිනක් උපවාසයේ නිරත වූයේ ද, තවත් වාර්තාවක අල්ලාහ්ගේ මාර්ගයේ හෝ වෙනත් කටයුත්තක අවංකභාවයෙන් යුතුව අල්ලාහ්ගෙන් කුසල් හා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් උපවාසයේ නිරත වූයේ ද, එවිට සැබැවින්ම අල්ලාහ් තම භාග්‍යය තුළින් ඔහු හා අපා ගින්න අතර වසර හැත්තෑවක දුර ප්‍රමාණයක් දුරස් කරනු ඇත" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ.