





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා උමර් -රළියල්ලාහු අන්හු- තුමාව සකාත් සම්බන්ධයෙන් එවූහ. පසුව ඉබ්නු ජමීල්, කාලිද් ඉබ්නු අල් වලීද් හා අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ මහප්පෙකු වූ අබ්බාස් යන අය ඉන් වැළකී සිටි බව කියනු ලැබීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ඉබ්නු ජමීල් ඔහු දිළිඳෙකු වූ බැවින් මිස ඉන් වැළකුණේ නැත. අල්ලාහ් ඔහු ධනවත් කරනු ඇත. කාලිද්(ගේ සකාත්) වනාහි, නියත වශයෙන්ම නුඹලා කාලිද්ට අසාධාරණය කරන්නෙහුය. සැබැවින්ම ඔහු ඔහුගේ යුද ඇදුම් රඳවාගෙන සිටියි. ඒවා අල්ලාහ්ගේ මාර්ගයේ නිරත කරවීම ඔහු සිරිතක් කරගෙන ඇත. අබ්බාස්(ගේ සකාත්) වනාහි, එය හා එය මෙන් තවත් කොටසක් මා වෙත පැවරී ඇත. පසු එතුමා මෙසේ පවසා සිටියහ. අහෝ උමර්! සැබැවින්ම මිනිසාගේ බාප්පා (හෝ මහප්පා) ඔහුගේ පියා මෙන් යැයි ඔබට නොහැඟුණෙහිද?
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සකාත් රැස් කරනු පිණිස උමර් ඉබ්නු අල් කත්තාබ් -රළියල්ලාහු අන්හු- තුමාව එවූහ.උමර් තුමා අබ්බාස් ඉබ්නු අබ්දුල් මුත්තලිබ් වෙත පැමිණි කල්හි ඔහුගෙන් සකාත් බලාපොරොත්තු විය. නමුත් ඔහු එයින් වැළකුණේය. එසේම කාලිද් ඉබ්නු වලීද් හා ඉබ්නු ජමීල් ද ඉන් වැළකුණෝය. පසුව උමර් තුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා වෙත පැමිණ මේ තිදෙනා පිළිබඳ පැමිණිලි කළහ. එවිට -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මෙසේ පවසා සිටියහ. ඉබ්නු ජමීල් වනාහි, ඔහු දිළින්දෙකු වූ බැවින් මිස ඉන් වැළකී සිටීමට වෙනත් නිදහසට කරුණක් නොවීය. අල්ලාහ් ඔහුව ධනවත් කරනු ඇත. මෙම ධනාරෝපය ජනයා අතරින් පළමුවැන්නා බවට පිළිගැනීමට ලක් කළේය. කාලිද් වනාහි, සැබැවින්ම ඔබ සකාත් දීමෙන් වැළකී ඇතැයි කරන ප්‍රකාශය තුළින් ඔහුට අසාධාරණය කර ඇත්තෙහුය. ඔහු ඔහුගේ යුද ඇඳුම් ගබඩා කර ගෙන එය අල්ලාහ්ගේ මාර්ගයේ යොදවයි. මිනිසෙකු සකාතයෙන් වැළකී සිටිය හැක්කේ කෙසේද? ඔහු අල්ලාහ්ට සමීප වීමක් වශයෙන් තමන් වෙත අනිවාර්යය නොවූ දෙයක් වියදම් කරමින් පසුව අල්ලාහ් නියම කළ දෙයකින් වැළකී සිටියි. සැබැවින්ම එය දුරස්ය. තවද අබ්බාස් වනාහි, එතුමාගේ සකාතය සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා භාරගත්හ. එය එතුමාගේ ස්ථානයේ හා නිලයේ ඔහු යන අර්ථය උසුලා ඇත. එම ප්‍රකාශයට සාධක වශයෙන් “සැබැවින්ම මිනිසාගේ බාප්පා (හෝ මහප්පා) ඔහුගේ පියා මෙන් යැයි ඔබට නොහැඟුණෙහිද?“ සඳහන්ව ඇත. තය්සීරු අල් අල්ලාම් (1/304) තන්බීහුල් අෆ්හාම් (399) තඃසීසුල් අහ්කාම් හදීස් විග්‍රහය: (අංක 173)
