





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “තම පරමාධිපතිව මෙනෙහි කරන අයට හා ඔහුව මෙනෙහි නොකරන අයට උපමාව, ජීවත්ව සිටින අයකුගේ හා මිය ගිය අයකුගේ උපමාව මෙනි.” මුස්ලිම්හි සඳහන් තවත් වාර්තාවක “අල්ලාහ්ව මෙනෙහි කරනු ලබන නිවසට හා අල්ලාහ්ව මෙනෙහි කරනු නොලබන නිවසට උපමාව ජීවත්ව සිටින අයකුගේ හා මිය ගිය අයකුගේ උපමාව මෙනි.”
متفق عليهඅල්ලාහ්ව මෙනෙහි කරන අය අතර හා ඔහුව මෙනෙහි නො කරන අය අතර වෙනස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැහැදිළි කළහ. එම වෙනස ප්රයෝජනවත්භාවය හා බාහිර පෙනුමෙහි ජීවත්ව සිටින අයකුගේ හා මිය ගිය අයකුගේ වෙනස මෙනි. තම පරමාධිපතිව මෙනෙහි කරන්නාට උපමාව තම බාහිර පෙනුම ජීවිතයේ ආලෝකයෙන් අලංකාරවත් වූ ඔහුගේ අභ්‍යන්තරය දැනුමේ ආලෝකයෙන් අලංකාරවත් වූ ජීවී අයකුගේ උපමාව මෙනි. එහි ඔහුට ප්‍රයෝජනය ඇත. අල්ලාහ්ව මෙනෙහි නොකළ අයකුට උපමාව ඔහුගේ බාහිරය නිෂ්ඵල වූ හා ඔහුගේ අභ්‍යන්තර ශුන්‍ය වූ මිය ගිය අයකුගේ උපමාව මෙනි. එහි කිසිදු ප්‍රයෝජනයක් නැත. එමෙන්ම අල්ලාහ්ව මෙනෙහි කරමින් වාසය කරන මිනිසුන් සිටින නිවස ජීවී අයකුට උපමා කළේය. එසේ නොවී නම්, එනම් එහි වැසියන් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් අක්‍රීයව සිටින බැවින් එය මළ ගිය නිවසක් මෙනි. ජීවත්ව සිටින අය හා මිය ගිය අය නිවස සමග උපමා කිරීමෙන් අදහස් කරනුයේ නිවසේ වාසය කරන්නන් සම්බන්ධව ය.
අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිනක් මින්බර් වේදිකාව මත වාඩි වී සිටියහ. අප ද එතුමාණන් අවට වාඩි වී සිටියෙමු. එවිට එතුමාණෝ: “සැබැවින්ම මගෙන් පසුව ඔබලා කෙරෙහි මා බියවන කරුණ නම්, මෙලොව චමත්කාරය හා එහි අලංකාරය නුඹලා වෙත විවෘත කරනු ලැබීමය.” යැයි පැවසූහ. එවිට මිනිසෙක්, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! යහපත අයහපත ගෙන දෙයි ද?" යැයි විමසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නිහඬ වූහ. 'එවිට ඔබට කුමක් වීද? ඔබ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග කතා කළ නමුත් එතුමාණන් ඔබ සමග කතා නොකරයි.' යැයි ඔහුට පවසන ලදී. 'සැබැවින්ම එතුමාණන් වෙත වහී පහළ වනු ඇතැයි අපි දැන ගත්තෙමු.' පසුව එතුමාණෝ දහඩිය පිසදමා "ප්රශ්නය විමසා සිටි තැනැත්තා කොහේදැ?"යි විමසා සිටියහ. එතුමා ඔහුව ප්‍රශංසා කරන්නට විය. එවිට එතුමාණෝ: සැබැවින්ම "යහපත කිසිවිටෙක අයහපතක් ගෙන එන්නේ නැත. (එයට උපමාවක් නම්) වසන්ත කාලයේ හටගන්නා ශාකවලින් සතුන් මරා දමන දෑ ද එසේ නැතහොත් මාරාන්තික වේදනාවට ලක් කරන දෑ ද ඇත. හරිත තණකොළ පමණක් ආහාරයට ගත් සතුන් හැර. ඒ සතුන් උදරයේ දෙපැත්ත නෙරා යන තරමට අනුභව කර හිරුට නිරාවරණය වී ඌ මළ මූත්‍රා කරයි. නැවතත් එය එලෙස සිදු කරයි. මෙම ධනය ද හරිත හා මිහිරිය. මුස්ලිම්වරයකු තමන් විසින් දුගියාට අනාතයාට මගියාට පිරිනමන දෑ යහපත් විය. -එසේ නැතහොත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළා සේය.- එනම් කවුරුන් හෝ එය අසාධාරණ ලෙස ලබා ගන්නේ නම්, එය තමන් අනුභව කරන නමුත් කුස නොපිරුණු අයකු මෙන් වේ. මළවුන් කෙරෙන් නැවත නැඟිටවනු ලබන දිනයේ එය ඔහුට විරුද්ධව සාක්ෂි දරනු ඇත." යැයි පැවසුහ.
