





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
“සීනුව ෂෙය්තාන්ගේ සංගීත භාණ්ඩයක් වේ.“යැයි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතසතුන්ගේ ගෙලෙහි බැඳ ඇති සීනුව ෂෙය්තාන්ගේ සංගීත භාණ්ඩ අතරින් එක් භාණ්ඩයක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අපට දන්වා ඇත. එමගින් මිනිසාව වෙනතකට යොමු කෙරේ. ඔවුන් කවර හේතුවක් වෙනුවෙන් මවනු ලැබුවේ ද එයින් ඔවුන් හරවා දමනු ලැබේ. සැබැවින්ම අවදිමත් කිරීම (නිවේදනය කිරීම) සඳහා භාවිතයට ගන්නා සීනු පිළිබඳව ‘අල් ලජ්නතුද් දාඉමා’ නම් සභාව විසින් පහත සඳහන් අයුරින් තීන්දු ලබා දී ඇත. “නිවෙස්වල හෝ පාසල්වල හෝ එවැනි ස්ථානවල පරිහරනය කරන සීනු කිතුනුවන්ගේ ආගමික චර්යාවන්ට සමගාමී වීම හෝ එයට සංගීත වැනි රාගයක් සහිත හඩක සමානකමක් තිබීම වැනි තහනම් කරන ලද යමක් ආවරණය නොකරන කල්තාක් අනුමතය. එසේ වී නම් එවිට සැබැවින්ම එය තහනම් කරන ලද්දක් වන්නේය.
සුළඟ තදින් හමන විට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා (පහත සඳහන් අයුරින්) ප්‍රාර්ථනා කරන්නෙකු වූහැයි ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. اللَّهُمَّ إنِّي أسْأَلُك خَيرها وخير ما فيها وخَير ما أُرسِلت به، وأعوذ بك من شرِّها وشرِّ ما فيها وشرِّ ما أُرسِلت به අල්ලාහුම්ම ඉන්නී අස්අලුක කය්රහා වකය්ර මා ෆීහා වකය්ර මා උර්සිලත් බිහි, වඅඌදු බික මින් ෂර්රිහා වෂර්රි මා ෆීහා වෂර්රි මා උර්සිලත් බිහි. තේරුම: අහෝ අල්ලාහ් සැබැවින්ම මම එහි යහපතද ඒ තුළ ඇති යහපතද එය කුමක් සඳහා එවනු ලැබුවේද එහි යහපතද මම ඔබෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම එහි හානියෙන්ද ඒ තුළ ඇති හානියෙන්ද එය කුමක් සඳහා එවනු ලැබුවේද එහි හානියෙන්ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතතදින් සුළං හමන අවස්ථාවේ اللَّهُمَّ إنِّي أسْأَلُك خَيرها وخير ما فيها وخَير ما أُرسِلت به، وأعوذ بك من شرِّها وشرِّ ما فيها وشرِّ ما أُرسِلت به යන ප්‍රාර්ථනාව පවසා සිටීම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ මඟපෙන්වීම් අතුරින් එකක් වූ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරයි. අල්ලාහ් මැව්වා වූ එමෙන්ම හරව හරවා එවන්නා වූ සුළඟ කොටස් දෙකකි. පළමුව: බිය වීමට අවශ්‍ය නොවන සාමාන්‍ය සුළඟ එයට නියමිත මෙනෙහි කිරීමක් නැත. දෙවැන්න: භයානක සුළී සුළඟ. හේතුව ආද් සමූහයා දඬුවම් කරනු ලැබුවේ මහත් සුළී සුළගිනි.