දෙවිදුන්වන පරමාධිපතියා වන අල්ලාහ් කෙරෙහි තමන්පගේ ප්රානණය පරිත්‍යාග කරවුන් පස්දෙනෙකි ඔවුන් නම් පාචනයට පාත්රවූවන් තාඋෑන් නම් ලෙඩා සාගරෙයේ ගිලී මිය යන්නන් ගොඩනැගිලි කඩා වැටී මිය යන්නන් හා අල්ලාහ්ගෙ මාර්ගෙය් යුද්ධ භූමියේ දි මිය යන්නන්ය තවත් රිවායතක මෙසේ සදහන් වී අැත ශුහදාවරැන් සීමා සහිතද?යැයි නබි තුමාණන් කෙරෙහි ප්‍රශ්නකළ විට නබි තුමා මෙසේ කීවේය අල්ලාහ්ගේ මාර්ගයේ මිය යන්නන්ය තවද නබි තුමා මෙසේ සහාබාවරැන් කෙරෙහි මෙසේ කීවේය මාගේ උම්මතයේ ශුහදාවරැන් අඩු සංඛ්‍යාවන් දක්නට ලැබේ ඔවුන් නම් දෙවිදුන්වන පරමාධිපතියා වන අල්ලාහ් කෙරෙහි තමන්පගේ ප්‍රාණය පරිත්‍යාග කරවුන් පස්දෙටනෙකි ඔවුන් නම් පාචනයට පාත්රවූවන් තාඋෑන් නම් ලෙඩා සාගරෙයේ ගිලී මිය යන්නන් ගොඩනැගිලි කඩා වැටී මිය යන්නන් හා අල්ලාහ්ගෙ මාර්ගෙය් යුද්ධ භූමියේ දි මිය යන්නන්ය යැයි නබි සල්ලල්ලාහු තුමා කීවේය වාර්ථාකරැ අබූව් හුරෙයිරා රළියල්ලාහු අන්හු
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතදෙවිදුන්වන පරමාධිපතියා වන අල්ලාහ් කෙරෙහි තමන්පගේ ප්‍රාණය පරිත්‍යාග කරවුන් පස්දෙටනෙකි ඔවුන් නම් පාචනයට පාත්රවූවන් තාඋෑන් නම් මෙම ලෙඩ මගින් මිය යන්නන් සාගරෙයේෂරී්යාවෙව් අනුමතවූ ගමනක යෙදී ගිලී මිය යන්නන් ගොඩනැගිලි කඩා වැටී මිය යන්නන් හා අල්ලාහ්ගෙ මාර්ගෙය් යුද්ධ භූමියේ දි මිය යන්නන්ය ඒසේම මෙලොව ක්‍රියාවන් කෙරෙහි අාසා කළ අය ඔවුන් තවත් කෙනෙකු විසින් ඝාථනය වුණේද ඔවුන්ට ශහීද් යන නමින් හදුන්වනු නොලැබේ ඒ හැර ධර්මය වෙනුවෙන් යැපැන්නන් ඉතා ශේෂ්ත්‍ර පුද්ගලයින්ය ඉහත සදහන් පස් දෙනා කෙරෙහි නෑවීම කපන් කිරීම අනිවාර්ය වේ දෙවන ශේණියේ සිටින්න්නව ඒසේ කර්මයන් කරීම තහනම් කරන ලදි ශුහදාවරැන්හි සංඛ්‍යාව සීමා රහිතයි
