Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way






























Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
යමෙකු මස්ජිදය තුළ සිටිය දී අනිවාර් ය සලාතය සඳහා ඉකාමත් පැවසූ පසු සුන්නත් සලාතයක් ආරම්භ කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මින්බර් වේදිකාව මත සිට මෙසේ අවවාද කළහ. "කවරෙකු ජුමුආ සලාතය කිසිදු හේතුවකින් තොරව නොසැලකිලිමත්කමින් හා මැලිකමින් අත් හරින්නේ ද මඟ හරින්නේ ද එවන් අයට එතුමාණෝ අවවාද කළේය. එසේ ඔවුන් සිදු කළේ නම් ඔවුන්ගේ හදවත් මත අල්ලාහ් මුද්‍රා තබයි. ඒවා ආවරණය කරයි. සත්‍යය පිළිපැදීම වළක්වාලමින් ඒ මත තිරයක් ඇති කරයි. පසුව ඔවුන් යහපත් හේතු කාරණා නොසලකා හරින පුද්ගලයින් බවට පත්වන අතරම නැමදුම් කටයුතුවලින් හුදෙකලා වන තත්ත්වයට පත්වනු ඇත.
ජුමුආ සලාතය අත්හරින උදවියට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙහි දී අවවාද කර ඇත්තාහ. සැබැවින්ම කවරෙකු ජුමුආ සලාතය වාර තුනක් කිසිදු හේතුවකින් තොරව නොසැලකිලිමත්කමින් මඟ හැරියේ ද අල්ලාහ් ඔහු වෙත ළඟා වන යහපත වළක්වාලමින් ඔහුගේ හදවත මත මුද්‍රා තබා එය ආවරණය කරනු ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කිසිදු ජන ප්‍රජාවක් සමග පළමුව ඔවුන් ඉස්ලාමය වෙත ආරාධනා කරන තුරු අරගල කිරීම් ආරම්භ කළේ නැති බවත් එහි ඇරයුමට ඔවුන් පිළිතුරු නොදුන්නේ නම් ඔවුන් සමග සටන් කළ බවත් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා දැනුම් දුන්නේය.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මම කණ්ඩායම් තුනකට විරුද්ධව වාද කරමි. ඒ ගැන කවුරු වාද කර සිටිය ද ඔහුට එරෙහිව මම වාද කර ඔහු පරාජය කරමි. පළමුවැන්නා: අල්ලාහ් මත දිවුරා පොරොන්දු දී යම් ගිවිසුමක් ඇති කර ගත් පසු එය කඩ කරන, එය අහෝසි කරන පුද්ගලයා. දෙවැන්නා: නිදහස් පුද්ගලයකු වහලෙකු බව පවසමින් ඔහු විකුණා ඉන් ලැබෙන ලාබය භුක්ති විඳින්නා සහ එහි මිල පරිභෝජනය කරන්නා. තුන්වැන්නා: සේවයක් සඳහා කුලී කරුවකු කුලියට ගෙන ඔහුගේ එම සේවය සම්පූර්ණයෙන් ලබා ඔහුගේ සේවයේ වටිනාකමට සරිලන පරිදි ඔහුට නොගෙවන තැනැත්තා.
දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුයකු නීතිවිරෝධී ලෙස මිනිසෙකු ඝාතනය කරන තෙක් ඔහුගේ දැහැමි ක්‍රියාවන්හි පුළුල් බව, අල්ලාහ්ගේ කරුණාවේ අපේක්ෂාව, අල්ලාහ්ගෙන් වූ සමාව යනාදී විෂය පථයන් තුළ සිටිනු ඇත. එසේ මිනිසෙකු ඝාතනය කළ විට, ඒ හේතුවෙන් ඔහුගේ ක්‍රියාවන් සීමා වේ. මක්නිසාද යත් එය මිනීමැරුම් බර සහ එහි මහා පාපය නිවා නොදමන බැවිනි.
