





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අපි උමර් (රළියල්ලාහු අන්හු) තුමා ඉදිරියේ සිටියෙමු. එවිට එතුමාණෝ මෙසේ පවසා සිටියහ. “(දුෂ්කරතාවට පත්වූ බව) මවා පෙන්වීමෙන් අපි වළක්වනු ලැබුවෙමු.”
رواه البخاريකිසිදු අවශ්‍යතාවකින් තොරව දුෂ්කරතා ඇති කරන දෑ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ භාවිතා කිරීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් ඔවුන්ට තහනම් කළ බව උමර් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටියි.
උමර් ඉබ්නු අබී සලමා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ උකුලේ වැඩුණු කොලුුවෙක් වූයෙමි. මාගේ අත බන්දේසිය වටේ සැරිසරමින් තිබිණ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මට “දරුවා! ඔබ අල්ලාහ්ගේ නාමය පවසන්න. ඔබේ දකුණතින් අනුභව කරන්න. ඔබට අසළින් ඇති දෑ අනුභව කරන්න.” යැයි පැවසූහ. ඉන්පසු මගේ ආහාර වේල එසේම විය.
متفق عليهඋමර් ඉබ්නු අබූ සලමා (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ දන්වා සිටියි. හෙතෙම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරියකගේ පුතෙකු විය. -හෙතෙම නබි තුමාණන් යටතේ හැඳී වැඩින.- ආහාර ගන්නා අතරවාරයේ තම අත කෑම අහුලන්නට බන්දේසිය වටා දෝලනය වෙමින් තිබිණ. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ආහාර ගන්නා විනය සම්බන්ධයෙන් වූ විනය කරුණු තුනක් ඔහුට ඉගැන්වූහ. එවායින් පළමුවැන්න: ආහාර ගැනීම ආරම්භයේ දීම 'බිස්මිල්ලාහ්' යැයි පැවසීමය. දෙවැන්න: දකුණු අතින් ආහාර ගැනීම. තුන්වැන්න: තමන් අසළ, සමීපයෙන් ඇති ආහාරය අනුභව කිරීම.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර් තා කරන ලදී. “ඔබ අතරින් කිසිවකු හෝ ආහාර ගන්නා විට, ඔහුගේ දකුණතින් ඔහු අනුභව කළ යුතුය. ඔහුගේ දකුණතින් පානය කළ යුතුය. සැබැවින්ම ෂෙයිතාන් ඔහුගේ වමතින් ආහාරය ගනියි. ඔහුගේ වමතින් පානය කරයි.”
رواه مسلمමුස්ලිම්වරයකු තම දකුණතින් ආහාරපාන ගත යුතු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළ අතර වමතින් ආහාරපාන ගැනීමෙන් වැළැක්වූහ. හේතුව ෂෙයිතාන් තම ආහාරපාන වමතින් ගන්නා බැවිනි.
අබ්බාස් ඉබ්නු අබ්දුල් මුත්තලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අල්ලාහ්ගේ දූතයාණෙනි! සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිය හැකි යමක් මට උගන්වන්න." යැයි පැවසුවෙමි. එවිට එතුමාණෝ: "සුවය (ආරක්ෂාව) සඳහා අල්ලාහ්ගෙන් පතන්න" යැයි පැවසූහ. දින කිහිපයකට පසු, මම එතුමාණන් වෙත ගොස්: "අල්ලාහ්ගේ දූතයාණනි, සර්ව බලධාරී අල්ලාහ්ගෙන් මා ඉල්ලා සිටිය හැකි යමක් මට උගන්වන්න" යැයි පවසා සිටියෙමි. එවිට එතුමාණෝ මට: "අහෝ අබ්බාස්! අල්ලාහ්ගේ දූතයාගේ මහප්පාණනි! මෙලොව සහ පරලොව සුවය (ආරක්ෂාව) සඳහා අල්ලාහ්ගෙන් පතන්න" යැයි පැවසූහ."
