





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “මාගේ සමූහයේ සියලු දෙනා නොසලකා හරිනු ලැබුවෝය. නමුත් ප්‍රසිද්ධියට පත්කර ගන්නන් හැර. එසේ ප්‍රසිද්ධියට පත්කර ගන්නන් අතරින් කරුණක් නම්, මිනිසෙකු රාත්‍රියේ යම් ක්‍රියාවක් සිදු කරයි. පසුව උදෑසන අවදි වෙයි. සැබැවින්ම අල්ලාහ් එය වසන් කළේය. නමුත් ඔහු: "අහෝ මිනිස! රාත්‍රී කාලයේ මා මේ මේ කටයුතු සිදු කළෙමි යැයි පවසයි. ඔහුගේ පරමාධිපති එය වසන් කර තිබුණි. නමුත් ඔහු අවදි වී ඔහු ගැන අල්ලාහ් වසන් කළ දෑ හෙළි කරන්නට විය.”
متفق عليهඅහංකාරයෙන් හා පුරසාරම් දොඩමින් තමන් කළ පාපය ප්‍රසිද්ධියට පත්කර ගන්නන් හැර, පාපකම් කරන මුස්ලිම්වරයකුට අල්ලාහ්ගේ සමාව හා පාපක්ෂමාව අපේක්ෂා කළ හැකි යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කළහ. රාත්‍රියේ යම් ක්‍රියාවක් සිදු කර පසුව උදෑසන අවදි වී පෙර දින කළ පුද්ගල පාපය තවත් කෙනෙකු සමග කතා කරමින් එසේ ප්‍රසිද්ධියට පත්කරන්නාට සමාව සුදුසු වන්නේ නැත. සැබැවින්ම ඔහුගේ පරමාධිපතියාණන් එය වසන් කර තිබුණි. නමුත් ඔහු වසන් කළ දෑ උදෑසන හෙළි කළේය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මරණයට පත්වීමට දින තුනකට පෙර කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “උත්තරීතර අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කරගත් තත්ත්වයේ මිස ඔබ අතරින් කිසිවකු මිය නොයා යුතුය.”
رواه مسلمසැබැවින්ම අල්ලාහ් කරුණා කරනු ඇත. මරණ මංචකයේ සිටින විට තමන්ට සමාව ලැබෙනු ඇත යන අපේක්ෂාවෙන් යුතුව අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කරගත් තත්ත්වයේ මිස කෙනෙක් මිය නොයා යුතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිරි ගැන්වූහ. සැබැවින් ම බියබැතිමත් බව දෛනික ක්‍රියාවන් විධිමත් වීමට ඉවහල් වනු ඇත. එනමුත් මරණ මංචකය ක්‍රියාවන් සිදු කිරීමට උචිත තත්ත්වයක් නොවේ. එබැවින් එවැනි අවස්ථාවක අවශ්‍යය වනුයේ යහපත් අපේක්ෂාවයි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “වේගවත් ගුවන් ගමනෙහි මා කැටුවාගෙන ගිය රාත්‍රියෙහි ඉබ්රාහීම් (අලෙයිහිස් සලාම්) තුමාව මම මුණ ගැසුණෙමි. එවිට එතුමා: අහෝ මුහම්මද්! ඔබේ සමූහයාට මා වෙතින් වූ සලාමය කියවා පෙන්වන්න. සැබැවින්ම ස්වර්ග උයන පිරිසිදු පසකි. ජලය ඉමිහිරිය. සැබැවින් එය විශාලය. සැබැවින්ම එහි පැළ කරනු ලබන්නේ ‘සුබ්හානල්ලාහ්’ (අල්ලාහ් අති පිවිතුරුය), ‘අල්හම්දු ලිල්ලාහ්’ (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය), ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත.), අල්ලාහු අක්බර් (අල්ලාහ් අති උත්කෘෂ්ටය.) යනාදියයි." යැයි පැවසුවේය.
