





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “අල්-කුර්ආනය ශබ්ද නඟා පාරායනය කරන රාගික කටහඬක් ඇති වක්තෘවරයෙකුට මෙන් දෙවියන් වහන්සේ කිසිවකට සවන් දී නැත.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතමෙම හදීසයේ සලාතයේ හා වෙනත් ස්ථානවල අල් කුර්ආනය කියවන විට අලංකාර කටහඩින් පාරායනය කිරීමට උනන්දු කරවා ඇත. සැබැවින්ම එය ප්‍රසිද්ධියේ පාරායනය කරන විට කටහඬ අලංකාර කරමින්, ශෝකයේ මාර්ග උද්දීපනය කර සජ්ඣායනා කරමින්, ඒ හැර වෙනත් තොරතුරු එමගින් බැහැර කරමින්, ආත්මයේ පොහොසත්කම පතමින්, අතමිට සරු වීමේ අපේක්ෂාවෙන් එය පාරායනය කරමිනි. හදීසයේ සඳහන්ව ඇති පරිදි රාගිකව පාරායනය කිරීමෙන් අදහස් කරනුයේ එය අලංකාරවත් කරමින් පාරායනය කිරීමය. සංගීතයේ රිද්මය මෙන් එම ගායනාව පත් කර නැත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “යම් දැනුමක් සම්බන්ධයෙන් යමෙක් විමසනු ලැබ, ඔහු එය වසන් කළේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්නෙන් වූ නාස් පටියකින් ඔහුට නාස් පටි පළන්ඳවනු ලැබේ.”
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතමෙම හදීසයේ දැනුම සැගවීම ගැන දැඩි අවවාදයක් පැමිණ ඇත. අවශ්‍ය ආගමික කටයුතු සම්බන්ධයෙන් කෙනෙකුගෙන් විමසා ඒ ගැන පැහැදිලි කිරීම ඔහුගේ වගකීමක් වූ විටෙක, පිළිතුරු නොදී හෝ කුර්ආනයේ කරුණු වළක්වමින් හෝ එම දැනුම පැහැදිලි නොකළේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ උත්තරීතර අල්ලාහ් නිරයෙන් වූ නාස් පටියක් ගෙන ඔහුගේ කට තුළට දමා දඬුවම් කරනු ඇත. එය ඔහු කට පියාගෙන නිහඬව සිටීමට සරිලන දඬුවමක් වශයෙනි. ප්රතිවිපාකය අදාළ ක්‍රියාවෙන්ම පිහිටනු ඇත. මෙම හදීසයේ සඳහන් අවවාදය අදාළ වනුයේ සැබැවින්ම තමන්ගෙන් විමසන්නා ඔහු මඟ ලබන්නට විමසන බව දැන සිටින්නා හටය. නමුත් සැබැවින්ම ඔහු එසේ අසා සිටින්නේ ඉන් මග ලබන්නට නොව, පරීක්ෂණ කිරීමට යැයි දැන ඔහු ක්‍රියා කරන්නේ නම්, ප්‍රශ්න කරනු ලබන්නා පිළිතුරු දීම හෝ පිළිතුරු නොදීම අතර මතයක් තෝරා ගනියි. මෙම හදීසයේ සඳහන් අවවාදය ඔහුට අදාළ වන්නේ නැත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු දිවුරා සිටිමින්, තම දිවුරුමෙහි 'අල් ලාත් හා අල් උස්සා (කාෆිර්වරු නමදින පිළිම) මත දිවුරා සිටිමි' යැයි පවසන්නේ ද, ඔහු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු යනුවෙන් පවසත්වා!‘ කවරෙකු තම මිතුරාට, ‘එන්න, මම ඔබ සමග ඔට්ටු අල්ලමි‘ යැයි පවසන්නේද, ඔහු සදකාවක් කරත්වා!“
