





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ අද්-දර් දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී. "උපවාසය, සලාතය සහ දානයට වඩා උතුම් දේ මම ඔබට දැනුම් දෙන්න ද?" ඔවුහු: "එසේය" යැයි පැවසූවෝය. එතුමාණෝ : "එකිනෙකා අතර සාමය ඇති කිරීමය. මක්නිසාද යත් එකිනෙකා අතර පවතින සබඳතා පළුඳු කිරීම සැබවින්ම හාලිකා (විනාශය) වේ." යැයි පැවසුහ.
رواه أبو داود والترمذي"අමතර උපවාසය, සලාතය සහ දානයට වඩා උතුම් දේ මම ඔබට දැනුම් දෙන්න ද?" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ විමසූහ. ඔවුහු: "එසේය" යැයි පැවසූහ. එතුමාණන් මෙසේ පැවසීය: මිනිසුන් අතර ගැටුම්, බෙදීම්, විරසකවීම්, වෛරය සහ ද්‍රෝහිකම් ඇති කරන ආරවුල් පවතින්නේ නම්, එවන් පාර් ශවයන් අතර සංහිඳියාව ඇති කිරීම ය. මන්ද ඔවුන් අතර සබඳතා දූෂිත වීමෙන් ඇතිවන වෛරය දැලි පිහියෙන් රෝම ඉවත් කරන්නාක් සේ ආගම සහ ලෝකය විනාශ කර මුලිනුපුටා දැමිය හැකි කරුණකි.
අස්සාඉබ් ඉබ්නු යසීද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“සමුගැනීමේ හජ් වන්දනාවෙහි අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමග මා ද හජ් කරනු ලැබීය. මාගේ වයස අවුරුදු හතක් විය.“
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතඅස් සාඉබ් ඉබ්නු යසීද් -රළියල්ලාහු අන්හු- තුමා කුඩා සහාබිවරයෙකි. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමාගේ සමයේ ඔහුගේ පවුලේ අය විසින් ඔහු හජ් කරවනු ලැබීය. සමුගැනීමේ අවසන් හජ් අවස්ථාවට සහභාගී විය. දරුවන් සමග හජ් වන්දනාව සඳහා නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් ඔවුනට අනුමැතිය දුන්හ. එය අතිරේක හජ් වන්දනාවක් ලෙස සලකන ලදී. ඔහු වැඩිවියට පත් වූ විට නැවත වාරයක් හජ් ඉටු කිරීම ඔහුට අනිවාර්යය වේ. එය ඉස්ලාමයේ හජ් ක්‍රමයයි. හජ් හි ඉහ්රාම් ඇදීම, මසා නිමකළ ඇඳුම් වලින් වැළකී සිටීම, තල්බියා පැවසීම වැනි වැඩිහිටියන් ක්‍රියා කරන අයුරින්ම කුඩා දරුවන්ද ක්‍රියා කරනු ඇත. එය ඔහු විසින් ඉටු කිරීමට නොහැකි වූ විටෙක ඔහු වෙනුවෙන් ඔහුගේ පියා , ඔහුගේ මව වැනි ඔහුගේ භාරකරු එය ඉටු කරනු ඇත. අත්තව්ලීහ් ලිෂර්හිල් ජාමිඉස් සහීහි.:12/473, උම්දතුල් කාරි: 10/218, නුස්හතුල් මුත්තකීන් 2/898, ෂර්හු රියාලුස් සාලිහීන්: ඉබ්නු උසෙය්මීන්: 5/326-327.
අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඔටු පිට මත හජ් වන්දනා ඉටු කළහ. එතුමාගේ පොදි එහි විය.“
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්- ඔටු පිට මත හජ් ඉටු කළහ. එහි ඔටු පිට මත තබන ලද දෝලාවක් නොවීය. එමෙන්ම එතුමාගේ ආහාර හා පොදි ඔසවාගෙන යන වෙනත් ඔටුවකු ද නොවීය. එතුමා එය එම ඔටුවා මතම තබා ගත්හ. එතුමාගේ චාම් ගතිය හා මෙලොව පිළිබඳ වූ අල්පකම මෙය පෙන්වා දෙයි. හජ් සඳහා උසස් ගණයේ සතුන් මත ගමන් කිරීම තහනම් යන්න මෙම හදීසය පෙන්වා නොදෙයි. නමුත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන්ව පිළිපැදීමක් වශයෙන් හජ් වන්දනාව සුඛෝපභෝගී හා සැප පහසුකම අඩු ගමනක් වීම වඩාත් උතුම්ය.
අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ජාහිලිය්යත් හෙවත් අඥාන යුගයේ උක්කාල්, මජින්නා හා දුල් මජාස් වැනි වෙළඳපොළවල් තිබිණ. හජ් කාලයේ ව්‍යාපාර කිරීම පාපයක් බව ඇතමුන් සිතූහ. එවිට හජ් සමයේ ‘ඔබගේ පරමාධිපතිගේ භාග්‍යය සෙවීම ඔබ කෙරෙහි වරදක් නැත‘ යන අල් කුර්ආන් 2:298 වැනි වැකිය පහළ විය.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතහජ් දිනයන්හි දේව ආදේශකයින් ව්‍යාපාර කරන ඇතැම් වෙළඳ ස්ථාන තිබිණ. හජ් දිනයන්හි එහි ව්‍යාපාර කිරීම තමන්ට පාපයක් වනු ඇතැයි බියක් සහාබාවරුන්ට තිබිණ. අාගමික කෝණයෙන් එසේ හජ් වන්දනා කටයුතු සිදු කිරීමත් සමග හජ් සමයේ ව්‍යාපාර කිරීම එය පළුද්දක් නොකරන බව පැහැදිලි කරමින් අල්ලාහ් මෙම වැකිය පහළ කළේය. හජ් සමයේ ව්‍යාපාර කිරීම අනුමතය. නමුත් වඩාත් උචිත වඩාත් යහපත් වනුයේ හජ් නැමදුම් කටයුතු සඳහාම වෙන් කර ගැනීමය. එය වඩාත් උතුම්ය.
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ බත්හා හි ඉහළ ප්රයදේශයෙන් මක්කාවට පිවිස පහළ ප්‍රදේශයෙන් පිටත් ව ගියහ.“
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමුගැනීමේ හජ් වන්දනාව ඉටු කිරීමේ අපේක්ෂාවෙන් මක්කාවට පැමිණියහ. දුල් හිජ්ජා මස දින හතරක් ගතවූ පසු එහි පිවිසෙන රාත්‍රියේ 'දී තුවා' නම් ස්ථානයේ රාත්‍රිය ගත කළහ. එතුමා උදෑසන ඉහළ ප්‍රදේශයෙන් මක්කාවට පිවිසුණහ. හේතුව එතුමා මදීනාවේ සිට පැමිණ ඇති බැවින් එහි පිවිසීමට එය වඩාත් පහසු මඟක් වූ නිසාවෙනි. එතුමාගේ වන්දනාමාන කටයුතු අවසන් කළ කල්හි මක්කාවේ සිට මදීනාව වෙත මක්කාවේ පහල ප්‍රදේශයෙන් පිටත් වූහ. එය ජර්වල් නම් ස්ථානයට පැමිණෙන මාර්ගය විය. එසේ එතුමා සිදු කළේ නැමදුම් කිරීමේ ස්ථාන වැඩි කර ගැනීමේ අරමුණෙන් මාර්ගය වෙනස් කර ගියා වන්නට පුළුවන. එය එතුමා අරෆාවට ගොස් එයින් නැවත හැරී පැමිණීම, අනිවාර්යය සලාත් ඉටු කරන ස්ථානයෙන් තොරව වෙනත් ස්ථානයක අවුරුදු සලාතය හා නෆීල් සලාතය ඉටු කරන්නාක් මෙනි. හේතුව මහපොළොව එහි තොරතුර දන්වා සිටින දිනයේ තමන් කළ ක්‍රියාවන් පිළිබඳ එය සාක්ෂි දරන බැවිනි. එසේ නැතිනම් මදීනාවේ සිට පැමිණෙන්නන් හට පිවිසීමටත් පිටත්වීමටත් එහි යාමටත් පහසු මාර්ගයක් වී තිබෙන්නට පුළුවන. මැනවින් දන්නා අල්ලාහ් පමණය.
