





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
වරක් නබි සල්ලල්ලාහු තුමා කෙරෙහි මිනිසෙකු පැමිණ මා වරදක් කළෙමි ඒබැවින් මට දඩුවම් කරන්නෙයි ඔහු පැවසුහ තවද ඔහු නබි තුමා සමග සලාතයද ඉටු කළහ ඊට පසුවද නැවත දඩුවම් කරන්නැයි කියා බැගෑපත්ව හා අසරණව ප්‍රශ්න කළහ ඒටිට ඒම මිනිසා උදෙසා බලා මෙසේ කීවේය ඔබ අප සමග සලාතය ඉටුකරතිබුනේනම් ඔබගේ පාපයන් සියල්ල කමාකරන ලදී යන අදහසින් නබි සල්ලල්ලාහු තුමා පැවසූහ වාර්ථාතරැ අනස් රළියල්ලාහු අන්හු මූලාශ්‍රය බුහාරි
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතවරක් නබි සල්ලල්ලාහු තුමා කෙරෙහි මිනිසෙකු පැමිණ මා වරදක් කළෙමි ඒබැවින් මට දඩුවම් කරන්නෙයි ඔහු පැවසුහ තවද ඔහු නබි තුමා සමග සලාතයද ඉටු කළහ ඊට පසුවද නැවත දඩුවම් කරන්නැයි කියා බැගෑපත්ව හා අසරණව ප්‍රශ්න කළහ ඒටිට ඒම මිනිසා උදෙසා බලා මෙසේ කීවේය ඔබ අප සමග සලාතය ඉටුකරතිබුනේනම් ඔබගේ පාපයන් සියල්ල කමාකරන ලදී යන අදහසින් නබි සල්ලල්ලාහු තුමා පැවසූහ වාර්ථාතරැ අනස් රළියල්ලාහු අන්හු මූලාශ්‍රය බුහාරි ඉහත සදහන් හදීසෙය් අර්ථකථනය වන්නේ යම් බැතිමතෙකු සුලු පාපයක් කළේනම් ඒය ඔහු අැය විසින් ඉටුකරන්නාවු පංචකාල සලාතය ඔස්සේ කමා කළ පාපවලට සමාව අයදින්නෝදතමන්ව නිවැරදි කරගත්තෝද නියතවම අල්ලාහ් අධිකව සමා කරන්නාය අසම දයාවන්තයාය ඒසේම ඔවුන් විසින් දඩුවම දැඩි ලෙස ඉටුකරන්නාවු පාපකර්මයන් වන සේවනයෙහි යෙදීම දුරාචාරය මත්පැන් පානය කිරීම මෙවෙනි මහා පාපයන් අදහස් කරනු ලැබේ පාපයන්වල යෙදුනේද ඔවුන්හට ෂරී්යා අනුමතකරන්නාවු දඩුවම ඉටු කර ඔවුන් පව් කෂමාව අයදින්නේද අල්ලාහ් ඔවුන්ගේ පාපයන් කෙරෙහි සමාව දීඅධිකව භාරගන්නා ලෙස සිටියි
ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම මිනිසකු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙතින් අවසර පැතුවේය. එවිට එතුමා: “ඔබලා ඔහුට අවසර දෙනු ගෝත්‍රයේ සහෝදරයා නපුරෙකි. යැයි පැවසූහ.“
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතමිනිසකු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත අවසර පැතුවේය. එවිට ඔබලා ඔහුට අවසර දෙනු එම ගෝත්‍රයේ සහෝදරයා -එම ගෝත්‍රයේ කොළුවා- නපුරෙකි. යැයි පැවසූහ. ඔහු වාඩි වූ කල්හි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඔහුගේ මුහුණෙහි