





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සව්බාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "පුද්ගලයකු වියදම් කරන විශිෂ්ටතම දීනාරය නම්, තම පවුලේ අය වෙනුවෙන් වියදම් කරන දීනාරය, අල්ලාහ්ගේ මාර්ගයේ සිටින තම ප්‍රවාහනික සත්වයා වෙනුවෙන් මිනිසා වියදම් කරන දීනාරය හා අල්ලාහ්ගේ මාර්ගයේ සිටින තම සගයින් වෙනුවෙන් වියදම් කරන දීනාරයයි" යැයි පැවසූහ. අබූ කිලාබා තුමා: "හෙතෙම තම පවුලෙන් ආරම්භ කර ඇති" බව පැවසීය. තවදුරටත් අබූ කිලාබා තුමා මෙසේ පැවසීය: ‘තම කුඩා පවුල වෙනුවෙන් වියදම් කරන මිනිසාට හිමි ප්‍රතිඵලයට වඩා උතුම් වනුයේ වෙනත් කවර මිනිසෙකුගේ ප්‍රතිඵල ද? අල්ලාහ් ඔහු තුළින් ඔවුන්ට පෝෂණය ලබා දී, ඔවුනට සෙත සලසා දෙයි. තවද ඔවුන් පොහොසත් කරයි."
رواه مسلمවියදම් කිරීමේ ස්වරූපයන් ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කර ඇති අතර ඒවා අධික වූ විටෙක ඔබට වඩාත් අනිවාර්යය වන පරිදි වියදම් කිරීමේ වඩාත් උචිත ආකාරය පෙළගස්වා දී ඇත. එබැවින් වඩාත් වැදගත් දැයින් ආරම්භ කර, පසුව වඩාත් වැදගත් දෑ වෙනුවෙන් වියදම් කළ යුතු වේ. ධනයෙන් වඩාත් අධික කුසල් හිමිකර දෙන වියදම නම්, තම බිරිය හා දරුවන් වැනි තමන්ගෙන් යැපෙන්නන් හට මුස්ලිම්වරයකු කරන වියදම වේ යැයි එතුමාණන් දන්වා ඇත. පසු ව අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීම සඳහා සූදානම් කර තබා ඇති ප්‍රවාහනික සත්වයා කෙරෙහි කරන වියදමයි. පසුව අල්ලාහ්ගේ මාර්ගයේ වෑයම් කරන තම මිතුරන් හා සගයින් වන මුජාහිදීන්වරු කෙරෙහි කරන වියදමයි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව අබූ සඊද් අල් කුඃද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් පවසා මෙසේ වාර්තා කරන ලදී: “ඔබ අතරින් කිසිවකු හෝ තමන් ප්‍රිය කරන සිහිනයක් දුටුවේ නම්, සැබැවින්ම එය උත්තරීතර අල්ලාහ්ගෙන් වූවකි. එබැවින් ඒ සඳහා ඔහු අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතුය. ඒ ගැන කතා කළ යුතුය. ඒ හැර තමන් පිළිකුල් කරන යමක් දුටුවේ නම්, සැබැවින්ම එය ෂෙයිතාන්ගෙන් වූවකි. එවිට එහි හානියෙන් ඔහු ආරක්ෂාව පැතිය යුතු අතර එය කිසිවකුට නොපැවසිය යුතුය. මන්ද සැබැවින්ම එය ඔහුට හානිදායක නොවන්නේමය.”
رواه البخاريනින්දේදී දකින සතුට දන්වන දැහැමි හීනය අල්ලාහ් වෙතින් වන බවත් ඒ සඳහා අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතු බවත් ඒ ගැන කතා කළ යුතු බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා මඟ පෙන්වූහ. එමෙන්ම දකින පිළිකුල් සහගත හා දුක දන්වන හීනය, ෂෙයිතාන්ගෙන් වන බවත් එහි හානියෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතිය යුතු බවත් එය කිසිවකුට නොපැවසිය යුතු බවත් එතුමාණෝ දන්වා සිටියහ. එසේ කළ විට දුටු හීනයේ පෙළ ගැසී ඇති හානි සහගත දැයින් ආරක්ෂාව ලබන්නට එය හේතුවක් බවට අල්ලාහ් පත්කරනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සුහෙයිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාගේ කරුණ පුදුම සහගතය. සැබැවින්ම ඔහුගේ කරුණු සියල්ලම ඔහුට යහපත් ය. එය දේවත්වය විශ්වාස කරන්නෙකුට මිස වෙනත් කිසිවකුට හිමි නොවන්නකි. ඔහුට සතුටුදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු කෘතවේදී වෙයි. එය ඔහුට යහපතක් වන්නේය. ඔහුට හානිදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු ඉවසා දරා ගනී. එය ද ඔහුට යහපත් වන්නේය.”