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ෂජරා මාර්ගය ඔස්සේ පිටත් වන්නෙකු ලෙසත් මඃරස් මාර්ගය ඔස්සේ ඇතුළු වන්නෙකු ලෙසත් සිටියහ. එතුමා මක්කාවට පිවිසුනු විට ඉහළ සනිය්යාවෙන් ඇතුළු වූ අතර පහළ සනිය්යාවෙන් පිටත් වූහ.“
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅවුරුදු දින ජුමුආ දින හා වෙනත් නැමදුම් සඳහා යන එන විට මඟ වෙනස් කිරීමේ වැදගත්කම යන මාතෘකාව යටතේ අබ්දුල්ලාහ් ඉබ්නු උමර්-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කළ හදීසය සඳහන්ව ඇත. යන එන මඟ වෙනස් කිරීම යනු: නැමදුම් සඳහා මුස්ලිම්වරයකු එක් මාර්ගයකින් පිටත්ව ගොස් තවත් මාර්ගයකින් හැරී ඒමය. උදාහරණයක් වශයෙන් දකුණු පැත්තෙන් ගියේ නම් වම් පැත්තෙන් නැවත හැරී පැමිණීම මෙනි. මෙසේ අවුරුදු දෙදින සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා සිදු කර ඇති බවට හදීස් සඳහන් වේ. ජාබිර් -රළියල්ලාහු අන්හු තුමා මෙසේ පවසා සිටියි. නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණෝ අවුරුදු දින වූ විට මඟ වෙනස් කළහ. එනම් එක් මාර්ගයකින් පිටත්ව ගොස් තවත් මාර්ගයකින් හැරී ආහ. අප සමග ඇති හදීසයේ සඳහන්ව ඇත්තේත් එලෙසය. මාර්ගය වෙනස් කිරීමේ ඇති යථාර්ථයන් පිළිබඳ විද්වතුන් අතර විවිධ ප්‍රකාශයන් ඇත. ඒවායින් වඩාත් ප්‍රසිද්ධ ප්‍රකාශයන් වනුයේ. 1. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම මාර්ග දෙක සාක්ෂි දැරීම හේතුවෙනි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ මත සිදු කළ හොඳ නරක සියල්ල වෙනුවෙන් එය සාක්ෂි දරනු ඇත. මාර්ගයකින් ගොස් තවත් මාර්ගයකින් පැමිණි විට තමන් අවුරුදු සලාතය ඉටු කර ඇතැයි යන්නට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම මාර්ග දෙක සාක්ෂි දරනු ඇත. 2. ආගමික සංඛේතයන් හෙළිදක්වනු පිණිසය. උත්සවයේ සංඛේතය එහා මෙහා කඩසාප්පු පිරී තිබීමය. මදීනා මාර්ගයේ පිරී පවතින විට එය එම උත්සවය සංකේතවත් කරනු ඇත. හේතුව අවුරුදු සලාතය යනු ආගමික සංඛේතයකි. ඒ සඳහා වූ සාක්ෂිය වනුයේ, අවුරදු දින සතුට හෙළි දැක්වීමක් වශයෙන් හා එය දැනුම්දීමක් වශයෙන් එළිමහන් ප්‍රදේශය වෙත පිටත්ව යාමට මිනිසුනට නියෝග කරනු ලැබ තිබීමයි. 