සතුට පෙන්වූහ. ඔහු වෙත අත දිගු කළහ. එම පුද්ගලයා ගිය කල්හි ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය එතුමාට අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ එම මිනිසා දුටු කල්හි ඔහු ගැන මෙසේය මෙසේය යැයි පැවසුවෙහිය. පසුව ඔහුගේ මුහුණට ඔබේ සතුට පෙන්වා, ඔහු වෙත දෑත් දිගු කළෙහිය.? එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා “අහෝ ආඉෂා, නපුරා ගැන ඔබ මට ප්‍රතිඥා දුන්නේ කවදාද. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් අබියස නිලයෙන් වඩාත් නපුරුතම මිනිසා වනුයේ ඔහුගේ පීඩාව හේතුවෙන් මිනිසුන් ඔහුව අතහැර දැමූ පුද්ගලයාය. එහෙයින් මේ මිනිසා කලහකාරී හා පීඩාකාරී ජනයා අතුරිනි. එහෙයින් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ඔහුට උරුම වූ ඔහුගේ අඩුපාඩුව ගැන මතක් කරමින් ඔහුගේ ගෝත්‍රයේ කොළුවා නපුරෙකි යැයි පැවසූහ. එය ඔහුගේ අර්බුධකාරී තත්ත්වයෙන් ජනයා වළක්වා ඔවුන් ඔහු තුළින් නොමඟ නොයා යුතු බැවිනි. එහෙයින් ඔබ නපුරු මිනිසෙකු දුටු වේ නම් මිනිසුන් ඔහුගේ කතාවිලාශයෙන් මන්මත් වී සිටින්නේ නම් එවිට එම පුද්ගලයා නපුරෙක් බව පැහැදිලි කර සිටීම ඔබ වෙත පැවරෙන්නේය. හේතුව ඔහු හේතුවෙන් ජනයා සීමාව ඉක්මවා කටයුතු නොකළ යුතු බැවිනි. චතුර ලෙසින් කතා කළ හැකි මිනිසුන් කොපමණක් දෙනෙක් සිටිත් ද ඔහුගේ ශරීරය ඔබ දුටු විට ඔබව මවිතයට පත් කරයි. ඔහු යමක් පවසයි නම් ඔබ ඔහුගේ ප්‍රකාශයට සවන් දෙයි. නමුත් ඔහු තුළ කිසිදු යහපතක් නැත. ඔහුගේ තත්ත්වය වටහා දීම අනිවාර්යය වේ. එතුමා එම මිනිසා සමඟ මෘදු ලෙස කටයුතු කර ඇති බව සඳහන් වේ. එය පරිපාලනයේ එක් අංගයකි. විද්වත්හු පරිපාලනයෙදී එය අපේක්ෂා කරනු ලබන්නක් බව පිළිගනිති. එනම් සෙසු අය සමඟ ගනු දෙනු කිරීමේදීය. එය ඔහු ගැන කයිවාරු දෙඩීමට විරුද්ධය. එසේ කයිවාරු දෙඩීම ඔහු සතු වගකීමෙන් ඔහුව පහළට ඇද දමයි. වැරදි කිරීමේ සීමාව ඉක්මවා යයි. වැරදි කිරීමට පොළඹවයි. එවන් තත්ත්වයක් සුදු නොවන්නකි. හේතුව එය සූරා අල් කලම් හි 9 වන වැකියේ අල්ලාහ් මෙසේ පවසා සිටියි. “ඔබ ලිහිල් කළෙහි නම් ඔවුන්ද ලිහිල් කරන්නට කැමති වෙති.“ යහපත තහවුරු කරන අයුරින් සිදු කරන පරිපාලනයත් මිනිසුම් සමග ගණු දෙනු කිරීමත් ඒ මත රැඳී නොසිටීමත් අවම අර්බුධකාරී තත්ත්වයන් උදා කරයි. සැබැවින් එය දහම්ගත කරුණකි.
