





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අලී (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසීය: ඇත්තෙන්ම මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) හදීසයක් ඇසූ විට, ඉන් කවර ප්‍රයෝජනයක් අල්ලාහ් මට ලබා දෙන්නට අභිමත කළේ ද ඔහු එයින් මට ප්‍රයෝජන ලබා දෙන මිනිසෙක් වූයෙමි. එතුමාගේ සගයින් අතරින් මිනිසෙක් මට යම් හදීසයක් පවසන විට, මම ඔහුගෙන් ඒ ගැන දිවුරන ලෙස ඉල්ලා සිටිමි. ඔහු දිවුරන විට, මම ඔහුව විශ්වාස කරමි. තවද අබු බකර් මට යමක් පවසා සිටියේ නම්, අබු බකර් තුමා සහතික කර "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පවසනු මම අසා ඇත්තෙමි" යැයි පවසා සිටියි. "පාපයක් සිදු කළ යම් කිසි මිනිසෙක්, ඔහු නැගිට පිරිසිදු වී පසුව සලාත් ඉටු කර පසුව අල්ලාහ්ගෙන් පාපක්ෂමාව පතන්නේ නම් අල්ලාහ් ඔහුට සමාව දෙනු මිස වෙනත් කිසිවක් නැත." පසුව (ආලු ඉම්රාන් 135 වැනි) පාඨය කියවා පෙන්වූහ. "තවද ඔවුහු කවරහුද යත් ඔවුහු යම් අශීලාචාර දෙයක් කළ විට හෝ තමන්ට ම අපරාධයක් කර ගත් විට හෝ අල්ලාහ් ව මෙනෙහි කරති. එසැණින් ඔවුන්ගේ පාපයන්ට ඔවුහු සමාව අයැදිති. පාපයන්ට සමාව දෙන්නා අල්ලාහ් හැර වෙන කවරෙක් ද? තවද ඔවුන් දැනුවත් ව සිටිය දී ඔවුන් කළ දෑ හී ඔවුහු අඛණ්ඩව නිරත නොවෙති."
رواه أبو داود والترمذي والنسائي في الكبرى وابن ماجه وأحمدපාපයක් සිදු කළ යම් කිසි ගැත්තෙකු, ඔහු වුළූ ධෝවනය විධිමත්ව ඉටු කර පසුව නැගිට ඔහුගේ එම පාපය සඳහා පශ්චාත්තාප වීමේ අදිටනින් රකආත් දෙකක් ඉටු කර, පසුව අල්ලාහ්ගෙන් සමාව අයැද සිටින්නේ ද අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උත්තරීතර අල්ලාහ්ගේ වදන මෙසේ පාරායනය කර පෙන්වූහ. "තවද ඔවුහු කවරහුද යත් ඔවුහු යම් අශීලාචාර දෙයක් කළ විට හෝ තමන්ට ම අපරාධයක් කර ගත් විට හෝ අල්ලාහ් ව මෙනෙහි කරති. එසැණින් ඔවුන්ගේ පාපයන්ට ඔවුහු සමාව අයැදිති. පාපයන්ට සමාව දෙන්නා අල්ලාහ් හැර වෙන කවරෙක් ද? තවද ඔවුන් දැනුවත් ව සිටිය දී ඔවුන් කළ දෑ හී ඔවුහු අඛණ්ඩව නිරත නො වෙති." (ආලු ඉම්රාන්: 135)
අබූ උමාමා අල්-බාහිලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, "කුසල් සහ මෙනෙහි කිරීම සොයමින් යුද වදින මිනිසකු ගැන ඔබේ අදහස කුමක් ද? ඔහුට යමක් සතු වන්නේ ද?" යැයි විමසුවේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): 'ඔහුට කිසිවක් සතු වන්නේ නැත' යැයි පිළිතුරු දුන්හ. ඔහු එය තුන් වරක්ම ඒලෙස විමසා සිටියේය. අල්ලාහ්ගේ දූතයාණෝ පවසා සිටියේ 'ඔහුට කිසිවක් සතු වන්නේ නැත' යන වගයි. තවදුරටත් එතුමාණෝ "සැබැවින්ම අල්ලාහ් එම ක්‍රියාව පිළිගන්නේ එහි අවංකභාවය පිහිටන්නේ නම් හා එමගින් ඔහුගේ තෘප්තිය අපේක්ෂා කරනු ලබන්නේ නම් පමණි. (ඒ හැර වෙනත් දෑ පිළිගන්නේ නැත.)"