رواه الترمذيනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. සැබැවින්ම එතුමාණන් වේගවත් ගුවන් ගමනෙහි නිරත වූ රාත්‍රියෙහි, "මා ඉබ්රාහීම් (අලෙයිහිස් සලාම්) තුමාව මුණ ගැසුණු විට එතුමා: 'අහෝ මුහම්මද්! ඔබේ සමූහයාට මාගේ සලාමය දන්වා සිටින්න. සැබැවින්ම ස්වර්ග උයන පිරිසිදු පසකින් යුක්තය. ජලය ලුණු මිශ්‍ර නොවූ ඉමිහිරිය. සැබැවින් ස්වර්ග උයන ගස්වලින් තොර තැනිතලාවකි. එහි පැළ කරනු ලබන්නේ යහපත් වදන්ය. ඒවා බාකියාතුල් සාලිහාත් හෙවත් සදා පවතින දැහැමි දෑ වේ. එනම්: ‘සුබ්හානල්ලාහ්’ (අල්ලාහ් අති පිවිතුරුය), ‘අල්හම්දු ලිල්ලාහ්’ (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය), ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත.), අල්ලාහු අක්බර් (අල්ලාහ් අති උත්කෘෂ්ටය.) යනාදියයි. මුස්ලාම් වරයා මෙය පවසන සෑම වාරයක් පාසාම ස්වර්ගයේ ඔහු වෙනුවෙන් පැළයක් පැළ කරනු ලැබේ.' යැයි පැවසුවේය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නබිත්වයෙන් (දිව්‍ය සම්බන්ධතා අතරින්) ශුභාරංචි දෙනු ලබන දෑ හැර වෙනත් කිසිවක් ඉතිරි වී නැත.” ඔවුහු: ශුභාරංචි දෙනු ලබන දෑ කුමක්ද? යැයි විමසුවෝය. එතුමා: ‘දැහැමි සිහිනය වේ’ යැයි පිළිතුරු දුන්හ.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතසැබැවින්ම දැහැමි සිහිනය වනාහි එය ශුභාරංචි දෙනු ලබන්නක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පෙන්වා දුන්හ. එය දිව්‍ය පණිවිඩ නතර වූ පසු ඉතිරිව ඇති දිව්‍ය පණිවිඩ වල බලපෑමයි. දැහැමි සිහිනය මිස එයින් දැන ගත හැකි වෙනත් කිසිවක් ඉතිරි වී නැත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “උහුද් කන්ද තරමට මට රත්තරන් වී නම්, මා ණය පියවීම සඳහා යමක් හැර ඉන් වෙනත් කිසිවක් මා සතුව තිබී එය මා ළඟ රාත්‍රී තුනක් ගෙවී නොයෑම මා සතුටු කරවනු ඇත.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත. එම පද පෙළ ඉමාම් බුහාරිට අයත්යපිරිසිදු රත්තරනින් උහුද් කන්ද තරමට ධනය මා සතුව ඇත්නම් ඒ සියල්ල අල්ලාහ්ගේ මාර්ගයේ මම වියදම් කරමි. මාගේ වගකීම් ඉටු කිරීමටත් මා වෙත නියම වූ ණය පියවීමටත් අවශ්‍ය දෑ හැර ඉන් කිසිවක් මම ඉතුරු නොකරමි.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම මිනිසෙක්: ‘අල්ලාහ්ගේ දූතයාණනි! මට නෑදෑයෝ සිටිති. මම ඔවුන් සමග සම්බන්ධකම් පවත්වමි. නමුත් ඔවුන් මා කපා හරිති. මම ඔවුන් සමග උපකාරශීලීව කටයුතු කරමි. නමුත් ඔවුන් මට නපුරුකම් කරති. ඔවුන් ගැන මම ඉවසමි. නමුත් ඔවුන් මා සමග අඥාන ලෙස කටයුතු කරති. යැයි පැවසීය. එවිට එතුමාණෝ: “ඔබ කියන පරිදි වන්නෙහි නම් එය ඔබ ඔවුනට උණු අලු කන්නට දෙන්නාක් මෙනි. තවද ඔබ එසේ ක්‍රියා කරමින් සිටින තාක්කල් අල්ලාහ්ගෙන් වූ උදව්කරුවකු ඔබ සමග සිටින්නේමය.”
