





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “ඔබ අතරින් පාළු කාන්තාර භූමියේ අතරමං කර ගත් තම ඔටුවා අහම්බෙන් හමු වූ අයකුට වඩා අල්ලාහ් තම ගැත්තෙකු පතන පාපක්ෂමාව හේතුවෙන් දැඩි සේ සතුටට පත් වන්නේය.” තවත් වාර්තාකව ඔබ අතරින් කිසිවකු හෝ පාළු කාන්තාරයක තම සත්වයා සමග සිටියදී එකවර ඌ මත තිබුණු ඔහුගේ ආහාර හා ඔහුගේ පානය සමගම ඌ නැතිවිය. පසුව ඒ ගැන ඔහු බලාපොරොත්තු සුන් කර ගනිමින් ගසක් වෙත පැමිණ එහි හෙවණෙහි හාන්සි විය. ඔහුගේ සත්වයා පිළිබඳ බලාපොරොත්තු සුන්විය. එසේ සිටින අතරවාරයේ ඔහු ඉදිරියේ ඌ සිටගෙන සිටී. පසුව උගේ කඩිවාලමෙන් අල්ලාගෙන අත් වූ දැඩි සතුට හේතුවෙන් අහෝ අල්ලාහ්! ඔබ මාගේ ගැත්තාය මම ඔබේ පරමාධිපතිය යැයි පවසයි. එසේ ඔහු වැරදියට පවසා සිටියේ දැඩි සතුට හේතුවෙනි. එවැන්නෙකුට වඩා අල්ලාහ් තම ගැත්තකු පතන පාපක්ෂමාව හේතුවෙන් දැඩි සේ සතුටු වන්නේය.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅල්ලාහ්ගේ දූතයාණන් මෙසේ දන්වා සිටියි. අල්ලාහ්ගේ ගැත්තෙකු ඔහුගේ නියෝග හදවතින්ම පිළිගෙන අවංක ලෙස පිළිපැද ඔහුට අවනත වී ඔහු වෙත නැඹුරු වීම තුළින් ඔබ අතරින් කිසිවකු හෝ ඔහු අවට ආහාර පාන හෝ කිසිදු මිනිසෙකු හෝ නොමැති පාළුකරයක සිටියදී නැති වී ගිය ඔහුගේ ඔටුවා හමුවීමෙන් ලැබෙන සතුටට වඩා අල්ලාහ් සතුටට පත් වන්නේය. පසුව ඔහු ඌ සොයන්නට ගත්ත ද ඌ ඔහුට නොලැබෙයි. අනතුරුව ඔහු ගසක් වෙත ගොස් මරණය බලාපොරොත්තුවෙන් යුතුව එම ගස යට නින්දට වැටෙයි. ඔහුගේ ඔටුවා ගැන තිබූ බලාපොරොත්තු ද සුන් විය. ඔහුගේ ජීවිතය ගැන බලාපොරොත්තු ද සුන් විය. එය ඔහුගේ ආහාර පාන සමගම ඔටුවා නැති වී ඇති බැවිණි. ඔහු එසේ සිටියදී එකවරම ඔහු ඉදිරියේ ඔහුගේ ඔටුවා හමුවෙයි. ඔහු නිදාසිටි ගසෙහි උගේ තෝන් ලණුව ගැට ගසයි. මෙම සතුටෙහි ප්‍රමාණය වෙනත් කිසිවක තිබිය හැකි ද? මෙම සතුට මෙවන් තත්ත්වයකට වැටුණු අයකුට හැර වෙනත් කිසිවකුට නිරූපණය කළ නොහැක. එය ඉමහත් සතුටක් වන බැවිනි. එය මරණය අත්වීමෙන් පසු ජීවය ලැබීමේ සතුටය. එබැවින් ඔහු කඩිවාලම ගෙන “අහෝ අල්ලාහ් ඔබ මාගේ පරමාධිපතිය. මම ඔබේ ගැත්තාය” යැයි ඔහු අල්ලාහ්ට ප්‍රශංසා කිරීමට සිතුවේය. නමුත් දැඩි සතුට හේතුවෙන් එය වැරදී ‘ඔබ මාගේ ගැත්තාය. මම ඔබේ පරමාධිපතිය යැයි පවසන්නට විය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “ගැත්තා පතන පාපක්ෂමාව ඔහුගේ ගෙල හිර නොවන තාක් කල් සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ් පිළිගන්නේය.”
