





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
ඉබ්නු අස්හර්ගේ සේවකයකු වූ අබූ උබෙයිද් තුමා විසින් වාර්තා කරන ලදී: උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා සමග අවුරුදු සලාතයට මම සහභාගී වූයෙමි. එවිට එතුමා “මෙම දින දෙක, එනම් නුඹලාගේ උපවාසයෙන් නුඹලා අවසන් කර ගන්නා (ඊදුල් ෆිත්ර්) දින හා නුඹලාගේ සත්ව කැපයෙන් නුඹලා අනුභව කරන (ඊදුල් අල්හා) දින යන දෙදින උපවාසයේ නිරත වීම අල්ලාහ්ගේ දූතයාණන් තහනම් කර ඇත.”
متفق عليهඊදුල් ෆිත්ර් හෙවත් උපවාසයෙන් පසු සමරන උත්සවය හා ඊදුල් අළ්හා හෙවත් හජ් උත්සවය යන දෙදින උපවාසයේ නිරතවීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. ඊදුල් ෆිත්ර් යනු රමළාන් මාසයේ උපවාසයෙන් මිදෙන දිනයයි. ඊදුල් අළ්හා යනු උල්හිය්යා නම් සත්වයන් කැප කොට එමගින් අනුභව කරන දිනයයි.
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තල්බියා ව වූයේ: “ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික්, ලබ්බයික් ලාෂරීක ලක ලබ්බයික්. ඉන්නල් හම්ද, වන්නිඃමත, ලක වල් මුල්ක් ලාෂරීක ලක්.” යන්නයි. (තේරුම: යා! අල්ලාහ්, ඔබ අසලට පැමිණියෙමි. ඔබ අසලට පැමිණියෙමි. ඔබ අසලට පැමිණියෙමි. ඔබට කිසිදු හවුල් කරුවෙකු නොමැත. සැබැවින්ම සියලු ප්‍රශංසා ද, භාග්‍යයන් ද, පාලනය ද ඔබ සතුය. ඔබට කිසිදු හවුල්කරුවෙකු නොමැත.) අබ්දුල්ලාහ් ඉබ්නු උමර් ඊට අමතර ව “ලබ්බයික් ලබ්බයික් වසඃදයික් වල් කඃයිරු බියදයික් ලබ්බයික් වර්රුග්බාඋ ඉලයික වල් අමලු” යැයි පැවසීය. (තේරුම: යා! අල්ලාහ්, ඔබ අසලට පැමිණියෙමි. ඔබ අසලට පැමිණියෙමි. යහපත පතා පැමිණියෙමි. සියලු යහපත ඔබ සතුය. ඔබ අසලට පැමිණියෙමි. ඔබ වෙත කැමැත්තෙන් පැමිණියෙමි. සියලු ක්‍රියාවන් ඔබ වෙතය.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හජ් හෝ උම්රා වන්දනාවට ප්රවේශවීමට සිතූ විටෙක එතුමාණන් ප්‍රකාශ කළ තල්බියා ව වූයේ: (ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික්) චිත්තපාරිශුද්ධිය, දේව ඒකීයත්වය, හජ් හා අනෙකුත් නැමදුම් යනාදී ලෙස ඔබ අප ඇරයුම් කර සිටි දෑට පිළිතුරු දීමෙන් පසු ඔබට අනිවාර්යය පිළිතුර ලබා දුනිමි. (ලබ්බයික් ලාෂරීක ලක ලබ්බයික්) නැමදුමට සුදුස්සා ඔබ පමණය. ඔබේ පරිපාලනය, ඔබේ දේවත්වය, ඔබේ නාම හා ඔබේ ගුණාංග තුළ ඔබට සමාන කිසිදු හවුල්කරුවකු නැත. (ඉන්නල් හම්ද) කෘතඥතාව හා ප්‍රශංසාව (වන්නිඃමත) ඔබෙන් වූ ආශිර්වාදය. ඒවා පිරිනමන්නා ඔබය. (ලක) සියලු තත්ත්වයන් වෙනස් කිරීම ඔබ සතුය. (වල් මුල්කු) ආධිපත්‍යය ද ඔබ සතුය. (ලාෂරීක ලක්) එහෙයින් සියලු දෑ ඔබට පමණක් සතුවය. ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා ඊට අමතර ව: (ලබ්බයික් ලබ්බයික් වසඃදයික්) සතුටු කිරීමෙන් පසු තව තවත් ඔබ මා සතුටු කරනු මැනව. (වල් කඃයිරු බියදයික්) ඒ සියල්ල ඔබේ භාග්‍යය තුළිනි. (ලබ්බයික් වර්රුගබාඋ ඉලයික) ඉල්ලීම හා ඇයැදීම යහපත සුරතෙහි තබා ඇති ඔබ වෙතය. (වල් අමලු) සියලු ක්‍රියාවන් ඔබ සතුය. නැමදුමට සුදුස්සා ඔබ ය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “නුඹලා කද්ර් රාත්‍රිය රමළාන් මාසයේ අවසන් දින දහයේ ඔත්තේ දිනයන්හි සොයන්න"
متفق عليهඅධික ලෙස නැමදුම්වල නිරත වනු පිණිස ලයිලතුල් කද්ර් හෙවත් බලගතු රාත්‍රිය සෙවීම, ඒ ගැන විමසිල්ලෙන් සිටීම එය ලබන්නට කැපවීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිරි ගන්වා ඇත. එය බොහෝ දුරට සෑම වසරකම රමළාන් මාසයේ අවසන් දින දහයේ ඔත්තේ දිනයන්හි පිහිටනු ඇත. එනම්: විසි එක, විසි තුන, විසි පහ, විසි හත, සහ විස නව යන දිනයන් වේ.
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී: “නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිතුරන් අතුරින් මිනිසුන් කිහිප දෙනෙකුට අවසන් (භාගයේ) හත් වන දිනයේ කද්ර් රාත්‍රිය සිහිනෙන් පෙන්වන ලදී. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ “නුඹලාගේ සිහිනයම මම ද දුටුවෙමි. එය අවසන් භාගයේ හත්වැනි දින වනු ඇතැයි හැඟේ. එහෙයින් නුඹලා අතුරින් කවරෙකු එය සොයන්නේ ද අවසන් භාගයේ හත්වැනි දින එය සොයත්වා” යැයි පැවසූහ.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිතුරන් අතුරින් මිනිසුන් කිහිප දෙනෙකුට රමළාන් මාසයේ අවසන් (භාගයේ) හත් වන රාාත්‍රියේ කද්ර් රාත්‍රිය සිහිනෙන් දැක තිබුණි. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) “නුඹලාගේ සිහිනය මට ද පෙන්වන ලදී. එය රමළාන් මාසයේ අවසන් භාගයේ හත්වැනි දිනට අනුගත විය. එහෙයින් කවරෙකු එය අපේක්ෂා කරන්නේ ද, එය සොයන්නට ප්‍රිය කරන්නේ ද ඔහු එය සොයන්නටත් එහි වැඩිපුර නැමදුම් කටයුතුවල නිරත වන්නටත් කැපවිය යුතුයි. එය බොහෝ දුරට පිහිටනුයේ අවසන් දින දහයේ හත්වන දිනයේය. රමළාන් මාසය දින තිහකින් සමන්විත නම් එය ආරම්භ වනුයේ විසි හතරවැනි රාත්‍රියේ සිටය. එම මාසය දින විසි නවයකින් සමන්විත නම් විසි තුන්වන රාත්‍රියේ ආරම්භ වනු ඇත.
අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදි: නබි(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිතුරන් අතරින් පිරිසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට: "අහෝ අල්ලාහ්ගේ දූතයාණණි!, ධනවත් අය ප්‍රතිඵල වලින් ඉදිරියට ගොස් ඇත. අප සලාත් ඉටු කරන්නාක් මෙන් ඔවුහු ද සලාත් ඉටු කරති. අප උපවාසය රකින්නාක් මෙන් ඔවුහු ද උපවාසය රකිති. අමරත ව ඔවුන්ගේ ධනයෙන් ඔවුහු දානමාන (පුණ්‍ය කටයුතු ද සිදු) කරති" යැයි පවසා සිටියහ. එවිට එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): “නුඹලා පුණ්‍ය කටයුතුවල නිරතවන දෑ අල්ලාහ් නුඹලාට ඇති නොකළේ ද? (සුබ්හානල්ලාහ් - -අල්ලාහ් සුවිශුද්ධය- යැයි පවසන) සෑම තස්බීහයක්ම දානයකි. (අල්ලාහු අක්බර් - අල්ලාහ් අතිශ්රේෂ්ඨය- යැයි පවසන) සෑම තක්බීරයක්ම දානයකි. (අල්හම්දුලිල්ලාහ් - සියල පැසසුම් අල්ලාහ්ටය- යැයි පවසන) සෑම තහ්මීදයක්ම දානයකි. (ලා ඉලාහ ඉල්ලල්ලාහ් - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත යැයි පවසන) සෑම තහ්ලීලයක්ම දානයකි. යහපත විධානය කිරීමද දානයකි. පිළිකුල් සහගත දැයින් වැළැක්වීමත් දානයකි. නුඹලා අතර කෙනෙකු (බිරිද සමග) කාමුකව හැසිරීම ද දානයකි.” යැයි පවසා සිටියහ. එවිට ඔවුහු: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අප අතරින් කෙනෙකු ඔහුගේ කාමය සංසිදුවා ගැනීමට පැමිණෙයි. එහි දී ඔහුට කුසල් හිමි වන්නේ දැ?’යි විමසා සිටියහ. එතුමාණෝ: “තහනම් දෑහි ඔහු එය (කාමය) සංසිදුවා ගත්තේ නම් ඔබ දකින පරිදි එය බරපතල පාපයක් නොවන්නේ ද? එමෙන්ම ඔහු එය අනුමත දෑහි සංසිදුවා ගත් විට ඔහුට කුසලක් හිමි වනු ඇත” යැයි පැවසූහ.
رواه مسلمධනවත් තම සහෝදරයින් ලබන කුසල් හා සමාන කුසල් තමන් ලබන්නටත් ඔවුන් මෙන් තමන් යහපත සිදු කිරීමටත්, දායක වීම සඳහා ප්‍රමාණවත් ධනය තමන් සතුව නැති බව ඇතැම් දුප්පත් හා දිළිඳු සහාබාවරුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පැමිණිලි කර සිටියෝය. එමෙන්ම තමන් සලාත් ඉටු කරන අයුරින් ඔවුන්ද සලාත් ඉටු කරන බවත් තමන් උපවාසය රකින අයුරින් ඔවුන් ද උපවාසය රකින බවත් සැළ කරමින් ඔවුන්ගේ අමතර ධනයෙන් ඔවුන් දානමාන ඉටු කළ ද තමන් එසේ දානමාන කටයුතු සිදු නො කරන බවත් දන්වා සිටියෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔවුනට දානමාන කටයුතු පිරිනැමීමට හැකි ප්‍රමාණයෙන් වූ ඇතැම් කටයුතු පෙන්වා දෙමින් මෙසේ පැවසූහ.: “නුඹලා පුණ්‍ය කටයුතුවල නිරතවන දෑ අල්ලාහ් නුඹලාට නියම කර නොමැත්තේ ද? සැබැවින්ම නුඹලා "සුබ්හානල්ලාහ්" (අල්ලාහ් සුවිශුද්ධය) යැයි පැවසීම නුඹලාට එමගින් දානයේ කුසල් හිමිකර දෙනු ඇත. එමෙන්ම නුඹලා "අල්ලාහු අක්බර්" (අල්ලාහ් අති ශ්‍රෙෂ්ඨය) යැයි පැවසීම ද දානයකි. නුඹලා "අල්හම්දුලිල්ලාහ් (සියල පැසසුම් අල්ලාහ්ටය) යැයි පැවසීම ද දානයකි. නුඹලා "ලා ඉලාහ ඉල්ලල්ලාහ්" (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නොමැත) යැයි පවසීම ද දානයකි. යහපත විධානය කිරීම ද දානයකි. පිළිකුල් සහගත දැයින් වැළැක්වීම ද දානයකි. නුඹලා අතරින් කිසිවකු හෝ තම බිරිද සමග සංසර්ගයේ නියැලීම ද දානයකි.” යැයි පවසා සිටියහ. එවිට ඔවුහු පුදුමයට පත්ව: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අප අතරින් කෙනෙකු ඔහුගේ කාමය සංසිදුවා ගැනීමට පැමිණෙයි. එහි දී ඔහුට කුසල් හිමි වන්නේ දැ?’යි විමසා සිටියෝය. එතුමාණෝ: කාමයේ වරදවා හැසිරෙමින් තහනම් කරන ලද දෑහි ඔහුගේ කාමය සංසිදුවා ගත්තේ නම්, එය බරපතල පාපයක් වන සේම එය අනුමත අයුරින් සිදු කළේ නම් ඔහුට කුසලක් හිමි වනු ඇත" යැයි පැවසූහ.
