





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
සුලෙයිමාන් ඉබ්නු සුරද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග වාඩි වී සිටියෙමි. මිනිසුන් දෙදෙනෙකු එකිනෙකාට බැණ වදිමින් සිටියෝය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගේ මුහුණ රතු වී තිබිණ. ඔහුගේ ගෙල නහර ද පිම්ඹී තිබිණ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): "සැබැවින්ම මම වදනක් දනිමි. එය පැවසුවේ නම් අත් ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත. ඔහු ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් සිට ආරක්ෂාව මම අල්ලාහ්ගෙන් පතමි.) යැයි පැවසුවේ නම් ඔහුට අත්ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත.” යැයි පැවසූහ. පසුව ඔවුහු ඔහුට: සැබැවින්ම ඔබ ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් සිට ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා සිටි බව සැළ කර සිටියෝය. එවිට ඔහු 'මට පිස්සු හැදී ඇත්තේ ද? යැයි පවසා සිටි බවත් සඳහන් වී ඇත.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ මිනිසුන් දෙදෙනෙකු එකිනෙකාට බැණ වදිමින් සිටියෝය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගේ මුහුණ රතු වී තිබිණ. ඔහුගේ ගෙල වටා ඇති නහර ද ඉදිමී තිබිණ. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: 'සැබැවින්ම මම වදනක් දනිමි. එය මහත්සේ කෝපයට පත් වූ මෙම තැනැත්තා පවසන්නේ නම්, කෝපය ඔහුගෙන් පහව යනු ඇත. ඔහු 'අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම අල්ලාහ් වෙත පතමි.) යැයි පැවසුවේ නම් මැනව.' යැයි පැවසුහ. එවිට එහි සිටි පිරිස ඔහුට: 'සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ් වෙත පතන මෙන් පවසා සිටියේ යැ'යි පවසා සිටියෝය. එවිට ඔහු 'මට පිස්සු හැදී ඇත්තේ ද?' යැයි පවසා සිටිය. ඔහු ඉන් අදහස් කළේ පිස්සු හැඳුණු අයකු මිස වෙනත් කිසිවකු ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව නොපතන බවය.
නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) පැවසූ බව අබූ කතාදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "දැහැමි සිහිනය අල්ලාහ්ගෙන් වූවකි. දුෂ්ට සිහිනය ෂෙයිතාන්ගෙන් වූවකි. එහෙයින් ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා, තමන් බියට පත් අයුරින් යම් දුෂ්ට සිහිනයක් දුටු විටෙක ඔහුගේ වමතට තුන්වරක් කෙළ ගසන්නාක් මෙන් ඇඟවිය යුතු ය. ඉන් ඇතිවන හානියෙන් ආරක්ෂාව පැතිය යුතු ය. එවිට එය කිසිදු හානිකර බලපෑමක් ඔහුට ඇති නොකරනු ඇත.
متفق عليهනිින්දේදී දකින සතුටුදායක දැහැමි සිහිනය අල්ලාහ්ගෙන් වූවකි. දුෂ්ට සිහිනය එනම් පිළිකුල් සහගත මෙන්ම ශෝකය ඇති කරන සිහිනය ෂෙයිතාන්ගෙන් වූවකි. යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. කවරෙකු පිළිකුල් සහගත සිහියනක් දුටුවේ ද ඔහු ඔහුගේ වම් දෙසට කෙළ ගසන්නාක් මෙන් ඇගවිය යුතු ය. ඉන් ඇතිවන හානියෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පැතිය යුතු ය. සිහිනය මත පෙළ ගැසුනු පිළිකුල් සහගත දෙයින් ආරක්ෂාව පැතූ බැවින් එසේ මෙනෙහි කරන ලද කරුණ හේතුවක් බවට අල්ලාහ් පත් කරන ඇත. එහෙයින් කිසිදු හානිකර බලපෑමක් ඔහුට ඇති වන්නේ නැත.
උක්බත් ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ආරක්ෂාව යනු කුමක්දැ? යි මම විමසා සිටියෙමි. එතුමාණෝ: “ඔබේ දිව ඔබ ආරක්ෂා කර ගනු. ඔබේ නිවස ඔබව රඳවා ගත යුතුය. ඔබේ වැරදිවලට ඔබ හඬා වැළපෙනු." යැයි පැවසූහ.
