





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
සලමා ඉබ්නු අල්-අක්වඃ (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම මිනිසෙක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ තම වමතින් අනුභව කළේය. එවිට එතුමාණෝ: ‘ඔබේ දකුණතින් අනුභව කරන්නැ’යි පැවසූහ. ඔහු: 'මට නොහැකි' යැයි පැවසීය. එතුමාණෝ ඔබට නොහැකි ම වේවා! යැයි පවසා, අහංකාරය මිස වෙනත් කිසිවක් ඔහු ඉන් වැළැක්වූයේ නැත' යැයි ප්‍රකාශ කළහ. පසුව ඔහුගේ කට වෙත එය ඔසවන්නට නො හැකි විය.”
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම වමතින් අනුභව කරන මිනිසෙකු දුටුහ. එවිට එතුමාණෝ දකුණතින් අනුභව කරන්නැ’යි ඔහුට අණ කළහ. එවිට එම මිනිසා අහංකාරයෙන් යුතුව බොරු තෙපලමින් 'ඒ සඳහා මට හැකියාවක් නැතැ’යි පිළිතුරු දුන්නේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දකුණතින් අනුභව කිරීම තහනම් වේවා යැයි ඔහුට ප්‍රාර්ථනා කළහ. ඔහු වමතින් අනුභව කළ හේතුවෙන් නබි තුමාණන් කළ ප්‍රාර්ථනාවට අල්ලාහ් ප්‍රතිචාර දැක්වීය. ඉන්පසු ව කිසිදු ආහාරයක් හෝ පානයක් ගන්නා විටෙක ඔහුගේ එම අත මුඛය වෙත ඔසවන්නට ඔහුට නො හැකි විය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ජුන්ද් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මිනිසකු ‘අල්ලාහ් මත දිවුරා පවසමි. අල්ලාහ් පුද්ගලයකුට සමාව දෙන්නේ නැත’ යැයි පැවසීය. එවිට අල්ලාහ්: “මා පුද්ගලයකුට සමාව නොදෙන බවට මා මත දිවුරා පැවසිය හැක්කේ කා හටද? සැබැවින්ම මම ඔහුට සමාව දුනිමි. ඔබේ ක්‍රියාවන් නිෂ්ඵල කළෙමි.” යැයි පැවසීය. අබූ හුරෙයිරා වාර්තා කළ හදීසයක: ‘සැබැවින්ම එසේ පවසා සිටියේ ගැතිබර පුද්ගලයකි.’ අබූ හුරයිරා තුමා තවදුරටත්: “කළ කතාව ඔහුගේ මෙලොව හා මතුලොව විනාශ කර දැමීය.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතදිවෙන් ඇතිවන අනතුරුවලින් ප්‍රවේසම් වන පරිදි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ පවසා ඇත. ‘පාපතර පුද්ගලයකුට නියතවශයෙන්ම අල්ලාහ් සමාව නොදෙන බවට දිවුරා සිටි පුද්ගලයකු වනාහි, ඔහු අල්ලාහ්ට එරෙහිව තීන්දු කළ හා ඔහුව හෙළා දුටු අයකු මෙනි. ඊට හේතුව ඔහුගේ සිත තුළ අල්ලාහ් ඉදිරියේ පවතින ගෞරවය භාග්‍යය හා තත්ත්වය ගැන විශ්වාස කර සිටි බැවින් හා පාපකම් සිදු කරන්නා අවමානයට පත් කළ බැවිණි. මෙය අල්ලාහ් පහත් කිරීමක් හා ඔහු සමග අවිනීතව හැසිරීමකි. ඒ හේතුවෙන් එම පුද්ගලයාට මෙලොව මෙන්ම මතුලොවෙහි ද අභාග්‍යය අලාභය නියම වනු ඇත.
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අපරාධකාරී ලෙස ඝාතනය කරන සෑම ආත්මයකින්ම පළමු ආදම්ගේ පුතු මත එහි රුධිරයෙන් කොටසක් හිමිවනු මිස නැත. සැබැවින්ම එය ඝාතනය කිරීමේ පිළිවෙත අරම්භ කළවුන් ඔහු වන බැවිණි.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතමෙම හදීසය පවසා සිටිනුයේ, ආදම්ගේ දරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ඔහුගෙන් පසුව සිදුවන රුධිර ඝාතනවල ප්රතිවිපාකය උසලනු ඇති බවයි. කාබීල් ඔහුගේ සහෝදර හාබීල්ව ඊර්ෂ්‍යාව හේතුවෙන් මරා දැමූ බව සඳහන් වේ. ආදම්ගේ දරුවන් අතරින් ඝාතනය කළ හා ඝාතනය කරනු ලැබූ පළමු දෙදෙනා ඔවුන් වූවෝය. ඒ අනුව කාබීල්ගෙන් පසුව හැළෙන රුධිරයේ පාපයෙන් කොටසක් ඔහු ද උසුලනු ඇත. එය ඝාතනය කිරීමේ පිළිවෙත ඔහු විසින් ආරම්භ කළ බැවිණි. ඔහුගෙන් පසුව එසේ සිදු කළ සෑම කෙනෙකුම ඔහුව අනුගමනය කර ඇති බැවිණි.