رواه النسائيමිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ අල්ලාහ්ගෙන් කුසල් මෙන්ම මිනිසුන් අතරින් ප්‍රශංසාව හා මෙනෙහි කිරීමේ අපේක්ෂාවෙන් යුද පිටියට ජිහාද් සඳහා පිටත්ව යන තැනැත්තෙකුට හිමි වන ප්‍රතිඵල කුමක් දැයි විමසා එහි නීතිය දැන ගන්නට පැමිණියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): 'ඔහුට කිසිදු කුසලක් සතු වන්නේ නැත' යැයි පිළිතුරු දුන්හ. ඊට හේතුව ඔහුගේ චේතනාව තුළ අල්ලාහ් නොවන වෙනත් අරමුණක් ද මිශ්‍ර වී තිබෙන බැවිනි. එම තැනැත්තා එතුමාණන්ගෙන් එය තුන් වරක්ම විමසා සිටියේය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) 'ඔහුට කිසිදු කුසලක් සතු වන්නේ නැත' යැයි එකම පිළිතුර ලබා දීමෙන් එය සහතික කළහ. පසුව අල්ලාහ් අබියස ක්‍රියාව පිළිගැනීම සඳහා තිබිය යුතු රීතිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුට දන්වා සිටියහ: සැබැවින්ම අල්ලාහ් එම ක්‍රියාව පිළිගන්නේ එහි කිසිවක් හවුල් කිරීමෙන් තොරව එමෙන්ම එය අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා පමණක් සිදු කරන්නේ නම් පමණි යැයි දන්වා සිටියහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "තමාට අදාළ නොවන දේ අත්හැරීම " පුද්ගලයෙකුගේ ඉස්ලාම්හි පවතින යහපත් කරුණු අතුරින් එකකි.
رواه الترمذي وغيرهමුස්ලිම්වරයෙකුගේ ඉස්ලාමයේ පරිපූර්ණත්වයේ සහ ඔහුගේ විශ්වාසයේ සම්පූර්ණත්වයේ කොටසක් වන්නේ ඔහුට අවශ්‍ය නොවන ඔහුට අදාළ නොවන, ඔහුට වැදගත් නොවන දෑ අත්හැරීම, වචන හා ක්‍රියාවන් අතින් ඔහුට ප්‍රයෝජනවත් නොවන දැයින් හෝ ආගමික හෝ ලෞකික කාරණා අතින් ඔහුට අදාළ නොවන දැයින් වැළකී සිටීම බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. පුද්ගලයෙකුට අදාළ නොවන දෑ වෙත සිත යොමු කිරීමෙන්, ඔහුට අදාළ දේවලින් ඔහු අවධානය වෙනතකට යොමු කළ හැකිය. නැතහොත් ඔහු වැළකී සිටිය යුතු දේට ඔහුව යොමු කළ හැකිය. නැවත නැගිටුවනු ලබන දිනයේදී පුද්ගලයෙකු තම ක්‍රියාවන් සඳහා වගකිව යුතුය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "දැඩි සේ දොස් නගන, දැඩි සේ ශාප කරන, අශීලාචාර ලෙස කටයුතු කරන, පහත් ලෙස කටයුතු කරන තැනැත්තා දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකු නොවේ."
