





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ අනුගාමිකයින් අතුරින් මිනිසුන් දෙදෙනෙකු ඝණාන්ධකාර රාත්‍රියක නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අසළ සිට පිටත්ව ගිය කල්හි ඔවුන් දෙදෙනා අතර පහන් දෙකක් මෙන් යමක් ඔවුන් දෙදෙනා සමග විය. ඔවුන් දෙදෙනා වෙන්ව තම තමන්ගේ පවුල වෙත යන තෙක් ඔවුන් දෙදෙනාගෙන් එක් එක්කෙනකු සමගම එය විය.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතනබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ අනුගාමිකයින් අතුරින් පුද්ගලයින් දෙදෙනෙකුට විද්‍යාමාන වූ ප්රාතිහාර්යයක් පිළිබඳ මෙම හදීසයේ සඳහන්ව ඇත. ඇතැම් හදීස් ඔස්සේ සැබැවින්ම ඔවුන් දෙදෙනා අබ්බාද් ඉබ්නු බෂර් සහ උසෙය්ද් ඉබ්නු හුළෙය්ර් -රළියල්ලාහු අන්හුමා- බව සඳහන්ව ඇත. සැබැවින්ම මෙම කීර්තිමත් අනුගාමිකයින් දෙදෙනා ඝණාන්ධකාර රාත්‍රියක නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමග සිටියහ. එවන් රාත්‍රියක සාමාන්‍යයෙන් පහසුවෙන් මිනිසෙකුට ගමන් කිරීමට නොහැක. පුදුමාකාර ප්රාතිහාර්යයක් තුළින් අල්ලාහ් ඔවුන් දෙදෙනාට උපකාර කළේය. එනම්, ඔවුන් දෙදෙනා ගමන් කරන මාර්ගය ආලෝකමත් කරනු පිණිස ඔවුන් දෙදෙනා ඉදිරියෙන් විදුලි පහනකට සමාන අලෝකයක් තැබීමෙනි. මෙම කීර්තිමත් අනුගාමිකයින් දෙදෙනා වෙන්ව ගිය කල්හි ඔවුන් දෙදෙනාගෙන් එක් එක්කෙනෙකුම තම නිවස බලා ඉතා පහසුවෙන් හා නිදහසේ ගමන් කරනු පිණිස ඔවුන් දෙදෙනාට වෙන වෙනම ආලෝකයක් බවට එය පත් විය.
හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සමඟ ආහාර වේලකට සහභාගී වූ විට, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) එතුමාණන්ගේ අත තබන තුරු අපි අපගේ අත් නොතබමු. වරක් අපි ඔහු සමඟ ආහාර වේලකට සහභාගී වූ විට කුඩා දැරියක් ඉදිරියට තල්ලු කරනු ලබනවාක් මෙන් වේගයෙන් පැමිණියා ය. ඇය කෑමට අත තැබීමට සූදානම් වූ විට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ඇගේ අත අල්ලා ගත්හ. පසුව ගම්බද අරාබි වරයකු ඉදිරියට තල්ලු කරනු ලබනවාක් මෙන් වේගයෙන් පැමිණියේ ය. එතුමාණෝ ඔහුගේ අත ද අල්ලා ගත්තේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූූහ: 'නියත වශයෙන්ම, අල්ලාහ්ගේ නාමය සඳහන් නොකරන ලද ඕනෑම ආහාරයකින් ෂෙයිතාන් අනුමත කර ගන්නට බලයි. ඔහු මේ කුඩා දැරිය සමග එය අනුමත කර ගන්නට පැමිණියේය. නමුත් මම ඇගේ අත අල්ලා ගත්තෙමි. පසුව ඔහු මෙම ගම්බද අරාබිවරයා සමග එය අනුමත කර ගන්නට පැමිණියේය. නමුත් මම ඔහුගේ අත ද අල්ලා ගත්තෙමි. මගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමි! නියත වශයෙන්ම ඔහුගේ අත ඇගේ අත සමඟ මගේ ග්‍රහණයේ ඇත."