متفق عليهඅල්ලාහ් නොවන දෑ මත දිවුරා සිටීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා අල්ලාහ් මත හැර වෙනත් කිසිවක මත දිවුරා නොසිටින පරිදිය. සැබැවින්ම කවරෙකු අල්ලාහ් හැර වෙනත් දෙයක් මත දිවුරා සිටියේ ද, ඔහු 'ලාත්' හා 'උස්සා' මත දිවුරා සිටින්නෙකු මෙනි. ඒ දෙක ඉස්ලාමයට පෙර අඥාන යුගයේ වන්දනාමානයට ලක් වූ පිළිම දෙකකි. එවිට තමන් තුළ 'ලා ඉලාහ ඉල්ලල්ලාහු' යැයි පවසා සිටිය යුතු ය. එය ඔහුව එම ෂිර්ක් භාවයෙන් ඉවත් කරන අතර එලෙස කළ දිවුරුමට එය ප්‍රතිකර්මයක් වේ. "එනු අපි ඔට්ටු අල්ලා සෙල්ලම් කරමු (සූදු කෙළිමු)" යැයි පවසා සිටින්නා ගැන ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. එනම් දෙදෙනෙකු හෝ ඊට වැඩි දෙනෙකු තමන් අතර ජයග්‍රහණය ලබන තැනැත්තා මුදල් ලබා ගැනීමේ පදනම මත ජය ලබන්නට තරඟ වැදීමය. ඔවුන් සෑම කෙනෙකුම එය කෙසේ හෝ උදා කර ගැනීමට හෝ ඒ සඳහා ගෙවීමට හෝ ඔහු උත්සාහයේ යෙදීමෙන් මිදෙන්නේ නැත. එවිට ඔහු යමක් සදකාවක් ලෙස පරිත්‍යාග කළ යුතු වේ. තමන් කවර කරුණක් වෙත ඇරයුම් කර සිටියේ ද එයට ප්‍රතිකර්මයක් බවට මෙය පත්වනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මුස්ලිම්වරයෙකුගේ හොඳම සන්තකය, කඳු හෙල් හා වැහි බිඳු වැටෙන බිම් වෙත හඹා යන බැටළුවන් මෙන් වීමය. ඔහු තම දහම හේතුවෙන් අර්බුදයෙන් පළා යනු ඇත.”
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතඅර්බුද ඉවත් කිරීමේ හැකියාව හා බලය ඇති මිනිසුන් හැර අර්බුද ඇති කාලවලදී හුදකලා වීමෙහි මහිමය මෙම හදීසයේ සඳහන්ව ඇත. තැනට හා වාතාවරණයන්ට ඔබින පරිදි සැමට පොදු වූ අනිවාර්යය කටයුත්තක් හෝ වේවා පිරිසකට පමණක් අනිවාර්යය වූ කටයුත්තක් හෝ වේවා එය ඉවත් කිරීම සඳහා පරිශ්රමය යෙදීම එසේ හැකියාව ඇත්තන්හට අනිවාර්යය වන්නේය. නමුත් අර්බුද නොමැති දිනයන්හි එසේ හුදකලා වීම හෝ මිශ්‍රව සිටීම ගැන, ඒ දෙකින් වඩාත් උතුම් වන්නේ කුමක්ද යන්න වග විද්වතුන් අතර මතභේද පවතී. තෝරා ගනු ලබනුයේ බොහෝ විට පාපයේ වැටෙනු ඇතැයි නොසිතන්නන් එසේ මිශ්‍රව සිටීම උතුම්ය යන්නයි. ‘ඔහුගේ දහම හේතුවෙන් අර්බුදයෙන් පළා යයි’ එනම් ඔහුගේ දහම හේතුවෙන් අර්බුධයේ වැටෙනු ඇතැයි බියවීම හේතුවෙන් ඉන් පළා යාමය. දේව ආදේශිත ප්‍රදේශයෙන් ඉස්ලාමීය ප්‍රදේශයක් වෙත නික්ම යෑමත් දුෂ්ට ප්‍රදේශයෙන් සාමකාමී ප්‍රදේශයක් වෙත නික්ම යෑමත් මිනිසාට නියෝග කර ඇත්තේ එබැවිණි. මිනිසුන් හා කාලය වෙනස් වූ විට ද එලෙසය.
අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “සැබැවින්ම ගැත්තා යමකට ශාප කළ විට එම ශාපය අහසට එසවී යයි. පසුව එයින් තොරව අහස්හි දොරට වැසී යයි. පසුව මහපොළොව වෙත පහළට බසියි. එහි දොරටු ද එයින් තොරව වැසී යයි. පසුව එය දකුණටත් වමටත් (හැරෙන්නට) ගනී. යා නොහැකි තැනක් එයට අත් වූ විට, ශාප කළ තැනැත්තා වෙත නැවත හැරී එයි. ඔහු එයට අදාළ වූයෙකු නම් එය ඔහු පවතින අතර එසේ නොවූයේ නම් එය පැවසූ පුද්ගලයා වෙත නැවත හැරී එනු ඇත.”
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතගැත්තා තම දිවෙන් යමකට ශාප කළ විට සැබැවින්ම ඔහුගේ ශාපය අහසට එසවී යයි. නමුත් අහසේ දොරටු එ ඉදිරියේ වැසී පවතී. පසුව නැවතත් පොළොවට හැරී යයි. ඒ ඉදිරියේ පොළොවේ දොරටු ද වැසී පවතී. ඒ තුළට ප්‍රවේස නොවනු ඇත. පසුව වමටත් දකුණටත් ගමන් කරයි. එයට යම් මාර්ගයක් හෝ එය රැඳෙන්නට තැනක් නොදුටු විට නැවතත් ශාප කරනු ලැබූ වස්තුව වෙතට හැරී එයි. එම ශාපය අදාළ පුද්ගලයකු වී නම් ඔහුට එය පවතී. එසේ නොවන්නේ නම් ශාප කළ තැනැත්තා වෙත හැරී ඇවිත්. ඔහුට එය බලපානු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව පවසමින් අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරන ලදී. “සැබැවින්ම අල්ලාහ් සතුව මලක්වරුන් ඇත. ඔවුහු මාර්ගවල සැරිසරමින් දික්ර් වාසීන් ග්‍රහණය කරති. කීර්තිමත් අල්ලාහ්ව මෙනෙහි කරන පිරිසක් ඔවුන් දුටු විට, ඔවුහු “නුඹලාගේ අවශ්‍යතා වෙත නුඹලා පැමිණෙනු.” යැයි අමතති. ඔවුන්ගේ පියාපත්වලින් පහළ අහසෙහි ඔවුහු ඔවුන්ව ආවරණය කරති. ඔවුන්ගේ පරමාධිපති -ඔහු දැනුවත්ව සිටිය ද- “මාගේ ගැත්තන් කුමක් පවසන්නේ දැ?”යි ඔවුන්ගෙන් විමසයි. එවිට ඔවුහු: “ඔවුන් ඔබව පිවිතුරු කරති. ඔබව ශ්‍රේෂ්ඨත්වයට පත් කරති. ඔබට ප්‍රශංසා කරති. ඔබව කීර්තියට පත් කරති” යැයි පවසති. එවිට ඔහු: “ඔවුහු මා දැක තිබේ ද?” ඔවුහු: “නැත, අල්ලාහ් මත දිවුරා පවසමු. ඔවුහු ඔබව දැක නැත.” යැයි ඔවුහු පවසති. ඔහු: “ඔවුන් මා දුටුවේ නම් කෙසේ වනු ඇත්ද?” යැයි පවසයි. ඔවුහු: “ඔවුන් ඔබව දුටුවේ නම් ඔබට ඉමහත්සේ නැමදුම් කරන්නන් වනු ඇත. ඉමහත්සේ ඔබව කීර්තියට පත් කරනු ඇත. අධික ලෙස ඔබව සුවිශුද්ධ කරනු ඇත. යැයි පවසති. ඔහු: “ඔවුහු කුමක් පතන්නෝද?” යැයි විමසයි. ඔවුහු: “ඔවුන් නුඹගෙන් ස්වර්ගය