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතප්රාණය උගුර දණ්ඩ දක්වා ළඟා නොවන තාක් කල් ගැත්තාගේ පාපක්ෂමාව සර්වබලධාරී අල්ලාහ් පිළිගන්නේය. ප්‍රාණය උගුර දණ්ඩ දක්වා ළඟා වූ විට ඔහුට පාපක්ෂමාව හිමි වන්නේ නැත. උත්තරීතර අල්ලාහ් ඒ ගැන මේසේ පවසා ඇත. “ඔවුන් අතරින් කිසිවෙකු වෙත මරණය පැමිණ ‘සැබැවින්ම මම දැන් පාපක්ෂමාව ඇයැද සිටිමි යැයි පවසන තෙක් නපුරුකම් සිදු කරන්නන් හට පාපක්ෂාව නැත.” (අන් නිසා: 18)
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම සර්වබලධාරී අල්ලාහ් දහවල් කාලයේ පාපකම් කරන්නා පාපක්ෂමාව අයදිනු පිණිස තම අත රාත්‍රියේ දිගු හරියි. රාත්‍රී කාලයේ පාපකම් කරන්නා පාපක්ෂාම අයදිනු පිණිස තම අත දහවල් කාලයේ දිගු හරියි. එය හිරු අවරින් උදාවන තෙක්ම සිදුවනු ඇත."
رواه مسلمසැබැවින්ම අල්ලාහ් තම ගැත්තන් පශ්චාත්තාප වී සමාව අයැදීම පිළිගන්නා බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. ගැත්තා දවාලේ පාපයක් සිදු කර රාත්‍රියේ පසුතැවිලි වී සමාව අයැද සිටියේ නම්, අල්ලාහ් ඔහුගේ පාපක්ෂමාව පිළිගනු ඇත. එමෙන්ම රාත්‍රියේ පාපයක් සිදු කර දහවලේ පසුතැවිලි වී සමාව අයැද සිටියේ නම් අල්ලාහ් ඔහුගේ පශ්චාත්තාපය පිළිගනු ඇත. පශ්චාත්තාපය ගැන සතුටු වී එය පිළිගන්නට සුවිශුද්ධයාණන් තම අත දිගු හරයි. මොලො විනාශ වී යෑම දැනුම් දීමක් ලෙස හිරු අවරින් පායන තෙක් පාපක්ෂමාවේ දොරටු විවෘතව පවතී, එය උදා වූයේ නම් එවිට සැබැවින්ම පාපක්ෂමාවේ දොරටුව වැසී යනු ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මුල් කාලීන නබිවරුන්ගේ ප්‍රකාශ අතරින් මිනිසා ලබා ගත් කරුණක් වනුයේ 'ඔබට ලැජ්ජ නොමැති නම්, ඔබ කැමති දෑ කරනු යන්නය."
رواه البخاريපෙර සිටි නබිවරුන්ගේ උපදෙස් අතරින් වූ මිනිසුන් අතර පැතිරී යන ඔවුන්ගෙන් පරම්පරාවෙන් පරම්පරාවට උරුමකම් පාන මෙම ප්‍රජාවේ ආරම්භ කාලය දක්වාම දිගුවක් ලෙස පැවත එන කරුණක් නම්, ඔබ සිදු කරන්නට කැමති දෑ ගැන අවධානයට ගන්න. ඒ අතරින් ලැජ්ජාවට පත් නොවන දෑ වී නම් ඔබ එය සිදු කරන්න. ලැජ්ජාවට පත්වන දෙයක් වී නම් එය අත්හැර දමනන්න. අශීලාචාර ක්‍රියාවන්ගෙන් වළක්වාලනුයේ ලැජ්ජාවය. කවරෙකුට ලැජ්ජාවක් නොමැත්තේ ද අශීලාචාර පිළිකුල් සහගත සෑම ක්‍රියාවකම ඔහු නිරත වෙත්වා!
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මාගේ උරහිසින් අල්ලාගෙන මෙසේ පැවසූහ:" "ඔබ ආගන්තුකයෙකු හෝ මඟ තරණය කරන්නෙකු මෙන් ලොවෙහි සිටිනු” යැයි පැවසූහ. ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා මෙසේ පවසා සිටියේය.: “ඔබ සවස් වරුවට පැමිණියේ නම්, උදේ වරුව බලාපොරොත්තු නොවන්න. ඔබ උදේ වරුවට පැමිණියේ නම් සවස් වරුව බලාපොරොත්තු නොවන්න. ඔබේ අසනීපය වෙනුවෙන් ඔබේ සෞඛයය ද ඔබේ මරණය වෙනුවෙන් ඔබේ ජීවිතය ද යොදා ගන්න.