رواه الترمذيමිනිසුන් හට ඔවුන්ගේ පෙළපත සම්බන්ධයෙන් දොස් නැගීම, නිතර අධික ලෙස අපහාස කිරීම හා ශාප කිරීම, ක්‍රියාවෙන් හෝ වේවා කථාවෙන් හෝ වේවා කිසිදු ලැජ්ජාවකින් තොරව අසභ්‍ය ලෙස හැසිරීම සම්පූර්ණ විශ්වාසයක් ඇති මුඃමින්වරයකුගේ කටයුතු අතරින් නොවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: කවරෙකු දිනකට සිය වාරයක්, لاَ إِلَهَ إِلَّا اللَّهُ، وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ المُلْكُ وَلَهُ الحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ "ලා ඉලාහ ඉල්ලල්ලාහු, වහ්දහූ ලා ෂරීක ලහූ, ලහුල් මුල්කු වලහුල් හම්දු, වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්" (තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නැත. ඔහු ඒකීයය ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සර්ව රාජ්‍යය ඔහු සතුය. සියලු ප්‍රශංසා ද ඔහු සතුය. ඔහු සියලු දෑ කෙරෙහි බලය දරන්නාය.) යැයි පවසන්නේ ද, එය ඔහු වහලුන් දස දෙනෙකුට නිදහස දීම හා සමාන වන්නේ ය. එමෙන්ම කුසල් සියයක් ඔහු වෙනුවෙන් සටහන් කරනු ලැබේ. පාපකම් සියයක් ඔහුගෙන් ඉවත් කරනු ලැබේ. එදින හවස් වන තුරු ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව ඔහුට හිමි වනු ඇත. මීට වඩා අධික යමක් සිදු කරන්නෙකු මිස මීට වඩා උතුම් දෙයක් කිසිවෙකු ගෙන එන්නේ නැත."
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ: "කවරෙකු පහත සඳහන් පරිදි කියවන්නේ ද එනම්": "ලා ඉලාහ" නැමදුමට සුදුස්සු කිසිවෙකු නැත. "(ලාඉලාහ) ඉල්ලල්ලාහු, වහ්දහූ ලා ෂරීක ලහූ," අල්ලාහ් හැර. ඔහුගේ දේවත්වය ඔහුගේ පරිපාලනය, ඔහුගේ නාම හා ගුණාංගවල ඔහු ඒකීයය. එහි ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. "ලහුල් මුල්කු" සියලු කටයුතු සැළසුම් කරන්නේ හා ක්‍රියාත්මක කරන්නේ ඔහු ය. "වලහුල් හම්දු" ඔහු මැවූ හා සැළසුම් කළ සියලු කටයුතු සඳහා ප්‍රශංසාව හිමි විය යුත්තේ ඔහුට ය. "වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්" ඔහු සියලු දෑ කෙරෙහි බලය දරන්නාය. බාධා කරන හෝ වළක්වන කිසිවකු නැත. ඔහු නොසිතුවේ නම් කිසිවක් සිදු වන්නේ ද නැත. කවරෙකු මෙම දික්රය දිනකට සිය වාරයක් පවසන්නේ ද ඔහු වහලුන් දස දෙනෙකු නිදහස් කළ අයකු සතු කුසල් මෙන් අල්ලාහ් අබියස ලියනු ලැබේ. එමෙන්ම ස්වර්ගයේ කුසල් හා නිලයන් සියයක් ඔහු වෙනුවෙන් සටහන් කරනු ලැබේ. පාපකම් සියයක් ඔහුගෙන් ඉවත් කර ඒවාට සමාව දෙනු ලැබේ. එදින හිරු අවරට යාමෙන් හවස් වන තුරු ෂෙයිතාන්ගේ බලපෑම් හා ආධිපත්‍යයෙන් ආරක්ෂාව, රැකවරණය ඔහුට හිමි වනු ඇත. මීට වඩා අධික යමක් සිදු කරන්නෙකු මිස මීට වඩා උතුම් දෙයක් සමග මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කිසිවකු ගෙන එන්නේ නැත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මහලු මිනිසෙකුගේ හදවත පැති දෙකකින් තරුණ බව පවතී. එනම්: ලෝකයට ඇති ආදරයෙහි සහ නොනවතින දිගු බලාපොරොත්තුවෙහි ය."
رواه البخاريසැබැවින්ම වැඩිහිටියා මහලු වියට පැමිණ, ඔහුගේ ශරීරය ද දුර්වල වී ගිය ද, කරුණු දෙකක් සම්බන්ධයෙන් දක්වන ආදරයෙහි ඔහුගේ හදවත තරුණව පවතී. පළමුවැන්න: අධික වස්තුව සොයමින් ලොවට දක්වන ආදරය. දෙවැන්න: දිගු ජීවිතයක්, ආයුකාලයක්, ජීවන සම්පත් හා බලාපොරොත්තු තැබීමේ ආශාව.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ආශාවන් බිඳ දමන දෑ මෙනෙහි කිරීම වැඩි කර ගන්න" එනම් මරණයයි.
