





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අබූ බක්ර් සිද්දීක් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “මුහම්මද් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට එතුමාගේ පවුලේ අය විෂයයෙහි ගරු උපකාර කරනු.“
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතඅබූ බක්ර් -රළියල්ලාහු අන්හු- තුමාගේ ප්‍රකාශයේ අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-පවුලේ අයගේ උරුමය පිළිබඳ සහාබාවරුන් දැනගැනීමටත් ඔවුන්ට ගරු කිරීමටත් ඔවුන්ට උපකාර කිරීමටත් එක් සාධකයක් විය. අල්ලාහ්ගේ දූතයාණන්ගේ-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පවුලේ අය අතරින් කවරෙකු දහම මත ස්ථාවර සිට එතුමාගේ පිළිවෙත අනුගමනය කළේද එවැනි අයට උරුමයන් දෙකක් විය. එනම් ඉස්ලාමයේ උරුමය හා අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ සමීපත්වයේ උරුමයයි. එම විෂයයෙහි අබූ බක්ර් තුමා ඇතුළු සෙසු සහාබාවරු ආලු බය්ත් හෙවත් නබි තුමාණන්ගේ පවුලේ උදවියට ආදරය කරන්නන් වූහ. ඔවුන්ගෙන් යහපත් උපදෙස් ලැබූහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉම්රාන් ඉබ්නු හුසෙයින් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “ලැජ්ජාව යහපත හැර වෙනකක් ගෙන දෙන්නේ නැත.” තවත් වාර්තාවක “ලැජ්ජාව යහපතකි. එහි සියල්ල ද එසේය.’ හෝ “ලැජ්ජාව එහි සියලු දෑ යහපතකි” යනුවෙන් වාර්තා වී ඇත.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතලැජ්ජාව යනු සිත තුළ ඇතිවන ගුණාංගයකි. අලංකාර හා ලස්සන දෑ කිරීමටත් අපිරිසිදු හා අශීලාචාර දෑ අතහැරීමටත් එය මිනිසාව පොළඹවයි. එබැවින් යහපත මිස වෙනත් කිසිවක් එය ගෙන දෙන්නේ නැත. මෙම හදීසය පැමිණීමට හේතු වූයේ සැබැවින්ම මිනිසකු තම සහෝදරයාට ලැජ්ජාව පිළිබඳ උපදෙස් දෙමින් සිටියේය. ලැජ්ජාව පදනම් කරමින් ඔහුව නපුරින් වැළැක්වූයේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔහුට මෙම ප්‍රකාශය සිදු කළහ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “දැහැමි සභිකයාට හා නපුරු සභිකයාට උපමාව කස්තූරි උසුලන්නෙකු හා යකඩ කම්මලේ උඳුන පිඹින්නෙකු මෙනි. කස්තූරි උසුලන්නා වනාහි, ඔහු ඔබට යමක් දෙයි. එසේ නැතහොත් ඔබ ඔහුගෙන් මිලදී ගනී. එසේත් නැතහොත් ඔහුගෙන් ඔබ සුගන්ධය ලබයි. නමුත් යකඩ කම්මලේ උඳන පිඹින්නා වනාහි, ඔහු ඔබේ ඇඳුම පුළුස්සා දමයි. එසේ නැතහොත් ඔහුගෙන් ඔබ දුර්ගන්ධය ලබයි."