උක්ල් හා උරයිනා ගෝත්‍ර දෙකින් පිරිසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියෝය. ඔවුන්ගේ කුසවල් ඉඳිමෙන්නට ගත් රෝගයක් ඔවුනට වැළඳුණේය. මදීනාවෙහි ආහාර හා කාලගුණය ඔවුනට අනුගත නොවූ බැවින් මදීනාවේ පදිංචි වීමට ඔවුහු පිළිකුල් කළහ. සදකා භාණ්ඩයට අයත් ඔටුවන් වෙත ගොස් උන්ගේ මූත්‍රා හා උන්ගේ කිරි පානය කරන මෙන් ඔවුනට නියෝග කළහ. පසුව ඔවුහු එහි ගොස් නිරෝගීභාවය ලබා පුෂ්ටිමත් වී ඔවුන්ගේ වර්ණය ඔවුනට නැවත ලැබුණු කල්හි ඔවුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ එඬේරාව මරා දමා සියලුම ඔටුවන් දක්කාගෙන ගියහ. දහවල් ආරම්භයේ මෙම පුවත පැමිණි විට, ඔවුන් සොයා පිරිසක් යැවූ අතර ඔවුහු ඔවුන්ව අල්ලා ගත්හ. මධ්‍යහ්න වන කල්හි, ඔවුන්ව සිරකරුවන් ලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත රැගෙන එන ලදී. පසුව ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද කපා හරින මෙන්ද ඔවුන්ගේ ඇස් අන්ධ කරන මෙන් ද නියෝග කළ අතර හිරු අව්වට දමන ලදී. ඔවුන් එඬේරාව මරා දැමුවේ ද ඒ අයුරිනි. ඔවුන් ජලය ඉල්ලා සිටිය ද ඔවුන් මිය යන තෙක්ම ඔවුනට එය සපයනු ලැබුවේ නැත. අබූ කිලාබා තුමා මෙසේ පවසයි. "මොවුන් සොරකම් කර ඇත. ඝාතනය කර ඇත. මොවුන් දේවත්වය විශ්වාස කළ පසු එය ප්‍රතික්ෂේප කර ඇත. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමග සටන් කර ඇත."
කාම අපචාරයේ යෙදීම, සොරකම වැනි නිත්‍යානුකූල දඬුවමක් ලැබිය යුතු වරදක් කිසියම් හෝ කෙනෙකු සිදු කර, පසුව ඔහුගේ දඬුවම පිළිගෙන මෙලොවෙහි ඔහු කෙරෙහි ඒ සඳහා වන දණ්ඩ නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවේ නම්, ඔහුගෙන් එම පාපය එම දඬුවම තුළින් පහ කරනු ඇත. මතුලොවෙහි ඒ සඳහා වන දඬුවම ඔහුගෙන් ඉවත් ව යනු ඇත. මක්නිසාදයත් අල්ලාහ් තම ගැත්තාට දෙවතාවක් දඬුවම් දීමට වඩා මහා කාරුණකිය ත්යාගශීලීය. අල්ලාහ් එය සඟවා එම පාපයට දඬුවම් දෙනු නොලැබුවේ නම්, ඔහුගෙන් අල්ලාහ් ඉවත් කර ඔහුට සමාව දෙනු ඇත. එසේ අල්ලාහ් නොසලකා හැර, සමාව දුන් පාපයකට නැවතත් දඬුවමක් දීමට වඩා ඔහු ශ්‍රෙෂ්ඨ ය, ත්‍යාගශීලී ය."
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ හිමාර් යනුවෙන් නම් තබන ලද අබ්දුල්ලාහ් යන නමින් මිනිසකු විය. ඔහුගේ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවා සිනහසෙන්නට වූහ. මත් පැන් පානය කිරීම හේතුවෙන් එතුමාණෝ ඔහුට කස පහර දීම නියම කර තිබුණි. දිනක් මත්පැන් පානය කළ ඔහුව ගෙන්වා ඔහුට කසපහර දෙන මෙන් නියෝග කළහ. පසුව එය ක්‍රියාත්මක කරන ලදී. එහි සහභාගී වී සිටි අයකු ඔහුට දොස් නගමින් "මත්පැන් පානය කර කොපමණ වාරයක් මෙහි පැමිණ තිබේ ද? ඔහුට අල්ලාහ්ගේ ශාපය අත්වේවා" යැයි පවසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් "ඔහුට එරෙහිව අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපාලීමට ප්‍රාර් ථනා නොකරන්න. සැබැවින්ම ඔහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට ආදරය කරන වග මිස වෙනත් දෙයක් මා හඳුනන්නේ නැත." යැයි පවසා සිටියහ.