





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: ඔබ අතරින් කිසිවකු හෝ තම සහෝදරයාට විරුද්ධව ආයුධය නොපෙන්විය යුතුය. හේතුව, සැබැවින්ම (කුමක් සිදුවේදැයි) ඔහු නොදන්නා බැවිනි. ඇතැම් විට ෂෙයිතාන් ඔහුගේ අතින් එය ලිස්සන්නට සළස්වයි. එවිට ඔහු අපා ගින්නේ ආගාදය තුළට ඇද වැටෙනු ඇත.
متفق عليهමුස්ලිම්වරයකු තම සහෝදරයාට කවර වර්ගයේ ආයුධයක් වුව ද නො පෙන්විය යුතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. හේතුව සැබැවින්ම තම අතෙහි ඇති ආයුධය ෂෙයිතාන් විසින් ක්‍රියාත්මක වන්නට සලස්වනු ඇතැයි ඔහු නොදන්නා බැවිනි. පසුව ඔහු ඔහුගේ සහෝදරයා මරා දමනු ඇත. එසේ නැතහොත් හානි කරනු ඇත. එවිට ඔහු අපා ගින්නේ ආගාදය තුළට සේන්දු කරවන පාපය තුළට ඔහු ඇද වැටෙනු ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ ෂුරෙයිහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය." එසේ එතුමාණෝ පැවසූ විට "අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු කවරෙක් ද? යැයි විමසන ලදී. එතුමාණෝ: "තම අසල් වැසියා තම හිංසනයෙන් ආරක්ෂාව නොලබන තැනැත්තාය." යැයි පැවසූහ.
رواه البخاريනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිවුරා සිටියහ. "අල්ලාහ් මත දිවුරා කියමි, ඔහු විශ්වාස නොකරන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි, ඔහු විශ්වාස නොකරන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි, ඔහු විශ්වාස නොකරන්නේය." යැයි එතුමාණන්ගේ එම දිවුරුම තුන්වරක් පවසා සහතික කළහ. එවිට සහබාවරුන් විසින් "අල්ලාහ්ගේ දූතයාණනි, විශ්වාස නො කරන්නා කවරෙක් ද? යැයි එතුමාණන්ගෙන් විමසන ලදී. එතුමාණෝ: "තම අසල් වැසියා තම වංචාවෙන්, අපරාධයෙන් හා හිංසනයෙන් ආරක්ෂාව නොලබන්නට කටයුතු කරන තැනැත්තාය." යැයි පැවසූහ.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත මරණය ළඟා වූ අවස්ථාවේ එතුමාණන් පවසා සිටි අන්තිම කැමැත්තෙහි පොදුවේ දක්නට ලැබූ ප්‍රකාශය වූයේ "සලාතය, ඔබේ දකුණත හිමිකර ගත් උදවිය!, සලාතය, ඔබේ දකුණත හිමිකර ගත් උදවිය!" යන්නය. එලෙස එතුමාණන්ගේ පපුවේ ගැස්ම උගුරට එන තෙක්ම එසේ සිදු කළහ. එතුමාණන්ගේ දිව ඒ බව උච්චාරණය කිරීමට නොහැකි තරම් විය.
رواه النسائي في السنن الكبرى وابن ماجهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණ මංචකයේ සිටිය දී එතුමාණන් වැඩි වශයෙන් පවසා සිටි අන්තිම කැමැත්ත වූයේ ඔබ සලාතය පිළිපදින්න. එය සුරක්ෂිතව ඉටු කරන්න. ඒ ගැන නොසැලකිලිමත් නොවන්න. එමෙන්ම ඔබේ දකුණත හිමිකර ගත් වහලුන් හා කාන්තා වහලුන්ගේ අයිතිවාසිකම් ඉටු කරන්න. ඔවුන්ගේ හිමිකාරත්වය යහපත් ලෙස මෙහෙයවන්න. එතුමාණන්ගේ හුස්ම උඟුරට පැමිණෙන තෙක් මෙලෙස පවසමින් සිටියහ. එමෙන්ම තුමාණන්ගේ දිව ඒ ගැන පවසමින්ම තිබිණ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උබාදා ඉබ්නු අස්-සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "රන් සඳහා රන්, රිදී සඳහා රිදී, තිරිඟු සඳහා තිරිඟු, බාර්ලි සඳහා බාර්ලි, රටඉඳි සඳහා රටඉඳි, ලුණු සඳහා ලුණු වැනි එකට එක සමානව, අතට අත (අත්පිට මුදලට ගනුදෙනු) සිදු විය යුතුයි. මෙම වර්ග වෙනස් වී නම්, එය අතට අත අත්පිට මුදලට නම්, ඔබ කැමති පරිදි විකුණා ගන්න."