رواه مسلمයහපත දකින අයුරින් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකුගේ කරුණ හා ඔහුගේ තත්ත්වයන් පිළිබඳ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මවිතයට පත් වූහ. එය ඔහු ඔහුගේ සියලුම තත්ත්වයන් යහපත් ලෙස දකින බැවිනි. එය දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකුට හැර වෙනත් කිසිවකුට නැති කරුණකි. ඔහුට සතුටුදායක තත්ත්වයන් ඇති වූ විටෙක, ඒ සඳහා ඔහු අල්ලාහ්ට තුති පුද කරයි. එසේ තුති පුද කිරීම හේතුවෙන් ඔහු කුසල් ලබනු ඇත. ඔහුට පීඩාකාරී තත්ත්වයන් ඇති වූ විටෙක ද ඉවසා අල්ලාහ්ගෙන් කුසල් බලාපොරොත්තු වෙයි. එවිට ද ඉවසීම හේතුවෙන් ඔහු කුසල් ලබනු ඇත. ඔහු සෑම තත්ත්වයක් යටතේම කුසල් ලබමින් සිටියි.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිඹුහුම් හැරිය විට, තම අත හෝ තම රෙදි කඩ හෝ මුව මත තබා, එහිදී එතුමාගේ හඬ ද පහත් කර -මැඩපත් කර- ගත් අයකු වූහ.”
رواه أبو داود والترمذي وأحمدසල්ලල්ලාහු අලයිහි වසල්ලම් කිඹුහුම් හැරිය විට: පළමුව: තම අත හෝ තම රෙදි කඩ හෝ මුව මත තබා ගත්හ. එය තම මුඛයෙන් හෝ නාසයෙන් හෝ බැහැරවන දැයින් ළඟ සිටින පුද්ගලයා පීඩාවට පත් නොවනු පිණිසය. දෙවැන්න: එහි දී තම හඬ ඳ උස් නො කර පහත් කර ගත්හ.
අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “‘මසීහුද් දජ්ජාල්’ට වඩා නුඹලා ගැන මා තුළ ඇති වඩාත් භීතිමත් කරුණ කුමක් දැ?යි මා නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? එවිට සහාබාවරු ‘එසේය, අල්ලාහ්ගේ දූතයාණනි!’ යැයි පැවසූහ. එවිට එතුමාණෝ ‘ෂිර්කුල් කෆී’ (දේවත්වයට කරන සුළු ආදේශය) වේ. එනම් මිනිසා නැගිට සලාතය ඉටු කරයි. තවත් මිනිසෙකු (තමන් දෙස) බලා සිටින බව සිතා ඔහු තම සලාතය අලංකාරවත් කිරීමයි.”
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇතසහගාමීහු ‘මසීහුද් දජ්ජාල්’ගේ අර්බුද ගැන එකිනෙකා මෙනෙහි කර ගනිමින් ඒ ගැන බියෙන් පසුවූහ. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ දජ්ජාල්ගේ අර්බුදයට ඔවුන් බිය වීමට වඩා ඔවුන් ගැන තමන් බියවන, ප්‍රවේසම් විය යුතු කරුණක් ඔවුනට දන්වා සිටියහ. එය චේතනාවේ හා මිනිසුනට හෙළි නොවූ අරමුණුවල පිහිටන ආදේශයයි. පසුව එයට විග්‍රහයක් වශයෙන් අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් සිදු කරන ක්‍රියාවන් මිනිසුන්ගේ දැක්ම හේතුකොට ගෙන එය අලංකාරවත් ලෙස ඉටු කිරීම යැයි විස්තර කර සිටියහ.
