





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අල්ලාහ්ගේ මාර්ගයේ ඔබ වැය කළ දීනාරයක්, වහලුන් කෙරෙහි ඔබ වැය කළ දීනාරයක්, දුගියන් වෙනුවෙන් ඔබ දානය කළ දීනාරයක්, ඔබේ පවුල වෙනුවෙන් වැය කළ දීනාරයක්. ඒවා අතරින් අතිමහත්ති ප්‍රතිඵල ගෙන දෙනුයේ ඔබ ඔබේ පවුල වෙනුවෙන් වැය කළ දීනාරයයි."
رواه مسلمවියහියදම් වර්ග කිහිපයක් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙනෙහි කරමින් මෙසේ පැවසූහ: "අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම සඳහා ඔබ වැය කළ දීනාරයක්, වහලුන් කෙරෙහි ඔවුන් වහල්භාවයෙන් නිදහස් කිරීම සඳහා ඔබ වැය කළ දීනාරයක්, දුගියන් වෙනුවෙන් ඔවුන්ගේ අවශ්‍යතාව සඳහා ඔබ දානය කළ දීනාරයක්, ඔබේ පවුල වෙනුවෙන් වැය කළ දීනාරය්. ඒවා අතරින් අල්ලාහ් අභියස අතිමහත් ප්‍රතිඵල ගෙන දෙනුයේ ඔබ ඔබේ පවුල වෙනුවෙන් හා ඔබෙන් යැපෙන්නන් වෙනුවෙන් වැය කළ දීනාරයයි."
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම ඔබ කාලය පුරාවටම උපවාසයෙහි නිරත වන්නෙහි ද. රාත්‍රිය පුරාවටම සලාතයෙහි නිරත වන්නෙහි ද?" යැයි විමසන ලදී. එවිට මම, "එසේය" යැයි පැවසුවෙමි. සැබැවින්ම ඔබ එසේ කළ විටෙක ඔබට ඇස්පෙනුම දුර්වල වී යනු ඇත. ඔබේ ආත්මය වෙහෙසට පත්වනු ඇත. කාලය මුළුල්ලේම උපවාසය රකින්නා හට උපවාසය නැත. දින තුනක් උපවාසයේ නිරත වීම කාලය මුළුල්ලේම උපවාසය රකින අයකු මෙන් වේ. මම, "ඊට වඩා යමක් කිරීමට මට හැකියාව ඇතැ"යි පවසා සිටියෙමි. එතුමාණෝ, "එසේ නම් ඔබ දාවුද් (අලයිහිස් සලාම්) තුමාගේ උපවාසයට අනුව උපවාසයේ නිරත වන්න. එතුමා දිනක් උපවාසයේ නිරත වූ අතර දිනක් උපවාසයෙන් මිදී සිටියේය. එතුමා (සතුරන්) මුණ ගැසුණු විටෙක පළා ගියේ නැත." යැයි කීහ.
