





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “පෙරදිග හෝ අපරදිග ක්ෂිතිජයෙහි දිව යමින් බැබලෙන තාරකාවන් දෙස බලන්නාක් සේ නියත වශයෙන්ම ස්වර්ග වැසියන් ඔවුනට ඉහළින් ඇති කුටිවල වාසය කරන්නන් දෙස බලමින් සිටිති. එය ඔවුන් අතර පවතින තරාතිරම් හේතුවෙනි.“ “අල්ලාහ්ගේ දූතයාණෙනි! ඒ නබිවරුන්ගේ නවාතැන් වෙත ඔවුන් හැර වෙන කිසිවකුට ළඟා විය නොහැකිදැ“යි විමසා සිටියහ. එතුමා, “එසේය, මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. ඔවුහු අල්ලාහ් විශ්වාස කොට රසූල්වරන් සත්‍යය කළ මිනිසුන් වෙති.“
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතස්වර්ග වැසියන්ට ඔවුන්ගේ ශ්‍රේෂ්ටත්වයේ තරාතිරම් අනුව ඔවුන් සතු නවාතැන් වලද වෙනස්කම් පවතී. එය කෙතරම්ද යත්, නියත වශයෙන්ම උසස් තරාතිරම් ඇති ස්වර්ග වැසියන් වනාහි, ඔවුනට වඩා පහළින් සිටින අය ඔවුන් දකිනුයේ තාරකාවන් දකින්නාක් මෙනි.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ස්වර්ගයේ දුන්නක ප්‍රමාණය කිසිවකු කෙරෙහි හිරු උදාවීමට හෝ එය බැස යාමට හෝ වඩාත් උතුම්ය.”
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතමෙම හදීසයේ දේවත්වය විශ්වාස කරන්නා හට ස්වර්ගයේ හිමි කුසල්වල වැදගත්කමත් මෙලොවෙහි අල්පභාවය ගැනත් විස්තර කර ඇත. එය සැබැවින්ම ස්වර්ගයේ පවතින එම ප්‍රමාණය එනම් දුන්නක ප්‍රමාණය මෙලොව භුක්ති විඳින සියලු දෑට වඩා උතුම්ය යැයි පවසමිනි. එය එහි වටිනාකම එහි සදාතනික භාවය හා එහි පැවැත්ම නිසාවෙනි. අල්ලාහ් දෙවිඳාණන් අපවද එම ස්වර්ගවාසීන් අතරට පත් කරත්වා!
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව මුආවියා -රළියල්ලාහු අන්හු- තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම ඔබ මුස්ලිම්වරුන්ගේ සැඟවුණු දෑ විපරම් කරමින් පසුපස හඹා ගියෙහි නම්, සැබැවින්ම ඔබ ඔවුනට දුෂ්ඨකම් කර ඇත. එසේ නැතහොත් ඔවුනට දුෂ්ඨකම් කිරීමට ඔබ සමීප වී ඇත.“
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතනියත වශයෙන්ම ඔබ මුස්ලිම්වරුන්ගේ තත්ත්වයන් අනවශ්‍යය ලෙස විපරම් කරමින් ඔවුන්ගේ අඩුපාඩු සොයා සැඟවුණු ඔවුන්ගේ වැරදි ගවේෂණ කොට ඒවා ප්‍රසිද්ධියට පත් කරමින් ඔවුන්ගේ රහස් අනාවරණය කරන්නේ නම් ඔවුන්ගේ ලැජ්ජා බිය අඩු වී යනු ඇත. ඔවුන් ගැන අල්ලාහ් හැර වෙන කිසිවකු නොදන්නා ඔවුන් එසේ සඟවා සිටි පාපයන් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් ඒ හා සමාන වැරදි කිරීමට ඔවුහු එඩිතර වනු ඇත.
අබූ හිරාෂ් හද්රද් ඉබ්නු අබී හද්රද් අල් අස්ලමී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු තම සහෝදරයාව වසරක් වෙන්කර හැර යන්නේ ද ඔහු ඔහුගේ රුධිරය හැලුවාක් මෙනි.”
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතකවරෙකු කිසිදු ආගමික හේතුවකින් තොරව තම සහෝදරයාව වෙන්කර හැර යන්නේ ද එසේ ඔහුගේ වෙන්වීම වසරක කාලයක් අඛණ්ඩව පැවතුණේ නම්, ඔහුට දඬුවම නියම විය. එය ඔහුගේ රුධිරය හැලීම හේතුවෙන් දඬුවම අනිවාර්යය කරන්නාක් මෙනි. මෙම දඬුවම නීතිපතිවරයාගේ තීරණය අනුව විය යුතුය. එය ඔහුව එයින් වැළැක්වීමක් හා සෙසු ජනයාට අවවාදයක් ලෙසින් පිහිටිය යුතුය. අගමික යම් අරමුණක් සඳහා එම වෙන්වීම වී නම්, දුෂ්ඨකම් කරන අලුත් කරුණු දහමට එකතු කරන උදවිය ඔහු එසේ වෙන් කළේ නම් ඔවුන්ගෙන් පශ්චාච්තාපය හෝ සත්‍යය වෙත ඔවුන් හැරීම විකාශනය නොවන තාක්කල් කාලය පුරාවටම එසේ අඛණ්ඩව පැවතීම අවශ්‍යය වන්නේය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “නියත වශයෙන්ම ෂෙයිතාන් අරාබි අර්ධද්වීපයේ සලාත් ඉටු කරන්නන් තමාට ගැතිකම් කිරීම පිළිබඳව බලාපොරොත්තු සුන් කර ගත්තේය. නමුත් ඔවුන් අතර අර්බුද පතුරුවාලීමෙහි ඔහු උපේක්ෂාවෙන් සිටියි."
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දැන්වා සිටියහ. "නියත වශයෙන්ම ඉබ්ලීස් අරාබි අර්ධත්වීපයේ සලාත් ඉටු කරන මුඃමින්වරුන් තමන්හට ගැතිකම් කිරීම හා පිළිමවලට වන්දනාමාන කිරීම සඳහා නැවත යොමු කර ගැනීම සම්බන්ධයෙන් බලාපොරොත්තු සුන් කර ගත්තේය. නමුත් ඔවුන් අතර තර්ක විතර්ක, ක්‍රෝධය, සතුරුකම, අර්බුධ යනාදිය පතුරුවාලීම සඳහා ඔහු වෙහෙසෙමින්, උපාය මාර්ග යොදමින් කටයුතු කරමින් සිටියි. ඒ ගැන ආශාවෙන් සිටියි."
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((කාමයේ වරදවා හැසිරීමෙන් තමන්ට හිමි කොටස ආදම්ගේ පුතණුවන්ට නියම කරන ලදී. කිසිදු සැකයකින් තොරව ඔහු එය හිමි කර ගනී. දෑස් වනාහි ඒ දෙක කාමයේ වරදවා හැසිරීම යනු බැල්ම හෙළීමය. දෙකන් වනාහි ඒ දෙක කාමයේ වරදවා හැසිරීම යනු ඇසීමය. දිව එය කාමයේ වරදවා හැසිරීම යනු කතා කිරීමය. අත, එය කාමයේ වරදවා හැසිරීම යනු ඇල්ලීමය. පාදය, එය කාමයේ වරදවා හැසිරීම යනු පියවර තැබීමය. සිත ආශා කරයි ප්‍රිය කරයි ලිංගික අවයව එය තහවුරු කරයි. එසේ නොවේ නම් එය බොරු කරයි.))
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතහදීසයේ තේරුම: අල්ලාහ් කවරෙකු ආරක්ෂා කළේද එවන් අය හැර සැබැවින්ම මිනිසා කිසිදු සැකයකින් තොරව කාමයේ වරදවා හැසිරීමේ පාපයට පත් වන්නේය. පසුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ඒ සඳහා උදාහරණ දැක්වූහ. දෑස් වනාහි ඒ දෙක කාමයේ වරදවා හැසිරීම යනු බැල්ම හෙළීමය. එනම්: කාන්තාවක් මහ්රම් නොවන්නියක්ව සිටිය දී ඇය දෙස අන්‍ය පිරිමියෙකු කාමාශාවෙන් තොරව බැලුව ද එය Zසිනා හෙවත් කාමයේ වරදවා හැසිරීමකි. එය ඇස සිදු කරන කාමයේ වරදවා හැසිරීමය. දෙකන්: ඒ දෙක කාමයේ වරදවා හැසිරීම යනු සවන් දීමය. එනම් කාන්තාවකගේ කතාවට සවන් දෙමින් රස විඳිමින් ඇයගේ කටහඬ තුළින් සතුටු වීම යන්නයි. මෙය කන සිදු කරන්නා වූ කාමයේ වරදවා හැසිරීමයි. අත: එය කාමයේ වරදවා හැසිරීම යනු ඇල්ලීමයි. එනම් අතින් හෝ ඊට සමාන යමකින් ස්පර්ශ කිරීම වේ. පාදය කාමයේ වරදවා හැසිරීම යනු තබන පියවරයි. එනම් අශීලාචාර ස්ථානයක් වෙත මිනිසා ගමන් කිරීමයි. උදාහරණයක් වශයෙන් කාන්තාවකගේ හඬට සවන් දී ඇය වෙත ගමන් කිරීම හෝ ඇයව බලන්නට යෑම. මෙයට කාමයේ වරදවා හැසිරීමේ ගණයට අයත් වේ. සිත ආශා කරයි, ප්‍රිය කරයි යනු කාන්තාවන් හා බැඳුණු කටයුත්තකට සිත නැඹුරු වීමයි. මෙය සිතෙන් ඇති වන කාමයේ වරදවා හැසිරීමය. ලිංගික අවයව එය සනාත කරයි. නැතිනම් එය බොරු කරයි. යනු ලිංගික අයවය කාමයේ වරදවා හැසිරෙන විට -අල්ලාහ් ආරක්ෂා කරත්වා- එවිට සැබැවින්ම එම අවයව කාමයේ වරදවා හැසිරී ඇති බව තහවුරු කරයි. තම ලිංගික අවයවය තුළින් එය කාමයේ වරදවා නොහැසිරුනද එය තහවුරු කරයි. නමුත් එය සුරක්ෂිතව තබා තම සිත ද පාලනය කළේ නම් එවිට එම අවයව කාමයේ වරදවා හැසිරීම බොරුවක් බවට පත් වේ. මෙය කාන්තාවන් සමග බැඳී කටයුතු කිරීමෙන් වැළකී සිටින මෙන් වූ අවවාදය පෙන්වා දී ඇත. ඔවුන්ගේ කටහඬවලට සවන් දීම ඔවුන් දෙස බැලීම ඔවුන් ස්පර්ශ කිරීම ඔවුන් වෙත පියනැගීම සිත ඉක්මවා ගොස් ඔවුන් ගැන සිතීම. මේ සියල්ල කාමයේ වරදවා හැසිරීමේ වර්ග වේ. අල්ලාහ් අප ආරක්ෂා කරත්වා. බුද්ධිමත් යහපත් මිනිසා මෙකී අවයව, කාන්තාවන් හා බැඳුනු කටයුතුවලදී කාමයේ වරදවා හසුරවීමෙන් වළක්වා ගනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කිසිවිටෙක මා දැක නැති නිරාවාසීන් අතරින් කණ්ඩායම් දෙකක් වෙති. හරක් වලිග මෙන් කස අතැතිව සිටින පිරිස්, ඔවුන් ඒවායින් ජනයාට පහර දෙති. අනෙක වස්ත්‍රයෙන් ආවරණය කළ ද නිරුවත්, නොමඟ වෙත කැඳවන, නොමග වෙත නැඹුරුව සිටින කාන්තාවෝය. ඔවුන්ගේ හිස් 'බුක්ත්' වර් ගයේ ඔටු මොල්ලි මෙන් පවතී. ඔවුන් ස්වර්ගයට පිවිසෙන්නේ නැත. එහි සුවඳ ලබන්නේ ද නැත. සැබැවින්ම එහි සුවඳ මේ මේ තරම් දුරින් ලබනු ඇත.”
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කිසිවිටෙක දැක නැති, එතුමාණන්ගේ කාලයේ හමු නොවූ, නමුත් එතුමාණන්ගෙන් පසු මතුවට බිහිවන නිරාවාසීන් අතරින් කණ්ඩායම් දෙකක් පිළිබඳ එතුමාණෝ අවවාද කළහ. පළමු කණ්ඩායම: දිගු හරක් වලිග මෙන් කස අතැතිව සිටින පිරිසකි, ඔවුහු ඒවායින් ජනයාට පහර දෙති. ඔවුන් වනාහි මිනිසුන්ට අසාධාරණ ලෙස පහර දෙන නිලධාරීන් සහ පීඩා සිදුකරන නියෝජිතයන් ය. දෙවන කණ්ඩායම: සුපුරුදු පරිදි කාන්තාවකට සහජයෙන්ම ඇති ලැජ්ජාවේ හා නිර්මලකමේ වස්ත්‍රය ඉවත් කළ කාන්තාවන්ය. එතුමාණෝ ඔවුන්ව තවදුරටත් මෙසේ වර්ණනා කළහ: සැබෑ ලෙස ඔවුන් ඇඳුම් ඇඳ තිබුණ ද යථාර්ථයෙන් ඔවුන් නිරුවත්ය. හේතුව ශරීරය විස්තර කරන පරිදි සිනිදු ඇඳුම් ඔවුන් අඳින බැවින් හා ඔවුන්ගේ ශරීරයේ ඇතැම් කොටස් ආවරණය කළ ද ඉන් තවත් කොටසක