උසාමා ඉබ්නු සෙයිද් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. එතුමාගෙන් මෙසේ විමසනු ලැබීය. "ඔබ උස්මාන් වෙත ගොස් ඔහු සමග කතා කළ යුතු නොවේ ද?" එවිට ඔහු, "මම නුඹලාට ඇසෙන්නට සැළැස්වීමෙන් තොරව ඔහු සමග මා කතා කරනු නුඹලා දැක තිබේ ද? අල්ලාහ් මත දිවුරා පවසමි. මා අතර හා ඔහු අතර ඇති දෑ සම්බන්ධයෙන් මම ඔහු සමග කතා කර ඇත්තෙමි. මා ආරම්භ කිරීමෙන් තොරව යම් කරුණක් වී නම්, එය මා පළමු ව ආරම්භ කරන්නෙකු වීමට මම ප්‍රිය නොකරමි. මා පාලනය කරන කිසිවකුට මම කිසිවක් නො පවසමි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයට මම සවන් දුන් පසුව සැබැවින්ම ඔහු මිනිසුන් අතර ශ්‍රේෂ්ඨයෙකු වන්නේය."යැයි පැවසුවේය. “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පුද්ගලයකු ගෙන එනු ලැබ, නිරා ගින්නට හෙළනු ලැබේ. ඔහුගේ බඩවැල් වැගිරෙයි. තෙල් හිඳින සෙක්කුව වටා බූරුවෙක් යන්නාක් මෙන් ඒවා සමග ඔහු එය වටා ගමන් කරයි. පසුව ඔහු වෙත නිරාවාසීහු එක්රැස් වී මෙසේ විමසති. ‘අහෝ පුද්ගලය! ඔබට කුමක් සිදුවීද? ඔබ යහපත විධානය කරමින් හා අයහපත වළක්වමින් සිටියා නොවේද?' එවිට ඔහු, "එසේය, මම යහපත නියෝග කරමින් සිටියෙමි. නමුත් මම එය ක්‍රියාවට ගෙන ආවේ නැත. එමෙන්ම මම අයහපත වළක්වමින් සිටියෙමි. නමුත් මම එය සිදු කළෙමි." යැයි කියයි.
متفق عليهඋසාමා ඉබ්නු සෙයිද් (රළියල්ලාහු අන්හුමා) තුමාට මෙසේ පවසන ලදී. "ඔබ උස්මාන් ඉබ්නු අෆ්ෆාන් (රළියල්ලාහු අන්හු) තුමා වෙත ගොස් මිනිසුන් අතර සිදුව ඇති අර්බූද ගැන ඔහු සමග කතා කර ඒවා සම්පූර්ණයෙන්ම නිවා දමන්නට උත්සාහ කළ යුතු නොවේ ද?" එවිට හෙතෙම ඔවුනට දන්වා සිටියේ තමන් යහපත උදෙසා ඔහු සමග රහසින් කතා කරන අතර අර්බූද ඇති කරනු පිණිස ද්‍රෝහී ලෙස කතා නො කරන බවයි. එමෙන්ම ප්‍රධානීන් අතර නායනකයා ප්‍රසිද්ධියේ හෙළා දැකීම තමන් ප්‍රිය නොකරන බවත් එවිට එය පාලකයාට අපහාසයක් වන බවත් එය අර්බූදයේ හා හානියේ දොරටුව විය හැකි බවත් එය ආරම්භ කළ අය අතරින් පළමු වැන්නා තමන් විය යුතු නොවන බවත් පවසා, ඒ සඳහා වන හේතු පෙන්වා සිටියේය. පසු ව උසාමා (රළියල්ලාහු අන්හුමා) තුමා මෙසේ පවසා සිටියේය: සැබැවින්ම තමන් රහසින් නායකයින් හට උපදෙස් දෙන බවත්, ඔහු නායකයකු වුව ද කිසිවකුට අපහාස නොකරන බවත්, ව්‍යාජ ලෙස ඔවුන්ගේ මුහුණට ප්‍රශංසා කරමින් ඔවුන් සමච්චලට නොගන්නා බවත් දන්වා සිටියේය. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් සවන් දුන් කරුණකට පසුව ය. එනම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී මිනිසෙකු ගෙනැවිත් අපා ගින්නට හෙළනු ලබයි. උෂ්ණයේ තීව්‍රතාවය සහ දඬුවමේ තීව්‍රතාවය හේතුවෙන් ඔහුගේ බඩ පිපිරී බඩවැල් මතු වෙයි. එම තත්ත්වයේ ඔහුගේ බඩවැල් සහිතව ඇඹරුම් ගල වටා යන බූරුවකු මෙන් ගින්නෙහි කැරකෙනු ඇත. නිරා වාසීහු ඔහු වටා වළල්ලක ස්වරූපයෙන් එක්රැස් වී ඔහුගෙන් මෙසේ විමසති: "අහෝ මිනිස! ඔබ යහපත විධානය කරමින් අයහපත වළක්වමින් සිටියා නොවේ ද?" එවිට ඔහු: "ඇත්තෙන්ම මම යහපත විධානය කරමින් සිටිය ද එය මම ඉටු නොකළෙමි. අයහපතින් වළක්වා සිටිය ද මම එය සිදු කළෙමි." යැයි පවසයි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු ගැහැණු දරුවන් දෙදෙනෙකු ඔවුන් වැඩිවියට පත්වන තුරු රැකබලා ගත්තේ ද, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මා හා ඔහු මෙසේ එනු ඇත' යැයි පවසා එතුමාණන්ගේ ඇගිළි ළං කර පෙන්වූහ."