رواه الترمذي وأحمدනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මහප්පකු වන අබ්බාස් ඉබ්නු අබ්දුල් මුත්තලිබ් (රළියල්ලාහු අන්හු) තුමා එතුමාණන්ගෙන් තමන් අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිය හැකි ප්‍රාර්ථනාවක් තමන්ට උගන්වා දෙන මෙන් ඉල්ලා සිටියේය. එවිට එතුමාණෝ ඔහුට ආගමික කටයුතුවල මෙන්ම මෙලොවෙහි හා මතුලොවෙහි ඇතිවන අඩුපාඩුවලින් හා උවදුරුවලින් ආරක්ෂාව හා සුවය අල්ලාහ්ගෙන් පතන මෙන් ඉගැන්වූහ. පසුව අබ්බාස් තුමා මෙසේ පැවසීය: දින කිහිපයකට පසුව මම නැවත වතාවක් අල්ලාහ්ගේ දූතයාණන් වෙත ගොස් අල්ලාහ්ගෙන් මා ඉල්ලිය හැකි ප්‍රාර්ථනාවක් මට උගන්වන්නැයි විමසා සිටියෙමි. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මට ආචාර කරමින්, අහෝ අබ්බාස්! අල්ලාහ්ගේ දූතයාගේ මහප්පාණනි! මෙලොව හා මතුලොව සිදුවන සියලුම හානියන්ගෙන් තමන්ව ආරක්ෂා කරන මෙන් ද සෑම යහපතක්ම හා සෙතක්ම තමන්ට සලසා දෙන මෙන් ද සුවදායී තත්ත්වයක් අල්ලාහ්ගෙන් පතන්න යැයි පැවසූහ.
අබ්දුර් රහ්මාන් ඉබ්නු අබී ලයිලා තුමා විසින් වාර්තා කරන ලදී. "ඇත්තෙන්ම ඔවුන් හුදෙයිෆා තුමා අබියස වාඩි වී සිටියහ. එවිට හෙතෙම ජලය ඉල්ලා සිටියේය. මජූසි (අග්නි පුදන්නෙකු) ජලය සැපයුවේය. ඔහු (රිදී) භාජනය ඔහුගේ අතේ තැබූ විට ඔහු එය විසි කළේය. තවදුරටත්, සැබැවින්ම මම ඔහුව වරක් හෝ දෙවරක් හෝ එසේ නොවැළැක්වූයේ නම්, මම එය නොකළ බව ඔහු පවසන්නට පුළුවන." නමුත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා සිටියහ. "ඔබ සේද හෝ දීජාබ් වර්ගයේ සේද නොඅඳින්න. රන් හා රිදී භාජනවල පානය නොකරන්න. ඒ පාත්‍රවල අනුභව නොකරන්න. සැබැවින්ම ඒවා ඔවුනට මෙලොව හිමි දෑය. අපට මතුලොව හිමි දෑය."
متفق عليهපුරුෂ පාර්ශවයට සේද හෝ සේද වර්ගයෙන් යුත් රෙදි ඇදීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. එමෙන්ම රන් හා රිදී භාජන හා භාණ්ඩවල ආහාර පාන ගැනීමෙන් ගැහැණු පිරිමි යන දෙපාර්ශවයම වැළැක්වූහ. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් අල්ලාහ්ට අවනත වී මෙලොව ජීවිතයෙහි ඒවායින් වැළකී සිටින බැවින් ඒවා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට පමණක් සතු දෑ යන වග ද දන්වා සිටියහ. දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරුන් වනාහී ඔවුන් දේව නියෝගයට පිටුපෑ බැවින් හා ඔවුන්ගේ මෙලොව ජීවිතය තුළම ඔවුන් ඒවා පරිහරනය කොට ඔවුන්ගේ සුඛස්වාදය කල් ඇතිවම භුක්ති විඳි බැවින් මතුලොවෙහි ඔවුනට ඒවා සතු නොවනු ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු මෙලොවෙහි සේද රෙදි ඇන්දේ ද මතුලොවෙහි ඔහු එය කිසිවිටෙක අඳින්නේ නැත.”
متفق عليهපිරිමින් අතරින් කවරෙකු හෝ මෙලොව ජීවිතයේ සේද රෙදි අදින්නේ ද ඔහු ඒ ගැන පශ්චාත්තාපයේ නොවූයේ නම්, ඔහුට නියම වන දඬුවමක් වශයෙන් මතුලොවෙහි ඔහු ඒවා පළඳින්නේ නැත.
අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මුආවියා (රළියල්ලාහු අන්හු) තුමා මස්ජිදයේ රැස්ව සිටි සභාවකට සහභාගි වීමට පිටත්ව ගියේය. එවිට ඔහු: ‘ඔබ ව වාඩි කෙරෙව්වේ කුමක්දැ?' යි විමසා සිටියේය. ඔවුහු: 'අපි අල්ලාව මෙනෙහි කිරීම සඳහා වාඩි වූයෙමු.' යැයි පැවසුවෝය. ඔහු: 'අල්ලාහ් මත දිවුරා අසමි. ඒ හැර වෙනත් දෙයක් නුඹලා වාඩි නො කෙරෙව්වේ ද?' යැයි විමසා සිටියේය. ඔවුහු. ‘ඒ හැර වෙනත් දෙයක් අප වාඩි කෙරෙව්වේ නැත’ යැයි පැවසුවෝය. ඔහු:'ඇත්තෙන්ම මම නුඹලා ගැන සැකයෙන් එසේ නුඹලාගෙන් දිවුරා නො ඇසුවෙමි. අල්ලාහ්ගේ දූතයාණන් ගැන මට වඩා අඩුවෙන් හදීස් දන්වා සිටි කිසිවකු එතුමා අබියස මාගේ තත්ත්වයේ සිටියේ නැත. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන්, (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාණන්ගේ මිතුරන්ගෙන් යුත් සභාවක් වෙත පිටත්ව ගොස් “ඔබව වාඩි කෙරෙව්වේ කුමක් දැ?”යි විමසා සිටියහ. ඔවුහු: "අල්ලාහ්ව මෙනෙහි කරන්නට, ඔහු අප ඉස්ලාමය වෙත මග පෙන්වා අප වෙත එය පිරිනමා ඇති බැවින් ඔහුට ප්‍රශංසා කරන්නට අපි වාඩි වූයෙමු." යැයි පැවසුවෝය. "ඒ හැර වෙනත් දෙයක් ඔබ ව වාඩි නො කළ බවට දිවුරා පවසන්නෙහු ද?" යැයි විමසා සිටියහ. ඔවුහු: "අල්ලාහ් මත දිවුරා පවසමු. ඒ හැර වෙනත් දෙයක් අප වාඩි කෙරෙව්වේ නැත." යැයි කීවෝය. එතුමාණෝ: "ඔබ ගැන සැකයෙන් එසේ දිවුරා ඔබගෙන් නො ඇසුවෙමි. නමුත් ජිබ්රීල් පැමිණ සැබැවින්ම අල්ලාහ් මලක්වරුන් සමග ඔබ ගැන අභිමානයෙන් කතා කරන බව මට දැනුම් දුන්නේය" යැයි පැවසූහ.
رواه مسلمමස්ජිදයේ රැස්ව සිටි පිරිසක් වෙත මුආවියා ඉබ්නු අබූ සුෆ්යාන් (රළියල්ලාහු අන්හුමා) පිටත්ව ගොස් ඔවුන් රැස් වූයේ කවර කරුණක් සඳහා දැයි ඔවුන්ගෙන් විමසා සිටියේය. එවිට ඔවුහු: "අපි අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහා" යැයි පැවසුවෝය. මෙනෙහි කිරීමට හැර වෙනත් කිසිඳු කරුණක් සඳහා ඔවුන් රැස්ව වාඩි වන්නට නොසිතූ බව දිවුරා පවසන මෙන් එතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. එවිට ඔවුහු ඔහුට දිවුරා සිටියෝය. පසුව ඔහු: "සැබැවින්ම ඔබ ගැන සැකය නිසාවෙන් හෝ ඔබේ සත්‍ය භාවය ගැන සැකය නිසාවෙන් හෝ මෙසේ දිවුරා පවසන මෙන් මම ඔබෙන් නො ඇසුවෙමි" යැයි පවසා, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ තමන්ගේ නිලය ගැන මෙනෙහි කරමින් තම සහෝදරිය වූ උම්මු හබීබා එතුමාණන්ගේ බිරිය වූ බැවින් ද, තමන් දිව්‍ය පණිවිඩ ලේඛන ගත කරන්නන් අතරින් කෙනෙකු වූ බැවින් ද, එතුමාණන්ට සමීප තත්ත්වයේ තමන්ට වඩා කිසිවකු නොවූ බවත් පෙන්වා දෙමින් ඒ සමගම තමන් හදීස් ස්වල්ප ප්‍රමාණයක් පමණක් වාර්තා කර ඇති බවත් දන්වා සිටියේ ය. දිනක් තම නිවසින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පිටත්ව ගොස් මස්ජිදයේ අල්ලාහ්ව මෙනෙහි කරමින්, ඉස්ලාමය වෙත ඔවුනට මඟ පෙන්වූ බැවින් හා ඒ වෙත ආශිර්වාද කළ බැවින් ඔහුට ප්‍රශංසා කරමින් වාඩි වී සිටින පිරිසක් දුටුහ. පසුව මුආවියා (රළි) තුමා තම මිතුරන් සමග කටයුතු කළ අයුරින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ද තම මිතුරන්ගෙන් මෙසේ දිවුරා පවසන මෙන් විමසා ඇති බව දන්වා සිටියහ. අනතුරුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තමන් එසේ ප්‍රශ්න කර සිටීමට හා දිවුරා සිටින මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටීමට හේතු වූ කරුණු ඔවුනට පවසා සිටියහ. එනම්: සැබැවින්ම සූර දූත ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා තමන් වෙත පැමිණ සැබැවින්ම සර්වබලධාරී අල්ලාහ් ඔබ ගැන මලක්වරුන් ඉදිරියේ අභිමානයෙන් හා පාරාට්ටුවෙන් කතා කරන බවත්, ඔබේ මහිමය ගැන ඔවුන් ඉදිරියේ හෙළි කරන බවත්, ඔබේ ක්‍රියාවන් ගැන ඔවුනට පෙන්වන බවත්, ඔබ ගැන අගයමින් ඔවුන් ඉදිරියේ ප්‍රශංසා කරන බවත් තමන්ට දන්වා ඇති බව පවසා සිටියහ.