ඉබ්රාහීම් ඉබ්නු අබ්දුර් රහ්මාන් ඉබ්නු අවුෆ් විසින් වාර්තා කරන ලදී. අබ්දුර් රහ්මාන් ඉබ්නු අවුෆ් - රළියල්ලාහු අන්හු - තුමා උපවාසය රකින්නෙකුව සිටිය දී එතුමා වෙත ආහාරයක් ගෙන එන ලදී. එවිට එතුමා, “මුස්අබ් ඉබ්නු උමය්ර් -රළියල්ලාහු අන්හු- තුමා ඝාතනය කරනු ලැබීය. ඔහු මට වඩා ශ්‍රේෂ්ඨය. කෆන් කරනු ලැබීමට ඔහු පොරෝණයක් හැර කිසිවක් නොලැබී්ය. එමගින් හිස ආවරණය කරන විට එතුමාගේ පාද දෙක නිරාවරණය වෙයි. එතුමාගේ පාද දෙක ආවරණය කරන විට එතුමාගේ හිස නිරාවරණය වෙයි. පසුව මෙලොවෙහි විස්තීරණ කරනු ලැබූ දෑ අපට විස්තීරණ කරනු ලැබීය. එසේ නැතිනම් අපට පිරිනමනු ලැබිය යුතු දෑ මෙලොවෙහි අපට පිරිනමනු ලැබීය.- අපගේ කුසල් අපට ඉක්මන් කර දෙනු ලැබී ඇතැයි සැබැවින්ම අපි බිය වීමු.“ යැයි එතුමා පැවසූහ.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතමෙම හදීසයේ තේරුම: සැබැවින්ම අබ්දුර් රහ්මාන් ඉබ්නු අවුෆ් -රළියල්ලාහු අන්හු- තුමා දිනක් උපවාසයේ නිරතව සිටියහ. ඉෆ්තාර් නොහොත් උපවාසයෙන් මිදෙන අවස්ථාව පැමිණි විට එතුමා වෙත ආහාරයක් ගෙන එන ලදී. පොදුවේ උපවාසය රකින්නෙකු එම ආහාරයට ඇලුම් කරයි. නමුත් එතුමා ආරම්භක සහාබාවරුන්ට සිදු වූ දෑ පිළිබඳව මෙනෙහි කළහ. එතුමාද අාරම්භක සහාබාවරුන් සමග හිජ්රත් කළ මුහාජිර් වරයෙකි. නමුත් තමන් ගැන තමන්ම පහත් කොට සලකා මෙසේ පැවසීය. සැබැවින්ම මුස්අබ් ඉබ්නු උමය්ර් -රළියල්ලාහු අන්හු- තුමා යටහත් බවින් හා ඉවසීමෙන්, එසේ නැතිනම් දිළිඳුකම හා ඉවසීම තෝරාගැනීමේ මනෝභාවයෙන් මට වඩා ශ්‍රේෂ්ඨ අයෙකි. කෙසේ නමුත් විද්වතුන් පැහැදිලි කර සිටිනුයේ: ස්වර්ගයේ හිමිකාරත්වය ගැන ශුභාරංචි දන්වනු ලැබූ සහාබාවරුන්, සෙසු සහාබාවරුන්ට වඩා උසස් බවය. මුස්අබ්-රළියල්ලාහු අන්හු- තුමා ඉස්ලාමයට පෙර මක්කාවේ තම දෙමව්පියන් සමග ජීවත් වූ අයෙකි. තම පියාණන් ධනවතෙකි. තම මව හා පියා තාරුණ්‍යයට ගැලපෙන උසස් ගණයේ ඇඳුම් ඔහුට ඇන්දවූහ. ඉතා සතුටුමත් ජීවිතයක් ඒ දෙදෙනා ඔහුට දුන්හ. නමුත් එතුමා ඉස්ලාමය වැළඳ ගත් කල්හි ඔවුන් දෙදෙනා ඔහුව වෙන් කළෝය. දුරස් කළෝය. එතුමා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමග හිජ්රත් ගියහ. පසුව ඔහු ද හිජ්රත් ගිය අය අතුරින් කෙනෙකු විය. මක්කාවේ තම දෙමාපියන් ඉදිරියේ අලංකාර ඇඳුමින් සැරසී සිටි මෙතුමාට ඒ වන විට සතු වූයේ හිල් ආවරණය කරනු ලැබු රෙදි කඩක් පමණි. නමුත් එතුමා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙනුවෙන් ඒ සියල්ල අතහැර දමා හිජ්රත් කළහ. උහද් යුද දිනයේ කොඩිය නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එතුමාට පිරිනැමීය. එහිදී එතුමා දිවි පිදූහ. ඔහු සමග රෙදි කඩක් පමණක් විය. එයින් ඔහුගේ හිස ආවරණය කළ විට ඔහුගේ දෙපා හෙළි විය.