رواه مسلمසැබැවින්ම මිනිසෙක් අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ තමන්ට නෑදෑයින් සිටින බවත්, තමා ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන නමුත් ඔවුන් ඊට විරුද්ධව කටයුතු කරන බවත් පැමිණිළි කළේය. එසේ තමාව කපා හරින තත්ත්වයේ පවා ඔහු ඔවුන් සමග සම්බන්ධකම් පවත්වා ඔවුන් සමග උපාකාරශීලීව කටයුතු කරන බවත් ඔවුන් ඔහුට නපුරුකම් කරන නමුත් ඔහු ඉවසා දරා ඔවුනට සමාව දෙන බවත් ඔවුන් පිළිකුල් සහගත ලෙස තමන් සමග කතාවෙන් හා ක්‍රියාවෙන් කටයුතු කරන බවත් දන්වා මේකී කරුණු සැලකිල්ලට ගෙන ඔවුන් සමග අඛණ්ඩව සම්බන්ධකම් පැවැත්විය හැකිදැ?යි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්, "ඔබ කියන පරිදි වී නම්, එනම් ඔවුන් ඔබව අපකීර්තියට පත් කර, පහත් කොට සළකන්නේ නම්, එය ඔබ ඔවුනට උණු අලු කන්නට දෙන්නාක් මෙනි. එය ඔවුන්ගේ ක්‍රියාවන් පිළිකුල් සහගත වුව ද ඔබ අධික ලෙස උපකාරශීලීව කටයුතු කළ හේතුවෙනි. ඔබ පවසන පරිදි ඔබ වෙත ඔවුන් නපුරුකම් කරමින් සිටිය ද ඔබ ඔවුන් සමග අඛණ්ඩව උපකාරශීලීව කටයුතු කරන තාක්කල් ඔවුන් විසින් සිදුවන හිංසනයන්ගෙන් අල්ලාහ් ඔබව ආරක්ෂා කරනු ඇත. ඔවුනට එරෙහිව උදව් කරන්නා ඔහුය. අල්ලාහ් ඔබ සමගම සිටියි." යැයි පැවසුහ.
මුස්තව්රිද් ඉබ්නු ෂද්දාද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මතුලොව විෂයයෙහි මෙලොව වනාහි ඔබ අතුරින් කිසිවකු තම ඇඟිල්ල මුහුදට දමා එහි තැවරෙන දෑ මෙන් මිස නැත. නැවත හැරී එනුයේ කුමක් දැයි අවධානයෙන් බලත්වා!“
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතමෙම හදීසයේ තේරුම:මෙලොව ජීවිතය මතු ලොව ජීවිතය හා සම්බන්ධ කොට බැලූ විට මෙලොවෙහි යථාර්ථය දැන ගන්නට සැබැවින්ම ඔබ අපෙක්ෂා කරන්නේ නම්, ඔබේ ඇඟිල්ල මුහුදට දමා පසුව එය ඔසවා එය කුමක් ගෙන දෙන්නේ දැයි අවධානයෙන් බලන්න යන්නයි. මුහුද හා සසඳන විට එය කිසිවක් ගෙන දෙන්නේ නැත. එමෙන්ම මෙලොව ජීවිතය මතුලොව ජීවිතය හා සසඳා බලන විට මෙලොවෙහි කෙටි කාලීන ජීවිතය, විනාශ වී යන ආශාවන් හා මතුලොවෙහි සදාතනිකභාවය, එහි ඇති සුවපහසුකම්වල අඛණ්ඩත්වය යන්න ගැන සැසඳීමේදී තම ඇගිල්ල මුහුදට දැමූ විට එහි තැවරී ඇති ජලයට සමානය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.මෙලොව ජීවිතය මතුලොව විෂයයෙහි ස්වල්පයක් මිස නැත.(තව්බා:38) මෙලොව ජීවිතයේ මැවීම්වලට පිරිනමා ඇති සියලු සැප පහසුකම් ගැත්තෙකු භුක්ති විඳිනුයේ කෙටි කලක් පමණි.එය දෙගිඩියාවෙන් පුරවන ලද්දකි. අප්‍රසන්න වූ කරුණු සමඟ බැඳී ඇත්තකි.තම අහංකාරය හා මුණීච්චාව හේතුකොටගෙන මිනිසා මෙමගින් කෙටි කාලයක් අලංකාරවත් වෙයි.පසුව එය ඉක්මණින් පහව යයි. ඒ සමගම දුක, ශෝකය හා පසුතැවිල්ල ලුහුබදිනු ඇත.“යමක් ඔබට පිරිනමනු ලැබුවේ නම් එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමක් හා එහි අලංකරණයක් පමණි. අල්ලාහ් අබියස ඇත්තේ යහපත හා සදා පවතින්නක් ය. ඔබලා වටහා නොගන්නේ මන් ද? (අල් කසස්: 60) අල්ලාහ් අබියස ඇති සදාතනික සැපය, ප්‍රීතිමත් ජීවිතය, මාලිගා, යහන යන සියල්ල එහි හැඩයෙන් හා එහි ප්‍රමාණයෙන් ඉතා ශ්‍රේෂ්ඨය සදාකාලිකය. එය සදාකල් පවතින්නකි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි නොකර සභාවකින් නැගිට යන පිරිස, බූරු මළකුණක් අසළින් නැගිට ගිය අය මෙන් මිස නොවෙති. ඔවුනට එය පසුතැවීමක් වනු ඇත.”