رواه مسلمකවරෙකු සතුව ගැහැණු දරුවන් හෝ සහෝදරියන් දෙදෙනෙකු හිඳ, ඔවුන් වැඩිවියට පත්වන තුරු ඔහු ඔවුනට වියදම් කර, ඔවුන් හොදින් හදාවඩාගෙන, ඔවුනට යහපත පෙන්වා, අයහපතින් වළක්වා හොඳින් රැකබලා ගත්තේ ද ඔහු හා නබි වන මා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මේ දෙක මෙන් එනු ඇතැයි පවසා එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම දබරැඟිල්ල සහ මැදඟිල්ල ළංකර පෙන්වූහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “නුඹලා දේවත්වය විශ්වාස කරන තුරු ස්වර්ගයට පිවිසෙන්නේ නැත. එමෙන්ම නුඹලා එකිනෙකා අතර ආදරය සෙනෙහස ඇතිවන තුරු නුඹලා දේවත්වය විශ්වාස කරන්නේ නැත. නුඹලා සිදු කළ විට නුඹලා අතර සෙනෙහස ඇතිකරවන කරුණක් මා නුඹලාට කියා දිය යුතු නොවේ ද? නුඹලා අතර සලාමය පතුරුවා හරින්න.”
رواه مسلمදේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් හැර වෙනත් කිසිවකු ස්වර්ගයට ඇතුලු වන්නේ නැති බවත් ඔවුන් එකිනෙකා අතර ආදරය දක්වන තෙක් මුස්ලිම් සමාජ තත්ත්වයන් විධිමත් නොවන බවත් විශ්වාසය ඇති කර නොගන්නා බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. පසුව, ආදරය ආවරණය කරන උතුම් කටයුත්තක් වෙත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මඟ පෙන්වූහ. එනම් මුස්ලිම්වරුන් අතර සලාමය පතුරුවාලීමය. එය අල්ලාහ් තම ගැත්තන් හට, සුබවාදයක් හා පඬුරක් බවට පත් කර ඇත.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග සිටියෙමු. එවිට යමක් වැටෙන හඬක් ඇසිණ. එවිට එතුමාණෝ: ‘ඒ කුමක්දැයි නුඹලා දන්නෙහු ද?” යැයි විමසූහ. අපි: “මැනවින් දන්නා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්’ වේ යැයි පැවසුවෙමු. එතුමාණෝ: “මෙය වසර හැත්තෑවකට පෙර අපා ගින්නට විසිකරන ලද ගලකි. දැන් එය අපා ගින්නට එහි පතුළ තෙක් වැටෙමින් පවතී. නුඹලා සවන් දුන්නේ එය වැටෙන හඬට ය.” යැයි පැවසුහ.
رواه مسلمශරීරයක් බිම ඇඳ වැටුනාක් මෙන් කලබලකාරී හඬකට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සවන් දුන්හ. තමන් හමුවේ සිටින සහගාමීන්ගෙන් එම හඬ පිළිබඳ විමසා සිටියහ. එවිට ඔවුහු: "ඒ ගැන අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දනී" යයි පවසා සිටියෝ ය. එවිට එතුමාණෝ ඔවුනට මෙසේ පැවසූහ: "සැබැවින්ම ඔබ සවන් දුන් එම හඬ වසර හැත්තෑවකට පෙර අපා ගින්නට හෙළනු ලැබ, දැන් එහි පතුළට වැටුණු ගලකි. ඔබට දැන් ඇසුණේ එම හඩ ය."