رواه مسلمහුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ මෙනෙහි කර සිටියේය: අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සමඟ ආහාර වේලකට සහභාගී වූ විට, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අත තබා ආරම්භ කරන තෙක් අපි අපගේ අත් නොතබමු. වරක් අපි එතුමාණන් සමඟ ආහාර වේලකට සහභාගී වූ විට කුඩා දැරියක් ඉදිරියට තල්ලු කරනු ලබනවාක් මෙන් දැඩි වේගයෙන් පැමිණියා ය. ඇය කෑමට අත තැබීමට සූදානම් වූ විට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ඇගේ අත අල්ලා ගත්හ. පසුව ගම්බද අරාබි වරයකු ඉදිරියට තල්ලු කරනු ලබනවාක් මෙන් වේගයෙන් පැමිණියේ ය. එතුමාණෝ ඔහු එම ආහාරය ස්පර්ශ කිරීමට පෙර ඔහුගේ අත් දෙක අල්ලා ගත්හ. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූූහ: සර්වබලධාරී අල්ලාහ්ගේ නාමය මෙනෙහි නොකරන ලද ආහාර ගැනීම මිනිසා ආරම්භ කළ විට ෂෙයිතාන් එය අනුමත කර ගන්නට බලයි. ඔහු මේ කුඩා දැරිය සමග එම ආහාරය අනුමත කර ගන්නට පැමිණියේය. නමුත් මම ඇගේ අත අල්ලා ගත්තෙමි. පසුව ඔහු මෙම ගම්බද අරාබිවරයා සමග එය අනුමත කර ගන්නට පැමිණියේය. නමුත් මම ඔහුගේ අත ද අල්ලා ගත්තෙමි. මගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමි! නියත වශයෙන්ම ෂෙයිතාන් ගේ අත ඇගේ අත සමග මගේ අතේ ඇත. පසුව අල්ලාහ්ගේ නාමය පවසා ආහාර අනුභව කළේය.
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. "අවසන් කාලය සමීප වන විට, දේව විශ්වාසවන්තයාගේ සිහිනය බොරුවක් බවට පත් නොවන්නේය. දේව විශ්වාසවන්තයාගේ සිහිනය නබිත්වයේ කොටස් හතළිස් හයෙන් එක් කොටසකි." තවත් වාර්තාවක, සිහිනෙන් ඔබට වඩාත් සත්‍යය වූ දෑ කතාවෙන් ඔබට වඩාත් සත්‍යය වූ දෑ වේ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතහදීසයේ තේරුම: අවසන් කාලය සමීප වන විට, දේව විශ්වාසවන්තයාගේ සිහිනය සැබෑවක් වන්නේය. එය සිදුවන හෝ සිදුවන්නට යන දෙයක් පිළිබඳ තොරතුරක් වන්නේය. සිහිනයට අනුකූලව එය සිදුවනු ඇත. ඒ අනුව මෙම සිහිනය සැබෑ ලෙසින්ම නබිත්වයේ වහී ලැබෙන්නාක් මෙනි. "විශ්වාසවන්තයාගේ සිහිනය නබිත්වයේ කොටස් හතළිස් හයෙන් එක් කොටසකි." ඉන් අදහස් කෙරෙනුයේ, ගුප්ත දෑ පිළිබඳ තොරතුරු දන්වා සිටින අයුරින් පිහිටි නබිත්වයේ දැනුමය. නබිත්වය ශේෂව පවතින්නක් නොවීය. නමුත් එහි දැනුම ඉතිරිව පවතින්නකි. මෙම සංඛ්‍යාව විශේෂ කොට පවසා තිබීමට හේතුව, බොහෝ හදීස්වල වාර්තා වී ඇති පරිදි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ වයස අවුරුදු හැට තුනක් ජීවත් වූහ. ඒ අතුරින් එතුමාගේ නබිත්වයේ කාලය