-අල්ලාහ් ආරක්ෂා කරත්වා! එබැවින් තදින් සුළං හමන විට නබි තුමාණන් පෙන්වා දුන් මාර්ගය අනුව පහත සඳහන් අනුවාදය පවසන්න. اللَّهُمَّ إنِّي أسْأَلُك خَيرها وخير ما فيها وخَير ما أُرسِلت به، وأعوذ بك من شرِّها وشرِّ ما فيها وشرِّ ما أُرسِلت به එනම් එම සුළඟේ යහපත හා එය උසුළා ගෙන එන යහපත අල්ලාහ්ගෙන් පතන්න. කවර කරුණක් සඳහා එවනු ලැබුවේද එහි යහපත යනු එය උසුලාගෙන එන යහපතයි. හේතුව විටෙක එය යහපත ද තවත් විටෙක විනාශය ද ගෙන දෙයි. එහෙයින් එවනු ලැබූ සුළඟ ඇති කරන යහපත අල්ලාහ්ගෙන් ඔබ ඉල්ලා සිටින්න. وأعوذ بك من شرِّها وشرِّ ما فيها وشرِّ ما أُرسِلت به යනු එහි හානියෙන්ද ඒ තුළ ඇති හානියෙන්ද එය කුමක් සඳහා එවනු ලැබුවේද එහි හානියෙන්ද ඔබ ආරක්ෂාව පැතීමය. හේතුව ඇතැම් විට එය පිරිසකට දඬුවමක් ගෙන එන්නට පුළුවන එබැවින් එහි හානියෙන් ආරක්ෂාව පැතිය යුතුය. මිනිසෙකු සුළඟේ හානියෙන්ද එහි තුළ ඇති දෑහි හානියෙන් ද එය කවර කරුණක් සඳහා එවනු ලැබුවේ ද එහි හානියෙන් ද ආරක්ෂාව පැතූ විට එහි හානියෙන් අල්ලාහ් ඔහු වළක්වාලීමටත් එයින් ප්‍රයෝජනය ලබන්නටත් ප්‍රමාණවත් වේ.
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “සුළඟ අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් වූවකි. එය ආශිර්වාදය ගෙන එයි. එමෙන්ම දඬුවමද ගෙන එයි. එහෙයින් ඔබ එය දුටුවෙහු නම්, එයට නොබනිනු. එහි යහපත අල්ලාහ්ගෙන් ඉල්ලනු. එහි නපුරින් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතනු.“
ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතසුළඟ අල්ලාහ්ගේ ආශිර්වාදයකි යනු එය තම ගැත්තන් හට පිරිනමන ඔහුගේ කරුණාවය යන්නයි. එය ආශිර්වාදය ගෙන එයි. එමෙන්ම දඬුවමද ගෙන එයි. එනම්, අල්ලාහ් තම ගැත්තන් හට ආශිර්වාදයක් වශයෙන් සුළඟ එවනු ඇත. එමගින් යහපත හා අභිවෘද්ධිය ජනයාට හිමි වන්නේය. එය අල්ලාහ් කුර්ආනයේ පවසන පරිදි මෙසේය, "තවද සුළඟ අපි එවන්නෙමු එය සිදුවන්නකි." තවත් වැකියක, "අල්ලාහ් සුළඟ එවයි. එය වළාකුළු හට ගන්වයි. පසුව ඔහු අභිමත කරන පරිදි අහසෙහි එය ව්‍යාප්ත කරයි. පසුව එය අඳුරු බවට පත් කරයි. එවිට එය අතරින් වර්ෂාව හටගනු ඔබ දකිනු ඇත." තවත් වැකියක, "ඔහුගේ කරුණාව අතරින් ශුභාරංචියක් වශයෙන් සුළඟ එවනුයේ ඔහුය. එය වළාකුළු බර වන තෙක් වෙයි. මිය ගිය භූමියකට අපි එය සපයන්නෙමු. එවිට එමගින් වර්ෂාව පහළ වෙයි." දඬුවම ගෙන එන බව සඳහන් කරමින් පැමිණි වැකි මෙසේය. "එවිට මෙලොව ජීවිතයේ නින්දිත දඬුවම අප ඔවුනට භුක්ති විඳවනු පිණිස අසුබ දිනයන්හි දැඩි හඬ සහිත සුළී සුළඟක් අපි ඔවුන් වෙත එව්වෙමු." තවත් වැකියක, "මෙය අපට වැසි ගෙන දෙන වළාකුලකි යැයි ඔවුහු පැවසූහ. නැත. එය නුඹලා කවර දෙයක් ඉක්මණින් පැතුවෙහු ද එයයි. දැඩි සුළගකි. එහි වේදනීය දඬුවමක් ඇත." ඔබ එය දුටුවෙහු නම් එයට බැණ නොවදිනු. යන ප්‍රකාශය වනාහි, සුළඟට දොස් කීම මුස්ලිම්වරයකුට සුදුසු නොවන්නේය. හේතුව එය අල්ලාහ්ගේ මැවීම් අතුරින් වූ මැවීමක් බැවිනි. එය ඔහුගේ අණ පරිදි නියෝග කරනු ලැබූවකි. එයට කිසිදු බලපෑමක් සිදු කළ නොහැක. අල්ලාහ්ගේ නියෝගයෙන් මිස කිසිදු ඵලක් ගෙන දෙන්නට හෝ හානියක් සිදු කරන්නට හෝ එයට නොහැකිය. එයට දොස් නැගීම යනු එහි මැවුම්කරුට, එහි සැළසුම්කරුට දොස් නැගීමකි. ඔහු පාරිශුද්ධ වූ අල්ලාහ්ය. එහි යහපත අල්ලාහ්ගෙන් ඉල්ලනු. එහි නපුරින් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතනු. සුළඟට බැණ වැදීමෙන් වැළැක්වූ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා, එය හමන විට එහි යහපත අල්ලාහ්ගෙන් පතන මෙන් ද එහි අයහපතින් ආරක්ෂාව පතන මෙන් ද මඟ පෙන්වූහ. එහි අර්ථය, එය උසුලා එන යහපත තමන්ට නියම කර දෙන මෙන් ද එය උසුලා එන අයහපත තමන්ගෙන් වෙනතකට යොමු කරන මෙන් ද අල්ලාහ්ගෙන් අයැද සිටීමය.
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව බුරෙය්දා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. "කුහකයාට නායකයකු යැයි නුඹලා නොපවසනු. හේතුව සැබැවින්ම ඔහු නායකයකු වී නම් නුඹලා නුඹලාගේ පරමාධිපති කෝප කළෙහුය."
ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතහදීසයේ තේරුම: “සැබැවින්ම කුහකයා වනාහි ඔහු ඔහුගේ පිරිසේ ප්‍රධාන නායකයකු වී, ඔහුට ‘නායකයා’ යන නම නුඹලා භාවිත කළෙහු නම්, සැබැවින්ම නුඹලා අල්ලාහ්ව කෝප කළෙහුය. සැබැවින්ම එය ඔහුට සිදු කළ ගරුබුහුමන් කිරීමක් වන බැවිණි. ඔහු ගරු කිරීමට සුදුසු අයකු නොවේ. ඔහුගේ ප්‍රජාවේ ඔහු නායකයකු නොවී නම් හෝ ඔහුගේ ප්‍රජාවේ ප්‍රධානියෙකු නොවී නම් සැබැවින්ම එය බොරුවක් හෝ කුහකත්වයක් වනු ඇත. මෙම තත්ත්වයන් දෙකෙහිම කුහකයින්ට නායකයා යන පදය භාවිත කිරීම තහනම් කර ඇත. එසේම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නා, දුෂ්ඨයා හා දහමට අලුත් දෑ එකතු කරන්නා යන අයද එසේමය. ඔවුනට නායකයින් යනුවෙන් පොදුවේ භාවිත කිරීම සුදුසු නොවන්නේය. මෙය සහාබාවරුන් හා ඔවුන්ගෙන් පසු පැමිණියවුන්ට පොදු තහනමක් විය. ඔවුන්ගේ කාලයේ කුහකයෝ කණ්ඩායම් දෙකක් ලෙස සිටියෝය. පළමුවැන්න: ඔවුන් ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හා රහස්‍ය දෑ ගැන දැන සිටි හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා හැර වෙනත් කිසිවකු නොදැන පිරිසයි. දෙවන පිරිස: සහාබාවරුන් පවා ඔවුන්ගේ කුහකත්වය ගැන දැන සිටි අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි වැනි අයයි. හදීසයට අදාළ වන්නේ මෙයයි.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම මෙසේ පැවසීය: මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, කිසිදු කුඩා හෝ මහා පාපයක් සිදු නොකර ඒ කිසිවක් අත් නොහැරියෙමි". එතුමාණෝ: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවත් මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බව ඔබ සාක්ෂි නොදැරුවෙහි ද?" යැයි තුන්වරක්ම විමසා සිටියහ. ඔහු: එසේය යැයි පැවසීය. එතුමාණෝ: සැබැවින්ම එය එය අභිබවා යනු ඇත.