එමෙන්ම ඔහුගේ දෙපා ආවරණය කළ විට හිස හෙළි විය. හේතුව එය එතරම් කුඩා රෙදි කඩක් වූ බැවිනි. පසුව එමගින් ඔහුගේ හිස වසා දමන ලෙසටත් ඔහුගේ දෙපා ඉද්හර් හෙවත් පැළෑටි වර්ගයකින් වසා දමන ලෙසටත් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අණ කළහ. මෙම ශ්‍රේෂ්ඨ මිනිසා ගැන අබ්දුල්ලාහ් ඉබ්නු අවුෆ් තුමා මෙනෙහි කරන්නට විය. පසුව, “සැබැවින්ම ඔවුන් ඉකුත්ව ගොස් ඇත. මෙලොවෙහි අල්ලාහ් ජය ලබා දුන් දැයින් ඝනීමත් හෙවත් යුද්ධයේදී සතුරා විසින් අතහැර පළා ගිය වස්තූන් බොහෝමයක් ඔවුනට පසු පැමිණෙන්නන් සඳහා භාර දී ඇත“ යැයි පැවසූහ. එය සූරා අල් ෆත්හ් හි 19 වැනි පාඨය මෙසේ දන්වා සිටියි. ‘‘යුද්ධයේදී සතුරා විසින් හැර දමා ගිය දෑ බොහෝමයකි. ඔවුහු එය අරගත්තාහ.“ පසුව අබ්දුර් රහ්මාන් ඉබ්නු අවුෆ් -රළියල්ලාහු අන්හු- තුමා: අපගේ කුසල් අපට ඉක්මන් කර දෙනු ලැබී ඇතැයි සැබැවින්ම අපි බිය වීමු යැයි පැවසූහ. එනම්: අල් ඉස්රා පරිච්ඡේදයේ 18 වැනි පාඨයේ සඳහන්, “කවරෙකු මෙලොව පතන්නේ ද අපි ප්‍රිය කරන අයට අපගේ අභිමතය පරිදි එහි ඔහුට ඉක්මන් කර දෙන්නෙමු. පසු ව නිරය ඔහුට නියම කරන්නෙමු. ඔහු එහි අවමානයට ලක් වූ අභාග්‍ය සම්පන්නයෙකු සේ පිවිස දැවෙනු ඇත.“ යන කියමනට හෝ අල් අහ්කාෆ් පරිච්ඡේදයේ 20 වැනි පාඨයේ සඳහන්, “තවද ප්ර්තික්ෂේප කළවුන් (නිරා) ගින්නට ඉදිරිපත් කරනු ලබන දින නුඹලාගේ මෙලොව ජීවිතයේ දී නුඹලාගේ යහපත් දෑ නුඹලා පහ කර යවා ඇත. තවද නුඹලා ඒවා භුක්ති විඳ ඇත. එහෙයින් අද දින නුඹලා කිසිදු සාධාරණයකින් තොරව උඩඟුකම් පෑ හේතුවෙන් ද නුඹලා පාපකම් සිදුකරමින් සිටි හේතුවෙන් ද නින්දිත දඬුවම ප්ර්තිඵල වශයෙන් දෙනු ලබන්නෙහුය.“ යන වාක්‍යයට අදාළ අභාග්‍ය වන්තයකු බවට අප පත් වී ඇත්තෙමු දැයි බිය වීමු යන්නයි. මෙය උමර් රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කළ හදීසය පරිදිය. ඔවුන් තුළ බියක් ඇති වීමට හේතු වූයේ බොහෝ විට මේ නිසාය. එහෙයින් එතුමා තමන්ගේ යහකම් සඳහා වූ ප්‍රතිඵල මෙලොවෙහිම ඉක්මන් කොට පිරිනමා ඇතැයි බියට පත් වූහ. තමන්ට පෙර ඉකුත්ව ගිය දැහැමියන් සමඟ තමන්ට එක්විය නොහැකිවේදෝයි යන බියෙන් ඇඬූහ. පසුව එතුමා එම ආහාරය ප්‍රතික්ෂේප කළහ.