رواه الترمذي وأحمدඋක්බා ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාගේ මෙලොව හා මතුලොවෙහි ආරක්ෂාවට හේතුවන කරුණු පිළිබඳ විමසා සිටියේය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ 'කරුණු තුනක් සම්බන්ධයෙන් ඔබ වැළකී සිටිය යුතු' බව පවසා සිටියහ. පළමුවැන්න: යහපතක් නැති හා හිංසනීය සෑම ප්රකාශයකින්ම ඔබේ දිව ආරක්ෂා කර ගන්න. යහපත හැර වෙනත් කිසිවක් කතා නොකරන්න. දෙවැන්න: හුදෙකලාවෙහි අල්ලාහ්ව නැමදීම සඳහා ඔබේ නිවසේ රැඳී සිටින්න. අල්ලාහ්ට අවනතවන කටයුතුවල නිරත වන්න. අර්බුදවලින් ඈත් වී ඔබේ නිවසේ රැඳී සිටින්න. තුන්වැන්න: ඔබ කළ පාපයන් ගැන පසුතැවිලි වී හඬා වැළපෙමින් පාපක්ෂමාවෙහි නිරත වන්න.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: සැබැවින්ම ගැමි අරාබිවරයකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ: ‘මම එය කළ විට, මා ස්වර්ගයට පිවිසිය හැකි ක්රියාවක් මට පෙන්වා දෙන්න.’ යැයි විමසා සිටියේය. එතුමා: “ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්න. කිසිවක් ඔහුට ආදේශ නොතබන්න. නියම කරන ලද සලාතය විධිමත්ව ඉටු කරන්න. අනිවාර්යය කරන ලද සකාතය පිරිනමන්න. රමළාන් මාසයේ උපවාසයේ නිරත වන්න.” යැයි පැවසීය. ඔහු: ‘මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා සිටිමි. මීට වඩා කිසිවක් මම අධික නොකරමි.’ යැයි පැවසීය. පසුව ඔහු හැරී ගිය කල්හි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: “ස්වර්ගවාසීන් අතරින් මිනිසෙකු දෙස බලන්නට කවරෙකු ප්රිය කරන්නේ ද මොහු දෙස බලත්වා!”
متفق عليهගම්බද මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ තමන් ස්වර්ගයට පිවිසිය හැකි ක්රියාවක් තමන්ට පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටියේය. සැබැවින්ම ස්වර්ගයට පිවිසීම හා අපා ගින්නෙන් මිදීම පිහිටා ඇත්තේ ඉස්ලාමයේ මූලිකාංග ඉටු කිරීම මත හා අල්ලාහ්ට පමණක් නැමදුම් ඉටු කරමින් හා ඔහුට කිසිවක් ආදේශ නොකිරීම මත බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුට පිළිතුරු දුන්නේය. එමෙන්ම සෑම රැයකම හා දහවලකම තම ගැත්තන් කෙරෙහි අල්ලාහ් අනිවාර්යය කළ පස්වාර සලාතය ඉටු කිරීම. අල්ලාහ් ඔබට අනිවාර්යය කළ වස්තුවේ සකාතය පිරිනැමීම; ඒවා සුදුසුකම් ලාබීන් හට භාර දීම. රමළාන් මාසයේ උපවාසය නියමිත කාලය තුළ ප්රවේසමින් ඉටු කිරීම. එම පුද්ගලයා, 'මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. අවනතභාවයේ කවර කරුණක් මා ඔබෙන් සවන් දුන්නේ ද එවන් අනිවාර්යය කරනු ලැබූ ක්රියාවට අමතර කිසිවක් මම වැඩි නොකරමි. ඉන් කිසිවක් අඩු නොකරමි' යැයි පැවසී්ය. ඔහු හැරී ගිය පසු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසූහ: ස්වර්ගවාසීන් අතරින් මිනිසෙකුව දකින්නට කවරෙකු ප්රිය කරන්නේ ද ඔහු මෙම ගැමි අරාබිවරයා දෙස බලත්වා.