සහ්ල් ඉබ්නු සඃද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. නියත වශයෙන්ම කාන්තාවක් වියන ලද පොරෝණයක් රැගෙන අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණ මෙය ඔබට අන්දවනු පිණිස මම ගෙතුවෙමි යැයි පවසා සිටියාය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එහි අවශ්‍යතාවක් ඇත්තෙකු වශයෙන් එය අර ගත්හ. පසුව එතුමා අප වෙත බැහැරට පැමිණියහ. එය එතුමාගේ වේට්ටිය විය. එවිට පුද්ගලයකු, “මෙය මට අඳින්නට දෙන්න. මෙය කොතරම් අලංකාර ද!“ යැයි පවසා සිටියේය. එවිට එතුමා එසේය යැයි පවසා එතුමා සභාවේ වාඩි වූහ. පසුව හැරී ගොස් එය නමා ඔහු වෙත එවූහ. එවිට එම පිරිස ඔහු දෙස බලා, “ඔබ හොඳ දෙයක් කළෙහිය! නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- එහි අවශ්‍යතාවක් ඇත්තෙකුව සිට, එය ඇඳ ගත්හ. පසුව ඔබ එය ඉල්ලා ගත්තෙහිය. නියත වශයෙන්ම එතුමාගෙන් ඉල්ලා සිටින්නෙකු හරවා නොයවන බව ඔබ මැනවින් දන්නෙහිය.“ යැයි පවසා සිටියේය. එවිට ඔහු, “අල්ලාහ් මත දිවුරා පවසමි. නියත වශයෙන්ම මම එය අඳින්නට නොගත්තෙමි. එය මා ඉල්ලා සිටියේ මාගේ කෆන් බවට එය පත්වනු පිණිසය.“ ඔහුගේ කෆනය එයම විය යැයි සහ්ල් -රළියල්ලාහු අන්හු- තුමා පවසා සිටියහ.
ඒ හා සමානව ඉමාම් බුහාරි තුමාද වාර්තා කර ඇතමෙම හදීසයේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඔහුගේ ආත්මයට වඩා අන් අය කෙරෙහා ප්‍රමුඛත්වය ලබා දී ඇතැයි සඳහන් වේ. හේතුව එතුමාට අවශ්‍යව තිබූ මෙම පොරෝණය එම මිනිසා ට ලබා දී ඇත. තමන්ට තිබූ දැඩි අවශ්‍යතාව මත එතුමා එය ඇඳගත් බව පෙන්වා දෙයි. හේතුව කාන්තාවක් පැමිණ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමාට පොරෝණක් පිළිගැන්වූවාය. එවිට එතුමා වෙත මිනිසෙකු පැමිණ: මෙය කෙතරම් අලංකාරදැයි විමසා නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් එය ඉල්ලා සිටියේය. දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- එය ඉටු කළහ. එය ගලවා නවා ඔහුටම එය පිරිනැමූහ. ඇතැම් විවරණකරුවන් මෙම හදීසයේ ඇති ප්‍රයෝජන ගැන පවසා සිටියදී, දැහැමියන්ගේ සිහිවටනයන් තුළින් යම් බලපෑම් සිදු වනු ඇතැයි පවසා සිටියි. එය එසේ නොවේ. එසේ යම් බලපෑමක් සිදුවනුයේ නබි තුමාණන්ගේ ස්වභාවයෙන් පමණි. භාග්‍යයක හෝ යහපත සැලසීමක හෝ එතුමා හැර වෙනත් අය ඊට සමාන කළ නොහැක. සහාබාවරුන් පවා එතුමා හැර වෙනත් අය සමග ඔහු ජීවත්ව සිටියදී හෝ ඔහු මරණයට පත් වූ පසු හෝ එවැනි කටයුත්තක් සිදු කළ බවට සඳහන්ව නැත. එසේ යහපතක් වී නම් ඒ වෙත අපට වඩා ඔවුන් ඉදිරියෙන් සිටින්නට තිබුණි.