متفق عليهවර්ග දෙකක ජනයා සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උපමා ඉදිරිපත් කළහ. පළමු වර්ගය: අල්ලාහ් වෙත හා ඔහුගේ තෘප්තිය කවර දෙයක් මත පිහිටා ඇත්තේ ද ඒ වෙත මග පෙන්වන හා අවනත වීම සඳහා උපකාර කරන ධර්මිෂ්ට මිතුරා හා සභිකයා. ඔහුට උපමාව කස්තූරි ව්‍යාපාරිකයෙකු මෙනි. ඔහු ඔබට යමක් දෙනු ඇත. එසේ නැතහොත් ඔබ ඔහුගෙන් මිලදී ගනු ඇත. එසේත් නැතහොත් ඔහුගෙන් මනා සුවඳක්, සුගන්දයක් ලබනු ඇත. දෙවැනි වර්ගය: අල්ලාහ්ගේ මාර්ගය අවහිර කරන පාපකම් කිරීම සඳහා සහාය දෙන අධර් මිෂ්ඨ නපුරු මිතුරා සහ සභිකයා ය. ඔබ ඔහු තුළින් පිළිකුල් සහගත ක්‍රියාවන් දකිනු ඇත. එැවන්නකු සමග වාඩි වීමත් සම්බන්ධකම් පැවැත්වීමත් ඔබට අපකීර්තිය ගෙන දෙනු ඇත. ඔහුට උපමාව යකඩ කම්මලේ අඳුන පිඹින කම්මල් කරුවකු මෙනි. ඔහු පිඹින ගිනි පුපුරු ඔබේ ඇඳුම පුළුස්සා දමනු ඇත. එසේ නැතහොත් ඔහු අසළින් ඔබ දුර්ගන්ධයක් ලබනු ඇත.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ: يَا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ "යා මුකල්ලිබුල් කුලූබි සබ්බිත් කල්බී අලා දීනික” (අහෝ හදවත් වෙනස් කරන්නානනි! මාගේ හදවත ඔබේ දහම මත ස්ථාවරව තබනු මැනව.) යනුවෙන් අධික ලෙස ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. එවිට මම:"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අපි ඔබ හා ඔබ ගෙන ආ දෑ විශ්වාස කර ඇත්තෙමු. එසේ තිබිය දී ඔබ අප ගැන බියවන්නෙහි ද?" යැයි විමසුවෙමි. එතුමාණෝ: "ඔව්, සැබැවින්ම හදවත ඇත්තේ අල්ලාහ්ගේ ඇඟිලි අතරින් ඇඟිලි දෙකක් අතර ය. ඔහු අභිමත කරන පරිදි එය පෙරළනු ඇත." යැයි පැවසුහ.
رواه الترمذي وأحمدනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අධික ලෙස ප්‍රාර්ථනා කර සිටියේ ආගම හා අවනතභාවය මත ස්ථාවර ව තබන මෙන් හා අපගමනයෙන් හා නොමඟ යෑමෙන් දුරස් කරන මෙනි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් මෙම ප්‍රාර්ථනාව අධික ලෙස ප්‍රාර්ථනා කිරීම ගැන අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා පුදුමයට පත් විය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහුට දන්වා සිටියේ, සැබැවින්ම හදවත් අල්ලාහ්ගේ ඇඟිලි අතරින් ඇඟිලි දෙකක් අතර පිහිටා ඇති බවත් ඔහු අභිමත කරන පරිදි එය වෙනස් කරන බවත් ය. හදවත යනු දේව විශ්වාසය හා දේව ප්රතික්ෂේපය තැන්පත්ව ඇති ස්ථානයයි. අධික ලෙස වෙනස්වීමට ලක්වන බැවින් පෙරළීම යන අරුත ඇති ඛල්බ් යන පදය එයට යෙදී ඇත්තේ එබැවිනි. අධික පීඩන එකතු වූ විටෙක අධික ලෙස එය පෙරළෙනු ඇත. එහෙයින් අල්ලාහ් කවරෙකු කෙරෙහි අභිමත කරන්නේ ද ඔහුගේ හදවත යහමග මත පිහිටුවනු ඇත. ආගම මත රැඳෙන්නට ස්ථාවර කරනු ඇත. එමෙන්ම අල්ලාහ් කවරෙකු කෙරෙහි අභිමත කරන්නේ ද ඔහුගේ හදවත යහමගින් හරවා අවමානය හා මුළාව වෙත යොමු කරනු ඇත.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: විශ්වාස කරන මාගේ ගැත්තෙකුහට මෙලෝවාසීන් අතරින් ඔහු ආදරය කරන තැනැත්තෙකු මා අත්පත් කර ගත් විටෙක පසුව ඔහු එය ඉවසා දරා ගත්තේ නම් මා අබියස ස්වර්ගය මිස වෙනත් කිසිවක් නොවනු ඇත.”
