





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ මූසා අල් අෂ්අරී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “ඉඳුණු කෙස් සහිත මුස්ලිම්වරයාට හා අල් කුර්ආනය උසුලා ගෙන, එහි ඉක්මවා කටයුතු නොකොට ඉන් දුරස් නොවී කටයුතු කරන්නාට ගරු කිරීමත් යුක්තිගරුක බලධාරීන්ට ගරු කිරීමත් නියත වශයෙන්ම අල්ලාහ්ගේ අභිමානයෙන් වූවකි.
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතකෙනෙකුට යමක් ලැබීමත් ඔහු ගරු කරනු ලැබීමත් අල්ලාහ්ගේ අභිමානයෙන් ඇතිවන්නක් බව මෙම හදීසය පෙන්වා දෙයි. මෙම හදීසයේ සඳහන් කරුණු අතුරින් “ඉඳුණු කෙස් සහිත මුස්ලිම්වරයාට ගරු කිරීම“ යනු එකකි. එනම් ඉස්ලාමික වැඩිහිටියා, සභාවන්හි ගරු කරනු ලැබීම, ඔහු සමග කරුණාවෙන් කටයුතු කරනු ලැබීම, ඔහු සමග ලෙන්ගතුව ආශ්‍රය කරනු ලැබීම යනාදිය තුළින් අල්ලාහ් එම වැඩිහිටියා ගරු කිරීමය. මේ සියල්ල ඔහුගේ ගරුත්වයට හිමිවන අල්ලාහ්ගේ ගරුබුහුමන් වේ. “කුර්ආනය උසුලා ගෙන සිටින්නා“ එනම් අල් කුර්ආනය කටපාඩම් කර ගත් අයට ගරු කිරීමයි. ඔහුට ‘හාමිල්‘ උසුලන්නා යනුවෙන් මෙහි නම් කොට ඇත. එය සැබැවින්ම ඔහු තම හදවතෙහි එය උසුලා ගෙන සිටින බැවිනි. බොහෝ දුෂ්කරතාවන් මත එය උසුලන කල්හි එම බර තවතවත් අධික වෙයි. මෙම ගරුත්වය තුළට අල් කුර්ආනය කියවීම එයට අටුවාවන් ලිවීම යනාදියද ඇතුළත් වේ. මෙම හදීසයේ අල් කුර්ආනය උසුලන්නා යැයි මෙනෙහි කර ඇති සේම එය වර්ණනා දෙකකින් වෙන් කර සඳහන්වී පැමිණ ඇත. එනම්, “එහි ඉක්මවා කටයුතු නොකොට“ ඉක්මවීම යනු නියමිත සීමාවෙන් ඔබ්බට යාමයි. එනම් කුර්ආනය සමග කටයුතු කිරීමේදී සීමාව ඉක්මවා නොයාම, එහි සැඟවුනු රහස් දැනුමකින් තොරව විමර්ශනය කිරීම, එහි අර්ථයන් පිළිබඳ සැකයක් ඇති කර ගැනීම, එය කියවීමේදී හා අක්ෂර භාවිතයේ සීමාව ඉක්මවා යෑම වැනි කටයුතුවල නිරත වීමය. ඇතැමුන් ඉක්මවීම යනු තජ්වීද් නීතිරීති තුළ සීමාව ඉක්මවා යෑම හෝ අල් කුර්ආනයේ අර්ථය පරිශීලනය කිරීමෙන් වළක්වාලන අයුරින් කියවීමේදී ඇතැම් දෑ සැඟවීම. “ඉන් දුරස් නොවී“ එනම් අල් කුර්ආනය කියවීමෙන් එහි නීති පිළිපැදීමෙන් එහි අර්ථය තහවුරු කර ගැනීමෙන් එ් අනුව ක්‍රියාකිරීමෙන් දුරස් නොවී සිටීමය. මෙම අදහස ඉදිරිපත් කරන ‘ජෆා‘ යන පදයට තවත් අර්ථකතනයක් වනුයේ: දැනගත් පසු එය අතහැර දැමීමය. විශේෂයෙන් නොසැලකිල්ලෙන් හා පිටුදැකීමෙන් එය අමතක කරන විටය. නබි වදනේ පැමිණි ගරු කරනු ලබන අනෙක් පුද්ගලයා වනාහි, “යුක්තිගරුක බලධාරීයාය“ එනම් සාධාරණ ලෙස ක්‍රියා කරන්නා, යුක්තිය ඇත්තා යැයි වර්ණනා කරනු ලබන නීතිගරුක පුද්ගලයා යන්නයි. ඔහුට ගෞරවය හිමිවනුයේ ඔහු පොදු ජනයාට ප්‍රයෝනවත් වන ආකරයෙන් කටයුතු කිරීම හා ඔහුගේ අවධානය ඔවුන්ගේ යහපත උදෙසා පිහිටා තිබෙන බැවිනි.
අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මම ජරීර් ඉබ්නු අබ්දිල්ලාහ් අල් බජලී -රළියල්ලාහු අන්හු- සමග ගමනක පිටත්ව ගියෙමි. එවිට ඔහු මට සේවය කරන්නට වූහ. එවිට මම ඔබ එසේ නොකරනු යැයි ඔහුට පැවසුවෙමි. එවිට ඔහු: “සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන්ට යමක් සිදු කරන අන්සාර්වරුන් දුටුවෙමි. ඔවුන් අතුරින් කිසිවකු සමග මම මිතුදම් පාන්නේ නම් ඔහුට සේවය කරමින් මිස මිතුදම් නොපාන බවට මාගේ සිත තුළ මම දිවුරා ගතිමි.“ යැයි පවසා සිටියේය.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතජරීර් ඉබ්නු අබ්දිල්ලාහ් අල් බජලී -රළියල්ලාහු අන්හු- තුමාගේ හදීසයෙහි සැබැවින්ම තමන් ගමනක නිරතවූ බවත් තම මගී කණ්ඩායමට සේවය කළ බවත් ඔවුන් අන්සාරිවරුන් අතුරින් වූ පිරිසක් වූ බවත් ඔවුන් අතර වයසින් කුඩා වූ අනස් -රළියල්ලාහු අන්හු- තුමාද සිටි බවත් එවිට ඔහු අමතා: ඔබ අල්ලාහ්ගේ දූතයාණන්ගේ මිතුරකුව සිටියදී ඔබ කෙසේ නම් ඔවුනට සේවය කරන්නේ දැයි විමසනු ලැබූ බවත් සඳහන්ව ඇත. එවිට ඔහු: “අන්සාර්වරු අල්ලාහ්ගේ දූතයාණන් සමග කටයුතු කළ අකාරය මම දැක ඇත්තෙමි. ඔවුන් අතුරින් කිසිවකු හෝ මා මුණ ගැසෙන්නේ නම් ඔහුට සේවය කරමින් මිස මුතුදම් නොපාමි යැයි මම මාගේ සිත තුළ දිවුරා ගත්තෙමි යැයි පැවසූහ. මෙය නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ගරුත්වයට පත් කළ අයට කරන ගරුකිරීමකි. මිනිසකුගේ මිතුරන්ට ගරු කිරීම එම මිනිසාට ගරු කළාක් මෙනි. එමෙන්ම ඔවුනට උපකාර කිරීම ඔහුට උපකාර කළාක් මෙනි. එහෙයින් එතුමා-රළියල්ලාහු අන්හු- නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට ගරු කිරීමක් වශයෙන් ඔවුනට උපකාර කළහ.
අබූ මූසා අල් අෂ්අරී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “පුද්ගලයා ඔහු ප්‍රිය කරන්නන් සමග වේ.“ තවත් වාර්තාවක: පුද්ගලයා තම පිරිස සමඟ සේන්දු වූ කල්හි ඔවුනට ඔහු ආදරය කරයි. යැයි කියනු ලැබීය එවිට එතුමා “පුද්ගලයා ඔහු ප්‍රිය කරන්නන් සමග වෙති.“ යැයි පැවසූහ. අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණ, අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, පිරිසක් සමඟ සේන්දු නොවූ මිනිසෙකු ඔවුනට ඔහු ආදරය කරන්නේ යැයි පවසනුයේ කෙසේද? එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- “පුද්ගලයා ඔහු ප්‍රිය කරන්නන් සමග වේ.“ යැයි පැවසූහ.