رواه الترمذي والنسائي وابن ماجهඑය සිහිපත් කිරීම තුළින් මිනිසා මතුලොව මෙනෙහි කරන, තම සිතෙහි ඇති ලෞකික ආශාවන් සඳහා වූ ඇල්ම, විශේෂයෙන් තහනම් කරනු ලැබූ දෑ තුළ පවතින ඇල්ම බිඳ දමන මරණය ගැන අධික ලෙස මෙනෙහි කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උනන්දු කළහ.
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී: "අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග හිජ්ර් දේශය හරහා ඇවිඳ ගියෙමු. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ අප හට මෙසේ පැවසූහ": "එහි වැසියන් තමන්ටම අපරාධ කර ගත් ස්ථාන වෙත නුඹලා නො පිවිසෙනු. නමුත් හඬා වැළපෙන්නන් ලෙස මිස. ඔවුනට අත් වූ දෑ මෙන් යමක් ඔබට ද අත්වීම ගැන පරිස්සම් වන්න." පසුව අනතුරු අඟවමින් එය පසුකර යන තෙක් ඉක්මණින් ගමන් ගත්හ."
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමූද් වාසස්ථාන අතරින් ගමන් ගත් කල්හි අපරාධ සිදු කර, තමන්ටම අපරාධ සිදු කර ගත් ඒ හේතුවෙන් දඬුවමට ලක් වූ අයගේ වාසස්ථාන වෙත පිවිසීමෙන් වැළැක්වූහ. නමුත් ඔවුන් ගැන පාඩම් ලබා, හඬා වැළපෙන්නෙකු ලෙස පිවිසෙනවානම් මිස. එය ඔවුනට අත් වූ දඬුවම තමන්ට ද අත්විය හැකැයි යන බියෙනි. පසුව එතුමාණන් නැග ආ සත්වයාට මෙල්ල කර එය පසු කර යන තෙක් වේගයෙන් ගමන් ගත්හ.
හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "අපි උමර් (රළියල්ලාහු අන්හු) තුමා අබියස සිටියෙමු. එවිට එතුමා: 'අර්බුදය ගැන අල්ලාහ්ගේ දූතයාණන් මෙනෙහි කරමින් සිටි ප්‍රකාශයට ඔබ අතරින් කිසිවකු හෝ සවන් දී ඇත්තේ ද?' යැයි විමසා සිටියහ. එවිට පිරිසක්: 'අපි එයට සවන් දී ඇත්තෙමු' යැයි පැවසුවේය. එවිට එතුමා: 'එය මිනිසකු විසින් තම පවුලේ හෝ තම අසල්වැසියා අතර පවතින අර්බුදය ගැන ඔබ අදහස් කරනවා විය හැක?' යැයි විමසා සිටියහ. ඔවුහු: 'එසේය' යැයි පිළිතුරු දුන්නෝය. එතුමා, 'ඒ සඳහා සලාතය, උපවාසය හා දානය ප්‍රතිකර්ම වනු ඇත. නමුත් මුහුදු රළ මෙන් නැගෙන දෑ ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කර ඇති ප්‍රකාශයකට ඔබ අතරින් කිසිවකු හෝ සවන් දී ඇත්තේ ද?' යැයි විමසීය. හුදෙයිෆා තුමා මෙසේ පැවසීය: 'පිරිස නිහඬ විය. මම: මම (අසා ඇත්තෙමි)' යැයි පැවසුවෙමි. එතුමා, "ඔබ, ඔබේ පියා අල්ලාහ්ට කැප වෙත්වා!" යැයි පැවසූහ. හුදෙයිෆා තුමා, "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කරමින් සිටිනු මම අසා ඇත්තෙමි." "පටියෙන් පටිය