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දින දහය ප්‍රවේශ වූ විට, රාත්‍රිය ජීවමාන කළහ. තම පවුල අවදි කළහ. කැපවීමෙන් කටයුතු කළහ. වේට්ටිය තදින් බැඳ ගත්හ.”
متفق عليهරමළාන් මාසයේ අවසන් දින දහය ප්‍රවේශ වූ විට, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ රාත්‍රිය මුළුමණින්ම විවිධ නැමදුම් වර්ග තුළින් ජීවමාන කළහ. සලාතය සඳහා තම පවුල අවදි කළහ. සුපුරුදු පරිදි සිදු කරන නැමදුම්වලට වඩා අමතරව කැපවීමෙන් කටයුතු කළහ. ඒ සඳහා කාලය වෙන් කර තම බිරියන්ගෙන් දුරස්ව සිටියහ.
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඉදා ජාඅ නස්රුල්ලාහි වල් ෆත්හු” (අන්-නස්ර්: 1) නම් පරිච්ඡේදය පහළ වීමෙන් පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතයේ දී “සුබ්හානකල්ලාහුම්ම රබ්බනා වබිහම්දික අල්ලාහුම්මග් ෆිර්ලී” යනුවෙන් ප්‍රකාශ කිරීමෙන් මිස සලාත් ඉටු කළේ නැත. එතුමිය විසින් වාර්තා කළ තවත් හදීසයක “අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාණන්ගේ රුකූඃහි හා එතුමාණන්ගේ සුජූද්හි එතුමාණෝ “සුබ්හානකල්ලාහුම්ම රබ්බනා වබිහම්දික අල්ලාහුම්මග් ෆිර්ලී” යනුවෙන් අධිකව පවසා සිටියහ." යැයි සඳහන්ව ඇත.
متفق عليه"ඉදා ජාඅ නස්රුල්ලාහි වල් ෆත්හු” (අන්-නස්ර්: 1) නම් පාඨය පහළ කරනු ලැබූ කල්හි, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය අධ්‍යයනය කළ අතර "ෆසබ්බිහ් බිහම්දි රබ්බික වස්තඃෆිර්හු" (ඔබ ඔබේ පරමාධිපතියාණන්ගේ ප්‍රශංසාව තුළින් පිවිතුරු කරනු. ඔහුගෙන් සමාව ඉල්ලා සිටිනු.) යන ප්‍රකාශය ඇති අල්ලාහ්ගේ නියෝගය පිළිපදින්නට යුහුසුළු වූ බවත් සලාතය අතරවාරයේ එතුමාණන්ගේ රුකූඃ හා සුජූද් ඉරියව්වන්හි "සුබ්හානල්ලාහ්" (ඔබට සුදුසු නොවන සියලුම අඩුපාඩුවලින් ඔබව මම සුවිශුද්ධ කරමි.) "අල්ලාහුම්ම රබ්බනා වබිහම්දික" (ඔබේ පැවත්ම, ඔබේ ගුණාංග හා ඔබේ ක්‍රියාවන්හි පරිපූර්ණත්වය වෙනුවෙන් ඔබට හිමි ප්‍රශංසාව තුළින්) "අල්ලාහුම්මග් ෆිර්ලී” (මාගේ පාපයන් මගෙන් මකා දමනු මැනව! මගෙන් ඉවත් කරනු මැනව!) යැයි අධිකව ප්‍රාර්ථනා කරන්නට වූහැ"යි ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය දන්වා සිටියහ.