متفق عليهදිනක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මින්බර් වේදිකාව මත වාඩි වී තම අනුගාමිකයින්ට කතා කළහ. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ. ඇත්තෙන්ම මගෙන් පසුව ඔබ වෙනුවෙන් මා අධික ලෙස බිය වන්නේ මහපොළොවේ සමෘද්ධිය, මෙලොවෙහි සුවය, එහි අලංකාරය, එහි චමත්කාරය, එහි පවතින විවිධ සැප පහසුකම්, ඇඳුම් පැළඳුම්, ගහ කොළ තාවකාලික වුව ද එහි අලංකාරය සමග මිනිසා අහංකාරකම් පාන වෙනත් දෑ ඔබ වෙත විවෘත වීම ය. එවිට මිනිසකු මෙසේ පැවසීය. "මෙලොවෙහි අලංකාරය අල්ලාහ්ගේ ආශිර්වාදය නොවේ ද? මෙම ආශිර්වාදය නැවත හැරී ශාපයක් හා දඬුවමක් බවට පත්වේ ද?" නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නිහඬව සිටිනු දුටු ජනයා එසේ ප්‍රශ්න කළ තැනැත්තාට දොස් පවරන්නට ගත්හ. ඇත්තෙන්ම එතුමාණන් ඔහු කෙරෙහි දැඩි කෝපයෙන් සිටිනු ඇතැයි සිතූහ. සැබැවින්ම තමන් වෙත දිව්‍ය පණිවිඩ පහළවෙමින් තිබුණු බව එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැහැදිලි කොට, පසුව එතුමාණන්ගේ නළලින් දහඩිය පිසදමා ප්රශ්නය විමසා සිටි තැනැත්තා කොහේදැ?යි විමසා සිටියහ. මම වෙමි යැයි ඔහු පවසා සිටියේය. පසුව ඔහු අල්ලාහ්ට ප්‍රශංසා කර, පැසසුමට ලක් කළේය. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පැවසූහ. "සැබෑ යහපත යහපත මිස වෙනත් කිසිවක් ගෙන දෙන්නේ නැත. නමුත් මේ අලංකාරය පිරිසිදු යහපතක් නොවේ. හේතුව මතුලොව පූර්ණ ලෙස පිළිගැනීමෙන් වෙනතකට යොමුකර ක්‍රියාකාරකම්, අර්බුධ හා ආශාවන් එහි පවතින බැවිනි." පසුව ඒ සඳහා උපමාවක් ගෙන හැර පෑහ.එවිට එතුමාණෝ, "සැබැවින්ම වසන්ත කාලයේ හට ගන්නා ශාඛ හා එහි හරිතය වනාහි, එය ගොවිපළ සතුන් කැමැත්තෙන් ආහාරයට ගන්නා ශාක වේ. කෑදරකම නිසා අධික ලෙස ආහාරයට ගැනීමෙන් එය උන් මරා දමනු ඇත. එසේ නැතහොත් මරා දැමීමට බලනු ඇත. නමුත් හරිතතණකොල අනුභව කරනවුන් හැර ඌ උගේ කුසේ දෙපැත්ත පිරින තෙක් අනුභව කරයි. පසුව හිරුට නිරාවරණය වී උගේ කුසෙන් සියුම් ගොම පහ කරයි. එසේ නැතහොත් මූත්‍රා කරයි. ඉන්පසු උගේ උදරයේ තිබූ දෑ ඉවතට දමා, එය විකා පසුව එය ගිල දමයි. නැවතත් එලෙස සිදු කර එය අනුභව කරයි." "සැබැවින්ම මෙම වස්තුව ද මිහිරි හරිත ඔසුවක් මෙනි. එහි අධිකත්වය පුද්ගලයා මරා දමන්නට පුළුවන, එසේ නැතහොත් මාරාන්තික තත්ත්වයට ඔහුව ගෙන යන්නට පුළුවන. නමුත් තමන්ට අවශ්‍ය සුළු ප්‍රමාණයක් ගෙන, අනුමත ක්‍රමයකින් තමන්ට ප්‍රමාණවත් දෑ ලබා එය සීමා කර ගන්නේ නම්, ඉන් හානියක් වන්නේ නැත. එනමුත් මුස්ලිම් තැනැත්තා යහපත් වනු ඇත. මන්ද ඔහු ඉන් දුගියාට අනාථයාට හා මගියාට පිරිනමනු ඇත. කවරෙකු යුක්ති සහගත ලෙස එය ලබන්නේ ද එහි ඔහුට සමෘද්ධිය ලැබෙනු ඇත. කවරෙකු එහ අයුක්ති සහගත ලෙස ගන්නේ ද ඔහු, අනුභව කළත් කුස නොපිරුනු අයකු මෙනි. මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ එය ඔහුට එරෙහිව සාක්ෂිකරුවකු වනු ඇත."