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතයමෙකු තමන්ට සමීප හෝ තමන් ආදරය කරන වෙනත් කිසිවකු හෝ අහිමි වීමෙන් පරීක්ෂාවට ලක් කරනු ලැබූ විටෙක, මිනිසා ඉතා බලවත් ලෙස සම්බන්ධකම් පවත්වන්නෙකු යැයි සිතන ඔහු තෝරා ගන්නා තම දරුවා හෝ සහෝදරයා හෝ බාප්පා හෝ පියා හෝ මව හෝ මිතුරකු හෝ එවන් පුද්ගලයින්ගෙන් කෙනෙකු හෝ අත්පත් කර ගනු ලැබූ විටෙක ඔහු ඉවසා දරා ගන්නේ නම් එනම් අල්ලාහ් ඔහුව ග්‍රහණය කළ විටෙක මිනිසා කුසල් බලාපොරොත්තුවෙන් ඉවසා දරා ගන්නේ නම් ඔහුට ස්වර්ගය මිස වෙනකක් නොමැති බව මෙම දිව්‍ය හදීසයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා දන්වා සිටියි.
ජාබිර් බින් අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “ඔබට එරෙහිව ඔබ ප්‍රාර්ථනා නොකරන්න. ඔබේ දරුවන්ට එරෙහිව ඔබ ප්‍රාර්ථනා නොකරන්න. ඔබේ වස්තුවට එරෙහිව ඔබ ප්‍රාර්ථනා නොකරන්න. අල්ලාහ්ගෙන් වූ හෝරාවක් අනුගත වී එහි යම් පිරිනැමීමක් ඉල්ලා සිටින්නේ නම් එයට නුඹලාට පිළිතුරු දෙනු ලබනවා මිස නැත.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතමෙම හදීසයේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා අවවාදයක් කර ඇත. තමන්ට, දරුවන්ට, සම්පතට එරෙහිව ශාප කිරීමෙන් වැළැක්වූහ. හේතුව, ප්‍රාර්ථනාව යනු අතිවැදගත් කරුණකි. අල්ලාහ් එය ගැත්තන් අතර ක්‍රියාත්මක කරවයි. එය පිළිගනු ලබන වේලාවකට අනුගත වූයේ නම් අදාළ පුද්ගලයාටත් තම දරුවන් හා තම වස්තුව කවර කරුණක් සමග සම්බන්ධ කළේද එයටත් එහි හානිය සිදුවනු ඇත.
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“ ඔබ අතරින් කෙනෙකු, සැබැවින්ම මම පැතුවෙමි. නමුත් මට පිළිතුරු දෙනු නොලැබීය යැයි පවසා ඉක්මන් නොවන තාක්කල් පිළිතුරු දෙනු ලබනු ඇත.“ මුස්ලිම් හි සඳහන් තවත් වාර්තාවක “පාපයකට හෝ ඥාතී සම්බන්ධකම් බිඳ වැටීමට හෝ ප්‍රාර්ථනා නොකර, (ප්රාර්ථනාවෙහි) ඉක්මන් නොවී සිටින තාක්කල් ගැත්තාට පිළිතුරු දෙනු ලබමින්ම පවතී. “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඉක්මන්වීම යනු කුමක් දැ?“යි එතුමාගෙන් විමසන ලදී. එතුමා, “සැබැවින්ම මම පැතුවෙමි. සැබැවින්ම මම පැතුවෙමි. මට පිළිතුරු ලැබෙන බව නොදකිමි. එවිට ඔහු ඒ පිළිබඳ අවනිශ්චිතභාවයට පත්ව ප්‍රාර්ථනා කිරීම අතහැර දමයි.“ යැයි පැවසූහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතපාපයක් කිරීම සම්බන්ධයෙන් හෝ ඥාතී සම්බන්ධකම් බිඳ දැමීම සම්බන්ධයෙන් හෝ ප්‍රාර්ථනා නොකර සිට ඒ පිළිබඳ ඉක්මන් නොවී සිටින තාක්කල් ගැත්තාට පිළිතුරු දෙනු ලබන බව සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා දන්වා සිටියහ. එවිට “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ප්‍රාර්ථනාව පිළිගැනීම වළක්වන තරමට ඉක්මන්වීම යනු කුමක් දැ?“යි එතුමාගෙන් විමසන ලදී. එතුමා, සැබැවින්ම මම පැතුවෙමි. සැබැවින්ම මම පැතුවෙමි. නැවත නැවතත් මාගේ ප්‍රාර්ථනාව විය.නමුත් මට පිළිතුරු දෙනු නොලැබීය. එවිට ඔහු ඒ පිළිබඳ ඉක්මන් වී ප්‍රාර්ථනා කිරීම අතහැර දමයි. යැයි පැවසූහ.