සහ්ල් ඉබ්නු සඃද් අස්සාඉදී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී, මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අල්ලාහ් අබියස මෙලොව මැස්සෙකුගේ පියාපතකට සමාන වන්නේ නම්, දෙවියන් ප්රතික්ෂේප කරන කිසිවකුට එහි කිසිදු ජල පානයක් හෝ සපයන්නේ නැත."
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇතමෙම හදීසයේ අල්ලාහ් අබියස මෙලොව ඉතා පහත් බවත් එයට කිසිදු වටිනාකමක් නොමැති බවත් පැහැදිලි කොට ඇත. අල්ලාහ් අබියස කිසියම් හෝ වටිනාකමක් ඇත්නම් ඔහුව ප්රතික්ෂේප කරන පුද්ගලයකුට ජලය සපයන්නේ නැත. එය මිනිසාට භුක්ති විඳීමටත් එහි ඇති යහපත් දෑ රසවිඳීමටත් අතිරේක වශයෙන් ලබා දුන්නකි. එබැවින් අල්ලාහ් අබියස මෙලොව ඉතා අල්ප දෙයකි. නමුත් මතුලොව ඊට වෙනස්ය. එය දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට නොව දෙවියන් විශ්වාස කරන්නන් සඳහා වූ සදා සැප පහසුකම් ඇති නිවහනකි. එහෙයින් දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නන් මෙලොවෙහි යථාර්ථය අවබෝධ කර ගත යුතුය. එයට වහල් නොවිය යුතුය. එය විනාශ වී යන්නකි සදාතනික නොවේ. එහෙයින් සදාතනික මතුලොවෙහි සතුටින් ජීවත් වනු පිණිස ඒ සඳහා වූ මෙවලමක් ලෙස මෙලොව භාවිත කළ යුතු වේ. (තවද යමකින් ඔබලාට දෙනු ලැබූ දෑ එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමක් හා එහි වූ අලංකාරයකි. අල්ලාහ් වෙත ඇති දෑ ශ්රේෂ්ඨය වඩා ස්ථායීය. ඔබලා වටහා නොගන්නෙහු ද? අපි යමෙකුට අලංකාර ප්රතිඥාවක් දී එය ලබන තැනැත්තා, මෙලොව සම්පත් අපි ඔහුට භුක්ති විඳීමට සළස්වා පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු ඉදිරිපත් කරනු ලබන්නන් අතරින් වන්නෙකු මෙන් ද?) අල් කසස් 28:60,61.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "නින්දාවට ලක් වේවා, නින්දාවට ලක් වේවා, නින්දාවට ලක් වේවා" යැයි එතුමාණෝ පැවසූහ. 'අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු කවුරුන්ද?" යැයි විමසන ලදී. එතුමාණෝ: "යමෙක් තම දෙමව්පියන්ගෙන් කෙනෙකු හෝ ඔවුන් දෙදෙනාම හෝ වයෝවෘද්ධ තත්ත්වයේ තමන් ළඟ ජීවතුන් අතර හිඳ පසුව ස්වර් ගයට නොපිවිසුණු තැනැත්තාය."
رواه مسلمපසෙහි තම නාසය තබන්නාක් සේ ඔහුට අවමානය හා අපහාසය ලැබේවා යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රාර්ථනා කළහ. -තුන් වරක් එසේ ප්රකාශ කර සිටියහ.- අල්ලාහ්ගේ දූතයාණනි! එසේ ඔහුට එරෙහිව ඔබ ප්රාර්ථනා කළ අය කවුරුන්දැ?යි විමසන ලදී. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: කවරෙකු තම දෙමව්පියන්ගෙන් කෙනෙකු හෝ ඔවුන් දෙදෙනාම හෝ වයෝවෘද්ධ තත්ත්වයේ තමන් ළඟ ජීවතුන් අතර දැක එය ඔහු ස්වර්ගයට පිවිසීමට හේතුවක් බවට පත් කර නොගත් තැනැත්තාය. එය ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු නොකර ඔවුනට අකීකරු වීම හේතුවෙනි.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මක්කාවේ මාර්ගයක ගමන් කරමින් සිටියහ. එතුමාණෝ ජුම්දාන් නම් කන්ද අසළින් ගමන් ගත්හ. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ. "ඔබ ගමන් ගන්න. මෙය ජුම්දාන් කන්දය. හුදකලා වූවෝ පෙරට ගියහ." යැයි පැවසූහ. ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණනි! හුදකලාවූවෝ කවුරුන්ද?යැයි විමසා සිටියෝය. එවිට එතුමාණෝ “අල්ලාහ්ව අධික වශයෙන් මෙනෙහි කරන්නන් හා මෙනෙහි කරන්නියන් වෙති“ යැයි පැවසූහ.