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් වෙත මිනිසෙකු පැමිණ, “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ජනයා අතර මා ඉතා යහපත් අයුරින් මිතුදම් පාන්නට වඩාත් උරුමය ඇත්තේ කාහටද?“ යැයි විමසීය. එතුමා: “ඔබේ මවට“ යැයි පැවසූහ. ඔහු: “පසුව කාහටදැ“යි විමසීය. එතුමා: “ඔබේ මවට“ යැයි පැවසූහ. “පසුව කාහටදැ“යි විමසීය. එතුමා “ඔබේ මවට“ යැයි පැවසූහ. ඔහු “පසුව කාහටදැයි“ විමසීය. “ඔබේ පියාට.“ බුහාරි හා මුස්ලිම් මෙය වාර්තා කොට ඇත. තවත් වාර්තාවක, “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මිතුදම් පාන්නට වඩාත් උරුමය ඇත්තේ කාහටද?“ “ඔබේ මවට. පසුව ඔබේ මවට. පසුව ඔබේ මවට. පසුව ඔබේ පියාට. පසුව ඔබේ සමීප ඥාතීන්ට, ඔබේ ඥාතීන්ට“ යැයි පැවසූහ.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතදෙමව්පියන් සෑම කෙනෙකුටම යහපත් අයුරින් මිතුදම් පෑ යුතු බවත් ඔවුන්ගේ කටයුතුවලදී පූර්ණ ලෙස අවධානය යොමු කළ යුතු බවත් මෙම හදීසය පෙන්වා දෙයි. (ලෞකික කටයුතුවලදී ඔවුන් දෙදෙනා සමග යහපත් අයුරින් මිතුදම් පානු) නමුත් මවට හිමි උරුමය පියාගේ උරුමයට වඩා තරාතිරම්වලින් උසස්ය. මවගේ උරුමය පිළිබඳව තහවුරු කිරීමෙන් පසුවය පියාගේ උරුමය පිළිබඳ සඳහන් වනුයේ. ඒ පිළිබඳ අවස්ථා තුනක සඳහන් වෙයි. මව හා පියාගේ තත්ත්වය උසස් වනුයේ, ඔවුන් දෙදෙනාම දරුවරුන් හදා වඩා ගැනීමේදී හවුල්කරුවන් වන බැවිනි පියා මුදලින් හා පරිපාලනයෙන් හවුල් වන අතර මව කෑම බීම පිළියෙල කිරීම, ඇඳුම් සේදීම, ඇතිරිලි සැකසීම වැනි කටයුතුවලදී හවුල් වන්නීය. මම පියාට වඩා උසස් වන්නට හේතුව පියා උදව් නොකරන මාර්ගයන්හි මව ඔහුට උදව් කරන බැවිනි. ඇය මාස නවයක් පියවරෙන් පියවර කුසේ දරා, දුර්වල වූවාය. ඇය ඔහුව ප්‍රසූත කළාය. එවිට ඇයගේ ජීවිතය අවධානම් විය. පසුව වසර දෙකක පමණ කාලයක් ඇය ඔහුට කිරි පෙව්වාය. ඔහුගේ සුවය පිණිස රාත්‍රියේ අවදිව සිටියාය. ඔහුගේ යහපත පිණිස කැපවී කටයුතු කළාය. මෙලෙස ඇය දුක් කන්දරාවක් විඳ දරා ගත්තාය. එහෙයින් දේව පණිවිඩය මෙසේ ප්‍රකාශ වී ඇත. “සැබැවින්ම තම දෙමාපියන්ට යහපත් අයුරින් කටයුතු කරන මෙන් මිනිසාට නියෝග කළෙමු. ඔහුගේ මව ඔහුව ඉතා අසීරුවෙන් ඉසිළුවාය. ඔහුව ප්‍රසූත කළාය. ඔහුව උසුලා මාස තිහක් කිරි පෙව්වාය.