හකීම් ඉබ්නු හිසාම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට යමක් පිරිනමන මෙන් ඉල්ලා සිටියෙමි. එතුමාණෝ මට දුන්හ. නැවතත් ඉල්ලා සිටියෙමි. එවිට ද දුන්හ. පසුව මා අමතා: අහෝ හකීම්! නියත වශයෙන්ම මෙම වස්තූන් සාරවත් හා මිහිරිය. නමුත් කවරෙකු එය ආශාවෙන් තොරව ලබාගන්නේද එයින් ඔහුට සමෘද්ධිය ඇති වේ. කවරෙක් එය කෑදර කමින් ලබා ගන්නේද එයින් ඔහුට සමෘධිය ඇති නොවේ. එවිට ඔහු ආහාර අනුභව කළ ද කුස නොපිරැණු කෙනෙකු මෙන් වන්නේය. ඉහළ තිබෙන අත පහළ තිබෙන අතට වඩා උසස් වේ" යැයි පැවසූහ. පසුව හකීම්, "මම මෙසේ පැවසුවෙමි. 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ සත්‍යය සමග එවූ අය මත දිවුරා පවසමි. ඔබ තුමාගෙන් පසුව මම මෙලොවින් සමුගන්නා තුරු කිසිවෙකුගෙන් කිසිවෙක් නොඉල්ලමී' යැයි පැවසීය. පසු කාලීනව අබූබක්කර් (රළියල්ලාහු අන්හු) තුමා පොදු භාණ්ඩාගාරයෙන් හකීම් (රලියල්ලාහු අන්හු) තුමාට දීමනාවක් දීම සදහා කැදවූව ද ඔහු ඉන් කිසිවක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේය. ඉන් පසු උමර් (රලියල්ලාහු අන්හු) තුමා ඔහුට යම් දීමනාවක් දෙන්නට ඇරයුම් කළේය. එවිට ද එය පිළිගන්නට හෙතෙම ප්‍රතික්ෂේප කළේය. එවිට එතුමා මෙසේ පවසා සිටියහ: 'අහෝ මුස්ලිම්වරුනි! සටන් නොකර ලබා ගත් මෙම වස්තූවේ අල්ලාහ් තීරණය කළ හකීම්ගේ කොටස මා ලබා දීමට ඉදිරිපත් වුණෙමී. එවිට ඔහු එය බාරගැනීමට ප්‍රතික්ෂේප කර ඇත. (මෙයට ඔබලා සාක්ෂි දරන්න) යැයි පැවසුවේය. හකීම් (රලියල්ලාහු අන්හු) තුමා නබි තුමාණන්ගෙන් පසුව තමන් මිය යන තෙක්ම අන් අයෙගන් කිසිවක් ලබා නොගත්තේය.
متفق عليهමෙලොව වස්තුවෙන් යමක් තමන්ට පිරිනමන මෙන් හකීම් ඉබ්නු හිසාම් (රළියල්ලාහු අන්හු) තුමා, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ඉල්ලා සිටියේය. එතුමාණෝ ඔහුට දුන්හ. නැවතත් හෙතෙම ඉල්ලා සිටියේය. එවිට ද දුන්හ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහු අමතා මෙසේ පැවසූහ: "අහෝ හකීම්! නියතවශයෙන්ම මෙම වස්තුව ආශාව හා කෑදර කම ඇති කරන්නකි. එහෙයින් කවරෙකු ඉල්ලීමකින් තොරව ඒ වෙත පැමිණ කෑදරකමෙන් හෝ බලකිරීමෙන් තොරව එය ලබා ගන්නේද එයින් ඔහුට සමෘද්ධිය ඇති වේ. කවරෙක් එය කෑදර කමින් හා තෘෂ්ණාවෙන් ලබා ගන්නේද එහි ඔහුට සමෘධිය ඇති නොවේ. එවිට ඔහු ආහාර අනුභව කළ ද කුස නොපිරැණු කෙනෙකු මෙන් වන්නේය. වියදම් කරන ඉහළ අත ඉල්ලා සිටින පහළ අතට වඩා අල්ලාහ් ඉදිරියේ උසස් වේ" යැයි පැවසූහ. පසුව හකීම් මෙසේ පවසා සිටියේය: මම මෙසේ පැවසුවෙමි. 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ සත්‍යය සමග එවූ අය මත දිවුරා පවසමි. ඔබ තුමාගෙන් පසුව මම මෙලොවින් සමුගන්නා තුරු කිසිවෙකුගේ මුදල් හිඟ නො කරමි.' අල්ලාහ්ගේ දූතයාණන්ගේ නියෝජිතයා වූයේ අබූබක්කර් (රළියල්ලාහු අන්හු) තුමා ය. පොදු භාණ්ඩාගාරයෙන් හකීම් (රලියල්ලාහු අන්හු) තුමාට දීමනාවක් දීම සදහා කැදවූව ද ඔහු ඉන් කිසිවක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේය. ඉන් පසු උමර් (රලියල්ලාහු අන්හු) තුමා ද ඔහුට යම් දීමනාවක් දෙන්නට ඇරයුම් කළේය. එවිට ද එය පිළිගන්නට හෙතෙම ප්‍රතික්ෂේප කළේය. එවිට උමර් තුමා මෙසේ පවසා සිටියහ: 'අහෝ මුස්ලිම්වරුනි! සටන් නොකර, අරගල නොකර දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් මුස්ලිම්වරුන් යටතට පත් වූ මෙම වස්තුවෙන් අල්ලාහ් තීරණය කළ හකීම්ගේ කොටස මා ලබා දීමට ඉදිරිපත් වුණෙමි. නමුත් ඔහු එය බාරගැනීමට ප්‍රතික්ෂේප කර ඇත.' හකීම් (රලියල්ලාහු අන්හු) තුමා නබි තුමාණන්ගෙන් පසුව තමන් මිය යන තෙක්ම අන් අයෙගන් කිසිවක් ලබා නොගත්තේය.