متفق عليهසැබැවින්ම අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා වසර පුරාවටම උපවාසය අත් නොහැර අඛණ්ඩව උපවාසයේ නිරත වන බවත් නිදන්නේ නැතිව රාත්‍රිය මුළුමණින්ම සලාත් ඉටු කරන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට දැනගන්නට ලැබුණි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය වළක්වා ඔහුට මෙසේ පවසා සිටියහ: "ඔබ උපවාසයේ නිරත වන්න. ඉන් මිදෙන්න. රාත්‍රියේ සලාතය ඉටු කරන්න. නිදා ගන්න." උපවාසය අඛණ්ඩව ඉටු කිරීම හා රාත්‍රිය පුරාවම නැමදුම් කිරීම සම්බන්ධයෙන් එතුමාණෝ ඔහුව වළක්වා ඔහුට මෙසේ පැවසීය: ඔබ එය සිදු කළේ නම් ඔබේ ඇස් දුර්වල වී හීන වනු ඇත. ඇතුළට නෙරා යනු ඇත. ඔබේ ආත්මය තෙහෙට්ටු වී විඩාවට පත් ව වෙහෙසෙනු ඇත. දුෂ්කර වනු ඇත. එහෙයින් සුන්නා උපවාසය රකින්නාට උපවාසයක් නැති වේ. එසේ වනුයේ තහනමට විරුද්ධ වූ නිසාවෙන් උපවාසයේ ප්‍රතිඵල අහිමි කර ගනිමින් ඔහු උපවාසය රකින නිසාවෙන් උපවාසයෙන් නො මිදීමෙනි. පසුව සෑම මසකම දින තුනක් උපවාසයේ නිරත වීමට එතුමාණෝ මඟ පෙන්වූහ. එය සුන්නා උපවාසය වේ. සැබැවින්ම සෑම දිනක්ම දින දහයක් ලෙස සැළකේ. කුසල් සඳහා ගුණ කෙරෙන අවම ප්‍රමාණය එයයි. අබ්දුල්ලා තුමා මෙසේ පැවසීය: සැබැවින්ම මම ඊට වඩා යමක් කිරීමට හැකියාව දරමි. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: එසේනම්, දාවූද් (අලයිහිස් සලාම්) තුමාගේ උපවාසය මෙන් උපවාසය රකින්න. උතුම්ම උපවාසය එයයි. එතුමා දිනක් උපවාසයේ නිරත වූ අතර දිනක් උපවාසයෙන් මිදී සිටියහ. එතුමා සතුරන් මුණ ගැසුණු විට පළා ගියේ නැත. ඊට හේතුව එතුමා උපවාසයේ නිරත වූ ක්‍රමය එතුමාගේ ශරීරය දුර්වල නොකළ බැවිනි.
නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම එතුමාගේ මව බින්තු රවාහා, එතුමාගේ පියාගෙන් ඔහුගේ ධනයෙන් ඇගේ දරුවා වෙනුවෙන් පරිත්‍යාග කරන ලද දෑ සම්බන්ධයෙන් විමසා සිටියාය. ඇය සමග එලෙස වසරක් ගත කළේය. පසුව ඔහුට (එය නැවත) මතු විය. එවිට ඇය: "මාගේ දරුවාට ඔබ පරිත්‍යාග කළ දෑ ගැන අල්ලාහ්ගේ දූතයාණන්ව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔබ සාක්ෂිකරුවකු බවට පත් කරන තෙක් මම සෑහීමට පත් නොවෙමි" යැයි පැවසුවාය. එදින මා කොළු වියේ පසුවූයෙමි. මාගේ පියා මගේ අතින් අල්ලා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ; "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මොහුගේ මව වන බින්තු රවාහා ඇගේ දරුවාට මා පිරිනැමූ දෑ සම්බන්ධයෙන් ඔබව සාක්ෂිකරුවකු බවට පත් කිරීමට ඇය ප්‍රිය කරන්නීය" යැයි පැවසුවේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "අහෝ බෂීර්! මේ දරුවා හැර තවත් දරුවකු ඔබට සිටියි ද? යැයි විමසූහ. ඔහු: "එසේය" යැයි පැවසීය. එවිට එතුමාණෝ: "ඒ සෑම කෙනෙකුටම මොහුට පිරිනැමූ දෑ හා සමානව පිරිනමා ඇත් ද?" යැයි විමසූහ. ඔහු "නැතැ"යි පිළිතුරු දුන්නේය. එතුමාණෝ "එසේ නම් කිසිවිටෙක් ඔබ මා සාක්ෂිකරුවකු බවට පත් කර නොගන්න. සැබැවින්ම මා අසාධාරණයක් වෙනුවෙන් සාක්ෂි නොදරමි" යැයි පැවසූහ. මුස්ලිම්හි සඳහන් වාර්තාවක: "එසේනම්, මේ වෙනුවෙන් වෙනත් කෙනෙකු සාක්ෂි බවට පත් කර ගන්න." යැයි සඳහන්ව ඇත.