මෙහි වාර්තා සම්බන්ධතා දෙකක් සමඟ බුහාරි හා මුස්ලිම් හි එය වාර්තා වී ඇතමිනිසා මෙලොවෙහි කවරෙකුට ප්‍රිය කළේද මතු ලොවෙහි ඔවුන් සමග වේ. රසූල්වරුන් හා දැහැමියන්ගේ ආදරයේ බලයත් ඔවුන්ගේ තරාතිරම් අනුව ඔවුන් පිළිපැදීමත් ඔවුන්ට එරෙහි වූවන්ට ආදරය දැක්වීමෙන් වැළකී සිටීමත් යනාදිය සම්බන්ධයෙන් වූ දිරිගැන්වීම මෙහි කෙරී ඇත. එහෙයින් සැබැවින්ම ආදරය යනු තමන් ප්‍රිය කරන්නන් සමග වූ සම්බන්ධතාවේ ශක්තිය ඔහුගේ ගතිගුණවලට ගැලපීම ඔහුව පිළිපැදීම යනාදිය පෙන්වා දෙන සාධකයකි. එහෙයින් එය එසේ ආදරය ඇතිවීම කෙරෙහි සාධකයකි. එහෙයින් ආත්මය ආදරය කිරීමේ වඩාත් වැදගත් වනුයේ අල්ලාහ් වෙත සමීප කරවන දෑ කෙරෙහි වූ ආදරයයි. හේතුව සැබැවින්ම අල්ලාහ්කෘතඥ පූර්වකය. සමීපවන්නාට ඔහු උපයන දැයින් ගුණ කර විශිෂ්ඨ දෑ පිරිනමනු ඇත. ආදරය කරන්නාගේ ආදරය, ආදරය කරනු ලබන්නාගේ නිලතල හා බලතලවලට සමානව පිහිටිය යුතු නොවේ. හේතුව එය දැහැමි ක්‍රියාවන් වෙනස්කම් හා උපයන ලාභයේ වෙනස්කම් අනුව වෙනස් වනු ඇත. එකට කටයුතු කිරීම යනු සමාජයේ යම් කරුණකදී එක්රැස්වීමෙන් සිදුවන්නකි. එය සියලු කටයුතුවලදී ඇති නොවන්නකි. නමුත් තරාතිරම්වල යම් වෙනස්කම් තිබුණද සියලු කටයුතුවලදී ඔවුන් එකඟ වන්නේ නම් ඔවුහු ස්වර්ගයට පිවිසෙනු ඇත. එය එකට කටයුතු කිරීම සනාථ කරයි. එහෙයින් කවුරුන් හෝ අල්ලාහ්ගේ දූතයාණන්ට හෝ දේව විශ්වාසවන්තයින් අතුරින් කෙනෙකුට ආදරය කරයි නම් ඔහුගේ දැහැමි චේතනාව අනුව ඔහු සමග ස්වර්ගයේ වෙසෙයි. එයයි මූලධර්මය වනුයේ. ක්‍රියාව පිහිටනුයේ එය අනුගමනය කිරීමෙනි. ඔවුන්ගේ තරාතිරම් අතරය ඔහුද ඔවුන් සමග සිටිය යුතුයි යන්න අනිවාර්යය නැත. එමෙන්ම සෑම අයුරකින්ම ඔවුන්ට ලැබෙන ප්‍රතිඵල මෙන් ඔවුන්ටද පිරිනමනු ලැබිය යුතුය යන්නත් අනිවාර්යය නැත.
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු ආස් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අප අතර සිටින කුඩා අයට සෙනෙහස නොදක්වන්නා ද අපගේ වැඩිහිටියන්ගේ ගෞරවය නොහඳුනන්නාද අපෙන් කෙනෙකු නොවන්නේය.“
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතකුඩා අයට සෙනෙහස නොදක්වන, ඔවුනට ආදරය නොපෙන්වන, ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු නොකරන, ඔවුන් සමග සෙල්ලම් නොකරන උදවිය සුන්නාව පිළිපඳින මුස්ලිම්වරුන් අතුරින් කෙනෙකු නොවනු ඇත. එමෙන්ම වැඩිහිටියන්ට හිමිවිය යුතු ගෞරවය හා කීර්තිය පිළිබඳ මහිමය නොදන්නා අය ද එසේ නොවනු ඇත. ‘අප අතරින් නොවේ‘ යන පදය වනාහි එය අවවාදාත්මක ප්‍රකාශයකි. එසේ සිදු කළ විට එම පුද්ගලයා ඉස්ලාමයෙන් බැහැර වූවා යැයි අදහස් නොකරයි.
දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මවක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. දුප්පත් කාන්තාවක් ඇගේ දියණියන් දෙදෙනා රැගෙන මා වෙත පැමිණියාය. එවිට මම ඇයට කෑමට රට ඉඳි තුනක් දුන්නෙමි. ඇය ඇගේ දියණියන්ට එක බැගින් දුන්නා ය. ඉන්පසු ඇය ඉතිරි රට ඉඳිය කෑමට ඇගේ කට ළඟට එසවූ නමුත්, ඇගේ දියණියන් එය ඉල්ලා සිටි නිසා ඇය එම රට ඉඳිය ඔවුන් දෙදෙනා අතර බෙදා දුන්නාය. ඇගේ ක්‍රියාව මා මවිතයට පත් කළේය. පසුව මම අල්ලාහ්ගේ දූතයා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට ඇය කළ දේ ගැන මෙනෙහි කළෙමි. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ.: "ඒ හේතුවෙන් අල්ලාහ් ඇයට ස්වර්ගයට නියම කළේය. නැතහොත් එමගින් ඇයව නිරයෙන් නිදහස් කළේය."
رواه مسلمදේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මවක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වා සිටියාය: දුප්පත් කාන්තාවක් ඇගේ දියණියන් දෙදෙනා රැගෙන මා වෙත යමක් ඉල්ලා පැමිණියාය. එවිට මම ඇයට කෑමට රට ඉඳි තුනක් දුන්නෙමි. ඇය ඇගේ දියණියන් දෙදෙනාගෙන් එක් එක් අයට රට ඉඳිය බැගින් දුන්නා ය. ඉන්පසු ඇය ඉතිරි රට ඉඳිය කෑමට ඇගේ කට ළඟට එසවූවාය. නමුත් ඇය අනුභව කරන්නට සිතූ එම රට ඉඳිය ඇගේ දියණියන් දෙදෙනා ඇගෙන් ඉල්ලා සිටියෝය. එවිට ඇය ඔවුන් දෙදෙනා අතර එම රට ඉඳිය බෙදා දුන්නාය. ඇගේ ක්‍රියාව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියව මවිතයට පත් කළේය. පසුව එම කාන්තාව සිදු කළ දෑ අල්ලාහ්ගේ දූතයා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට ඇය මෙනෙහි කළා ය. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ.: සැබැවින්ම අල්ලාහ් එම රට ඉඳිය හේතුවෙන් ඇයට ස්වර්ගයට නියම කළේය. නැතහොත් එමගින් ඇයව නිරයෙන් නිදහස් කළේය.
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ප්‍රකාශ කළ බව අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “යා දල් ජලාලි වල් ඉක්රාම් -කීර්තියෙන් හා උපකාරත්වයෙන් යුත්තානනි- යන පද භාවිතය අධිකව පිළිපදින්න.“
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතමෙම හදීසයේ නියෝගයක් පැමිණ ඇත. එහි අර්ථය වනුයේ එම ප්‍රර්ථනාව පිළිපදින්න. එය අධික ලෙස පවසන්න යන්නය. එනම් ඔබගේ ප්රාර්ථනාවන්හි ඔබ කරන ප්‍රකාශයෙහි නිරතුරුව මෙය භාවිත කරන්න. එය ඔබේ දිවට පහසු ලෙස පත් කර ගන්න. අල්ලාහ්ගේ නාමයන් අතරින් එක් නාමයක් මත මෙය අන්තර්ගතව ඇත. එය උදාර නාමයක් යැයි සඳහන් වේ. හේතුව දේවත්වය හා පාලනය යන ගුණාංග සියල්ල එහි අන්තර්ගතව ඇති බැවිනි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ අතරින් කිසිවකු හෝ සභාවකට ගිය විට, ඔහු (ඔවුනට) සලාම් පැවසිය යුතුය. ඔහු නැගිට යන්නට සිතූ විට ද සලාම් පැවසිය යුතුය. පළමුව අවසානයට වඩා උතුම් වන්නේ නැත."