අවුරුදු 23කි. අවුරුදු හතළිහ සම්පූර්ණ වූ විට එතුමාට නබිත්වය ලැබීය. නබිත්වය ලැබීමට පෙර මාස හයක කාලයක් තිස්සේ නින්දෙන් සිහින දුටුහ. එය අළුයම උදාවේ පවතින පැහැදිලි දසුනක් මෙන් විය. පසුව අවදිව සිටියදී මලක්වරයාව දෑසින් දුටුහ. සිහිනෙන් දුටු වහීවල කාලය සමග මෙය සම්බන්ධ කළ විට එනම්: එම මාස හය නබිත්වයේ කාලය සමග සම්බන්ධ කළ විට අවුරුදු 23 කි. මාස හය යනු කොටස් 23න් එක් කොටසක අඩකි. එනම් කොටස් 46න් එක් කොටසක් වේ. සිහිනෙන් ඔබට වඩාත් සත්‍යය වූ දෑ කතාවෙන් ඔබට වඩාත් සත්‍යය වූ දෑ වේ. යන ප්‍රකාශය වනාහි, අල්ලාහ්ට සමීපව තම කතාවෙහි සත්යවාදියකුව මිනිසා සිටියේ නම් ඔහුගේ සිහිනය බොහෝ විට සත්‍යයට සමිප වූවක් වෙයි. බුහාරි හදීස්හි එය මෙසේ සඳහන් වෙයි. "යහපත් සිහිනය දැහැමි මිනිසා අතරිනි" තම කතාවේ සත්‍යයතාවක් නොපවතින පුද්ගලයා වනාහි, ඉන් පිටත හා ඇතුළත නපුරු දෑ ගෙන එයි. මෙය ෂෙයිතාන්ගේ ක්‍රියාදාමයෙන් වූ කොටසකි. ඉබ්නු කය්යිම් -රහිමහුල්ලා- මෙසේ පවසා සිටියි. කවරෙකු සැබෑ සිහිනය දකින්නට අපේක්ෂා කරන්නේද ඔහු සත්‍යය පවසත්වා අනුමත ආහාර ගනිත්වා නියෝග හා තහනම් පිළිපදිත්වා, කිබ්ලා දෙසට හැරී පූර්ණ පිරිසිදු බාවයෙන් යුතුව නිදා ගනිත්වා, නිදිමත එන තෙක් අල්ලාහ්ව මෙනෙහි කරත්වා එවිට ඔහුගේ සිහිනය බොරුවක් වීමට ඉඩක් නොමැත.
අබූ සඊද් අල් කුද්රි -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ආදම්ගේ පුතනුවන් උදෑසන අවදි වූ විට, සැබැවින්ම සියලු අවයව, දිවට යටහත් වෙයි. ඒවා මෙසේ පවසනු ඇත: අප විෂයයෙහි ඔබ අල්ලාහ්ට බියවනු. අප සිටිනුයේ ඔබ තුළිනි. ඔබ ඍජුව කටයුතු කරන්නට බලන්නේ නම් අප ද ඍජුව කටයුතු කරන්නට බලන්නෙමු. ඔබ ඇඳවෙන්නට බලන්නේ නම් අපද ඇද වෙන්නට බලන්නෙමු යැයි පවසයි.“
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇතහදීසයේ තේරුම: ශරීරයේ සෙසු අවයව දිවට යටහත් වෙයි. එ්වා එය අනුගමනය කරති. ඒ අනුව උදෑසන එළැඹෙන විට ඒවා මෙසේ පවසා සිටිති. “අප විෂයයෙහි ඔබ අල්ලාහ්ට බියවනු. අප සිටිනුයේ ඔබ තුළිනි“ දිව යනු තම සහෝදර අවයව වලට බොහෝ සෙයින් වැරදි කරන්නකි. එය නිවැරදිව තිබූ විට ඔහුගේ සෙසු ශරීර අවයවද නිවරැදිව පවතී. එමෙන්ම ඔහුගේ සෙසු ක්‍රියාවන්ද දැහැමි වනු ඇත. එමෙන්ම දිව සත්‍යයෙන් නැඹුරු වන්නේ නම් ශරීර අවයවද පවට නැඹුරු වනු ඇත. ඔහුගේ සෙසු ක්‍රියාවන්ද නපුරු වනු ඇත. සල්ලල්ලාහු අලය්හි වසල්ලම් පැවසූ බව අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ගැත්තකුගේ හදවත නිවැරදි වන තෙක් ඔහුගේ දේව විශ්වාසය නිවැරදි වන්නේ නැත. එමෙන්ම ඔහුගේ දිව නිවැරදි