මිනිසාගෙන් යහපත් මිනිසා වන්නේ කෙනෙකුගේ කර්මයන්(වන්දනාවන්) අලංකාරව තිබෙන්නා හා අායුෂකාලය දීර්ඝ වු මිනිසා යන ඉඅදහසින් නබි සල්ල්ලාහු තුමාණෝ පැවසූහ වාර්ථාකරැ අබ්දුල්ලාහ් ඉබ්නු බුස්රිල් අස්ලමියි රළියල්ලාහු අන්හු තිර්මිසී
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත - ඉමාම් දාරමී එය වාර්තා කර ඇතමිනිසාගෙන් යහපත් මිනිසා වන්නේ කෙනෙකුගේ කර්මයන්(වන්දනාවන්)අලංකාරව තිබෙන්නා හා අායුෂකාලය දීර්ඝ වු මිනිසා යන ඉඅදහසින් නබි සල්ල්ලාහු තුමාණෝ පැවසූහ වාර්ථාකරැ අබ්දුල්ලාහ් ඉබ්නු බුස්රිල් අස්ලමියි රළියල්ලාහු අන්හු තිර්මිසී ඉහත සදහන් හදීසයේ අර්කථනය වන්නේ යමෙකු මෙම මිහිපිට වාසයකරනවිට ඔහු අැය මොවුන්ගේ අායුෂ දීර්ඝ වී තිබුනේද ඔවුන්ගේ යාඥාවන් වැදුම් පිදුම් ඉතා දුර්ලබව හා කෙටි කාලීනව තිබුනේද ඒයින් කිසිදු පලක් නැත නියතවශයෙන්ම සත් සෙසුන් ඔවුන්ගේ ප්රරාර්ථනාව අායුෂය අර්ධ හෝ කෙටි කාලීනව තිබුනේද කුසල් සත් ක්‍රියාවන් අානිසංස හැකිපමනින් ඉටුකරීමෙන් දෙවිදුන් වන අල්ලාහ්ගේ තෘප්ත්ිය උදෙසා ගමන් කිරීමයි වරක් නබි තුමාණන් කෙරෙහි කෙනෙකු මෙසේ විමසුවේය මිනිසුන් අතර ඉතා හොද හා නරක මිනිසුන් කවුරැන්ද ඒවිට නබි තුමා මෙසේ කීහ යම් බැතිමතෙකු ඔහුගේ අායුෂය දීර්ඝවී කුසල් පිරිපුන්ව තිබෙන්නාය මිනිසුන් අතර නරක මිනිසා වන්නේ යම් කෙනෙකුගේ අායුෂ කාලය දීර්ඝ වී කුසල් හා යහකම් අඩු තිබෙන්නාය යැයා නබ් තුමානණා් කීහ පූර්ව සාධක අබූව්දාවූද් හා තිර්මිසි (2330)(5/330)දෙවිදුන් මේ සම්බන්ධව මෙසේ අල් කුර්අානයේ ප්‍රකාශ කරයි තවද අප (ඒසැනින්ම දඩුවම් නොකර)ඔවුන් හැර තැබීම තමන්ට යහපතැයි ප්‍රතික්ෂේප කරන්නන් නොසිතන්න අප ඔවුන්ව හැර දමා අැත්තේ ඔවුන් පාපය අධික කරගැනීම පිණිසය තවද ඔවුනට නින්දිත වේදනාව අැත තය්යිබීය් නැමැති විද්වතෙක් මෙසේ කියයි නියතවම කාලය හා වේලාව වෙළෙන්දෙකුගේ හිස මතෙහි තිබෙන්නාවු මුදල් මල්ලක් සේය ඒහම මුදල් මල්ලෙහි අධිකව මුදල් වියදම් නොවී තිබෙනතුරාවට කවදා ඒය නිසියාකාරව පරිහරණය නොකර කළමනාකරණයක් නොමැත්ව තිබුණේද ඔවුන් පරාජයට පාත්රවූවකි ඒය නිසියාකාරව අනුගමනය කළේද ඔවුන් භාග්යයවන්යන්ය