වියන ලද පන් පැදුරක් මෙන් හදවත් මත පරීක්ෂණ ඉදිරිපත් වෙයි. කවර හදවතක් එය වැළඳ ගත්තේ ද එහි කළු පැල්ලමක් යෙදෙනු ඇත. කවර හදවතක් එය ප්‍රතික්ෂේප කරන්නේ ද එහි සුදු පැල්ලමක් යෙදෙනු ඇත. අවසානයේ එය හදවත් දෙකක් බවට පත්වෙයි. එකක් කිරිගරුඩ මෙන් සුදුවන්ය. අහස් හා මහපොළොව පවතින තාක්කල් කිසිදු අර්බුදයක් එයට හානි කරන්නේ නැත. අනෙක කැළඹුණු බඳුනක් මෙන් දුහුවිලි පැහැයෙන් යුත් කළුවන්ය. එය යහපත නො හඳුනයි. පිළිකුල් සහගත දෑ ප්‍රතික්ෂේප නො කරයි. නමුත් එය ආශාවෙන් පිරී පවතී." හුදෙයිෆා තුමා මෙසේ පැවසීය: "මම ඔහුට මෙසේ පවසා සිටියෙමි: ඔබ අතර හා ඒ අතර කැඩෙන්නට බලන වැසුනු දොරටුවක් ඇත." උමර් තුමා මෙසේ පැවසීය: සැබැවින්ම එය විවෘත කරනු ලැබුවේ නම්, නැවත ඒ වෙත හැරී එන්නට බලයි". මම මෙසේ පැවසුවෙමි: "නැත එය කැඩී යනු ඇත". මම ඔහුට මෙසේ ද පැවසුවෙමි. "සැබැවින්ම එම දොරටුව වනාහි, ඝාතනය කරනු ලබන හෝ මිය යව මිනිසෙකි. එය දෝෂ සහිත නොවේ."
رواه مسلمදේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ගේ නායකයකු වූ උමර් (රළියල්ලාහු අන්හු) තුමා එක්තරා සභාවක සිටියහ. ඔහු අබියස සහාබාවරුන් පිරිසක් ද විය. එවිට එතුමා ඔවුන්ගෙන්: "අර්බුදය ගැන අල්ලාහ්ගේ දූතයාණන් මෙනෙහි කරමින් සිටි ප්‍රකාශයකට ඔබ අතරින් කිසිවකු හෝ සවන් දී ඇත්තේ ද?" විමසා සිටියහ. එවිට ඔවුන් අතරින් පිරිසක්: 'එයට අපි සවන් දී ඇත්තෙමු' යැයි පැවසුවෝය. එවිට උමර් (රළියල්ලාහු අන්හු) තුමා: "මිනිසෙකු තම පවුල දරුවන් අතර ඔවුන් කෙරෙහි දක්වන ආදරය, බිය, අධික යහපත කිරීමෙන් හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් ඉටු කිරීම, ඔවුනට නිවැරදි දෑ කියා දීම, ඔවුනට ඉගැන්වීම යනාදී වගකීම් අතතපසු කිරීමෙන් හට ගන්නා කාර්යබහුලතාවය යනාදී පරීක්ෂණ හා අර්බුද ඔබලා අදහස් කරනවා විය හැක. එමෙන්ම මිනිසකු තම අසල්වැසියා සම්බන්ධයෙන් හෝ එවැනි අය සම්බන්ධයෙන් හට ගන්නා අර්බුද ඔබලා අදහස් කරනවා විය හැක." යැයි පැවසුහ. ඔවුහු, "එසේය" යැයි පිළිතුරු දුන්නෝය. එතුමා, "ඒවා විනිශ්චයට නියම වන අර්බුද වෙති. ඒ අතරින් සලාතය උපවාසය හා දානය වැනි යහපත් ක්‍රියාවන් ඒ සඳහා ප්‍රතිකර්මයක් වන ඇතැම් පාපයන් ද වෙති."