වන තෙක් ඔහුගේ හදවත නිවැරදි වන්නේ නැත. මෙම පාඩම යටතේ දිවෙන් ඇතිවන වැරදි පිළිබඳ බොහෝමයක් හදීස් පෙන්වා දී ඇත. එක්කො, එය එහි හිමිකරුට සතුට ගෙන දෙකන්නක් වෙයි එසේ නැතිනම්, ඔහුට දඬුවමක් ගෙන දෙන්නක් වෙයි. අල්ලාහ්ට යටහත් වීමෙහි එය ඔහු පාලනය කර ගන්නේ නම්, මෙලොව හා මතු ලොව ඔහුට සතුටක් වනු ඇත. අල්ලාහ් තෘප්තියට පත් නොවන දෑහි එය ක්‍රියා කිරීමට ඉඩ හැරියේ නම් මෙලොව හා මතුලොව ඔහුට අලාභයක්ම වනු ඇත. අල්කාරීගේ මිර්කාතුල් මෆාතීහ් මිෂ්කාතුල් මසාබීහ්හි විග්‍රහය. (වෙළුම 7/3040)
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "මෙලොව දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූ අයට සිරගෙයකි. දෙවියන් ප්‍රතික්ෂේප කළ අයට ස්වර්ගයකි."
رواه مسلمනියෝග කරන ලද දෑ පිළිපැදීමෙන් හා තහනම් කරන ලද දෑ අත්හැර දැමීමෙන් දේවත්වය විශ්වාස කරන්නා ආගමික වගකීම්වලට බැඳී ඇති බැවින් ඔහුට මෙලොව ජීවිතය සිරගෙයක් වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා ඇත. ඔහු මිය ගිය විට ඉන් නිදහස් වී, සර්වබලධාරී අල්ලාහ් ඔහුට සූදානම් කර ඇති සදාතනික සැපත වෙත හැරී යනු ඇත. නමුත් එය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නාට ස්වර්ගයන් මෙන් යැයි උපමා කර ඇත. මක්නිසාදයත් ඔහු තමන් කැමති පරිදි එහි කටයුතු කරන බැවින් ද, තමන් ආශා කරන දෑ නියෝග කරන බැවින් ද වේ. ඔහු මිය ගිය විටෙක මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔහු වෙනුවෙන් සූදානම් කර ඇති සදාතනික දඬුවම වෙත හැරී යනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පැවසූ බව උමාමා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ((ජනයා අතර අල්ලාහ්ට වඩාත් උසස්ම පුද්ගලයා ඔවුන් අතුරින් සලාම් පැවසීමෙන් ආරම්භ කරන්නාය.)) ඉමාම් තිර්මිදි සතු තවත් වාර්තාවක: අල්ලාහ්ගේ දූතයාණනි, මිනිසුන් දෙදෙනෙකු හමුවෙයි. ඔවුන් දෙදෙනාගෙන් සලාම් පවසා ආරම්භ කළ යුත්තේ (මුළින්ම සලාම් පැවසිය යුත්තේ) කවරකු දැයි විමසන ලදී. එතුමා: ඔවුන් දෙදෙනාගෙන් අල්ලාට වඩාත් උසස් වූ පුද්ගලයා යැයි පැවසූහ.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතජනයා අතුරින් ශ්‍රේෂ්ඨ එමෙන්ම ඔවුන් අතුරින් අල්ලාහ්ට අවනත වීමෙන් වඩාත් සමීප අය වනාහි තම සහෝදරයාට සලාම් පැවසීමෙන් යුහුසුළු වන අය වෙති. හේතුව අල්ලාහ් ඉදිරියේ ඇති දෑ පිළිබඳ ආශාවෙන් යුතුව අවනත වීමට මුලපුරා ඒ වෙත යුහුසුළුව කටයුතු කළ බැවිනි. එවිට ඔහු ජනයා අතුරින් වඩාත් උතුම් ඔවුන් අතුරින් අල්ලාහ්ට වඩාත් යටහත් පුද්ගලයකු බවට පත් වෙයි.
අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම රාත්‍රියේ හෝරාවක් ඇත. මෙලොව හා මතුලොව කරුණක් පිළිබඳ යහපතක් මිනිසෙකු අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින විට, එය(එම හෝරාව)ට සමාන්තරව පිහිටියේ නම් එය ඔහුට පිරිනමනු මිස නැත. එය මුලු රාත්‍රියේම වේ.“
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතසෑම රාත්‍රියකම ප්‍රාර්ථනාව පිළිගන්නා හෝරාවක් ඇත. එම හෝරාවට සමානව වන සේ මුස්ලිම් ගැත්තෙකු ප්රාර්ථනාවෙහි නිරත වූ විට ඔහුගේ ප්‍රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දෙනු ඇත. වෙනත් සහීහ් මූලාශයන් හි සඳහන් පරිදි එය රාත්‍රියෙන් තුනෙන් අවසන් කොටසේ පිහිටා ඇති බවය.
අබුහුරෙයිරා රලි මෙසේ පවසයි මිදුල් වසන්නන් නමි සහාභාවරැන් හැත්තාවක් සිටිති ඔවුන්ගෙන් කිසිවෙකුට අංග සමිපූර්ණවු වස්ත්රක් නොමැත.ඒනමුත් ඔවුන් සතු ඉතා කුඩා රෙදි කඩක් තිබුනද ඒයින් කොටසක් බෙල්ල තෙක් ද තවත් කොටසක් විලුම්බ තෙක්ද තවත් කොටසක් දෙපතුල් දක්වා තිබෙන්නා සේ මා දුටු වෙමි තවද ඒය මා අන් අයට නාෙපෙනෙනවාසේ වැසීමට උත්සාහ කළෙමි යැයි නබි තුමා පැවසූහ.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතඅහ්ලුස්සුප්පා යනු නබිතුමානන්සමග හිඡ්රත්ගමනේ සහබාගිවූවන්ය මොවුන් ඉතාදුප්පත් පවුලකින් යුත් අයවේ තමාසතු තිබෙන්නාවු ධනය නිවහන් සියල්ල අල්ලාහ් වෙනුවෙන් පරිත්‍යාග කර මක්කාවෙන් මදීනා උදෙසා ගමන් කළහ සුප්පා යනු සෙවනැල්ල හා භුක්තිවිදින්නන් යන අදහස ගෙනදේ මොවුන් මස්ඡිදුන් නබවියෙහි කොනක ලැගුම්ගන්නන්ය අබුහුරෙයිරා රලි මෙසේ පවසයි මිදුල් වසන්නන් නමි සහාභාවරැන් හැත්තාවක් සිටිති ඔවුන්ගෙන් කිසිවෙකුට අංග සමිපූර්ණවු වස්ත්රක් නොමැත.ඒනමුත් ඔවුන් සතු ඉතා කුඩා රෙදි කඩක් තිබුනද ඒයින් කොටසක් බෙල්ල තෙක්ද තවත් කොටසක් විලුම්බ තෙක්ද තවත් කොටසක් දෙපතුල් දක්වා තිබෙන්නා සේමා දුටුවෙමි තවද ඒය මා අන් අයට නාෙපෙනෙනවාසේ වැසීමට උත්සාහ කළෙමි යැයි නබි තුමා පැවසූහ.