رواه أبو يعلى والطبراني والضياء المقدسيමිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම මම සියලු ආකාරයේ පාපකම් හා වැරදි සිදු කර ඇත්තෙමි. කුඩා හෝ වේවා විශාල හෝ වේවා ඒ කිසිවක් සිදු නොකර අත් නොහැරියෙමි. ඉතින් මට සමාව හිමිවනු ඇත්දැයි විමසා සිටියේය." එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුට "ඔබ නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නොමැති බවටත් මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවටත් සාක්ෂි දරා නැති ද?" යැයි විමසා සිටියහ. එතුමාණෝ මෙය නැවත නැවතත් තුන් වරක් ඔහුට පවසා සිටියහ. එවිට ඔහු පිළිතුරු දෙමින්, "එසේය මම සාක්ෂි දරමි" යැයි පැවසීය. සාක්ෂියේ ප්‍රතිපත්තිමය ප්‍රකාශ දෙකෙහි මහිමය, පාපකම්වලට එය ප්‍රතිකර්මයක් වීම හා සැබැවින්ම "තව්බාව" නොහොත් පශ්චාත්තාපය එයට පෙර සිදු වූ සියල්ල විනාශ කර දමන බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඔහුට දන්වා සිටියහ.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “විද්වතුන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට හෝ මෝඩයන් සමඟ වාද කිරීමට හෝ දැනුම නොසොයන්න. සභාවක හොඳම ආසනය තෝරා නොගන්න. කවරෙකු හෝ එසේ කරන්නේ ද ගින්න, ගින්නමය."
رواه ابن ماجهවිද්වතුන් ඉදිරියේ ප්‍රදර්ශණය කිරීම හා පුරසාරම් දෙඩීම සඳහා හෝ මම නුඹලා මෙන් විද්වතෙක්මි යැයි පෙන්වීම සඳහා හෝ බුද්ධි හීනයන් හා අඥානයින් සමග කතා කර වාද කිරීම සඳහා හෝ සභාවන්හි පෙනී සිට අනෙකාට වඩා තමන්ට ප්‍රමුඛත්වය ලැබීම සඳහා දැනුම සෙවීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. එහෙයින් කවරෙකු එසේ සිදු කළේ ද ඔහුගේ මුහුණිච්ඡාව හේතුවෙන් සහ දැනුම සෙවීමේ දී අල්ලාහ්ට අවංක නොවූ බැවින් සැබැවින්ම ඔහු අපා ගින්නට සුදුසුකම් ලබන්නේය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අන්-නව්වාස් ඉබ්නු සම්ආන් අල්-අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "ඍජු මාර්ගයක් උපමාවක් ලෙස අල්ලාහ් ඉදිරිපත් කළේය. එම මාර්ගය දෙපස බිත්ති දෙකකි. ඒ දෙක අතර විවෘත වූ දොරවල්ය. එම දොරවල් මත එල්ලෙමින් පවතින තිරය. එම මාර්ගයේ දොරටුව මත සිටින ඇරයුම් කරන්නෙක්: "අහෝ මිනිසුනි! ඔබ සැවොම මාර්ගයට පිවිසෙන්න. අක්‍රමවත් ලෙස ගමන් නොකරන්න." යැයි පවසයි. තවත් ඇරයුම් කරන්නෙක් මාර්ගයට උඩින් සිට, යමෙක් දොරටුවලින් එකක් විවෘත කරන්නට සිතු විට, "ඔබ මෙය විවෘත නොකරන්න. එසේ ඔබ එය විවෘත කළේ නම්, එහි ඔබ පිවිසෙනු ඇත." යැයි පවසයි. එම මාර්ගය ඉස්ලාමයයි. බිත්ති දෙක අල්ලාහ්ගේ සීමාවන් වෙති. විවෘත කරනු ලැබූ දොරටු අල්ලාහ් තහනම් කළ දෑය. මාර්ගයට මුඳුනින් සිට අමතන්නා අල්ලාහ්ගේ ග්‍රන්ථයයි. පාලමට ඉහළින් සිට අමතන්නා සෑම මුස්ලිම්වරයකුගේම හදවත තුළ ඇති අල්ලාහ්ගේ උපදෙස්කරුය."