رواه البخاريඅල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "මාගේ උරහිස (එනම් බාහුව හා උරහිස අතර සන්ධි වන ස්ථානය) අල්ලාගෙන මෙසේ මට පැවසූහ." යැයි ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී: "ඔබ මෙලොවෙහි ආගන්තුකයෙකු මෙන් ජීවත් වන්න. ආගන්තුකයා ගමකට පැමිණෙයි. ඔහුට රැකවරණය ලබන්නට වාසස්ථානයක් හෝ සංග්‍රහ කිරීමට නිවැසියෙක් හෝ නැත. මැවුම්කරුගෙන් දුරස්ව කටයුතු කරන්නට හේතු වූ පවුල, දරුවන් සහ සබඳතා වලින් ඔහු නිදහස්ය. ආගන්තුකයකුට වඩා දැඩි අයකු මෙන් වනු. එනම් තම ගමරට බලා මඟ තරණය කරන්නෙකු මෙන් වනු. එසේ පවසනන්නට හේතුව ආගන්තුකයා සත්කාරක ප්‍රදේශයක වාසය කරයි, නවාතැන් ගනියි. නමුත් රටක් බලා මඟ තරණය කරන්නා ඊට වෙනස් ය. ඔහුගේ කාර්යය වනුයේ සහනයක් ලැබීම මිස, එහි නතර වීම නොවේ. ඔහු තම රටට සේන්දුවීමට අපේක්ෂාවෙන් සිටියි. මගියාට තම ගමන නිමා කිරීමට වැඩි යමක් අවශ්‍ය නොවන සේ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාට අදාළ ස්ථානයට ළඟාවීමට මෙලොවෙහි වැඩියමක් අවශ්‍ය වන්නේ නැත." ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා මෙම උපදෙස පිළිපැද්දාහ. එසේම හෙතෙම මෙසේ පවසා සිටියේය. "ඔබ උදේ වරුවට ළඟා වූ විට, සවස් වරුව බලාපොරොත්තු නොවන්න. ඔබ සවස් වරුවට ළඟා වූ විට, උදේ වරුව බලාපොරොත්තු නොවන්න. මිනීවලවල්හි වාසය කරන්නන් අතර ඔබවත් සලකන්න. සැබැවින්ම ආයු කාලය යනු එය නීරෝගී හා රෝගී බවින් තොර නොවේ." ඔබේ රෝගී කාලය වෙනුවෙන් ඔබේ නීරෝගී කාලය කල් ඇතිවම අල්ලාහ්ට අවනත වීම සඳහා යොදා ගන්න. ඔබ හා ඔබේ සෞඛ්‍යය අතර රෝගී තත්ත්වය පැමිණෙන්නට පෙර නිරෝගී කාලය තුළ දැහැමි ක්‍රියාවක් සඳහා අවස්ථාව උදා කර ගන්න. මෙලොවෙහි ඔබේ ජීවිතය සඳහා අවස්ථාව උදා කර ගන්න. ඔබේ මරණයෙන් පසු ඔබට සෙත සළසන දෑ එහි එක්රැස් කර ගන්න.