අලංකාරය ඉස්මතු වන පරිදි නිරාවරණය කරන බැවිනි. ඔවුන්ගේ ඇඳුමින් හා ඔවුන් ඇවිඳින විලාශයෙන් පිරිමි හදවත් ඔවුන් වෙත නැඹුරු කරවන, ඔවුන් වෙත ආකර්ශණය කරවා සෙසු අය ද මුළාව සහ අපගමනය වෙත නැඹුරු කරන කාන්තාවෝය. එවැනි කාන්තාවන්ගේ තවත් ස්වභාවයක් වනුයේ ඔටුවාගේ ඇලවී ඇති මොල්ලිය මෙන් ඔවුන්ගේ හිස් පැවතීමයි. ඒ අනුව ඔවුන් හිසෙහි ප්‍රමාණය වැඩි කර හිස් පටියක් වැනි දෙයක් එතීමෙන් ඒවා විශාල කරති. 'බුක්ත්' වර්ගයේ ඔටු මොල්ලියට එසේ උපමා කළේ ඔවුන්ගේ ගොතන ලද හිසකෙස් ඔවුන්ගේ හිස්වලට වඩා ඉහළින් උසට පිහිටන බැවිනි. එමෙන්ම ඔටුවාගේ මොල්ලිය නැඹුරු වී තිබෙන පරිදි කෙස් අලංකාරය එක් පැත්තකට ඇලවී පවතින බැවිනි. කවුරුන් සතුව මෙම ලක්ෂණ තිබෙන්නේ ද 'ඔවුන් ස්වර්ගයට පිවිසෙන්නේ නැත. එහි සුවඳ ලබන්නේ ද නැත. එයට සමීප වන්නේ ද නැත' යන දැඩි අවවාදයට ඔවුන් ලක් වන්නෝය. ස්වර්ගයේ සුවඳ බොහෝ දුරට දැනෙනු ඇත.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබු සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "පිරිමියා ෙපිරිමියාගේ රහස්‍ය පෙදෙස් දෙස නොබැලිය යුතුය. කාන්තාව කාන්තාවගේ රහස්‍ය පෙදෙස් දෙස නොබැලිය යුතුය. පිරිමියා පිරිමියා සමග එකම ඇඳුමෙහි දැවටී නොසිටිය යුතුය. එමෙන්ම කාන්තාව කාන්තාව සමග එකම ඇඳුමෙහි දැවටී නොසිටිය යුතුය."
رواه مسلمපිරිමියා පිරිමියාගේ රහස්‍ය පෙදෙස් දෙස බැලීම හෝ කාන්තාව කාන්තාවගේ රහස්‍ය පෙදෙස් දෙස බැලීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තහනම් කළහ. අව්රා හෙවත් රහස්‍ය පෙදෙස් යනු: එය හෙළි වූ විට ලැජ්ජාවට පත්වන කොටසය. පිරිමියාගේ අව්රතය ඔහුගේ ඉණ හා දණහිස් දෙක අතර කොටසයි. කාන්තාවට පිටස්තර පිරිමියා හමුවේ ඇගේ මුළු ශරීරයම අව්රා වේ. නමුත් කාන්තාවන් හා ඇගේ මහ්රම් ඥාතීන් හමුවේ ඇය නිවසේදී වැඩ කරන අවස්ථාවේ පුරුදු පරිදි ප්‍රදර්ශණය වන දෑ ප්‍රදර්ශනය කරනු ඇත. පිරිමියා තවත් පිරිමියකු සමග එකම ඇඳුමක හෝ එකම පොරෝණයක තනිවී වෙන්ව සිටීමත්, කාන්තාව තවත් කාන්තාවකු සමග එකම ඇඳුමක හෝ එකම පොරෝණයක තනිවී වෙන්ව සිටීමත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තහනම් කළහ. සැබැවින්ම එය සෑම කෙනෙකුම අනෙකාගේ රහස්‍ය පෙදස් ස්පර්ශ කිරීමේ තත්ත්වයට ගෙන යන බැවිනි. ඇයව බැලීම තහනම් මෙන්ම ස්පර්ශ කිරීම ද තහනම් කරන ලද්දකි. එය මහත් දූෂිත ක්‍රියාවන් වෙත යොමු කරන බැවින් එහි තහනම වඩාත් බරපතලය.
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නුඹලා නින්දට යන අවස්ථාවේ නුඹලාගේ නිවෙස් තුළ දැල්වෙන ගින්දර අත්හැර නොදමනු.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතහදීසයේ තේරුම: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැල්වූ ගින්දර නිවා දැමීමට පෙර නින්දට යෑමෙන් වළකින මෙන් තම සමූහයාට නියෝග කළහ.