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "දූවිලි තැවරුණු හිසකෙස් අවුල් වුණු කොපමණ පුද්ගලයන් දොරකඩවල්වලින් ඉවතට හරවා යවනු ලබනු ඇත් ද!. එවැන්නෙක් අල්ලාහ්ගේ නාමයෙන් යමක් දිවුරා සිටියේ නම් ඔහුට එය ඉටු කර දෙනු ඇත."
رواه مسلمහිසට තෙල් ගල්වන්නේ නැති, වැඩි පුර නාන්නේ නැති, මිනිසුන් අතර ඔවුනට බලයක් නැති, දූවිලිවලින් තැවරුණු හිසකෙස් අවුල් වුණු පුද්ගලයින් මිනිසුන් අතර සිටින බවත්, ඔවුන්ගේ දොරකඩවල්වලින් ඔවුන්ව මිනිසුන් විසින් වළක්වනු ලබන බවත් ඔවුන් අවමානයක් ලෙස සළකා ඔවුන් පළවා හරින බවත්, නමුත් යමක් සිදු විය යුතු යැයි එවැන්නෙකු දිවුරා සිටියේ නම් ඔහුට කරන උපකාරයක් ලෙස ඔහුගේ ඉල්ලීමට අල්ලාහ් පිළිතුරු දෙන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඔහු අල්ලාහ්ගේ නාමයෙන් යමක් දිවුරා සිටියේ නම් අල්ලාහ්ට එය ඉටු කර දෙනු ඇත. ඔහුගේ දිවුරුම ඔහු ආරක්ෂා කරනු ඇත. එය අල්ලාහ් අභියස ඔහුට ඇති ඔහුගේ මහිමය හා ඔහුගේ නිලය හේතුකොටගෙනය.
අමඅායිෂා රළියල්ලාහු අන්හු පැවසීය වරක් නබි සල්ලල්ලාහු අලෙෙ තුමාගේ නිවස ඉදිරියේ කෙනෙකු උස් හඩින් කෑගෙසුවේය ඔවුන්ගෙන් කෙනෙකු අන් අයට වඩා කරැණාවෙන්ද අනෙකු යම් දෙයක් බලාපොරොත්තුවෙන්ද සිටියේය තවද ඔහු මෙසේ පැවසීය අල්ලාහ් මත දිව්රමි මා කිසිදු සත් ක්රයාවක් නොකරමි දෙවිදුන්ට කෙරෙහි නීතිය ස්ථාපිත කරන්නා හා සත් ක්‍රියාවන් නොකරන්නා කොහේද යැයි නබි සල්ලල්ලාහු තුමාණෝ පැවසීය
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතඅමඅායිෂා රළියල්ලාහු අන්හු පැවසීය වරක් නබි සල්ලල්ලාහු අලෙෙ තුමාගේ නිවස ඉදිරියේ කෙනෙකු උස් හඩින් කෑගෙසුවේය ඔවුන්ගෙන් කෙනෙකු අන් අයට වඩා කරැණාවෙන්ද අනෙකු යම් දෙයක් බලාපොරොත්තුවෙන්ද සිටියේය තවද ඔහු මෙසේ පැවසීය අල්ලාහ් මත දිව්රමි මා කිසිදු සත් ක්රයාවක් නොකරමි දෙවිදුන්ට කෙරෙහි නීතිය ස්ථාපිත කරන්නා හා සත් ක්‍රියාවන් නොකරන්නා කොහේද යැයි නබි සල්ලල්ලාහු තුමාණෝ පැවසීය
උසාමා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((මම ස්වර්ගයේ දොරටුව අසල සිටගෙන සිටියෙමි. එවිට පොදුවේ දුප්පතුන් එහි පිවිසුණහ. ධනය ඇත්තෝ වළක්වනු ලැබූවෝ වූහ. නමුත් නිරා වැසියන්, ඔවුන් නිරා ගින්න වෙතට අණ කරනු ලැබීය. තවද මම නිරයේ දොරටුව ඉදිරියේ සිට ගෙන සිටියෙමි. එවිට පොදුවේ එහි කාන්තාවන් පිවිසුණහ.))