متفق عليه، وله ألفاظ عديدةනුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම ඔහුගේ මව වන උම්රා බින්ත් රවාහා (රළියල්ලාහු අන්හා) තුමිය එතුමාගේ පියාගෙන් ඔහුගේ ධනයෙන් ඇගේ දරුවා වෙනුවෙන් පරිත්‍යාග කරන ලද දෑ සම්බන්ධයෙන් විමසා සිටියාය. එය ඔහුට දුෂ්කර කාර්යයක් විය. වසරක් පමණ කාලයක් ගත විය. පසුව ඇගේ ඉල්ලීමට ඇයට පිළිතුරු දීම සඳහා ඔහු පෙළඹුණහ. පසුව ඔහුගේ දරුවා වන නුඃමාන්ට පරිත්‍යාග කළේය. එවිට ඇය මෙසේ පවසා සිටියාය: "මාගේ දරුවාට ඔබ පරිත්‍යාග කළ දෑ ගැන අල්ලාහ්ගේ දූතයාණන්ව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔබ සාක්ෂිකරුවකු බවට පත් කරන තෙක් මම සෑහීමට පත් නොවෙමි." එදින මා කුඩා කොළු වියේ පසුවූයෙමි. මාගේ පියා මගේ අතින් අල්ලා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියේය. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මොහුගේ මව වන බින්තු රවාහා ඇගේ දරුවාට මා පිරිනැමූ දෑ සම්බන්ධයෙන් ඔබව සාක්ෂිකරුවකු බවට පත් කිරීමට ඇය ප්‍රිය කරන්නීය" යැයි පැවසුවේය. එවිට එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): "අහෝ බෂීර්, මේ දරුවා හැර තවත් දරුවකු ඔබට සිටියි ද? යැයි විමසූහ. ඔහු: "එසේය" යැයි පැවසීය. එවිට එතුමාණෝ: "ඒ සෑම කෙනෙකුටම මොහුට පිරිනැමූ දෑ හා සමානව පිරිනමා ඇත් ද?" යැයි විමසූහ. ඔහු "නැතැ"යි පිළිතුරු දුන්නේය. එතුමාණෝ "එසේ නම් කිසිවිටෙක ඔබ මා සාක්ෂිකරුවකු බවට පත් කර නොගන්න. සැබැවින්ම මා අපරාධයක් හා අසාධාරණයක් වෙනුවෙන් සාක්ෂි නොදරමි" යැයි පැවසූහ. මුස්ලිම්හි සඳහන් වාර්තාවක, එතුමාණෝ ඔහුට පිළිකුල් සහගත ලෙස මෙසේ පවසා සිටියහ: "එසේනම්, මේ වෙනුවෙන් ඔබ වෙනත් කෙනෙකු සාක්ෂිකරුවකු බවට පත් කර ගන්න." යැයි සඳහන්ව ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "තම අවසන් කාලය නොපැමිණි රෝගියකුගේ සුවදුක් විමසා ඔහු අබියස හත් වරක් أسأل الله العظيم، ربَّ العرشِ العظيم، أن يَشفيك අස්අලුල්ලාහල් අළීම් රබ්බල් අර්ෂිල් අළීම් අය් යෂ්ෆීක (ඔබට සුවය ලබා දෙන මෙන් අතිමහත් සර්ව රාජ්‍යයේ හිමිපාණන් වූ සර්වබලධාරී අල්ලාහ්ගෙන් පතමි) යැයි කවරෙකු පවසන්නේ ද අල්ලාහ් ඔහුට එම රෝගය සුව කරනු ඇත."
رواه أبو داود والترمذي وأحمدමරණය ළඟා නොවූ රෝගී භාවයෙන් පෙළෙන මුස්ලිම්වරයකුගේ සුවදුක් විමසීමට කවර හෝ මුස්ලිම්වරයෙක් පිටත්ව ගොස් පසුව ඔහු රෝගියා වෙනුවෙන් "අස්අලුල්ලාහල් අළීම්" තම පැවැත්ම, තම ගුණාංග හා තම ක්‍රියාවන්හි (සර්වබලධාරී වූ අල්ලාහ්ගෙන් පතමි) "රබ්බල් අර්ෂිල් අළීම් අය් යෂ්ෆීක" (ඔබට සුවය ලබා දෙන මෙන් අතිමහත් සර්ව රාජ්‍යයේ හිමිපාණන්ගෙන් පතමි) යැයි කවරෙකු හත් වරක් පවසා සිටින්නේ ද අල්ලාහ් ඔහුට එම රෝගය සුව කරනු ඇත.)
නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ බිරියක වූ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මෑණියක වූ උම්මු සලමා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ ප්‍රකාශ කළ බව වාර්තා කරන ලදී. “කවරෙකුට (හජ් සමයේ) කපන්නට කැප කළ සත්වයකු සිටීද, ඔහු දුල් හජ් මාසයේ නව සඳ උදා වූ විට තම රෝම හෝ තම නියපොතු කිසිවක් උල්හිය්යා දෙන තෙක් ඉවත් නොකළ යුතුය.“
رواه مسلمකවරෙකු උල්හිය්යා වෙනුවෙන් කැප කළ සත්වයකු කපා හරින්නට තීරණය කළේද ඔහු දුල් හජ් මාසයේ නව සඳ උදා වූ විට, ඔහුගේ හිසකෙස් හෝ ඔහුගේ කිහිලි රෝම හෝ උඩු රැවුල හෝ ඒ හැර වෙනත් රෝම මෙන්ම අතේ හෝ පාදයේ ඇති නියපොතු යනාදී කිසිවක් (උල්හිය්යා දෙන තෙක්) ඉවත් නොකළ යුතුය.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "රමළාන් (මාසය) පැමිණි විට ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලැබේ. අපා ගින්නේ දොරටු වසා දමනු ලැබේ. ෂෙයිතානුන්ට විලංගු දමනු ලැබේ."
متفق عليهරමළාන් මාසය පැමිණි විට කරුණු තුනක් සිදුවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. පළමුවැන්න: ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලැබේ. එවිට ඉන් කිසිදු දොරටුවක් වසා දමනු ලබන්නේ නැත. දෙවැන්න: අපා ගින්නේ දොරටු වසා දමනු ලැබේ. එවිට ඉන් කිසිදු දොරටුවක් විවෘත කරනු නොලැබේ. තුන්වැන්න: ෂෙයිතානුන් සහ දුෂ්ට ජින්නුන් දම්වැල් දමා බැඳ දමනු ලැබේ. රමළාන් නොවන මාසවලදී ඔවුන් මුදා හරිනු ලබන තෙක් එහි දී ඔවුන් මුදා හරිනු නොලැබේ. මේ සියල්ල මෙම මාසය ගරු කරනු පිණිසත් ලෝවැසියන් සලාතය, සකාත්, දෙවියන් සිහි කිරීම, කුර්ආනය කියවීම වැනි නැමදුම් බොහෝමයක ඔවුන් නිරත වනු පිණිසත් කැමැත්ත ඇති කිරීමටය. එමෙන්ම පාපකම් හා පිටුපෑම්වලින් දුරස් වීමටය.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "(සලාතය සඳහා වන) ඇරයුමෙහි හා පළමු පේළියේ පවතින දෑ (මහිමය) මිනිසුන් දැනගෙන සිටියා නම්, පසුව ඒ වෙත කුසපත් ඇදීමෙන් මිස එය ඔවුනට ලබා ගත නොහැකි වී නම්, ඔවුන් (ඒ සඳහා) කුසපත් අදිනු ඇත. වේලාසනින් සලාතයට යෑමේ පවතින දෑ ඔවුන් දැනගෙන සිටියා නම්, (ඒ සඳහා) තරඟ වදිනු ඇත. රාත්‍රී (ඉෂා) සලාතයේ හා උදෑසන (සුබ්හු) සලාතයේ ඇති දෑ ඔවුන් දැනගෙන සිටියා නම්, ඒ දෙක සඳහා බඩගාමින් හෝ පැමිණෙනු ඇත."