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමාණන් විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම උමර් ඉබ්නු කත්තාබ් තුමා: ‘අල්ලාහ්ගේ දූතයාණනි” අප අතුරින් කෙනෙකු ජනාබත් තත්ත්වයේ සිටිය දී නිදා ගත හැකි දැ?’යි විමසුවේය. එවිට එතුමා: “එසේය” නුඹලා අතරින් කෙනෙකු වුළු ධෝවනය කර ගත්තේ නම්, ඔහු ජුනුබ් තත්ත්වයේ සිටියදීම නිදා ගනිත්වා !”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතතමන් අතරින් කෙනෙකු මුල් රාත්‍රියේ තම බිරිය සමඟ එක් වී පසුව මෝචනයට පත් වුවද එසේ නොවුවද ජනාබත් තත්ත්වයට පත් වූ පසුව ඔහුට නිදා ගත හැකි දැ?’යි විමසුවේය. එවිට එතුමා මහා කිලිට්ටෙන් සැහැල්ලු වනු පිණිස ආගමානුකූල වුළු ක්‍රමය භාවිත කළ හැකි බවත් එසේ සිදු කළේ නම් ජනාබත් තත්ත්වයේම නිදා ගැනීම වරදක් නැති බවත් දන්වා සිටියේය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ජාබිර් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මිනිසා තම නිවසට පිවිසෙන විට, ඔහු පිවිසෙන අවස්ථාවේදී හා ඔහු ආහාර ගන්නා අවස්ථාවේදී අල්ලාහ්ව මෙනෙහි කළේ නම්, ෂෙයිතාන් (ඔහුගේ සගයින් දෙස බලා): ‘නුඹලාට නවාතැනත් නැත. නුඹලාට රාත්‍රී ආහාරයත් නැත.' යැයි පවසයි. නමුත් ඔහු පිවිසෙන විට, අල්ලාහ්ව මෙනෙහි නො කළේ නම් ෂෙයිතාන්: ‘නුඹලා නවාතැනත් රාත්‍රී ආහාරයත් ලැබුවෙහුය" යැයි පවසයි.
رواه مسلمනිවසට ඇතුලු වීමට හා ආහාර ගැනීමට පෙර අල්ලාහ්ව මෙනෙහි කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අණ කළහ. යමෙකු නිවසට ඇතුලු වන අවස්ථාවේ හා ආහාර ගන්නා අවස්ථාවේ 'බිස්මිල්ලාහ්' යනුවෙන් පවසා අල්ලාහ්ව මෙනෙහි කළ විට, ෂෙයිතාන් තම මිතුරන්ට: 'උත්තරීතර අල්ලාහ්ව සිහිපත් කරමින් නුඹලාගෙන් ආරක්ෂාව පැතූ තැනැත්තාගේ නිවසෙහි නවාතැන් හෝ ආහාර කිසිවක් නුඹලාට නැත' යැයි පැවසීය. තම නිවසට ඇතුලු වන මිනිසා, එසේ ඇතුලු වන අවස්ථාවේ හෝ ආහාර ගන්නා අවස්ථාවේ හෝ අල්ලාහ්ව සිහිපත් නොකළේ නම්, ෂෙයිතාන් තම සහායකයින්ට: 'සැබැවින්ම එම නිවසෙහි නවාතැන් හා රාත්‍රී භෝජන තමන් ලබනු ඇතැ'යි පවසා සිටියි.