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතපොහොසතුන්ට පෙර දුප්පතුන් හා දිළිඳුන් ස්වර්ගයට පිවිසෙති. හේතුව නියත වශයෙන්ම ඔවුන් දිළිඳුන්ය ඔවුනට කිසිදු ධනයක් නොවීය. එහෙයින්, ඒ සම්බන්ධයෙන් ඔවුන් විනිශ්චය කරනු නොලබති. එය අල්ලාහ්ගෙන් වූ සංග්‍රහයක් වශයෙනි. තවද මෙලොවෙහි පැවති සුව පහසුකම් හා එහි අලංකරණයන් අතුරින් ඔවුනට අහිමි වූ දෑ වෙනුවට පිරිනැමීමක් වශයෙනි. ධනවතුන් අතුරින් විනාශ වී යන සම්පත් සන්තකයේ තිබූවන් හා තරාතිරම් අැත්තවුන් වනාහි, ඔවුනට තිබූ අධික ධනය, සැප පහසුකම්, එමෙන්ම ඒවා තුළින් ඔවුන් ලබා ගත් වින්දනය, ඔවුන්ගේ ආත්මාශාව හා කැමැත්ත පරිදි ඔවුන් භුක්ති විදීම යන හේතුන් නිසා ඒවා පිළිබඳ දීර්ග ලෙස විනිශ්චය කරනු පිණිස කියාමත් දිනයේ එලිමහනේ රඳවා තබනු ලබති. මෙලොව අනුමැතිය ඇති දෑ විනිශ්චය කරනු ලබන්නකි. එමෙන්ම මෙලොව තහනම් කරනු ලැබූ දෑ දඬුවම් ලබා දෙන්නකි. දුගී දුප්පතුන් මෙයින් මිදෙති. නිරයට අධික වශයෙන් පිවිසෙනුයේ කාන්තාවන්ය. හේතුව නියත වශයෙන්ම ඔවුන් අධික වශයෙන් දොස් නගා පැමිණිලි කරන බැවින් හා තම ස්වාමීන් සමග යහපත් ලෙස කටයුතු කිරීමට පිටුපාන හෙයිනි.
අපි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙනුවෙන් එතුමාගේ කිරි පංගුව වෙන් කර තබන්නන් වූයෙමු. එවිට එතුමා රාත්‍රියෙහි පැමිණෙයි. පසුව නිදන්නෙකු අවදි නොකර, අවදිව සිටින්නන්ගේ කණට පමණක් වැකෙන අයුරින් සලාම් පවසයි. එවිට ඔහු ද නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණ එතුමාණන් සලාම් කියූ අයුරින් සලාම් පැවසීය.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතමික්දාද් තුමා හා ඔහු සමග සිටි මිතුරෝ -රළියල්ලාහු අන්හුම්- එළු කිරි දොවා ඔවුන්ගේ කිරි පංගුව පානය කොට, සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා පැමිණ එය පානය කරන තෙක් එතුමාගේ පංගුව වෙන් කර තබති. පසුව ඔවුන් රාත්‍රියේ නිදාගෙන සිටියදී එතුමාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඔවුන් වෙත පැමිණ හඬ උස් නොකර, පහත් හඬින් ඔවුනට සලාම් පැවසූහ. එය නිදන්නා අවදි කරවන අයුරින් නොවීය. එමෙන්ම එය ඔවුන් අතුරින් අවදිව සිටින්නාට ඇසෙන්නට තරම් විය.