3. සැබැවින්ම එසේ ගමන් මාර්ගය වෙනස් කරනුයේ කඩසාප්පු අසළ සිටි දුගියන් හේතුවෙනි. එක් මාර්ගයක සිටින අය තවත් මාර්ගයක නොසිටිති එවිට ඔවුන්ටත් මොවුන්ටත් දානමාන කිරීමේ අවස්ථාව උදාවනු ඇත. නමුත් වඩාත් සමීප අර්ථය වනුයේ ගමේ පිහිටා ඇති සියලු මාර්ගවලින් ජනයා අවුරුදු සලාතය වෙත පැමිණ සලාතය ඉටු කිරීමේ සළකුණ ඉස්මතු වන අයුරින් සංඛේතවත් කරනු පිණිසය. හජ් උත්සවය වනාහි, අප සතුව ඇති හදීස්හි සඳහන් පරිදි සැබැවින්ම දූතයාණන් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් මක්කාව වෙත ඇතුළු වන විට එහි ඉහළ ප්‍රදේශයෙන් ඇතුළු වූ අතර එහි පහළ ප්‍රදේශයෙන් පිටත් වූහ. එතුමා අරෆා වෙත ගිය විටත් මාර්ගයකින් ගොස් තවත් මාර්ගයකින් හැරී ආහ. මෙම ප්රශ්නය සම්බන්ධයෙන් විද්වතුන් අතර මතභේද පවතී. එය නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සිදු කර ඇත්තේ නැමදුම් කිරීමේ ක්‍රියාවලිය අනුවද එසේ නැතිනම් මක්කාවට පිවිසීමේ හා පිටත් වීමේ පහසුව අනුවද? යන්නයි. හේතුව එහි පිවිසීමේදී ඉහළ ප්‍රදේශයෙන් පිවිසීමත් ඉන් පිටත් වීමේදී පහළ ප්‍රදේශයෙන් පිටවීමත් පහසු වූ බැවිනි. පළමු මතය දරන විද්වතුන් ඇතැමෙකු පවසා සිටිනුයේ සැබැවින්ම එසේ එහි ඉහළ ප්‍රදේශයෙන් ඇතුළු වීමත්. එනම් මක්කාවට ඉහළ ප්‍රදේශයෙන් ඇතුළු වීමත් එහි පහළ ප්‍රදේශයෙන් පිට වීමත් සුන්නාවක් යන වගය. එමෙන්ම එක් මාර්ගයකින් අරෆාවට පැමිණීමත් තවත් මාර්ගයකින් හැරීයාමත් සුන්නාවක් යන වගය. ඔවුන් අතුරින් තවත් සමහරු ගමන්කිරීමේ පහසුව පිණිස සිදු කළ බව අදහස් පළ කරති. එය ඉහළ ප්‍රදේශය වුවද පහළ ප්‍රදේශය වුවද පහසු ප්‍රදේශයෙන් ගමන් කරන්න යනුවෙනි. ඒ අනුව හජ් හෝ උම්රා වන්දනා කරුවාට එහි ඉහළ ප්‍රදේශයෙන් ඇතුළු වීමටත් එහි පහළ ප්‍රදේශයෙන් පිට වීමටත් පහසු නම් එය යහපත්ය. එවිට එය නැමදුමක් වී නම් එහි ඵලය ඔහු ලබනු ඇත. එය නැමදුමක් නොවී නම් එය ඔහුට හානියක් නැත. එසේ පිවිසීමට පහසුතාවක් නොමැති නම් ඒ සඳහා වෙහෙස දැරිය යුතු නැත. එය වර්තමානයේ ඇති තත්ත්වය හා සමානය. සැබැවින්ම වර්තමානයේ ඇති මාර්ග එකම දිශාවකට පිහිටා තිබේ. මෙවැනි අවස්ථාවක කටයුතු භාරව සිටින්නාට විරුද්ධව කටයුතු කිරීම මිනිසාට සුදුසු කාර්යයක් නොවේ. සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය. මෙම කරුණ ඉතා පුළුල් වූවකි.