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කර සිටියහ: (සලාතය සඳහා වන) ඇරයුමෙහි හා පළමු පේළියේ පවතින දෑ මහිමය, ශ්‍රේෂ්ඨත්වය හා සමෘද්ධිය මිනිසුන් දැනගෙන සිටියා නම්, පසුව ඒ සඳහා ප්‍රමුඛත්වය ගැනීමට හා පෙරට වීමට සුදුසුකම් ඇති උදවිය තෝරා ගැනීමේ දී කුසපත් ඇදීම මිස වෙනත් ක්‍රමයක් නොවී නම්, ඒ සඳහා ඔවුන් කුසපත් අදිනු ඇත. සලාතය සඳහා එය ආරම්භ වේලාවේ වේලාසනින් යෑමේ පවතින මහිමය ඔවුන් දැනගෙන සිටියා නම්, ඒ සඳහා ඔවුන් තරඟ වදිනු ඇත. රාත්‍රී ඉෂා සලාතයට හා උදෑසන සුබ්හු සලාතයට පැමිණීමෙහි ඇති කුසල්හි ප්‍රමාණය ඔවුන් දැනගෙන සිටියා නම්, ඒ දෙක වෙත ළදරුවකු දණ ගසා පැමිණෙන්නාක් මෙන් බඩගාමින් හෝ ඔවුන් පැමිණෙනු ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "කවරෙකු කන්දෙන් පැන සිය දිවි හානි කර ගත්තේ ද ඔහු සදාකාලිකව අපා ගින්නට වී නිරන්තරයෙන්ම එසේ පණිමින් සිටියි. කවරෙකු වස පානය කර සිය දිවි හානි කර ගත්තේ ද ඔහු සදාකාලික ලෙස අපා ගින්නට වී, ඔහුගේ අතට වස දෙනු ලැබ, ඔහු එසේ නිරන්තරයෙන්ම වස බොමින් සිටියි. කවරෙකු යකඩයකින් සිය දිවි හානි කර ගත්තේ ද ඔහු සදාකාලිකව අපා ගින්නට වී ඔහුගේ අතට එම යකඩය දෙනු ලැබ, ඔහු නිරන්තරයෙන්ම ඔහුගේ කුසට එමගින් ඇණ ගනිමින් සිටියි."
متفق عليه"කවරෙකු මෙලොවෙහි උවමනාවෙන්ම සිය දිවි නසා ගත්තේ ද එයට සරිලන පරිදි ප්‍රතිඵල වශයෙන් මෙලොවෙහි ඔහු සිය දිවි හානිකර ගැනීමට යොදාගත් ක්‍රමයෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්නෙහි දඬුවම් කරනු ලැබේ." යයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා අවවාද කළහ. කවරෙකු කන්දෙන් පහළට පැන සිය දිවි හානි කර ගත්තේ ද ඔහු නිරයේ සිටින අතර, අපා ගින්නේ සදාකාලික ලෙස කඳුවලින් එහි නිම්නවලට පනින්නට සළස්වා සදාතනික දඬුවම බවට එය පත් කරනු ඇත. කවරෙකු වස බී සිය දිව හානි කරගත්තේ ද අපා ගින්නේ සදාතනිකයකු වී ඔහුගේ අතට වස දෙනු ලැබ සදාකාලික ලෙස වස බොමින් සිටින්නට සළස්වනු ඇත. කවරෙකු තියුණු ආයුධයකින් තම උදරයට ඇණ සියදිවි හානිකර ගත්තේ ද ඔහු අපා ගින්නේ සදාතනිකයකු වී එම යකඩය ඔහුගේ අතට දෙනු ලැබ ඔහු එමගින් ඔහුගේ උදරයට නිරතුරුව අණින්නට සළස්වනු ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "උත්තරීතර අල්ලාහ්ගේ හෙවණ හැර වෙනත් කිසිදු හෙවණක් නැති දිනයේ ඔහුගේ හෙවණ තුළ ඔහු හෙවණ ලබා දෙන හත් දෙනෙකු සිටිති. යුක්ති ගරුක නායකයා, අල්ලාහ්ගේ නැමදුම තුළ වැඩුණු තරුණයා, දේවස්ථාන සමග ඔහුගේ හදවත බැඳුණු මිනිසා, අල්ලාහ් විෂයයෙහි එකිනෙකා ආදරය කරන මිනිසුන් දෙදෙනා, ඔවුන් දෙදෙනා ඔහු වෙනුවෙන් රැස්වෙති. ඔහු වෙනුවෙන් වෙන්ව යති. නිලය හා අලංකාරය ඇති කාන්තාවක් ඔහුට (කාමයේ වරදවා හැසිරීමට) ඇරයුම් කළ විට, "සැබැවින්ම මම අල්ලාහ්ට බිය වෙමි" යැයි පවසන මිනිසා, ඔහුගේ දකුණත වියදම් කළ දෑ ඔහුගේ වමතට නොදැනෙන තරමට එය සඟවාගෙන දන් දෙන මිනිසා, හුදෙකලාවේ අල්ලාහ්ව මෙනෙහි කරමින් ඔහුගේ ඇස්වලින් කඳුළු සළන මිනිසා."