رواه مسلمපොළිය ඇතිවිය හැකි වර්ග හයක් සම්බන්ධයෙන් ඒවා ව්‍යාපාර කළ හැකි වලංගු ක්‍රමය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කළහ. ඒවානම්: රන්, රිදී, තිරිඟු, බාර්ලි, රටඉඳි සහ ලුණු. එය රන් සඳහා රන්, රිදී සඳහා රිදී යනාදී ලෙසින් අදාළ වර්ගයෙන්ම ගනු දෙනුවක් සිදු වන්නේ නම් කොන්දේසි දෙකක් පිළිපැදිය යුතු වේ. පළමුවැන්න: රන් හා රිදී වැනි කිරිය හැකි දෙයක් වී නම් එම කිරුම එක සමාන විය යුතුය. එසේ නැතහොත් තිරිඟු බාර්ලි රට ඉඳි හා ලුණු වැනි මැනිය හැකි දෙයක් නම් එම මිණුම එක සමාන විය යුතුය. දෙවැන්න: විකුණුම්කරු වටිනාකම අතට ගත යුතු අතර ගැනුම්කරු භාණ්ඩය අතට ගත යුතුය. එය විය යුත්තේ ව්‍යාපාර ගිවිසුම සිදුවන එම ස්ථානයේමය. නමුත් රන් සඳහා රිඳී, රට ඉඳි සඳහා තිරිඟු යනාදී ලෙස අදාළ භාණ්ඩ වෙනස් වූ විටෙක එක් කොන්දේසියක් මත පමණක් පදනම්ව වලංගු වනු ඇත. එනම් එය ව්‍යාපාර ගිවිසුම සිදු වූ ස්ථානයේම විකුණුම්කරු එහි වටිනාකම ද ගැනුම් කරු එම භාණ්ඩය ද අතට අත හුවමාරු කර ගැනීමය. එසේ නොවූ විටෙක එම ගනුදෙනුව අවංලගු වේ. තහනම් කරන ලද පොළිය තුළ විකුණුම්කරු හා ගැනුම්කරු ඇද වැටීම එහි දී එක සමානය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "වළලු කරට පහළින් ඇති පහළ ඇඳුම අපා ගින්න තුළය."
رواه البخاريතම ශරීරයට පහළින් ආවරණය කර ඇති ඇඳුම හෝ සරම හෝ වෙනත් වස්ත්‍රයක් හෝ වේවා එය පාදයේ වළලු කරට පහළින් සකසා ගැනීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. එසේ පහළට එල්ලෙන්නට අඳින තැනැත්තාගේ පාදයට පහළින් එය වී නම් එම ක්‍රියාව සඳහා ඔහුට දඬුවමක් ලෙස ඔහු අපා ගින්නේ සිටිනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් මූමින්වරුන්ගේ නායක අබූ හෆ්ස් උමර් ඉබ්න් අල් හඃත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි. “ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුව ය. සෑම පුද්ගලයකුටම ඔහුගේ චේතනාව මත ප්‍රතිඵලය පිහිටනු ඇත. එබැවින් කවරෙකුගේ හිජ්රත් හෙවත් දේශාන්තරය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙනුවෙන් කරන්නේද, ඔහුගේ හිජ්රතය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙතම පිහිටනු ඇත. කවරෙකුගේ හිජ්රතය ලෞකික ප්රතිලාභ සඳහා හෝ කාන්තාවක් විවාහ කර ගැනීම සඳහා සිදු කරන්නේ ද ඔහුගේ හිජ්රතය ඔහු කවර දෙයක් වෙත හිජ්රත් කරන්නේ ද ඒ සඳහා පිහිටනු ඇත."