අබූ ජමරා නස්ර් ඉබ්නු ඉම්රාන් අල්-ලුබඊ විසින් වාර්තා කරන ලදී. තමත්තුඃ ක්‍රමයට හජ් ඉටු කිරීම පිළිබඳ ව මම ඉබ්නු අබ්බාස් තුමාගෙන් විමසා සිටියෙමි. එවිට ඒ අනුව ඉටු කරන්නැයි එතුමා මට නියෝග කළේය. තවද (එහි ලබා දිය යුතු) සත්ව කැපය පිළිබඳ විමසුවෙමි. එවිට එතුමා එහි ඔටුවෙක් හෝ ගවයෙක් හෝ එළුවෙක් හෝ කැපයක් වශයෙන් පිහිටිය යුතුය. නැතහොත් කැපය හවුල්වීමකින් හෝ විය යුතු යැයි පැවසූහ. එය ජනයා පිළිකුල් කළාක් මෙන් විය. පසු ව මම නින්දට ගියෙමි. පිළිගන්නා ලද හජ් වන්දනාවකි පිළිගන්නා ලද තමත්තුඃ ක්රකමයෙකි යැයි මිනිසෙකු අමතන්නාක් මෙන් සිහිනයක් දුටුමි. පසු ව මම ඉබ්නු අබ්බාස් වෙත පැමිණ ඒ ගැන පැවසුවෙමි. එවිට එතුමාණන් අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. අබුල් කාසිම් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පිළිවෙත එය යැයි පැවසූහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅබූ ජම්රා තුමා, ඉබ්නු අබ්බාස් තුමාගෙන් -රළියල්ලහු අන්හුමා- උම්රාව හජ් සමඟ සම්බන්ධකොට ඉටු කරන තමත්තුඃ ක්‍රමය පිළිබඳ විමසා සිටියේය. එවිට ඒ ගැන එතුමාට නියෝග කළහ. පසුව අල්-කුර්ආනයේ “කවරෙකු උම්රාව හජ් සමඟ සම්බන්ධ කොට ඉටු කරන්නේද එවිට සත්ව කැපයෙන් පහසු දෑ (වන්දි වශයෙන්) විය යුතුය“ යන වැකිය හා බැඳුණු සත්ව කැපය පිළිබඳව විමසා සිටියහ. එවිට එතුමා සැබැවින්ම එය ඔටුවෙකු විය යුතුය. එයයි වඩාත් උතුම් වනුයේ, පසුව ගවයෙකු විය යුතුය. පසුව එළුවෙකු විය යුතුය. එසේ නැතිනම් ඔටුවා හෝ ගවයා සඳහා සත් දෙනෙකුගේ සහභාගීත්වයෙන් විය යුතුය. එනම් වන්දි සඳහා හෝ උල්හියා සඳහා වූ සත්ව කැපය හවුලේ පිරිනමන්නට සිතන අය හත් දෙනෙකුගේ සංඛ්‍යාවක් දක්වා හවුල් විය හැකිය යන්නයි. තමත්තුඃ ක්‍රමය සම්බන්ධයෙන් අබූ ජම්රා තුමාට සිතට යම් අසහනයක් වූවා විය හැක. එවිට එතුමා “දැහැමි හජ් වන්දනාවකි. ඔබ කළ තමත්තුඃ ක්‍රමය පිළිගනු ලැබූවකි.“ යැයි පවසන නිවේදකයකු සිහිනෙන් දුටුවේය. පසුව එතුමා මෙම සිහිනය පිළිබඳ ශුභාරංචි දන්වා සිටිනු පිණිස ඉබ්නු අබ්බාස් තුමා වෙත පැමිණියේය. එම දැහැමි සිහිනය නබිත්වයේ කොටස් අතුරින් එක් කොටසක් දුටු කල්හි ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමා ඒ ගැන සතුටු වූහ. නිවැරදි දේට අල්ලාහ්ද එකඟතාව ඵල කර ඇති බව සතුටු වූහ. පසුව එතුමා අල්ලාහු අක්බර් මෙය අබුල් කාසිම් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ පිළිවෙත වේ. යැයි පවසා සිටියහ.