සැබැවින්ම තමන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට සවන් දුන් බව පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්‍රකාශ කරයි: “නියත වශයෙන්ම ගැත්තා (සිතා නොබලා) පැහැදිලි නොවන වදන් කතා කරයි. එමගින් ඔහු පෙරදිග හා අපරදිග අතර ඇති දුරට වඩා දුරින් නිරා ගින්න වෙත ඇද වැටෙයි.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතකතා කරන විට එය හොඳක් ද නරකක් ද යැයි සිතා නොබලා කකා කරන ඇතැම් ජනයා මිනිසුන් අතර සිටින බව සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා අප හට දන්වා ඇත. එහි ප්‍රතිඵලය වශයෙන් සිතා බලා කතා නොකරන හේතුවෙන් එසේ කතා කරන්නා තහනම් කරනු ලැබූ කටයුත්තක වැටෙනු ඇත. නිරා ගින්නෙහි අල්ලාහ්ගේ දඬුවමට ඔහුව ඉදිරිපත් කරනු ඇත. -අල්ලාහ් අප ආරක්ෂා කරත්වා!- ඇතැම් විට ඔහු නිරයේ ඈත ස්ථානයක වැටෙනු ඇත. එය නැගෙනහිර හා බටහිර අතර ඇති දුර ප්‍රමාණයට වඩා දුරස්ත වේ.
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු “බිස්මිල්ලාහි තවක්කල්තු අලල්ලාහි වලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්” (අල්ලාහ්ගේ නාමයෙනි. අල්ලාහ් වෙත විශ්වාසය තබමි. කිසිදු හැරීමක් හෝ බලයක් හෝ අල්ලාහ්ගෙන් මිස සිදු වන්නේ නැත.) යැයි පවසන්නේ ද -එනම් ඔහු තම නිවසින් බැහැර වන විට- ඔබට මඟ පෙන්වනු ලැබීය. ඔබට ප්‍රමාණත් විය. ඔබට ආරක්ෂාව ලැබීය යැයි ඔහුට පවසනු ලැබේ. ෂෙයිතාන් ඔහුගෙන් ඉවතට විසිරී යන්නේය.” අබූ දාවූද් තුමා මීට අමතරව “ෂෙයිතාන් තවත් ෂෙයිතානුවකු දෙස බලා: “යහමග පෙන්වනු ලැබූ; සෑහීමට පත් කරනු ලැබූ; ආරක්ෂාව සලසනු ලැබූ පුද්ගලයකු ඔබ සතු කර ගත හැක්කේ කෙසේ ද?” යැයි විමසයි.”
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතසැබැවින්ම මිනිසකු තම නිවසින් පිට වන විට “බිස්මිල්ලාහි තවක්කල්තු අලල්ලාහි ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්” (අල්ලාහ්ගේ නාමයෙනි. අල්ලාහ් වෙත විශ්වාසය තබමි. කිසිදු හැරීමක් හෝ බලයක් හෝ අල්ලාහ්ගෙන් මිස සිදු වන්නේ නැත.) යැයි පවසා සිටියේ නම්, දේව දූතයකු මෙසේ පවසයි: ‘අහෝ අබ්දුල්ලාහ්! ඔබ සත්‍යයේ මාර්ගය වෙත මඟ පෙන්වනු ලැබීය. ඔබේ අපේක්ෂාවන් ඔබට ප්‍රමාණවත් විය. සතුරන්ගෙන් ආරක්ෂාව ලැබිණ යැයි පවසයි. එවිට ඔහු වෙත නැඹරු වූ ෂෙයිතාන් ඔහුගෙන් දුරස් වන්නේය. ෂෙයිතානුවෙක් තවත් ෂෙයිතානුවෙකු බලා: “මඟ පෙන්වනු ලැබූ; සෑහීමට පත් කරනු ලැබූ; සියලු ෂෙයිතානුන්ගෙන් ආරක්ෂා කරනු ලැබූ මිනිසෙකු මුළා කරන්නට ඔබට හැකි වන්නේ කෙසේද? සැබැවින්ම ඔහු මෙම අනුවාදය ප්‍රකාශ කර ඇත. එබැවින් ඒ සඳහා නුඹ ශක්තිය නොදරනු ඇත.” යැයි පවසයි.