رواه إماما المحدثين أبو عبد الله محمد بن إسماعيل بن إبراهيم بن المغيرة بن بردزبه البخاري وأبو الحسين مسلم بن الحجاج بن مسلم القشيري النيسابوري في صحيحيهما اللذين هما أصح الكتب المصنفةසෑම ක්‍රියාවක්ම ගණන් ගනු ලබනුයේ චේතනාව අනුව බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කර සිටියි. නැමදුම් මෙන්ම ගනුදෙනු යන සියලු ක්‍රියාවන්හි මෙම නීතිය පොදුවේ පිළිපදිනු ලැබේ. එබැවින් පුද්ගලයකු ඔහුගේ කටයුතු තුළින් යම් ලාභයක් අපේක්ෂා කරන්නේ නම් එම ලාභය ඔහු ලබන අතර ඔහුට කුසල් හිමි වන්නේ නැත. ඔහුගේ ක්‍රියාව තුළින් ඔහු උත්තරීතර අල්ලාහ්ට සමීප වීම අපේක්ෂා කළේ නම්, ඔහුගේ ක්‍රියාව තුළින් ඔහු කුසල් හා ප්‍රතිඵල ලබනු ඇත. ආහාර හා පාන ගැනීම මෙන් එදිනෙදා කරන ක්‍රියාවක් වුව ද එලෙසමය. ඉන්පසුව මතුපිට ස්වරූපයෙන් චේතනාව හා ක්‍රියාව එකිනෙකට සමානව තිබිය දී, ක්‍රියාව තුළ චේතනාවට ඇති බලපෑම කෙසේ දැයි පැහැදිලි කිරීමට උපමාවක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඉදිරිපත් කළහ. ඒ අනුව, කවරෙකු තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් තම දේශය අත්හැර ඉන් නික්ම යාමට අපේක්ෂා කළේ ද ඔහුගේ නික්ම යෑම පිළිගනු ලබන ආගමික පිළිවෙතක් වේ. ඔහුගේ චේතනාවේ අවංකභාවය නිසාවෙන් ඒ සඳහා කුසල් ලැබෙනු ඇත. නමුත් ඔහුගේ නික්ම යෑම තුළින් ධනය, කීර්තිය ව්‍යාපාරය හා විවාහය වැනි ලෞකික ලාබයක් අපේක්ෂා කළේ ද ඔහු චේතනා කළ ලාභය මිස නික්ම යෑමේ කුසල් හෝ ප්‍රතිඵල ඔහුට ලබන්නේ නැත.
අල්ලාහ්ගේ දූතයාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ අබ්දිල්ලාහ් අන්-නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි. “සැබැවින්ම (හලාල් හෙවත්) අනුමත කරුණු පැහැදිලිය. එමෙන්ම (හරාම් හෙවත්) තහනම් කරුණු ද පැහැදිලිය. මේ දෙක අතර සැක උපදවන කරුණු ද ඇත. ජනයා අතරින් බහුතරයක් දෙනා ඒවා නොදනිති. එහෙයින් කවරෙකු සැක උපදවන දැයින් වැළකී සිටියේ ද සැබැවින්ම ඔහු ඔහුගේ දහමට හා ඔහුගේ මාන්‍යයට ආරක්ෂාව සළසා ගත්තේය. කවරෙකු සැක උපදවන දෑහි වැටුනේ ද ඔහු තහනම් කරුණු අතරට වැටුණි. එය, වැට අවට එහි ඇතුළු වීමට බලන සතුන් පාලනය කරන එඩේරකු මෙනි. දැනගන්න! සෑම රජකුටම වැටක් ඇත. දැනගන්න! සැබැවින් අල්ලාහ්ගේ වැට වනුයේ ඔහු තහනම් කළ දෑය. දැන ගන්න! ශරීරයේ මස් කැබැල්ලක් ඇත. එය විධිමත් වූ විටෙක මුළු ශරීරයම විධිමත් වෙයි. එමෙන්ම එය නරක් වූ විටෙක මුළු ශරීරයම නරක් වෙයි. දැන ගන්න! එයයි හදවත.”