رواه الترمذي وأحمدනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැහැදිළි කළහ. සැබැවින්ම අල්ලාහ් ඉස්ලාමය සඳහා උපමාවක් ලෙස කිසිදු ඇදයක් නැති දිගු, ඍජු මාර්ගයක් ඉදිරිපත් කළේය. එම මාර්ගයේ දෙපස බිත්ති දෙකකි. එසේ නැතිනම් තාප්ප දෙකකි ඒ දෙක, පැත්තේ ඇති දෑ ඒ දෙක ආවරණය කරති. ඒ දෙක අල්ලාහ්ගේ සීමාවන් වෙති. මෙම බිත්ති දෙක විවෘත දොරටුවලින් බැඳි පවතී. ඒවා අල්ලාහ් තහනම් කළ දෑය. එම දොරටු මත තිර වෙති. එහි ඇතුළේ සිටින අය ගැන එම මාර්ගයේ ගමන් කරන්නන්ට දිස් නොවේ. මාර්ගය ආරම්භයේ ඇරයුම් කරන්නෙකු සිට ජනයා දෙසට හැරී ඔවුනට මඟ පෙන්වමින් මෙසේ පවසයි. "ඒ මත ඔබ සැවොම ගමන් කරන්න. එහි අයින් හා කෙළවරවල් වෙත නැඹුරු නොවනු." එසේ ඇරයුම් කරන්නා අල්ලාහ්ගේ ග්‍රන්ථයයි. එහි තවත් ඇරයුම් කරන්නෙක් එම මාර්ගය ඉහළින් සිටියි. එම ඇරයුම්කරු එම මාර්ගයේ ගමන් කරන්නා එම දොරටු තිරවලින් යම් ප්‍රමාණයක් විවෘත කරන්නට තැත් කළ සෑම විටකම, "ඔබට විනාශයම වේවා ඔබ එය විවෘත නොකරන්න. එසේ ඔබ එය විවෘත කරන්නෙහි නම්, එහි ඔබ පිවිසෙනු ඇත. පිවිසීමෙන් ඔබව ඔබටම පාලනය කිරීමට නොහැකි වනු ඇත." එම ඇරයුම් කරු සෑම මුස්ලිම්වරයකුගේ හදවත තුළ සිටින අල්ලාහ්ගේ උපදෙස් කරුය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ අතරින් කිසිවෙකු හෝ තම පවුල වෙත නැවත හැරී යන විට එහි පුෂ්ටිමත් විශාල ගැබ්බර ඔටු දෙනුන් තිදෙනෙකු ලබන්නට කැමති වන්නේ ද? යැයි විමසූහ. අපි: "ඔව්" යැයි පැවසුවෙමු. එතුමාණෝ: "ඔබ අතරින් කිසිවෙකු හෝ තම සලාතයේ දී ආයාත් තුනක් පාරායනය කිරීම එවන් පුෂ්ටිමත් විශාල ගැබ්බර ඔටු දෙනුන් තිදෙනෙකුට වඩා උතුම් යැ"යි පවසා සිටියහ.
رواه مسلمසලාතයේ දී අල් කුර්ආන් පාඨ තුනක් පාරායනය කිරීමේ ප්‍රතිඵලය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලමම්) තුමාණන් පැහැදිලි කර සිටියි. එය මිනිසා තම නිවසෙහි පුෂ්ටිමත් දැවැන්ත ගැබ්බර ඔටු දෙනුන් තිදෙනෙකු ලැබීමට වඩා උතුම්ය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උක්බත් ඉබ්නු ආමිර් අල්-ජුහනී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල් කුර්ආනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන්නා සදකා නොහොත් පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන්නෙකු මෙනි. අල් කුර්ආනය සම්බන්ධයෙන් රහසිගතව කටයුතු කරන්නා පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන් රහසිගතව කටයුතු කරන්නෙකු මෙනි.
رواه أبو داود والترمذي والنسائيසැබැවින්ම අල් කුර්ආනය ප්‍රසිද්ධියේ පාරායනය කරන්නා සදකාව ප්‍රසිද්ධියේ පිරිනමන්නෙකු මෙනි. අල් කුර්ආනය රහසිගතව පාරායනය කරන්නා සදකාව රහසිගතව පිරිනමන්නෙකු මෙනි යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කර සිටියි.