අබ්දුල්ලාහ් බින් බුස්ර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි. එක්තරා පුද්ගලයකු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඉස්ලාමයේ පිළිවෙත් මා වෙත බහුල වී ඇත. ඒවායින් මා ඉටු කළ යුතු වැදගත්ම කරුණු ගැන මට කියා දෙන්න’ යැයි පැවැසුවේය. “ඔබ නිතර අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ඔබේ දිව ඔබ තෙත්ව තබා ගන්න”
رواه الترمذي وابن ماجه وأحمدදුර්වලකම නිසා ඉටු කිරීමට නොහැකි වන තරමට අතිරේක පිළිවෙත් වැඩි වී ඇති බව පවසමින් මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණිලි කළේය. පසුව හෙතෙම තමන්ට බැඳී සිටිය හැකි, පිළිපැදිය හැකි, එමගින් අධික ලෙස කුසල් හිමිකර ගත හැකි පහසු ක්‍රියාවක් තමන්ට පෙන්වා දෙන මෙන් එතුමාණන්ගෙන් ඉල්ලා සිටියේය. එවිට එතුමාණෝ ඔහුට පෙන්වා දුන්නේ, අල්ලාහ්ව සුවිශුද්ධ කිරීම, ඔහු ගැන ගුණ ගායනා කිරීම, ඔහුගෙන් පාපක්ෂමාව අයදීම, ප්‍රාර්ථනා කිරීම යනාදියෙන් සෑම වේලාවකම හා සෑම අවස්ථාවකම සර්වබලධාරී අල්ලාහ්ව මෙනෙහි කරමින් ඔහුගේ දිව නිරන්තරයෙන් සක්‍රීයව තබා ගන්නා මෙනි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ අතරින් කෙනෙක්, තමාට ප්‍රිය කරන යමක් වී නම්, එය තම සහෝදරයා වෙනුවෙන් ද ප්‍රිය කරන තෙක් දේවත්වය විශ්වාස කරන්නෙකු නොවනු ඇත."
متفق عليهකෙනෙක් තමන් වෙනුවෙන් ප්‍රිය කරන අවනතභාවය, මෙලොව හා මතුලොව පවතින යහපත තම සහෝදරයා වෙනුවෙන් ද ප්‍රිය කරන තෙක්, එමෙන්ම තමන් වෙනුවෙන් පිළිකුල් කරන යමක් ඔහු වෙනුවෙන් ද පිළිකුල් කරන තෙක් කිසිදු මුස්ලිම්වරයකුගේ විශ්වාසය සම්පූර්ණ වීම සහතික නොවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එහෙයින් මුස්ලිම් සහෝදරයකු තුළ ඔහුගේ ආගමික කටයුතුවල යම් අඩුපාඩුවක් දුටු විට එය නිවැරදි කිරීමට උත්සාහ කළ යුතුය. එහි යහපතක් දුටු විට එය ඔහුට සපුරා දී උදව් කළ යුතුය. ඔහුගේ ආගමික හා ලෞකික කටයුතුවල දී ඔහුට උපදෙස් දිය යුතුය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලදී. “හිරු අවරට යන තැනින් එය උදා වීමට පෙර කවරෙකු පාපක්ෂමාවෙහි නිරත වන්නේ ද අල්ලාහ් ඔහුට පාපක්ෂමාව පිරිනැමීය.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතහිරු අවරට යන තැනින් හිරු උදා නොවන කල්තාක් පව් සිදු කළ ගැත්තෙකුගේ පාපක්ෂමාව උත්තරීතර අල්ලාහ් පිළිගන්නා බව මෙම හදීසය පෙන්වා දෙයි. ඊට හේතුව සැබැවින්ම තව්බාව හෙවත් පාපක්ෂමාව පිළිගැනීමේ අවසන් වේලාව එය බැවිණි. එය ලොව අවසන් දිනයේ මහා සළකුණු අතරින් වේ.
අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි යැයි පවසමින් අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම දිනකට හැත්තෑ වාරයකට අධික ලෙස අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා සිටිමි. පශ්චාත්තාප වී ඔහු වෙත යොමු වෙමි.”
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එතුමා පෙර කළ හා පසු කළ පව් සඳහා අල්ලාහ් විසින් සමාව දෙනු ලැබූ උත්තුමයකි. එසේ තිබියදීත් එතුමා දිනකට හැත්තෑවාරයක් පාපක්ෂමාවෙහි නිරත වන බව අල්ලාහ් මත දිවුරා පවසා සිටියි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පාපක්ෂමාව අයැදීම යනු එතුමා සිදු කරන වැරදි වලට අවශ්‍ය නොවන්නකි. නමුත් ඔහුගේ ගැතිමත්භාවයේ පූර්ණත්වය, අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ඔහු සමග ඇති කරගන්නා බැඳීම, අල්ලාහ්ගේ උරුමයේ මහඟුබව වටහා ගැනීම සඳහා විය. ගැත්තාගේ අඩුපාඩු සමගම මෙය ඔහුගේ ආශිර්වාද සඳහා කෘතඥතාව පුද කිරීමේ ක්‍රියාවකි. මෙය එතුමාගෙන් පසුව අනෙකුත් තීන්දු සඳහා ආවේනික වූ සමාජයට ආගමානුගත කළ කරුණක් ද වන්නේය.