යැයි කීහ. "නමුත් මුහුදු රළ පෙරළෙනවාක් මෙන් මිනිසුන් බලපෑමට ලක්වන පරිදි බොහෝ සෙයින් පැතිර පවතින බලවත් කම නිසාවෙන් පොදුවේ හට ගැනෙන අර්බුද ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට ඔබ අතරින් කිසිවකු හෝ සවන් දී තිබේ ද?" යැයි එතුමා විමසීය. පිරිස නිහඬ විය. හුදෙයිෆා ඉබ්නු අල්-යමාන් (රළියල්ලාහු අන්හු) තුමා: "මම (අසා ඇත්තෙමි)' යැයි පැවසීය. එවිට උමර් (රළියල්ලාහු අන්හු) තුමා සතුටට පත්වී ඔහුට: "ඔබව ගෙන ආ පරිදිම ඔබේ පියාගේ මාර්ගය අල්ලාහ්ට කැප වේවා! ඔබ ඒ ගැන කියනු" යැයි පැවසූහ. හුදෙයිෆා තුමා මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළහ:" "පන් පැදුරක් සහිත ඇඳක් මත නිදා සිටින පුද්ගලයකු පැත්තට ඇලී සිටින්නාක් මෙන්, කෙනෙකුට පරීක්ෂාවන් හා අර්බුද ඇති වී ඔහුගේ හදවතේ පැත්තක ඇලී පවතී. මෙම පරීක්ෂණ හා අර්බුද නොකඩවා ඇති වන අතර එකින් පසු තවෙකක් පැමිණෙනු ඇත. කවර හදවතක් තුළට එය පිවිස එයට බොහෝ සෙයින් ඇලුම් කොට, මත් පැනට ඇබ්බැහි වූවාක් මෙන් එහි ඇබ්බැහි වී ඒ තුළට වැටෙන්නේ ද ඔහුගේ හදවත තුළ කළු පැල්ලමක් වැටෙනු ඇත. කවර හදවතක් එය හෙළා දකින්නේ ද එහි සුඳු පැල්ලමක් වැටෙනු ඇත. අවසානයේ එය හදවත් දෙකක් බවට පත්වෙයි. දේව විශ්වාසයේ ගිවිසුම දැඩියෙන් පිළිපැදීම නිසාවෙන් හා අඩුපාඩුවලින් තොර වූ නිසාවෙන් සුදු පැල්ලම සහිත හදවත පිහිටනු ඇත. කිසිවක් නොබැඳුණු කිරි ගරුඩ ගලක් මෙන් එහි කිසිදු අර්බුදයක් හෝ පරීක්ෂණයක් නොඇලෙනු ඇත. බලපෑමක් නොකරනු ඇත. අල්ලාහ්ව හමුවන තෙක්ම කිසිදු අර්බුදයක් ඔහුට හානියක් සිදු නොකරනු ඇත." "අනෙක් හදවත ජලය නොපිහිටන සේ ඇළවී පවතින හෝ පෙරළී පවතින්නාක් මෙන් අර්බුද හේතුවෙන් කළු පැහැ ගැන්වි කැළඹුණු හදවතකි. එමෙන්ම මෙම හදවත කිසිදු යහපක් සමග හෝ ප්‍රඥාවක් සමග හෝ බැඳී නොපවතී. කිසිදු යහපතක් එය නො හඳුනන අතර පිළිකුල් සහගත දෑ ප්‍රතික්ෂේප නො කරයි. නමුත් එය තම ආශාවෙන් පිරී පවතී." හුදෙයිෆා තුමා උමර් තුමාට මෙසේ පැවසීය: "සැබැවින්ම මෙම අර්බුද අතරින් කිසිවක් ඔබේ ජීවිතය තුළින් බැහැර වන්නේ නැත. ඔබ අතර හා ඒ අතර කැඩෙන්නට බලන වැසුනු දොරටුවක් ඇත." උමර් තුමා මෙසේ පැවසීය: "එය කැඩෙනු ඇත් ද? සැබැවින්ම එය විවෘත කරනු ලැබුවේ නම්, නැවත ඒ වෙත හැරී එන්නට බලයි. එබැවින් එය වැසී තිබිය යුතුයි." කුදෙයිෆා තුමා මෙසේ පවසයි. "නැත, එය කැඩී යනු ඇත. සැබැවින්ම එම දොරටුව යනු ඝාතනය කරනු ලබන හෝ මිය යන මිනිසෙකි." සඳහන් කරන ලද කරුණ, සහතික කරන ලද සත්‍යය තොරතුරකි. එය ලේකකයින්ගේ ග්රන්ථ අතර නොවීය. කිසිදු චින්තනවාදියෙකුගේ උත්සාහයක් ද නොවීය. මෙය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ හදීසයකි.