“ එහෙයින් තම දෙමාපියන් සමග යහපත් අයුරින් කටයුතු කරන මෙන් නියෝග කර තිබීම ඔබට දැකිය හැක. මවගේ උරුමයේ මහිමය සංකේතවත් කරමින් ඇය ඔහුට උපකාර කර ඇති බව මතක් කරමින් මව ගැන සඳහන් වී ඇත. දෙමාපියන් යහපත් අයුරින් රැකබලාගැනීම යනු ඔවුන් දෙදෙනාට ආහාර පාන නවාතැන් හා ඇඳුම් පැළදුම් සඳහාත් ඔවුන්ගේ ජීවන අවශ්‍යතා සඳහාත් වියදම් කිරීමය. ලෞකික ජීවිතයේ පහත් හෝ මධ්‍යස්ත ජීවිතයක් ගත කරමින් සිටියදී ඔබ තෘප්තිමත් සතුටු දායක ජීවිතයක් ගත කරන්නෙහි නම් ඔබේ තරාතිරමට අනුව ඔවුන් දෙපළ උසස් කරවිය යුතුය. එසේ නැතිනම් ඊට වඩා අධිකව තැබිය යුතුය. මිතුදමෙහි වඩාත් යහපත් වනුයේ එයයි. යූසුෆ් නබි තුමා තම දෙමාපියන්ට සිදු කළ දෑ පිළිබඳ මදක් සිතා බලන්න. එතුමාට රජ පදවිය දෙන ලදී. එවිට ඔවුන් දෙදෙනා ගමෙන් පැමිණි පසු ඔවුන් දෙදෙනාව රාජාසනයේ උසස් කොට තැබූහ. මිතුදමෙහි තවත් අලංකාරයක් වනුයේ අල්ලාහ් මෙනෙහි කර තිබෙන්නාක් මෙන් සියලුම කටයුතු වලදී ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කිරීමයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි. “ඔහුට පමණක් මිස වෙන කිසිවකුට ගැතිකම් ඉටු නොකළ යුතු බවත් දෙමාපියන්ට උවටැන් කළ යුතු බවත් ඔබේ පරමාධිපති තීන්දු කළේය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනාම හෝ ඔබ අබියස වයෝවෘද්ධභාවය ලබා ඇත්නම් ඔවුන් දෙදෙනාට චි (වැනි පිළිකුල් සහගත වදනින්) කතා නොකරනු. ඔවුන් දෙදෙනා පළවා නොහරිනු. ඔවුන් දෙදෙනාට ගෞරවණීය වදනින් කතා කරනු. කරුණාවේ පහත් පියාපත් ඔවුන් දෙදෙනාට පහත් කරනු. තවද මාගේ පරමාධිපතියාණන් මා කුඩා කාලයේ හදාවඩාගත්තාක් මෙන් ඔවුන් දෙදෙනාට ඔබ කරුණාව දක්වනු.“ එහෙයින් පහත් වදනින් කතා කිරීමෙන් වැළකී සිටිය යුුතුයි. ඔවුන් දෙදෙනාට හිංසා කිරීමෙන් වැළකී සිටිය යුතුයි. ඔබේ කතාවෙන් ඔවුන් වේදනාවට පත් නොවිය යුතුයි. ඔවුන් දෙදෙනාට ඔබේ පියාපත් හෙළිය යුතුය. ඔබේ මනස ඔවුන් දෙදෙනා වෙත යටහත් කළ යුතුයි. පිවිතුරු හදවතින් ඔවුන් දෙදෙනාට ප්‍රාර්ථනා කිරීමෙහි ඔබේ දිව නිරත කරවිය යුතුයි. ඔබ නිතර මෙසේ ප්‍රාර්ථනා කළ යුතුයි. මාගේ පරමාධිපතියාණනි, ඔබ මා කුඩා කාලයේ ඇති දැඩි කළාක් මෙන් ඔවුන් දෙදෙනාට ඔබ කරුණා කරනු මැනව. දේව පණිවිඩය සංකේතවත් කරමින් හා හදීසය අනුගමනය කරමින් මවට අමතර අවධානය යොමු කිරීමට අමතක නොකළ යුතුය.