අබූ කතාදා අල් අන්සාරි -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා හජ් වන්දනාව ඉටු කරන්නකු ලෙසින් පිටත්ව ගියහ. එතුමා සමග (සහාබාවරුන් වූ) ඔවුහුද පිටත්ව ගියහ. ඔවුන් අතුරින් පිරිසක් හැරී ආහ. -ඔවුන් අතර අබූ කතාදාද විය- එතුමා : අපි මුණ ගැසෙන තෙක් ඔබලා මුහුදු වෙරළේ රැඳී සිටිනු යැයි පැවසූහ. ඒ අනුව ඔවුහු මුහුදු වෙරළේ රැඳී සිටියහ. ඔවුන් ගිය කල්හි අබූ කතාදා තුමා හැර සෙසු සියලු දෙනා ඉහ්රාම් ඇද ගත්හ. එතුමා ඉහ්රාම් ඇද ගත්තේ නැත.ඔවුන් ගමන් ගනිමින් සිටියදී කැළෑ බූරුවකු දුටුවෝය. එවිට අබූ කතාදා එම බූරාව ඔසවා ගෙනැවිත් කපා හැරියහ. එය බූරු දෙනක් විය. පසුව අපද බැස එහි මස් අනුභව කළෙමු. පසුව අපි ඉහ්රාම් ඇදගත් තත්ත්වයේ සිටයදී දඬයම් මස් අපට අනුභව කළ හැකිදැ?යි විමසා සිටියෙමු. එහි මස්වලින් ඉතිරි කොටස අපි රැගෙන ගොස් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- හමු වී ඒ ගැන එතුමාගෙන් අපි විමසා සිටියෙමු. එවිට එතුමා: “ඔබ අතුරින් කිසිවකු හෝ එය උසුලන මෙන් නියෝග කළෙහිද? එසේ නැතිනම් ඉඟි කළෙහිද?“ යැයි විමසා සිටියහ. ඔවුහු: නැතැයි පිළිතුරු දුන්නෝය. “එසේ නම් එහි මස්වලින් ඉතිරි කොටස නුඹලා අනුභව කරනු“ යැයි පැවසීය. තවත් වාර්තාවක, ඔබ කිසිවකු අතර ඉන් කිසිවක් තිබේදැයි විමසා සිටියහ. එවිට මම එසේ යැයි පිළිතුරු දුන්නෙමි. එවිට මම එතුමාට ගාතක් පිළිගැන්වූයෙමි. එතුමා එයින් අනුභව කළහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා හුදය්බිය්යා ගිවිසුම සිදු වූ වසරේ උම්රා කිරීමේ අපේක්ෂාවෙන් පිටත්ව ගියහ. මදීනාවේ හරම් සීමාව වූ දුල් හුලෙයිෆා නම් ස්ථානයට යන්නට මත්තෙන් එයට කිට්ටුවෙන් සිටියදී තමන් ඉලක්ක කර ගනිමින් මුහුදු වෙරළ ඔස්සේ සතුරු කණ්ඩායමක් පැමිණෙන බවට ආරංචියක් එතුමාට දන්වන ලදී. එවිට එතුමා එයින් වළක්වාලීම සඳහා මුහුදු වෙරළට යන මාර්ගයේ දාතුල් යමීන් නම් ස්ථානයේ රැඳී සිටින මෙන් එතුමාගේ සහගයින් පිරිසකට අණ කළහ. ඔවුන් අතර අබූ කතාදාද විය. එවිට ඔවුහු ඒ දෙසට ගමන් ගත්හ. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා මුණ ගැසීමට නැවත එන අවස්ථාවේ ඔවුන් ඉහ්රාම් ඇදගත්හ. නමුත් අබූ කතාදා තුමා ඉහ්රාම් ඇඳ ගත්තේ නැත. ඔවුන් යන අතරවාරයේ කැළෑ බූරුවකු දකින්නට විය. ඔවුහු දඬයම් කිරීමෙන් වැළකී සිටියහ. අබූ කතාදා එය දුටු විට ඌ ඔසවා ගෙනැවිත් කපා හැරියේය. හේතුව එතුමා ඉහ්රාම් ඇද නොසිටි බැවිනි. පසුව ඔවුහු එහි මස් අනුභව කළෝය. පසුව තමන් ඉහ්රාම් ඇඳගෙන සිටියදී එයින් ඔවුනට අනුභව කිරීමට අවසර ඇත්දැයි යන්න ගැන ඔවුන් අතර සැකයක් මතු විය. පසුව ඔවුන් ඉතිරි මස් ටික ඔසවා ගෙනැවිත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමා හමු වී ඒගැන ඔවුහු එතුමාගෙන් විමසා සිටියෝය. පසුව එතුමා ඔවුන්ගෙන්: ඒ ගැන විස්තර ඇසූහ. ඔවුන් අතුරින් කිසිවකු හෝ ඔහුට අණ කර සිටියේ ද එසේ නැතිනම් යම් කිසි සළකුණක් කරමින් ඒ සඳහා ඔහුට උදව් කර තිබේ දැයි විමසා සිටියහ. ඔවුහු: ඒ කිසිවක් සිදු නොවූ බව පැවසුවෝය. පසුව එය අනුමතය යන්න වටහා ගත් පසු ඔවුන්ගේ සිත් තැන්පත් විය. එතුමා ඉතිරි ටික ඔවුනට අනුභව කරන මෙන් පවසා ඔවුන්ගේ සිත් සෑහීමට පත්වනු පිණිස එතුමාද අනුභව කළහ.
ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. බරීරා හා ඔහුගේ ස්වාමියා අතර වූ සිද්ධියක, නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඇය අමතා ((ඔබ ඔහු වෙත නැවත යන්නේ නම් මැනව)) යැයි පැවසූහ. අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ මට අණ කරන්නෙහිද? යැයි ඇය විමසා සිටියාය. ((මම මැදිහත්ව කතා කරනවා පමණි)) යැයි එතුමාණෝ පැවසූහ. ඔහු සම්බන්ධයෙන් කිසිදු අවශ්‍යතාවක් මට නැතැයි ඇය පවසා සිටියාය.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතබරීරා -රළියල්ලාහු අන්හා- තුමියගේ සැමියා වහලෙකු විය. ඔහු නමින් මුගීස් -රළියල්ලාහු අන්හු- යැයි අමතනු ලැබීය. බරීරා -රළියල්ලාහු අන්හා- තුමියව මිලට ගැනීමට පෙර ඇය ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමියට සේවය කරමින් සිටියාය. ඇයව එතුමිය විසින් නිදහස් කළ කල්හි මුගීස් සමග රැඳී සිටීමට හෝ වෙන්වීමට හෝ නිදහස ඇයට පිරිනමන ලදී. එවිට බරීරා -රළියල්ලාහු අන්හා- තුමිය ඔහුගෙන් වෙන් වූවාය. පවුල් සම්බන්ධතාව බිඳී යාමෙන් පසු මුගීස් මදීනාවෙහි වීදිවලත් මාර්ගවල්වලත් ඇය පසු පසින් කැරකෙමින් අඩමින් සිටියේය. ඔහුගේ කඳුළු යටි රැවුල තුලින් ගලා යන්නට විය. එය බරීරා -රළියල්ලාහු අන්හා- තුමිය සම්බන්ධයෙන් වූ දැඩි ආදරය නිසාවෙනි. ඔවුන් දෙදෙනා නැවත එකතු වීම ගැනත් ඇය ඔහු වෙත නැවත පැමිණීම ගැනත් ඔහු ඇයට පැහැදිළි කළේය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා බරීරා -රළියල්ලාහු අන්හා- දෙස බලා ඔබ ඔහු වෙත නැවත යන්නේ නම් ඔබට කුසල් හිමිවනු ඇතැයි පැවසූහ. එවිට බරීරා -රළියල්ලාහු අන්හා- තුමිය අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු වෙත නැවත යෑම ගැන අනිවාර්යයෙන්ම ඔබ මට අණ කරන්නෙහිදැ?යි විමසා සිටියාය. එවිට -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මම ඔහු වෙනුවෙන් මැදිහත්වී කටයුතු කරනවා පමණි යැයි පැවසූහ. එවිට ඇය: ඔහු වෙත නැවත යාමට කිසිදු හේතුවක් හෝ ආශාවක් හෝ මට නැතැයි පවසා සිටියාය.