متفق عليهඋත්තරීතර අල්ලාහ්ගේ හෙවණ හැර වෙනත් කිසිදු හෙවණක් නැති දිනයේ ඔහුගේ හෙවණ තුළ ඔහු හෙවණ ලබා දෙන මුඃමින්වරුන් අතරින් කණ්ඩායම් හතකට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ශුභාරංචි දන්වා සිටියහ. පළමුවැන්නා: දූෂිත නැති තමන් තුළ යුක්ති ගරුක වූ නායකයා. ඔහුගේ යටතේ සිටින්නන් අතර කිසිදු අපාධයක් සිදු නො කරන පාලකයා. ඔහු කටයුතු භාරව ක්‍රියා කරන තැනැත්තාය. මුස්ලිම්වරුන්ගේ කටයුතු අතරින් කිසිවක් භාරගෙන එහි යුක්ති සහගත ලෙස කටයුතු කරන සෑම කෙනෙකුම මෙහි ඇතුළත් වේ. දෙවැන්නා: අල්ලාහ්ගේ නැමදුම තුළ වැඩුණු තරුණයා, ඔහු එය පූර්ණ කරන තෙක් ඔහුගේ යෞවනය හා ඔහුගේ උත්සාහය එහි ගත කරයි. තුන්වැන්නා: දේවස්ථානය සමග තම හදවත නිතර බැඳුණු මිනිසා. ඔහු ඉන් පිටව ගිය විටත් ඒ ගැන තිබෙන දැඩි ආශාව හේතුවෙන් නැවතත් ඒ වෙත පිය නගයි. දේවස්ථානයෙන් පිටත ඔහු සිටිය ද යම් කිසි බාධකයක් ශරීරයට ඇති වුව ද හදවතින් ඔහු එහි දිගටම බොහෝ සෙයින් රැඳී සිටියි. සිව්වැන්නා: අල්ලාහ් විෂයයෙහි එකිනෙකා සැබෑ ලෙස ආදරය කරන මිනිසුන් දෙදෙනා, ඔවුන් දෙදෙනා ආගමික විෂයයෙහි අඛණ්ඩව රැඳී සිටිති. ලෞකික කටයුත්තක් හේතුවෙන් එය කපා නොහරිති. මරණය ඔවුන් දෙදෙනා අතර වෙන් කරන තෙක්ම සැබෑ ලෙස හෝ එසේ නොවූව ද එක් රැස් වෙති. පස්වැන්නා: අශිලාචාර කටයුත්තක් සඳහා තමන් ඇසුරට පැමිණෙන මෙන් අලංකාරමත් උසස් නිලයේ කීර්තිය ධනය හා අලංකාරය ඇති කාන්තාවක් ඔහුට ඇරයුම් කළ විට ඔහු එය ප්‍රතික්ෂේප කොට ඇයට: "සැබැවින්ම මම අල්ලාහ්ට බිය වෙමි" යැයි පවසන මිනිසා. සයවැන්නා: සුළු පරිමාණයේ හෝ මහා පරිමාණයේ දන්දීමක් වුව ද එය ප්‍රදර්ශනය නොකර ඔහුගේ දකුණත වියදම් කළ දෑ ඔහුගේ වමතට නො දැනෙන තරමට සඟවාගෙන දන් දෙන මිනිසා. සත්වැන්නා: මිනිසුන්ගෙන් දුරස්ව හුදෙකලාවේ සිටිය දී උත්තරීතර අල්ලාහ් වෙත ඇති බිය හා මහිමය නිසාවෙන් ඔහු ගැන තම හදවතින් සිහි ගන්වා, දිවෙන් මෙනෙහි කර, ඔහුගේ ඇස්වලින් කඳුළු සළන මිනිසා.