رواه أبو داودයම් පිරිසක් සභාවක වාඩි වී පසුව අල්ලාහ් සිහි කිරීමකින් තොරව විසිර යන්නේ නම්, ඔවුන් බූරුවකුගේ ගඳ ගහන මළකුණක් අසළ රැස්ව සිට නැගිට ගිය අය මෙන් වන්නේය. ඊට හේතුව එම කතාව තුළ අල්ලාහ්ගේ මෙනෙහි කිරීමක් ඔවුන් විසින් නො කළ බැවිනි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට එම සභාව අලාභයක් හා පාඩුවක් වන අතරම ඔවුනට පසුතැවිල්ල ද හිමි කර දෙනු ඇත.
අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග නිදහසේ මදීනාවේ ගමන් කරමින් සිටියෙමි. එවිට උහුද් කන්ද අප ඉදිරියේ දිස් විය. එවිට එතුමා “අහෝ අබූ දර්” යැයි ඇමතූහ. මම ‘අල්ලාහ්ගේ දූතයාණනි මම ඔබ සමීපයෙන් සිටිමි’ යැයි පැවසුවෙමි. එවිට එතුමා: “මා ළඟ මෙම උහුද් කන්ද මෙන් රත්රන් තිබී, එය මා සමග දින තුනක් ගත වීම ණය පියවීම සඳහා යම් ප්‍රමාණයක් මිස දීනාරයක් හෝ මා සතුව තිබීම මා සතුටු කරවන්නක් නොවන්නේය. එසේ තිබුණත් ඒ ගැන අල්ලාහ්ගේ ගැත්තත් වන මේ මේ මේ අයට යැයි පැවසීම හැර...” එය ඔහුගේ දකුණු පැත්තට වම් පැත්තට හා පසුපසට හැරිමිනි. පසුව නැවතත් ගමන් කළහ. පසුව එතුමා “සැබැවින්ම අධිකව තිබෙන්නන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වල්ප දෙනෙකු වෙති. නමුත් එම සම්පත් මේ මේ මේ දෑට යයි පවසා සිටියවුන් හැර. ‘ඔවුන් ස්වල්ප දෙනෙකි.’ පසුව එතුමා මට: “ඔබේ ස්ථානයේම සිටින්න. ඔබ වෙත මම නැවත පැමිණෙන තුරු හැරී නොයන්න.’ යැයි පැවසූහ. පසුව එතුමා නොපෙනෙන තෙක් රාත්‍රී අන්ධකාරයේ ගමන් කළේය. පසුව මම හඬකට සවන් දුනිමි. එය ඉහළින් විය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හරහට කිසිවෙකු හෝ වෙත්දැ?යි මම බිය වූයෙමි. ‘මම ඔබ වෙත පැමිණෙන තුරු හැර නොයන්න.’ එතුමා කියූ වචනය මට මතක් විය. එහෙයින් එතුමා මා වෙත පැමිණෙන තෙක් මා හැර නොගියෙමි. පසුව මම: සැබිවන්ම මම හඬකට සවන් දුනිමි. ඒ ගැන මම බිය වූයෙමි. මම එතුමාට ඒ ගැන ප්‍රකාශ කළෙමි. එවිට එතුමා: “ඔබ එයට සවන් දුන්නෙහිද?” මම ‘ඔව්’ යැයි පැවසුවෙමි. එතුමා: “එය ජිබ්රීල්ය. ඔහු මා වෙත පැමිණියේය. පසුව හෙතෙම ඔබේ සමූහයා අතරින් අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන තත්ත්වයේ මිය යන්නන් ස්වර්ගයට පිවිසීය” යැයි පැවසීය. මම ‘ඔහු දුරාචාරයේ යෙදුණද සොරකම් කළ ද යැයි විමසුවෙමි. එතුමා ඔහු දුරාචාරයේ යෙදුණ ද සොරකම් කළ ද යැයි පැවසූහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතහදීසයේ තේරුම: අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටියි. සැබැවින්ම තමන් මදීනාවේ කළු ගලක් සහිත නිදහස් ප්‍රදේශයක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග ගමන් කරමින් සිටියදී ඔවුනට උහුද් කන්ද ඉදිරියේ දැක ගන්නට විය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: ‘මා සතුටු කරවන්නේ නැත.’ එනම් මට ප්‍රීතියක් ගෙන දෙන්නේ නැත. ‘සැබැවින්ම මා ළඟ මෙම උහුද් කන්ද මෙන් රත්රන් තිබී එය දින තුනක් ගත වීම ණය පියවීම සඳහා යම් ප්‍රමාණයක් මිස තවත් එක් දීනාරයක් හෝ ඉතිරිව තිබීම මා සතුටු කරවන්නේ නැත. පිරිසිදු රත්රන්වලින් උහුද් කන්ද ප්‍රමාණයට ධනය මා සතුව තිබුණේ නම් ඒ සියල්ල අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරමි. යුතුකම් ඉටු කිරීමටත් මා මත පැවරුණු ණය පියවීමටත් අවශ්‍ය වන යමක් හැර ඉන් වෙනත් කිසිවක් ඉතිරි නොකරමි. ඊට අමතරව ඇත්නම් සැබැවින්ම දින තුනක් මා සමග තිබීමත් ඉන් කිසිවක් මා සතුව වීමත් මා සතුටු කරවන්නේ නැත. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙලොවෙහි සෙසු මිනිසුන්ට වඩා චාම් ජීවිතයක් ගර කර තිබීම මෙය පෙන්වා දෙයි. එතුමා ණය පියවීම සඳහා යමක් මිස ධනය රැස් කිරීමට ප්‍රිය කරන්නෙකු නොවූහ. එතුමා මිය ගිය අවස්ථාවේත් තම පවුලට තිරුගු ලබා ගැනීම සඳහා යුදෙව්වෙකු ළඟ යුධ කබායක් උකසට තබා තිබිණ. මෙලොව අල්ලාහ්ට වඩාත් ප්‍රිය මනාප වී නම් ඒවා ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට තහනම් නොකරන්නට තිබුණි. නමුත් අල්ලාහ්ව මෙනෙහි කිරීමත් ඒ සම්බන්ධව කටයුතු කිරීමත් දැනුම දෙන්නා, දැනුම ලබන්නා හා අල්ලාහ්ට අවනතවන කටයුතු වල නිරතවන්නා යනාදීන් හැර මෙලොව හා මෙලොවෙහි ඇති දෑ ශාප කරන ලද්දකි. පසුව එතුමා: ‘සැබැවින්ම අධිකව තිබෙන්නන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වල්ප දෙනෙකු වෙති.’ එනම් මෙලොව පිළිබඳ අධික ඇල්මක් ඇත්තෝ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැහැමි ක්‍රියාවන්ගෙන් අඩු අය වෙති. ඊට හේතුව සැබැවින්ම මෙලොවෙහි තම සම්පත් අධිකව සොයන්නා මත ස්වාධීනත්වය, අහංකාරය, අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වීම යනාදිය ඉහවහා යනු ඇත. සැබැවින්ම මෙලොව