අබූ උමාමා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දී ඇති බව පවසමින් අම්ර් ඉබ්නු අබසා (රළියල්ලාහු අන්හු) තුමා මට මෙසේ පවසා සිටියේය. "පරමාධිපතියාණන්, සිය ගැත්තාට බෙහෙවින් සමීප වනුයේ රාත්‍රියේ අවසාන භාගයේදීය. එම හෝරා කාලයේ අල්ලාහ්ව මෙනෙහි කරන්නන් අතරින් ඔබ ද කෙනෙකු වීමට ඔබ හැකියාව දරන්නේ නම්, එසේ වනු."
رواه أبو داود والترمذي والنسائي"පරමාධිපතියාණන්, සිය ගැත්තාට බෙහෙවින් සමීප වනුයේ රාත්‍රියේ අවසාන භාගයේදීය. එම හෝරා කාලයේ අල්ලාහ්ව මෙනෙහි කරන්නන් අතරින් ඔබ ද කෙනෙකු වීමට ඔබ හැකියාව දරන්නේ නම්, එසේ වනු." යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි ව සල්ලම්) තුමාණන් දැන්වුහ.
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. මිනිසෙකු අල්ලාහ්ගේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඉදිරියට පැමිණ හිජ්රත් හෙවත් නික්ම යෑම හා ජිහාද් හෙවත් දිවි හිමියෙන් කටයුතු කිරීම සඳහා මම ඔබට ප්‍රතිඥා දී උත්තරීතර අල්ලාහ්ගෙන් කුසල් බලා පොරොත්තු වෙමි යැයි පවසා සිටියේය. එතුමාණෝ: (ඔබේ දෙමව්පියන්ගෙන් කිසිවකු හෝ ජීවතුන් අතර සිටින්නේ දැයි විමසා සිටියේය.) ඔහු: (එසේය, දෙදෙනාම සිටිති) යැයි පැවසීය. එතුමාණෝ: (එසේනම්, ඔබ උත්තරීතර අල්ලාහ්ගෙන් කුසල් බලාපොරොත්තු වන්නෙහි ද?) යැයි විමසූහ. ඔහු: එසේය යැයි පැවසීය. එතුමාණෝ: (එසේනම්, ඔබ ඔබේ දෙමව්පියන් වෙත ගොස් ඔවුන් දෙපොළ සමඟ සුහදව කටයුතු කරනු.) ඔවුන් දෙදෙනා සතු තවත් වාර්තාවක: මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ ජිහාද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි හිමියෙන් කටයුතු කරන්නට අවරස පැතීය. එවිට එතුමාණෝ: (ඔබේ දෙමව්පියන් ජීවතුන් අතර සිටිත්ද?) යැයි විමසා සිටියේය. ඔහු: එසේය යැයි පැවසීය. එතුමාණෝ: (ඔවුන් දෙදෙනා අතර සිට ඔබ දිවි හිමියෙන් කටයුතු කරන්නැ)යි පවසා සිටියහ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත මිනිසෙකු පැමිණ උත්තරීතර අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යාමට හා ජිහාද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදීමට තම කැමැත්ත හා තම ආශාව එතුමාට දන්වා සිටියේය. මෙම පුද්ගලයා තම දෙමාපියන් අත හැර දමා පැමිණ සිටියේය. අබූ දාවූද් හි සඳහන් වාර්තාවක, ඔහු අහිමි වී යනු ඇතැයි යන බියෙන් ඔවුන් දෙදෙනා අඩමින් සිටි බව සඳහන් වේ. පසුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා: (ඔබේ දෙමව්පියන්ගෙන් කිසිවකු හෝ ජීවතුන් අතර සිටියි දැයි) ඔහුගෙන් විමසා සිටියහ. ඔහු: එසේය දෙදෙනාම සිටිති යැයි පැවසීය. එසේ නම් ඔබ අල්ලාහ්ගෙන් ප්‍රතිඵල අපේක්ෂා කරන්නෙහිදැ?යි එතුමාණෝ විමසූහ. එසේය, යැයි ඔහු පැවසීය. එසේ නම්, ඔබ ඔබේ දෙමව්පියන් වෙත ගොස් ඔවුන් දෙදෙනා සමග සුහදව කටයුතු කරනු යැයි පැවසූහ.අබූ දාවූද් හි සඳහන් වාර්තාවක, ඔවුන් දෙදෙනා වෙත ගොස් ඔබ ඔවුන් දෙදෙනාව හැඩෙව්වාක් මෙන් ඔවුන් දෙදෙනා සිනස්සනු යැයි සඳහන්ව ඇත. තම වගකීමෙහි වඩාත් උචිත එමෙන්ම අනිවාර්යය කටයුත්ත වනුයේ තම දෙමාපියන් වෙත ගොස් ඔවුන් දොපොළ සමග යහතින් කටයුතු කිරීම වේ යැයි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඔහුට ප්‍රතිචාර දැක්වූහ. බුහාරි හා මුස්ලිම් හි සඳහන්: ඔවුන් දෙදෙනා විෂයයෙහි ඔබ කැපවනු. යන වාර්තාවට අනුව ඔවුන් දෙදෙනාට සේවය කිරීමත් ඔවුන් දෙදෙනා සතුටට පත් කිරීමත් ඔවුන් දෙදෙනාට අවනත වීමත් තම ජීවිතය නැමදුමෙහි කැප කිරීමකි. දෙමව්පියන්ට උපකාර කිරීම ඔවුන් දෙදෙනාට අවනත වීම ඔවුන් දෙදෙනාට උවටැන් කිරීම අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමට වඩා උතුම් යැයි වෙනත් හදීසයක පැහැදිලිව සඳහන්ව ඇත. ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කළ එවැනි හදීසයක් මෙසේය: අල්ලාහ්ගේ දූතයාණන් වෙත මිනිසෙකු පැමිණ ක්‍රියාවන්ගෙන් උතුම් වනුයේ කුමක් දැ?යි විමසා සිටියේය. එවිට එතුමාණෝ: සලාතය ඉටු කිරීම යැයි පැවසූහ. පසුව කුමක්දැ?යි විමසා සිටියේය ජිහාද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවිපිදීම යැයි පවසා සිටියහ. එවිට නියත වශයෙන්ම මට දෙමව්පියන් සිටිති යැයි ඔහු පැවසීය. එවිට එතුමා: ඔබේ දෙමව්පියන්ට උවටැන් කිරීම ශ්‍රේෂ්ඨය යැයි පැවසූහ. මෙය ඉමාම් ඉබ්නු හිබ්බාන් විසින් දන්වා ඇත. සැබැවින්ම මෙම හදීසය ජිහාද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදීමට වඩා දෙමව්පියන්ට උවටැන් කිරීම උතුම් බව පෙන්වා දෙයි. නමුත් ජිහාද් කිරීම ෆර්ළු අයින් හෙවත් අනිවාර්ය කටයුත්තක් වූ විට එයට සහය වනු පිණිස ඔවුන් දෙදෙනාට අවනත වීමට වඩා ඒ වෙත මුල් තැන දිය යුතුය.