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ උමාමා ඉයාස් ඉබ්නු සඃලබා අල් හාරිසී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු දිවුරා හිදිමින් මුස්ලිම් පුද්ගලයකුගේ උරුමය කපා හැරියේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට අපා ගින්න අනිවාර්යය කළේය. එමෙන්ම ස්වර්ගය ඔහුට තහනම් කළේය.” එවිට පුද්ගලයෙක්: "අල්ලාහ්ගේ දූතයාණනි! එය සුළු දෙයක් වූවත් එසේදැ?"යි එතුමාණන්ගෙන් විමසීය. එවිට "අරාක් (මිස්වාක්) දැහැටියක් වුව ද එලෙසමය" යැයි එතුමාණන් පැවසූහ
رواه مسلمමුස්ලිම්වරයකුගේ අයිතිය අහිමි කරනු පිණිස, දැන දැනම බොරු පවසමින් අල්ලාහ් මත දිවුරා සිටීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. සැබැවින්ම එහි ප්රතිවිපාකය වනුයේ අපා ගින්න උරුමකර ගැනීම හා ස්වර්ගය තහනම් කර ගැනීමය. එය මහා පාපයන්ගෙන් එකකි. එවිට මිනිසෙක්, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි" දිවුරා සිටිනු ලබන දෑහි ස්වල්පයක් තිබුණේ නම්?" යැයි විමසා සිටියේය. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ, "එය අරාක් නම් ගසින් ගනු ලබන සිවාක් (දත් මදින) දැහැටියක ප්‍රමාණයෙන් වුව ද එලෙසමය" යැයි පැවසූහ.
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) රෝගියකුගේ සුවදුක් විමසීමට පැමිණි විට, එතුමාණෝ ඔහුට මෙසේ ප්‍රාර්ථනා කරන්නට වූහ: أَذْهِبِ الْبَاسَ، رَبَّ النَّاسِ، وَاشْفِ أَنْتَ الشَّافِي، لَا شِفَاءَ إِلَّا شِفَاؤُكَ، شِفَاءً لَا يُغَادِرُ سَقَمًا "අද්හිබිල් බඃස රබ්බන් නාසි, වෂ්ෆි අන්තෂ්-ෂාෆී, ලා ෂිෆාඅ ඉල්ලා ෂිෆාඋක, ෂිෆාඅ ලා යුගාදිරු සකමා" (අහෝ මිනිසුන්ගේ පරමාධිපතියාණනි! දුෂ්කරත්වය ඉවත් කරනු මැනව ! සුවය දෙනු මැනව ! සුවය දෙන්නා ඔබය. ඔබේ සුවයෙන් තොරව කිසිදු සුවයක් නැත. එය රෝගීභාවය අත්හැර නො දමන සුවයකි.)
متفق عليهනබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ රෝගියකුගේ සුවදුක් විමසීමට පැමිණි විට, එතුමාණෝ ඔහුට මෙසේ ප්‍රාර්ථනා කරන්නට වූහ: "අද්හිබ්" ඉවත් කරනු මැනව "අල් බඃස" දැඩි රෝගීභාවය, "රබ්බන් නාස්" මිනිසුන්ගේ මැවුම්කරු හා ඔවුන්ව පෝෂණය කරන්නා "වෂ්ෆි" මෙම රෝගියාට සුවය දෙනු මැනව "අන්ත" ඔබ සුවිශුද්ධය. "ෂාෆී" ඔබේ ෂාෆී යන ගුණ නාමයෙන් ඔබ වෙත මැදිහත් වී සුවය පතමි. "ලා ෂිෆාඅ" රෝගියාට සුවය ලබා දෙන්නෙකු නැත. "ඉල්ලා ෂිෆාඋක" ඔබේ සුවයෙන් හැර. "ෂිෆාඅ" පොදු සුවය වනාහි "ලා යුගාදිරු" ඉතිරි වන්නේ නැත අත්හැර දමන්නේ නැත. "සකමා" තවත් රෝගයක් අත්හැර දමන්නේ නැත.