رواه البخاري ومسلمනබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ කරුණු සම්බන්ධයෙන් පොදු රීතියක් පැහැදිලි කළහ. සැබැවින්ම ඒවා ෂරීආ පිළිවෙත තුළ කොටස් තුනකට බෙදෙයි: (හලාල් හෙවත්) පැහැදිලි අනුමත කරුණු. (හරාම් හෙවත්) පැහැදිලි තහනම් කරුණු. ජනයා අතරින් බහුතරයක් අනුමත ද නැද්ද යන්න ගැන එහි නීතිය නො දන්නා අපැහැදිලි හා සැක උපදවන කරුණු. කවරෙකු සැක උපදවන මෙම කරුණු අත් හරින්නේ ද, තහනම් දෑහි වැටීමෙන් ඔහු දුරස් වී ඔහුගේ දහම ආරක්ෂා වනු ඇත. එමෙන්ම එම සැක සහිත දෑ සිදු කිරීම හේතුවෙන් මිනිසුන් ඔහුට කරන චෝදනාවෙන් ඔහුගේ මාන්‍යය ඔහුට ආරක්ෂා වනු ඇත. කවරෙකු එම සැක සහිත දැයින් වැළකී නොසිටියේ ද හරාම් දෑහි වැටීමෙන් හෝ මිනිසුන් විසින් නගන චෝදාවන්ට ලක්ව ඔහුගේ මාන්‍යය කෙළසී යාමෙන් ඔහුගේ ආත්මයට බලපානු ඇත. කවරෙකු සැක සහිත කරුණු සිදු කරන්නේ ද ඔහුගේ තත්ත්වය පැහැදිලි කරනු පිණිස අල්ලාහ්ගේ දූතයාණෝ උදාහරණයක් ඉදිරිපත් කළහ. එය පටු භූමියක තම ගොවිපල සතුන් ආරක්ෂා කරන එඬේරකු මෙනි. එම එඬේරාගේ සතුන් මෙම භූමියට ආසන්නව සිටින නිසා එහි තෘණ කෑමට සැරසේ. සැක සහිත දෑ කිසිවක් කිසිවකු විසින් සිදු කළේ ද ඔහු ද එලෙසම හරාම් දෙයට සමීප වී එහි වැටෙනු ඇත. ඉන් පසු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විස්තර කර සිටියේ: ශරීරයේ මස් කැබැල්ලක් (හදවත) ඇති බවත් එය විධිමත් වීමෙන් මුළු ශරීරයම විධිමත් වන බවත් එය දූෂිත වීමෙන් ශරීරය ද දූෂිත වන බවත්ය.
අල්ලාහ්ගේ දූතයාණන්ගේ සේවකයකු වූ අබූ හම්සා අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ: "ඔබ අතරින් කෙනෙක්, තමාට ප්‍රිය කරන යමක් වී නම්, එය තම සහෝදරයා වෙනුවෙන් ද ප්‍රිය කරන තෙක් දේවත්වය විශ්වාස කරන්නෙකු නොවනු ඇත."
متفق عليهකෙනෙක් තමන් වෙනුවෙන් ප්‍රිය කරන අවනතභාවය, මෙලොව හා මතුලොව පවතින යහපත තම සහෝදරයා වෙනුවෙන් ද ප්‍රිය කරන තෙක්, එමෙන්ම තමන් වෙනුවෙන් පිළිකුල් කරන යමක් ඔහු වෙනුවෙන් ද පිළිකුල් කරන තෙක් කිසිදු මුස්ලිම්වරයකුගේ විශ්වාසය සම්පූර්ණ වීම සහතික නොවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එහෙයින් මුස්ලිම් සහෝදරයකු තුළ ඔහුගේ ආගමික කටයුතුවල යම් අඩුපාඩුවක් දුටු විට එය නිවැරදි කිරීමට උත්සාහ කළ යුතුය. එහි යහපතක් දුටු විට එය ඔහුට සපුරා දී උදව් කළ යුතුය. ඔහුගේ ආගමික හා ලෞකික කටයුතුවල දී ඔහුට උපදෙස් දිය යුතුය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ මස්ඌද් උක්බා ඉබ්නු අම්ර් අල්-අන්සාරී අල්-බද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “මුල් කාලීන නබිවරුන්ගේ ප්‍රකාශ අතරින් මිනිසා ලබා ගත් කරුණක් වනුයේ 'ඔබට ලැජ්ජ නොමැති නම්, ඔබ කැමති දෑ කරනු යන්නය."
رواه البخاريපෙර සිටි නබිවරුන්ගේ උපදෙස් අතරින් වූ මිනිසුන් අතර පැතිරී යන ඔවුන්ගෙන් පරම්පරාවෙන් පරම්පරාවට උරුමකම් පාන මෙම ප්‍රජාවේ ආරම්භ කාලය දක්වාම දිගුවක් ලෙස පැවත එන කරුණක් නම්, ඔබ සිදු කරන්නට කැමති දෑ ගැන අවධානයට ගන්න. ඒ අතරින් ලැජ්ජාවට පත් නොවන දෑ වී නම් ඔබ එය සිදු කරන්න. ලැජ්ජාවට පත්වන දෙයක් වී නම් එය අත්හැර දමනන්න. අශීලාචාර ක්‍රියාවන්ගෙන් වළක්වාලනුයේ ලැජ්ජාවය. කවරෙකුට ලැජ්ජාවක් නොමැත්තේ ද අශීලාචාර පිළිකුල් සහගත සෑම ක්‍රියාවකම ඔහු නිරත වෙත්වා!