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. අල්ලාහ්ගේ මාර්ගයේ ආහාර දෙකකින් වියදම් කරන්නා ස්වර්ගයේ දොරටු අතරින්, අහෝ අල්ලාහ්ගේ ගැත්තනි මෙය යහපතකි. යැයි පවසා ඇරයුම් කරනු ලැබේ. එමෙන්ම කවරෙකු සලාතය ඉටු කරන්නන් අතරින් කෙනකු වූයේද ඔහුව සලාතයේ දොරටුවෙන් ඇරයුම් කරනු ලැබේ. කවරෙකු ජිහාද්හි නිරතවන්නන් අතරින් කෙනෙකු වූයේද ඔහුව ජිහාද්හි දොරටුවෙන් ඇරයුම් කරනු ලැබේ. කවරෙකු උපවාස ශීලය රකින්නන් අතරින් වූයේද ඔහුව රය්යාන් නම් දොරටුවන් ඇරයුම් කරනු ලැබේ. කවරෙකු සදකා දෙන අය අතරින් වූයේද ඔහුව සදකාවේ දොරටුවෙන් ඇරයුම් කරනු ලැබේ. (එවිට) අබූ බක්කර් තුමා, “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ පියා හා මාගේ මව ඔබට කැප කරමින් පවසමි. එම දොරටුවලින් ඇරයුම් කරනු ලබන්නන් හට (දුක් වන්නට) කිසිදු හේතුවක් නොවනු ඇත. නමුත් ඒ සියලු දොරටුවලින් කිසිවකු ඇරයුම් කරනු ලබනු ඇත්දැ?“යි විමසා සිටියේය. එවිට එතුමා, “එසේය ඔබත් ඔවුන් අතුරින් වන්නට මම ආශා කරමි“ යැයි පැවසූහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතආහාරයෙන් හෝ ඇඳුම් පැළඳුම්වලින් හෝ ප්‍රවාහනයෙන් හෝ මුදලින් හෝ ක්‍රම දෙකකින් අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තු වෙමින් කවරෙකු පරිත්‍යාග කරන්නේද, මලක්වරු ස්වර්ග දොරටු අසළ සිට ඔහුව සාදරයෙන් පිළිගෙන ඔබ බොහෝමයක් යහපත සිදු කොට ඇත. එහෙයින් අද දින ඒ සඳහා අතිමහත් කුසල් පිරිනමනු ලබනු ඇත. යැයි පවසති. අධික වශයෙන් සලාතය ඉටු කළවුන් සලාතයේ දොරටුවෙන් කැඳවනු ලැබ ඔවුන් ඒ මාර්ගයෙන් ස්වර්ගට පිවිසෙනු ඇත.අධික වශයෙන් සදකා දුන් අය සදකාවේ දොරටුවෙන් කැඳවනු ලැබ ඔවුන් ඒ මාර්ගයෙන් ස්වර්ගයට පිවිසෙනු ඇත. අධික වශයෙන් උපවාසයේ නිරත වූවන්ට රය්යාන් නම් දොරටුව අබියස මලක්වරු ඔවුන් සාදරයෙන් පිළිගෙන ස්වර්ගයට පිවිසෙන මෙන් කැඳවති. රය්යාන් යනු පිපාසය සංසිදුවන ස්ථානයකි. හේතුව උපවාසයේ නිරත වූවන් ජලය පානය කිරීමෙන් වැළකී පිපාසයෙන් සිටින බැවිනි. විශේෂයෙන් ග්‍රීස්ම සෘතුවෙහි ඔවුන් පිපාසයෙන් සිටියහ. එහෙයින් ඔවුන්ගේ පිපාසය සඳහා කිසි විටෙක පිපාසය ඇති නොවන ස්වරගය පිරිනමනු ලබති. ඔවුහු එම දොරටුවෙන් ස්වර්ගය වෙත පිවිසෙනු ඇත. අබූ බක්කර් තුමා මෙයට සවන් දුන් කල්හි, “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ පියා හා මාගේ මව ඔබට කැප කරමින් පවසමි. එම දොරටුවලින් ඇරයුම් කරනු ලබන්නන් හට (දුක් වන්නට) කිසිදු හේතුවක් නොවනු ඇත. නමුත් ඒ සියලු දොරටුවලින් කිසිවකු ඇරයුම් කරනු ලබනු ඇත්දැ?