මොවුන්ගේ වස්ත්‍රය වනුයේ හිසෙන් පටන් ගෙන විලුම්බ තෙක් පිරිමහගන්න පුලුවන් විදිහට තිබුණේද ඒය පිරිපුන්වු වස්ත්රයක්බවට නොතිබුණි නියග කාලය වේවා ගෘතුකාලය වේවා ඒය ප්‍රමාණවත්ව නොතිබුණි මොවුන් සියලුදෙනාම මෙලොවෙන් සමුගන්නා තෙක් අන් අයගෙන් අතනොපා මෙලොවෙන් අෑත්වී රිෂිවරැන්සේ වාසය කළහ දෙවිදුන් වන අල්ලාහ් ඔවුන්ගෙන් තෘප්තිමත් විය ඔවුන්ද අල්ලාහ්ව තෘප්තිමත් විය යන අදහසින් නබි තුමා පැවසූහ
නියතවශයෙන්ම යම් මිනිසෙකු නබි තුමානන් කෙරෙහි අඡ්නබි කාන්තාවක් තමාව සිපගත් බව පැමිනිල්ලක් යොමු කල විගස දෙවිදුන් වන අල්ලාහ් මෙසේ පහල කලේය නියතවශයෙන්ම දහවල් කාලයේ හා රාත්‍රි කාලෙය් කොටසක් සලාතය ඉටු කරනු මැනව සත්‍යවශයෙන්ම සත් ක්‍රියාවන් දුර්ක්රියාවන් සියල්ල කමාකරයි යන අදහසින් පහලවූ ඒම වැකිය පැවසූ විගස ඒම මිනිසා මෙය මාහට පමණක්ද යැයි විමසූහ ඒවිට නබි තුමා මුලු සමාඡයටම අයත්ය යැයි පැවසූහ වාර්ථාකරැ ඉබ්නු මස්උෘව්ද් රළියල්ලාහු අන්හු මූලාශ්‍රය බුහිරි
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතනියතවශයෙන්ම යම් මිනිසෙකු නබි තුමානන් කෙරෙහි අඡ්නබි කාන්තාවක් තමාව සිපගත් බව පැමිනිල්ලක් යොමු කල විගස දෙවිදුන් වන අල්ලාහ් මෙසේ පහල කලේය නියතවශයෙන්ම දහවල් කාලයේ හා රාත්‍රි කාලෙය් කොටසක් සලාතය ඉටු කරනු මැනව සත්‍යවශයෙන්ම සත් ක්‍රියාවන් දුර්ක්රියාවන් සියල්ල කමාකරයි යන අදහසින් පහලවූ ඒම වැකිය පැවසූ විගස ඒම මිනිසා මෙය මාහට පමණක්ද යැයි විමසූහ ඒවිට නබි තුමා මුලු සමාඡයටම අයත්ය යැයි පැවසූහ වාර්ථාකරැ ඉබ්නු මස්උෘව්ද් රළියල්ලාහු අන්හු මූලාශ්‍රය බුහිරි ඉහත සදහන් හදීසයේ අර්කථනය වනුයේ යම් බැතිමතෙකු විසින් නොදැනුවත්කමින් දැනුවත්ව හෝ සුලු පාපයක් අැති වූ විට ඒම කර්මය සිහිපත් ඔහු අැය දෙවිදුන්ගෙන් සමාව අයදින්නේද නැත්නම් ඔවුන් විසින් කරන්නාවු සත් ක්‍රියා මගින් ඔනම් වුලූ දෝවනය පංචකාල සලාතය උපකාර අමතර සලාතයන් අල් කුර්අානය පාරායනය යන මෙවැනි සත් ක්‍රියා මගින් සුලු පාපයන් කමාකරනු ලැබේ යන අදහසින් නබි තුමාණෝ පැවසූහතිර්මිසදීය් යන ග්‍රන්ථයේ ද හදීස් අංක 3115 ග්‍රන්ථාරෑඩ වී තිබේ