සමුගැනීමේ හජ් දිනයේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබූ උමාමා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “නුඹලාගේ පරමාධපතියාණන් වන අල්ලාහ් පිළිබඳ හැඟීමෙන් කටයුතු කරනු. නුඹලාට නියම වූ පංචකාල සලාත් ඉටු කරනු. නුඹලාට නියම වූ මාසයේ උපවාසයේ නිරත වනු. නුඹලාගේ සම්පත් සඳහා සකාත් ඉටු කරනු. නුඹලාගේ කටයුතු භාර උදවියට අවනත වනු. නුඹලාගේ පරමාධිපතිගේ ස්වර්ගයට නුඹලා පිවිසෙනු ඇත.”
رواه الترمذي وأحمدනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හිජ්රි දසවන වසරේ හජ්ජතුල් වදා හෙවත් සමුගැනීමේ හජ් අවස්ථාවේ අරෆා දින දේශණයක් පැවැත්වූහ. එසේ හජ්ජතුල් වදා යනුවෙන් එයට නම් කරනු ලැබුවේ එහි දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මිනිසුන්ගෙන් සමුගත් බැවිනි. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් තම පරමාධිපතිට බියෙන් බැතියෙන් කටයුතු කරන මෙන් ඔහු සියලු මිනිසුන් හට නියෝග කළේය. රාත්‍රියේ හා දහවලේ සර්ව බලධාරී අල්ලාහ් නියම කළ පස්වාර සලාත් ඉටු කරන මෙන් ද; රමළාන් මාසයේ උපවාසයේ නිරත වන මෙන් ද; වස්තුවට අදාළ සකාතය එහි සුදුසුකම් ලාබීන් හට මසුරු නොවී පිරිනමන මෙන් ද: තමන් මත නායකත්වය දරන්නට අල්ලාහ් නියම කළ කටයුතුභාර උදවියට අල්ලාහ්ට පිටුපාන ක්‍රියාවන්වල හැර සෙසු කරුණුවල දී අවනත වන මෙන් ද නියෝග කළේය. එබැවින් කවරෙකු සඳහන් කරන ලද කරුණු ඉටු කළේ ද ඔහුට හිමි කුසල වනුයේ ස්වර්ගයට පිවිසීමය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ඔබ අතරින් කිසිවකු හෝ තම සහෝදරයා හමු වූ විට ඔහුට සලාම් පැවසිය යුතු වේ. ඔවුන් දෙදෙනා අතර ගසක් හෝ බිත්තියක් හෝ ගලක් හෝ මුවා වී නැවතත් ඔහු ව හමු වූ විට, එවිට ද ඔහු ඔහුට සලාම් පැවසිය යුතු වේ.”
رواه أبو داودමුස්ලිම්වරයෙක් තම සහෝදරයාව හමුවන සෑම අවස්ථාවකම ඔහුට සලාම් පැවසීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිරිමත් කළහ. එය කෙතරම්ද යත් දෙදෙනකු එකට ගමන් කළ ද ගසක්, බිත්තියක්, විශාල ගලක් වැනි යම් බාධකයක් ඔවුන් දෙදෙනා වෙන් කර, පසුව ඔහු ව මුණ ගැසෙන විට නැවත වාරයක් ඔහුට සලාම් දිය යුතුය.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අල්ලාහ් එමගින් වැරදි මකා දමන, එමගින් තරාතිරම් උසස් කරවන කරුණක් පිළිබඳව මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද?" ඔවුහු: ‘එසේය, අල්ලාහ්ගේ දූතයාණනි!’ යැයි පැවසූහ. එතුමාණෝ: "අකමැති අසීරු අවස්ථාවක වුළූ ධෝවනය සම්පූර්ණ කිරීම, දේවස්ථාන වෙත අධික වශයෙන් පියවර තැබීම හා සලාතයෙන් පසු සලාතය බලාපොරොත්තුවෙන් සිටීමය. රැකවරණය යනු එයයි.”