“යි විමසා සිටියේය. එවිට එතුමා “එසේය ඔබත් ඔවුන් අතුරින් වන්නට මම ආශා කරමි“ යැයි පැවසූහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු මා සිහිනයෙන් දුටුවේ ද ඔහු අවදියෙන් සිටියදී මා දකිනු ඇත. - එසේ නැතිනම්, අවදියෙන් සිටියදී ඔහු මා දකින්නාක් මෙනි. - ෂෙයිතාන් මාගේ හැඩරුව නොගනියි.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතමෙම හදීසය අර්ථය පැහැදිලි කිරීමේදී විද්වත්හු විවිධ මත දරති. පළමුව: මෙයින් අදහස් කරනුයේ: එතුමාගේ යුගයේ උදවිය පිළිබඳවයි. එනම් හිජ්රත් නොකළ තත්ත්වයේ එතුමාණන්ව දුටුව, අවදිව සිටිය දී දෑසින්ම සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා දකින්නටත් හිජ්රත් කිරීමටත් අල්ලාහ් ඔවුනට භාග්‍යය පිරිනමනු ඇත. දෙවැන්න: සැබෑ ලෙසින්ම, එනම් ප්‍රාණ ලොකයෙහි සිහිනෙන් තමන්ට දිස් වන්නා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාය. එතුමාණන්ව දැකීම යනු සැබෑවකි. එතුමාණන්ගේ හැඩරුව පිළිබඳ මනා අවබෝධයක් තිබීම එහි කොන්දේසියකි. තුන්වැන්න: එම හීනය තහවුරු කිරීමක් වශයෙන් මතුලොවෙහි අවදිව සිටිය දී එතුමාණන්ව දකිනු ඇත. විශේෂයෙන් එතුමාණන්ට සමීපයෙන් සිටීමත් එතුමාණන්ගේ මැදිහත් වීම තමන්ට ලැබීමත් දකිනු ඇත. ‘අවදිව සිටිය දී ඔහු මා දකින්නාක් මෙනි‘ යන ඉමාම් මුස්ලිම් තුමා විසින් වාර්තා කරන ලද ප්‍රකාශය වනාහි එය අල්ලාහ්ගේ දූතයාණන් ‘අවදිව සිටිය දී ඔහු මා දකිනු ඇත‘ යැයි පැවසුවේ ද එසේ නැතිනම් ‘අවදිව සිටියදී ඔහු මා දකින්නාක් මෙනි‘ යැයි පැවසුවේ ද යන්න ගැන සැකයක් ඇත. එහි අර්ථය: නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ ශරීර හැඩය එලෙසින්ම සිහිනයෙන් දකින්නා ඔහු අවදිව සිටිය දී ඔහුව දුටුවාක් මෙන් පවතී යන්නයි. මෙම සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ ප්‍රකාශය බුහාරි හා මුස්ලිම්හි සඳහන්ව ඇති ‘‘කවරෙකු සිහිනෙන් මා දුටුවේ ද සැබැවින්ම ඔහු මා දුටුවේය.“ යන හදීසය හා බුහාරි හා මුස්ලිම්හි සඳහන් “කවරෙකු මා සිහිනෙන් දුටුවේ ද සැබැවින්ම ඔහු සත්‍යය දුටුවේය“ යන හදීසය හා සමානය. “ෂෙයිතාන් මාගේ හැඩරුව නොගනු ඇතැ“යි යනුවෙන් ද එතුමාණන් ප්‍රකාශ කර ඇත්තාහ. තවත් වාර්තාවක සඳහන්ව ඇති පරිදි “කවරෙකු මා දුටුවේ ද සැබැවින්ම ඔහු මා දුටුවේය. නියත වශයෙන් මාගේ හැඩරුව ගැනීමට ෂෙයිතාන්ට කිසිදු හැකියාවක් නැත යන්න ද සඳහන් වී ඇත. එනම්: නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ සැබෑ හැඩරුව ගැනීමට ෂෙයිතාන්ට නොහැකි බවයි. එසේ නැතිනම් ෂෙයිතාන් පැමිණ: නියත වශයෙන්ම තමන් අල්ලාහ්ගේ දූතයාණන් යැයි පවසා සිටිය ද ඔහුගේ හැඩරුව සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ හැඩරුවට සමානව නොපවතියි. ඔහු අල්ලාහ්ගේ දූතයාණන් නොවෙයි. එහෙයින් මිනිසෙකු