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණෝ: උරුමය විකිණීමෙන් හා එය පරිත්‍යාග කිරීමෙන් තහනම් කළහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඋරුමය යනු ඥාතී සම්බන්ධතාව මෙන් එකට වියන ලද්දාවූ සම්බන්ධතාවකි. නියත වශෙයන්ම ඒ් සෑම එකක්ම උපයා ගනු ලබනුයේ කිසිදු ව්‍යාපාරයකින් හෝ පරිත්‍යාගයකින් හෝ ඒ හැර වෙනත් මාර්ගයකින් හෝ නොවේ. එහෙයින් ව්‍යාපාරයකින් හෝ ඒ හැර වෙනත් දෙයකින් හෝ ඒ සම්බන්ධයෙන් ගනුදෙනු කිරීම සුදුසු නොවන්නේය. සැබැවින්ම එය ඥාතී බැඳියාවයි. එය මිය යන අය හා ජීවතුන් අතර සිටින පුද්ගලයා අතර පවතින සම්බන්ධතාවයි. ඒ අනුව දෙවැන්නාගෙන් පළමුවැන්නා උරුම කර ගනී. එම උරුමය විකිණීමෙන් හා පරිත්‍යාග කිරීමෙන් තහනම් කර ඇත්තේ, එය ඉවත් වීමෙන් ඉවත් නොවන ඥාතී බැඳියාවක් මෙන් එය පත්වනු පිණිසය. එහෙයින් සැබැවින්ම මිනිසකු තම සහෝදරයාගෙන් ඥාතීත්වය විකුණන්නේ නම්, එම ව්‍යාපාරය සුදුසු නොවන්නකි. එසේ නැතිනම් තම දරුවන්ගෙන් වූ ඥාතීත්වය විකුණන්නේ නම් එම ව්‍යාපාරයද සුදුසු නොවන්නකි. එමෙන්ම තම පිය පාර්ශවයේ පුතෙකුගෙන් වූ ඥාතිත්වය විකුණන්නේද එම ව්‍යාපාරය සුදුසු නොවේ. ඥාතිත්වය විකුණනු ලබන්නක් නොවේ. එම උරුමයද එලෙසමය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ෆරාඉල් (අල් කුර්ආනයේ නියම කර ඇති දේපළ කොටස්) සඳහා හිමිකම් ඇති අයට ඒවා ලැබෙන්නට සළස්වන්න. ඉන්පසු ඉතිරි වන දේ මියගිය පුද්ගලයාගේ සමීපතම පිරිමි ඥාතියාට හිමි විය යුතුය"
متفق عليهමිය ගිය ඇත්තන් හැර දමා ගිය වස්තුව බෙදන්නන් හට ඒවා අල්ලාහ් අභිමත කර ඇති පරිදි නිත්‍යානුකූල සාධාරණනීය ක්‍රමයට අනුව වෙන් කර අදාළ උදවිය වෙත බෙදා දෙන මෙන් ද ඒවා නියම කර ඇති තැනැත්තන් හට අල්ලාහ්ගේ ග්‍රන්ථයේ සඳහන්ව ඇති ආකාරයට පිරිනමන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කර ඇත්තාහ. එනම් තුනෙන් කොටස් දෙකක්, තුනෙන් එක් කොටසක්, හයෙන් එක් කොටසක්, අඩක්, හතරෙන් එක් කොටසක් හා අටෙන් එක් කොටසක් යනාදී ලෙසිනි. ඉන්පසු ඉතිරිවන දෑ මියගිය තැනැත්තාට සමීපතම පිරිමි ඥාතියා හට පිරිනැමිය යුතුය. එයට අසබා යනුවෙන් නම් කෙරී ඇත.
නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “නුඹලා තවලම් (මගී වෙළඳුන් අතර මග) හමු නොවනු. නුඹලා අතුරින් ඇතැමෙක් ඇතැමුන්ට එරෙහිව ගනුදෙනු නොකරනු. අනෙකාට පාඩුවන අයුරින් මිල ඉහළ නොදමනු. පදිංචිව සිටින කෙනෙකු පිටස්තරයකුට නොවිකුණනු. ඔටුවන් හා එළුවන්ගේ තන් බුරුල්ල ගෙට නොගසනු. කවරෙකු එය විකුණන්නේද එහි කිරි දෙවීමෙන් පසුව දෙකින් එකක් තෝරා ගත හැක. එනම්: එය ගැන තෘප්තිමත් වන්නේ නම් එය තබා ගත හැක. ඒ ගැන පිළිකුල් කරන්නේ නම් රට ඉඳිවලින් සාඃ එකක ප්‍රමාණයක් සමග එය නැවත භාර දිය හැක.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතතහනම් ව්‍යාපාර වර්ග පහකින් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වැළැක්වූහ. හේතුව ඒවා මගින් ව්‍යාපාරිකයාට හෝ පාරිභෝගිකයාට හෝ ඒ දෙදෙනාටම හෝ පීඩාකාරී තත්ත්වයන් උදාවන බැවිනි. 1. ආහාර හා සත්වයින් විකිණීම සඳහා පැමිණෙන වෙළඳුන් මඟදී හමුවී ඔවුන් වෙළඳපොළට යාමට පෙර ඔවුන්ගෙන් ඒවා මිලදී ගැනීම තහනම් කර ඇත්තාහ. හේතුව ඔවුන් එහි නියම වටිනාකම නොදනී. ඒ හේතුවෙන් ඇතැම් විට ඔවුන් මුළාවට පත්වනු ඇත. තවද එ් ගැන අවශ්‍යතාවෙන් පසුවන ජනයාගේ ඉතිරි ආහාර වේල ඔවුනට තහනම් වී යනු ඇත. 2. කිසිවකුගේ ව්‍යාපාරයට එරෙහිව ව්‍යාපාර කිරීම තහනම් මෙන්ම මිලට ගන්නාට එරෙහිව මිලට ගැනීමද එලෙසමය. එය තෝරා ගැනීමේ නිදහස ඇති භූමිකාවක හෝ එකඟතාවේ කොන්දේසිය අතරවාරයේ හෝ තවත් ව්‍යාපාරිකයකු ඔහු දෙස බලා ඔබ මිලදී ගන්නේ නම් මෙම භාණ්ඩයට වඩා යහපත් භාණ්ඩයක් හෝ මෙම වටිනාකමට වඩා සහන මිලක් මම ඔබට පිරිනමමි. එසේ නැතිනම් ඔබ විකුණන්නේ නම් මම ඔබෙන් මෙය අධික වටිනාකමකට මිලදී ගනිමි. යැයි පවසා සිටීමය එය (කළින් කළ) ව්‍යාපාරය අවලංගු කොට නව ව්‍යාපාරිකයා සමග ගිවිසුම ඇති කර ගැනීමය. එලෙසය තෝරා ගැනීමෙන් පසුව සිදුවුවද එය තහනම්ය. හේතුව මෙම ඇඟිලි ගැසීම අවිනිශ්චිතභාවයට සතුරුකමට හා ක්‍රෝධයට හේතු වන්නේය. එමෙන්ම තම සහෝදරයාට ලැබිය යුතු දෑ අහිමි කර දැමීමකි. 3. පසුව නජ්ස් හෙවත් මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් තොරව භාණ්ඩයේ මිල අධික කිරීමෙන් එතුමා වැළැක්වූහ. සැබැවින්ම එය ව්‍යාපාරිකයාට මිල අධික කිරීමෙන් ප්‍රයෝජනය ගෙන දෙයි, එසේ නැතිනම් භාණ්ඩයේ මිල ඉහළ නැංවීමෙන් පාරිභොගිකයා පීඩාවට පත් වේ. එහිදී පාරිභෝගිකාට බොරු හා වංචා සිදු වේ. කුමන්ත්‍රණ හා වංචා සහගත ලෙසින් භාණ්ඩයේ මිල අධික වේ. 4. පදිංචිව සිටින කෙනෙකු තම භාණ්ඩ පිටස්තරයකුට විකිණීමෙන් තහනම් කළහ. හේතුව එහි මිල සීමා කර ඇති බැවිනි. එවිට දේශීය පාරාභෝගික ජනයාට ප්‍රයෝජන ලබන කිසිවක් ඉතිරි නොවනු ඇත. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා මෙසේ පැවසූහ. “නුඹලා ජනයා අතහැර දමනු. ඔවුන්ගෙන් ඇතැමෙකු විසින් ඇතැමෙකුට අල්ලාහ් පෝෂණය සලසන්නේය.“ 5. තන් බුරුල්ල බදින ලද ගොවිපල සතුන් විකිණීමෙන්ද එතුමා තහනම් කළහ. එවිට මිලදී ගන්නා පාරිභෝගිකයා උගේ සුපුරුදු පෙනුම මෙය යැයි සිතා එහි නියම වටිනාකමට වඩා අධික මිලට එය මිලදී ගනී. එය පාරිභෝගිකයාට කරන වංචාවකි, අපරාධයකි. ඔහුගේ මෙම අසාධාරණය සඳහා දින තුනක කාලයක් දහම විසින් නියම කොට ඇත. එහිදී ඔහු එය ගැන තෘප්තිමත් වන්නේ නම් එය තබා ගත හැක. එමෙන්ම තන් ගෙට ගසා ඇති බවට දැනගත් පසු නැවත ව්‍යාපාරිකයාට භාරදීමේ නිදහසද ඔහුට ඇත. ඔහු එයින් කිරි දොවා ඇත්නම් ඒ වෙනුවට රට ඉඳිවලින් සාඃ එකක ප්‍රමාණයක් සමග එය නැවත භාර දිය යුතුය.
අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. පිරිමියා කුංකුමං (රතු පැහැති වර්ණ) භාවිතා කිරීම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණෝ තහනම් කළහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතමිනිසකු තම ශරීරයට හෝ තම වස්ත්‍රයට කුංකුමම් ගැල්වීම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තහනම් කළහ. එය කාන්තාව භාවිතා කරන සුවද විළවුන් වර්ගයකි. ඇයට ආදේශ වීමේ හේතුව මත පිරිමින්ට එය තහනම් කරන ලදී.
අලී ඉබ්නු අබී තාලිබ් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “වැඩිවියට පත්වීමෙන් පසු අනාථ භාවය නැත. එමෙන්ම රාත්‍රිය දක්වා දවසේ නිහඬව සිටීමක් නැත.“
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතපළමුව, කෙනෙකු වැඩි වියට පත්වීමත් සමග අනාථයකු ලෙස නොසැලකේ. දෙවනුව. නිහඬව සිටිමින් රාත්‍රිය දක්වා අල්ලාහ් වෙනුවෙන් නැමඳුම් කිරීම අඥාන යුගයේ ජනයා පිළිපදිමින් ආහ. එහිදි ඔවුන් නිහඬව සිටියි. හිරු අවරට යන තෙක්ම කිසිවකු සමග කතා නොකරයි. එහෙයින් මුස්ලිම්වරු එයින් වැළකී සිටියේය. එය අල්ලාහ්ව තස්බීහ් කිරීම, තහ්ලීල් කිරීම, තහ්මීද් කීරීම, යහපත නියෝග කොට අයහපත් දැයින් වැළැක්වීම, අල් කුර්ආනය කියවීම හා වෙනත් කරුණු ඉටුකිරීමේ තත්ත්වයට එය අතහැර දැමීය. එමෙන්ම එය අඥාන යුගයේ ක්‍රියාවකි. එහෙයින් එය තහනම් කරන ලදී.
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “යුද්ධයෙන් හැරී නැවත පැමිණීම යුද වදින්නාක් මෙනි.“
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතතම ගැත්තන් නැමදුම් ඉටු කරන අවස්ථාවෙහි අල්ලාහ් ඔවුන් කෙරෙහි දක්වා ඇති භාග්‍යය මෙම හදීසයේ විස්තර කර ඇත. එහි කැපවී කටයුතු කරන අවස්ථාවේ ඔවුනට කුසල් පිරිනමනු ලබනවාක් මෙන්ම එය ඉටු කිරීමෙන් පසුව නැවත හැරෙන අවස්ථාවේදීද කුසල් පිරිනමනු ලබනු ඇත. එහෙයින් යුද්ධයෙන් හැරී එන්නා යුද්ධ කරන්නාක් මෙනි යැයි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා පවසා සිටියහ. ඒ දෙකම කුසල් ලැබීමෙහි සමානය. එය මස්ජිදය වෙත පාගමනින් ගොස් නැවත තම පවුල වෙත හැරී එන්නාට ප්‍රතිඵල ලියනු ලබනවාක් මෙනි.