رواه أبو داود والترمذي والنسائي في الكبرى وأحمدකිසියම් කෙනෙකු රැස්ව සිටින සභාවකට ගිය විට, ඔහු ඔවුනට සලාම් පැවසිය යුතු බවත්, ඔහු ඉන් නැගිට යන්නට සිතූ විට සලාම් පවසා සමුගත යුතු බවත් පැමිණෙන අවස්ථාවේ පවසනු ලබන පළමු සලාමය, පිටත්ව යන අවස්ථාවේ අවසානයට පවසන සලාමයට වඩා උතුම් නොවන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පවසා මඟ පෙන්වූහ.
අබූ සඊද් අල් කුද්රි -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මර්ෆූඃ ගණයට අයත් හදීසයකි ස්වර්ගය හා නිරය තර්ක කර ගනිති. එවිට නිරය: මා තුළ දඩබ්බරයින් හා අහංකාරයින් වෙති. යැයි පවසයි. තවද ස්වර්ගය: මා තුළ ජනයා අතර වූ දුර්වලයින් හා ඔවුන් අතර වූ දුගියන් වෙති යැයි පවසයි. පසුව අල්ලාහ් ඔවුන් අතර මෙසේ තීන්දු කරයි: නියත වශයෙන්ම ඔබ ස්වර්ගයයි. මාගේ දයාවයි. මම අභිමත කරන අයට ඔබ තුළින් කරුණාව පෙන්වමි. තවද නියත වශයෙන්ම ඔබ මාගේ දඬුවමයි. මම අභිමත කරන අයට ඔබ තුළින් මම දඬුවම් කරමි. ඔබ දෙදෙනාගේ ප්‍රමාණයට අනුව මා වෙත ඒවායෙහි පිරවුම් ඇත.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතමෙම හදීසයේ අර්ථය: ස්වර්ගය හා නිරය ඔවුන් දෙදෙනා තුළ ඇති දෑ පිළිබඳ වාද කර ගනිති. ඒ සෑම එකක්ම තමන්ගේ සාධක ඉදිරිපත් කරයි. මෙය බුද්ධියට දුරස් වුවද ඒ ගැන විශ්වාස කිරීමට අනිවාර්ය වූ ගුප්ත කරුණුවලින් එකකි. එනම්, නිරයට එරෙහිව ස්වර්ගය වාද කරයි. ස්වර්ගයට එරෙහිව නිරය වාද කරයි. නිරය තමන් තුළ දඬබ්බරයින් හා අහංකාරයින් සිටින බව වාද කරයි. දඩබ්බරයින් යනු කෘෘර හා දැඩි හදවත් ඇත්තන්ය. අහංකාරයින් යනු උසස් කම හා උඩඟු කමින් පෙළුණු අයයි. මොවුහු ජනයා තලා පෙළා කටයුතු කරන්නෝය. සත්‍යය ප්‍රතික්ෂේප කරන්නෝය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අහංකාරය පිළිබඳ පවසා සිටියදී ((නියත වශයෙන් එය සත්‍යය නැතිකොට ජනයා මිරිකා දැමීමයි)) දඩබ්බරයින් යනු උද්දච්චකමින් සිටියවුන්ය. ඔවුහු නිරයේ වැසියෝ වෙති. අල්ලාහ් අප එයින් ආරක්ෂා කරත්වා! ඇතැම් විට නිරා වැසියා, ජනයා සමග මෘදු ලෙස කටයුතු කරමින් යහ ගතිගුණ පිළිපැද්ද ද සත්‍ය හා සම්බන්ධ කොට බැලූ විට සත්‍යය පිළිගැනීමට උඬගු වෙති. ජනයා කෙරෙහි දක්වන ඔහුගේ මෘදු බව හා මෛත්‍රිය ඔහුට කිසිදු ප්‍රයෝජනයක් ලබා දෙන්නේ නැත. ස්වර්ගය වනාහි, ජනයා අතර වූ දුර්වලයින් හා දිළින්දන් තමන් තුළ ඇති බව පවසා සිටියි. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සත්‍යය සමග මෘදු ලෙස කටයුතු කරමින් එයට යටත් වී කටයුතු කරන්නෝ වෙති. නමුත් අහංකාරයෙන් හා උද්දච්චකමින් පෙළෙන්නන් වනාහි ඔහු බොහෝ විට සත්‍යයට අවනත නොවෙයි. එවිට අල්ලාහ් ඒ දෙක අතර තීන්දු කරයි. නියත වශයෙන්ම ස්වර්ගය ඔබ වනාහි මාගේ කරුණාවයි. මා කැමති අයට ඔබ තුළින් කරුණාව දක්වමි යැයි ස්වර්ගය දෙස බලා අල්ලාහ් පවසයි. නියත වශයෙන්ම නිරය ඔබ වනාහි, මාගේ දඬුවමයි. මා කැමති අයට ඔබ තුළින් දඬුවම් කරමි යැයි නිරය දෙස බලා අල්ලාහ් පවසයි. පසුව අල්ලාහ්: ඔබ දෙදෙනා පිරෙන්නට තරම් පිරවුම් මා වෙත ඇතැයි පවසයි. ස්වර්ගය පිරවීමේ හා නිරය පිරවීමේ වගකීම අල්ලාහ් තමන් කෙරෙහි පවරා ගත්තේය. අල්ලාහ්ගේ භාග්‍යය හා කරුණාව වනාහි ඔහුගේ කෝපයට වඩා විශාලය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරයට හෙළනු ලබන්නන් හෙළන විට එය මෙසේ කතා කරයි: අමතරව තවත් අය සිටීද ඉන් අදහස් කරනුයේ මට ඔවුන් දෙන්න මට ඔවුන් දෙන්න තවත් ඔවුන් වැඩි කරන්න යන්නයි. එවිට අල්ලාහ් ඒ වෙත තම කකුල දමයි. තවත් වාර්තාවක පාදය යනුවෙන් සඳහන්ව ඇත. අල්ලාහ් තම පාදය එ් මත තැබීමේ බලපෑමක් ලෙස එහි වූ ඇතැම් දෑ ඇතැම් දෑ සමග සම්බන්ධ වෙයි. ඒ එකිනෙක එකතු වෙයි. පසුව එය ඇති ඇති එනම් ප්‍රමාණවත් ප්‍රමාණවත් යැයි පවසයි. මෙයයි එහි පිරවුම වනුයේ. ස්වර්ගය වනාහි, නියත වශයෙන්ම ස්වර්ගය විශාලය. එහි පලළ අහස් හා මහපොළොව තරම්ය එහි වැසියෝ එයට පිවිසෙති. එහි ඔවුහු රැඳී සිටිති. එහි වැසියන්ට ඊටත් වඩා අමතර දෑ එහි ඇත. පසුව එ් සඳහා අල්ලාහ් පිරිසක් බිහි කොට ඔහුගේ භාග්‍යය හා කරුණාව තුළින් ඔවුන් ස්වර්ගයට ඇතුළත් කරයි. හේතුව අල්ලාහ් එය පිරවීමේ භාරකත්වය තමන් පවරා ගත් බැවිනි.
මුස්අබ් ඉබ්නු සඃද් තුමා විසින් මෙසේ පවසන ලදී. "තමන්ට පහළින් සිටින උදවියට වඩා උසස්කමක් තමන් හට ඇති බව සඃද් (රළියල්ලාහු අන්හු) තුමා දුටුවේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ": "ඔබ අතර සිටින දුබලයින්ගෙන් හැර ඔබ උදව් කරනු ලබන්නෙහු ද, පෝෂණය කරනු ලබන්නෙහු ද?"
رواه البخاريසඃද් ඉබ්නු අබී වක්කාස් (රළියල්ලාහු අන්හු) තුමා ඔහුුගේ වීරත්වය හා එවැනි කරුණු හේතුකොට ගෙන දුර්වල අයට වඩා තමන්ට උසස්කමක් ඇති බව සිතුවේය. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. "දුබලයින්ගේ ප්‍රාර්ථනාවන්, ඔවුන්ගේ සලාතයන් හා ඔවුන්ගේ අවංකකමින් තොරව ඔබ උදව් ලබන්නෙහු ද? පෝෂණය කරනු ලබන්නෙහු ද? ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ප්රාර්ථනාවෙහි දැඩි අවංකභාවයකින් යුත්තෝ වෙති. මෙලොව අලංකාරයෙන්ගෙන් බැදී සිටීමෙන් ඔවුන්ගේ හදවත් හිස් ව ඇති බැවින් නැමදුමෙහි වඩාත් භක්තිමත් වූවෝ වෙති."