යම් පුද්ගලයකු සිහිනෙන් දැක තම සිතෙහි සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ දූතයාණන් යැයි සිතට වැදුණේ නම්, ඔහු දුටු එම ලක්ෂණ නබි -සල්ල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ ලක්ෂණ වලට සමාන වන්නේ ද? නැද්ද යන්න වග සොයා බැලිය යුතුය. එසේ එය ගැළපෙන්නේ නම් සැබැවින්ම ඔහු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන්ව දැක ඇත්තේය. එසේ නොගැලපෙන්නේ නම් එසේ දුටු පුද්ගලයා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා නොවන්නේය. සැබැවින්ම එය ෂෙයිතාන් විසින් ඇති කරන්නා වූ සැකයයි. ඔහු නිදා සිටින්නාගේ සිත තුළ නියත වශයෙන්ම මොහු අල්ලාහ්ගේ දූතයාණන් යන සිතුවිල්ල ඇති කරයි. නමුත් ඔහු අල්ලාහ්ගේ දූතයාණන් නොවෙයි. යසීද් අල් ෆාරිසී විසින් වාර්තා කළ හදීසයක් ඉමාම් අහ්මද් හා ඉමාම් තිර්මිදි විසින් අෂ්-ෂමාඉල් හි මෙසේ සඳහන් කොට ඇත. මම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන්ව සිහිනෙන් දුටුවෙමි. සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන්ව -සල්ලලාහු අලය්හි වසල්ලම්- සිහිනෙන් දුටුමි යැයි ඉබ්නු අබ්බාස් තුමාහට පැවසුවෙමි. එවිට ඉබ්නු අබ්බාස් තුමා: “නියත වශයෙන්ම මාගේ හැඩරුව ගැනීමට ෂෙයිතාන් ශක්තිය නොදරයි. එහෙයින් කවරෙකු නින්දෙන් මා දුටුවේ ද සැබැවින්ම ඔහු මා දැක ගත්තේයැ“ යි අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පැවසූ බව දන්වා සිටියේය. එසේ නම් ඔබ දුටු එම මිනිසා ගැන ඔබට වර්ණනා කළ හැකි දැයි තවදුරටත් විමසා සිටියේය. ඔව් යැයි මම පිළිතුරු දුනිමි. එවිට ඒ ගැන වර්ණනා කළ කල්හි, ඉබ්නු අබ්බාස් තුමා: අවදිව සිටිය දී එය ඔබ ඔහු දැක ඇත්නම් එයට වඩා ඔහු ගැන වර්ණනා කිරීමට ඔබ ශක්තිය නොදරනු ඇතැයි පැවසීය. මෙය මුක්තසර් අෂ් ෂමාඉල් නම් කෘතියෙහි අෂ්-ෂෙයික් අල්බානී තුමා හසන් ගණයට අයත් හදීසයක් බව වාර්තා කරයි. (පිටුව 208, හදීස් අංක 347) එම අර්ථය වනාහි: සැබැවින්ම ඔබ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන්ව අවදිව සිටි තත්ත්වයේ දැක ඇත්නම් ඔබ වර්ණනා කළ දැයට අධික යමක් ඔහු ගැන වර්ණනා කිරීමට ඔබට නොහැකිය. එහි අර්ථය සැබැවින්ම ඔහු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන්ව දැක ඇත්තේය යන්නයි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා වාසීන්ට හිමිවන වඩාත් සැහැල්ලු දඬුවම, තම දෙපතුල යට තබන ලද ගිනි පෙණලි දෙකකි. වතුර උතුරා යන්නා සේ ඔහුගේ මොළය එමගින් උණු වී උතුරා යයි. මීට වඩා දරුණු ලෙස දඬුවම් විදින කිසිවකු ඔහු දකින්නේ නැත. සැබැවින්ම ඔවුන්ට හිමිවන සැහැල්ලුම දඬුවම එය වේ.”