ජීවිතය ඔහුව වෙනතකට හරවා ඇති බැවිනි. මෙලොවෙහි අධිකව සොයන්නා මතුලොවෙහි අඩු බවට පත් වන්නේය. “ධනය මේ මේ මේ සඳහා යැයි පවසන්නන් හැර” එනම්. අල්ලාහ්ගේ මාර්ගයේ ධනය යෙදවීමය. පසුව “ඔවුන් ස්වල්ප දෙනෙකි” එහි අර්ථය අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නන් ස්වල්ප දෙනෙකු පමණකි යන්නයි. පසුව “අල්ලාහ්ට ආදේශ නොකරන තත්ත්වයේ කවරෙකු මිය යන්නේ ද ඔහු දුරාචාරයේ යෙදුණද සොරකම් කළද ස්වර්ගයට පිවිසීය.” සැබැවින්ම දුරාචාරය හා සොරකම සුළු දෙයක් බව අදහස් කර නැත. එය මහත් පාපයකි. අබූ දර් තුමා “ඔහු දුරාචාරයේ යෙදුණද සොරකම් කළ ද?” යනුවෙන් පවසා ඒ දෙක බරපතල දෙයක් ලෙස පෙන්වා දී ඇත්තේ එබැවිණි. එයට එතුමා ද “ඔහු දුරාචාරයේ යෙදුණද සොරකම් කළ ද?” යැයි පවසා ඇත්තේය. ඊට හේතුව කවරෙකු හෝ දේවත්වය විශ්වාස කළ තත්ත්වයේ මිය ගිය විට ඔහු මත මහා පාපයන් තිබුණ ද සැබැවින්ම අල්ලාහ් ඔහු ගැන මෙසේ පවසා ඇති බැවිණි “නියත වශයෙන්ම අල්ලාහ් ආදේශ කිරීම සඳහා සමාව දෙන්නේ නැත. ඒ හැර සෙසු දෑ සඳහා ඔහු අභිමත කරන්නන්හට සමාව දෙන්නේය.” අල්ලාහ් ඔහුට සමාව දෙයි ඔහුට දඬුවම් නොකරයි. ඔහුට දඬුවම් දුන්න ද ඔහුගේ අවසන් ඉරණම ස්වර්ගයයි. අල්ලාහ්ට ආදේශ නොකරන සෑම කෙනෙකුම දේවත්වය ප්‍රතික්ෂේප කරන ක්‍රියාවක් ගෙන එන්නේ නැත. එවිට ඔහුගේ අවසන් ඉරණම ස්වර්ගය වෙත වන්නේය. ප්‍රතික්ෂේප කරන ක්‍රියාවක් සමගම ඔහු මිය ගිය අයකු වූ කලී ඔහු අපා ගින්නේ සදාතිනයකු වේ. ඔහුගේ ක්‍රියාව නිෂ්ඵලය. සැබැවින්ම කුහකයින් “සැබැවින්ම ඔබ අල්ලාහ්ගේ දූතයකු බවට අපි සාක්ෂි දරමු.” යැයි අල්ලාහ්ගේ දූතයාණන් හට පවසන්නන් වූහ. ඔවුහු අල්ලාහ්ව මෙනෙහි කරති. නමුත් ස්වල්ප ප්‍රමාණයක් මිස අල්ලාහ්ව මෙනෙහි නොකරති. ඔවුහු සලාතය ඉටු කරති නමුත් “ඔවුන් සලාතය සඳහා නැගී සිටි විට මැලිවූවන් ලෙස නැගී සිටිති.” ඒ සමගම අපා ගින්නේ පහළම මට්ටමට පිවිසෙති. මොලොවට ඇති මෝහයෙන් ඉවත් වීම මෙය පෙන්වා දෙයි. සැබැවින්ම මිනිසා තමන්ව ඒ සමග එල්ලා තිබීම අවශ්‍ය වන්නේ නැත. මෙලොව ඔහුගේ අතේ තැබිය යුතු අතර හදවතේ තැබිය යුතු නැත. හදවත සර්වබලධාරියාණන් වූ අල්ලාහ් මත පිළගනු ලබන්නක් විය යුතුය. සැබැවින්ම එයයි චාම්භවේ පූර්ණ්තවය වන්නේ. එහි ඇති ඔබේ කොටසද ඔබ අමතක නොකළ යුතුයි. නමුත් එය ඔබේ අතේ තැබිය යුතු අතර ඔබේ හදවතේ නොතැබිය යුතුය. එයයි වඩාත් වැදගත් වන්නේ.