رواه مسلمපාපකම් සඳහා සමාව දෙනු ලැබීමට හේතුවන, ඒවා සටහන් කෙරුනු ලේඛනයෙන් මකා දමන, ස්වර්ගයේ තරාතිරම් උසස් කරන ක්‍රියාවන් ගැන තමන් ඔවුනට දන්වා සිටීම ඔවුන් ප්‍රිය කරන්නේ දැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සහාබාවරුන්ගෙන් විමසා සිටියහ. සහාබාවරු: "එසේය අපි එය ප්‍රිය කරන්නෙමු" යැයි පැවසුවෝය. එතුමාණෝ මෙසේ පැවසූහ: පළමුවැන්න: අධික සීතල, ජලය හිඟ වීම, ශරීරයේ වේදනාව, උණුසුම් ජලය වැනි දුෂ්කර අවස්ථාවන්හි වුළූ දෝවනය නිසි අයුරින් සිදු කිරීම හා පරිපූර්ණ කිරීම. දෙවැන්න: නිවස දුරින් පිහිටි හේතුවෙන් මස්ජිදය වෙත යාමට අධික වශයෙන් පියවර තැබීම. නැවත නැවතත් එසේ අධික වාරයක් පියනැගීම. තුන්වැන්න: නියමිත වේලාව එනතුරු සලාතය අපේක්ෂාවෙන් සිටීම, හදවත ඒ සමඟ සම්බන්ධ කිරීම, ඒ සඳහා සූදානම් වීම, සාමුහික සලාතය බලාපොරොත්තුවෙන් මස්ජිදයේ වාඩි වී සිටීම එමෙන්ම ඔහු සලාතය ඉටු කළ විට ඔහු එය එය ඉටු කළ ස්ථානයේ ම අනෙක් සලාතය ද අපේක්ෂාවෙන් සිටීම ය. සැබැවින්ම මෙම කරුණු රැකවරණයක් බව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. හේතුව ආත්මය අවහිර කරමින් තිබෙන ෂෙයිතාන්ගේ මාර්ගයට එය බාධකයක් වන බැවිනි. ආශාවන් මැඩපවත්වන බැවිනි. කුකුස් පිළිගැනීමෙන් එය ආත්මය වළක්වන බැවිනි. එවිට එමගින් අල්ලාහ්ගේ සේනාව ෂෙයිතාන්ගේ සේනාවන් අබිබවා යනු ඇත. එය අති මහත් අරගලයකි. තවද එය සතුරාට එරෙහිව ලබා දෙන රැකවරණයක් වැනිය.
නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ දර් දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “ඔබේ ක්‍රියා අතරින් ශ්‍රේෂ්ඨ, ඔබේ හිමිකරු අබියස වඩාත් පිවිතුරු, ඔබේ තරාතිරම් අතර වඩාත් උසස්, රන් හා රිදී වැය කිරීමට වඩා ඔබට උතුම්, ඔබේ සතුරා වෙත ගොස් ඔබ ඔවුන්ගේ ගෙල සිඳ දමා ඔවුන් ද ඔබගේ ගෙල සිඳ දැමීමට වඩා ඔබට ශ්‍රේෂ්ඨ දෑ මා ඔබට දන්වා සිටින්න ද?“ යැයි විමසූහ. ඔවුහු: “එසේය“ යැයි පිළිතුරු දුන්නෝය. එතුමාණෝ: "ඔබ උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීමය“ යැයි පැවසූහ.
رواه الترمذي وابن ماجه وأحمدනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම සහාබාවරුන්ගෙන් මෙසේ විමසා සිටියහ: ඔබේ ක්‍රියා අතරින් ශ්‍රේෂ්ඨ, වඩාත් ගෞරවනීය, වඩාත් උසස්, වඩාත් පිවිතුරු, සර්වබලධාරී රජු අල්ලාහ් ඉදිරියේ වඩාත් සුවිශුද්ධ වූ දෑ මම ඔබට හඳුන්වා දී ඔබව දැනුම්වත් කිරීම ඔබ ප්‍රිය කරන්නෙහු ද? ස්වර්ගයේ ඔබේ තරාතිරම් අතර වඩාත් උසස්? රන් හා රිදී දන් දීමට වඩා ඔබට උතුම්? ඔබේ සතුරා වෙත ගොස් ඔබ ඔවුන්ගේ ගෙල සිඳ දමා ඔවුන් ද ඔබගේ ගෙල සිඳ දැමීමට වඩා ඔබට ශ්‍රේෂ්ට දෑ වූ දෑ (මම ඔබට හඳුන්වා දී ඔබව දැනුම්වත් කිරීම ඔබ ප්‍රිය කරන්නෙහු ද?) සහාබාවරු: "එසේය, අපි එය ප්‍රිය කරන්නෙමු" යැයි පැවසූහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: "සෑම කාලවල දී සෑම තත්ත්වයකම හා සෑම ස්වරූපයකම උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කිරීම" යැයි පැවසූහ.