متفق عليه"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා වාසීන්ට හිමිවන වඩාත් සැහැල්ලුම දඬුවම වනුයේ, පටි සහිත සෙරප්පු ජෝඩු දෙකකි. තඹ බඳුනක ජලය නටනවාක් මෙන් ඒ දෙකෙහි උණුසුම හේතුවෙන් ඔහුගේ මොළය උණු වී උතුරා යනු ඇත. මීට වඩා දරුණු ලෙස දඬුවම් විඳින කිසිවකු ඔහු නොදකිනු ඇත. සැබැවින්ම ඔවුන්ට හිමිවන සැහැල්ලුම දඬුවම එයයි. එනම් ශාරීරික හා මානසික දඬුවම එකට පවතී." යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) දැන්වුහ.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කරුණු තුනක් මරණය පසුපස හඹා යයි. එය ඔහුගේ පවුල, ඔහුගේ ධනය හා ඔහුගේ ක්‍රියාවයි. නමුත් කරුණු දෙකක් නැවත හැරී යන අතර එකක් පමණක් ඉතිරිවෙයි. ඔහුගේ පවුල හා ඔහුගේ ධනය නැවත හැරී යන අතර ඔහුගේ ක්‍රියාව ඉතිරිව පවතී.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතහදීසයේ තේරුම: මිනිසා මිය ගිය විට ඔහු ගැන ශෝකවන්නෝ ඔහු පසුපස හඹා යති. ඔහුගේ පවුල ඔහු පසුපස යති. ඔහුගේ මිනීවල දක්වාම ඔහු ගැන ශෝක වෙති. ඔහුගේ ධනය ද ඔහු පසුපස යයි. එනම් ඔහුගේ වහලුන් ඔහු සතු සේවකයින් යනාදියයි. ඔහුගේ ක්‍රියාවන් ද ඔහු සමගම පසුපස හඹා යයි. නමුත් කරුණු දෙකක් නැවත හැරී යන අතර ඔහු සමග වන ඔහුගේ ක්‍රියාව පමණක් ඉතිරිව පවතී. එය යහපත් වී නම් යහපත් වනු ඇත. එය නපුරක් වී නම් නපුරු වනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “වාහනයේ ගමන් කරන්නා පා ගමනින් යන්නාටත්, පා ගමනින් යන්නා වාඩි වී සිටින්නාටත්, සුළු පිරිස බහුතර පිරිසටත් සලාම් පවසනු ඇත.” බුහාරිහි සඳහන් හදීසයක "කුඩා අය වැඩිහිටියාටත්, ගමන් කරන්නා වාඩි වී සිටින්නාටත්, සුළු පිරිස බහුතර පිරිසටත් සලාම් පවසනු ඇත.”
متفق عليهජනතාව අතර සලාම් නම් සුභ පැතුම පවසන ආකාරයේ විනය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මඟ පෙන්වූහ. එනම්: "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු" කුඩා වියේ පසුවන අය වැඩිහිටියාටත්, වාහනයක ගමන් කරන්නා පා ගමනින් යන්නාටත්, පා ගමනින් යන්නා වාඩි වී සිටින්නාටත්, සුළු පිරිස බහුතර පිරිසටත් සලාම් පැවසිය යුතු වේ.
අන්-නව්වාස් ඉබ්නු සම්ආන් අල් අන්සාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) 'යහපත හා පාපය කුමක්දැ?'යි මම විමසුවෙමි. එවිට එතුමාණෝ: “යහපත යනු: යහපත සදාචාරයයි. පාපය යනු ඒ ගැන ඔබේ සිත තුළ හට ගැනෙන සැකයයි. එමෙන්ම ජනයා ඒ ගැන දැන ගැනීම ඔබ පිළිකුල් කරනු ඇත.”
رواه مسلمයහකම හා පාපය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ මෙසේ පැවසුහ. යහපත් කරුණු අතරින් ඉතා ඉහළම කරුණ වනුයේ භක්තියෙන් යුතුව අල්ලාහ් සමග කටයුතු කිරීම හා මැවීම් සමග හිංසාවෙන් තොරව, කෝපය පාලනය කරමින්, සිනා මුසු මුහුණින්, යහපත් කතාවෙන්, ඥාතී සම්බන්ධකම් රකිමින්, කීකරුවෙමින්, මෛත්‍රියෙන්, යහපත සලසමින්, පවුල හා මිත්රයින් සමග සුහද ශීලීව ඇසුරු කරමින් කටයුතු කිරීම වේ. පාපය යනු, යම් චෙයක් සිදු කිරීමේ දී ඒ ගැන සිත තුළ ඇතිවන කුකුසයි. ඒ දේ කිරීමට හදවත විවෘත නොවේ. එමගින් සිත තුළ සැකය හට ගැනේ. පාපයක් වනු ඇතැයි බිය වේ. වෙනත් අයගේ නෙත්වලට එය අප්‍රසන්න දෙයක් වනු ඇතැයි හා මිනිසුන්ට ප්‍රදර්ශණය වනු ඇතැයි බියෙන් එය හෙළි කිරීමට නො සිතයි. ඊට හේතුව ස්වභාවයෙන්ම මිනිසා යහපත දෙස බැලීම ප්‍රිය කරන බැවිනි. ඇතැම් ක්‍රියාවන් දෙස බැලීම ඔබ පිළිකුල් කරන්නෙහි නම්, ඇත්තෙන්ම එය එහි කිසිදු යහපතක් නැති පාපයකි.