رواه مسلمඅල්ලාහ්ව අධිකව මෙනෙහි කරන්නන්ගේ නිලය ගැනත්, සැබැවින්ම ඔවුන් හුදෙකලා වී ස්වර්ග උයහන්හි උසස් නිලයන් ලබමින් සෙසු අයට වඩා පෙරටුගාමීන් වන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. එමෙන්ම සෙසු කඳුවලින් වෙන්වී ඇති ජුම්දාන් කන්ද ඔවුනට උපමා ලෙස ගෙන හැර දැක්වූහ.
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අපා ගින්න ස්පර්ශ නොකරන දෑස් දෙකක් ඇත. අල්ලාහ්ට බියෙන් හඬන දෑස හා අල්ලාහ්ගේ මාර්ගයේ ආරක්ෂාව සලසා රාත්රියේ ගත කරන දෑසය.”
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇතහදීසයේ තේරුම: සැබැවින්ම අපා ගින්න උත්තරීතර අල්ලාහ්ට බියෙන් හැඬූ ඇස් ස්පර්ශ නොකරනු ඇත. එය මිනිසා අල්ලාහ්ගේ ගැත්තන්හට ඔහුගේ මහිමය හා බලය මෙනෙහි කරන විට ඔහුගේ තත්ත්වය හා අල්ලාහ්ගේ අයිතියෙහි තමන් දක්වන අඩුපාඩු මෙනෙහි කරමින් අල්ලාහ්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙමින් හා ඔහුගේ දඬුවම හා ඔහුගේ උදහසට බියෙන් හඬා වැළපෙනු ඇත. මෙය අපා ගින්නෙන් වන ආරක්ෂාව ගැන ප්රතිඥා දෙනු ලබන්නක් වන්නේය. එසේ අපා ගින්න ස්පර්ශ නොකරන තවත් ඇසක් වන්නේ මුස්ලිම්වරුන්ගේ ජීවිතවලට ආරක්ෂාව සලසමින්, සටන් කරන ස්ථානයන්හි හා රැදවුම් ස්ථානවල අල්ලාහ්ගේ මාර්ගයේ ආරක්ෂා කරමින් රාත්රිය ගත කරන්නන්ගේ ඇස්ය. අපා ගින්න ඒ දෙක ස්පර්ශ කරන්නේ නැත” යන ප්රකාශය වනාහි, මෙහි අවයවයක පදයක් පොදුවේ භාවිතා කර තිබුණද සම්පූර්ණ ශරීරයම අදහස් කරන්නකි. එනම්: කවරෙකු අල්ලාහ්ට බියෙන් හඬා වැළපෙන්නේ ද එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ ආරක්ෂාව සලසා රාත්රිය ගත කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් ඔවුන් දෙදෙනාගේ ශරීර නිරයට තහනම් කරන්නේය යන්නයි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට මම සවන් දුනිමි යැයි පවසමින් කඃබ් ඉබ්නු ඉයාළ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම සෑම ප්රජාවකටම අර්බුදයක් ඇත. මාගේ ප්රජාවේ අර්බුදය ධනයයි.”
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතඅල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට මම සවන් දුනිමි යැයි පවසමින් කඃබ් ඉබ්නු ඉයාළ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කර ඇත. “සැබැවින්ම සෑම ප්රජාවකටම අර්බුදයක් ඇත.” එනම් ඔවුන් පරීක්ෂාවට ලක් කරනු ලබන අර්බුදයට ලක් කරනු ලබන කරුණුය. “මාගේ ප්රජාවේ අර්බුදය ධනයයි.” සැබැවින්ම එය අපේක්ෂාවන් මුළුමණින්ම වළක්වන්නකි. ධනය භුක්ති විඳිමින් විනෝද වීම අවනත භාවයෙන් වෙනතකට යොමු කර මතුලොව අමතක කර දමනු ඇත.