පතති” යැයි පවසයි. ඔහු: “ඔවුන් එය දැක තිබේද?” යැයි විමසයි. ඔවුහු: “නැත, අල්ලාහ් මත දිවුරා පවසමු. අහෝ පරමාධිපතියාණනි! ඔවුන් එය දැක නැත.” යැයි පවසති. ඔහු: “ඔවුන් එය දැක තිබුණේ කෙසේනම් වනු ඇත්ද?” යැයි විමසයි. ඔවුහු: “සැබැවින්ම ඔවුන් එය දුටුවේ නම් ඒ කෙරෙහි ඔවුහු දැඩි සේ ප්‍රිය කරනු ඇත. එය දැඩි ලෙස පතනු ඇත. එහි ඒ සම්බන්ධයෙන් දැඩි සේ අපේක්ෂා කරනු ඇත. ඔහු: “ඔවුන් ආරක්ෂාව පතනුයේ කුමකින් ද?” යැයි විමසයි. ඔවුහු: “ඔවුන් ආරක්ෂාව පතනුයේ අපා ගින්නෙනි.” යැයි පවසති. ඔහු: “එය ඔවුන් දැක තිබේද?” යැයි විමසයි. ඔවුහු: “නැත, අල්ලාහ් මත දිවුරා පවසමි. ඔවුන් එය දැක නැත.” යැයි පවසති. ඔහු: “ඔවුන් එය දක තිබුණේ නම් කෙසේ වනු ඇත් ද?” යැයි විමසයි. ඔවුහු: “ඔවුන් එය දැක තිබුණේ නම්, දැඩිසේ එයින් පළා යනු ඇත. ඒ ගැන දැඩිසේ බියවනු ඇත.” යැයි පවසති. ඔහු “සැබැවින්ම ඔවුනට මම සමාව දුන් බවට මම නුඹලාව සාක්ෂි වශයෙන් තබමි” යැයි පවසයි. මලක්වරුන් අතරින් එක් මලක්වරයෙක්: “ඔවුන් අතර මිනිසෙකු වෙයි. නමුත් ඔහු ඔවුන්ගෙන් කෙනෙකු නොවෙයි. සැබැවින්ම ඔහු පැමිණියේ අවශ්‍යතාවක් උදෙසාය.” යැයි පවසයි. ‘සභිකයින් වන ඔවුනට ඔවුන්ගේ එම සභිගයා අභාග්‍යයක් වන්නේ නැත.” යැයි පැවසීය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විසින් ප්‍රකාශ කොට අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ තවත් වාර්තාවක: “සැබැවින්ම අල්ලාහ් සතුව ශ්‍රේෂ්ඨ ගවේශක මලක්වරුන් වෙති. ඔවුහු (අල්ලාහ්ව මෙනෙහි කිරීමේ) දික්ර් සභාවන් ලුහුබැඳ යති. එහි මෙනෙහි කරන සභාවක් ඔවුහු දුටු විට, ඔවුන් සමග වාඩි වෙති. ඔවුන්ගෙන් ඇතැමෙකු ඔවුන් අතර හා පහළ අහස අතර ඇති දෑ ඔවුන් පුරවා දමන තරමට ඔවුන්ගේ පියාපත්වලින් ආවරණය කරති. -අල්ලාහ් දැනුවත් ව සිටියදී පවා- “නුඹලා කොහේ සිට පැමිණෙන්නෙහු දැ?”යි අල්ලාහ් ඔවුන්ගෙන් විමසයි. එවිට ඔවුහු: “ඔබව සුවිශුද්ධ කරමින් ඔබව ශ්‍රේෂ්ඨත්වයට පත් කරමින් ඔබව ඒකීයත්වයට පත්කරමින් ඔබට ප්‍රශංසා කරමින් ඔබෙන් ප්‍රාර්ථනා කරමින් මහපොළොවේ ඔබ වෙනුවෙන් නැමදුම් කරන්නන් වෙතින් අපි පැමිණියෙමු” යැයි පවසති. ඔහු “ඔවුන් මගෙන් කුමක් පතන්නෝ ද?” ඔවුහු: “ඔවුන් ඔබෙන් ඔබේ ස්වර්ගය පතති.” යැයි පවසති. ඔහු: “ඔවුන් මගේ ස්වර්ගය දැක තිබේ ද? ඔවුහු: “නැත, පරමාධිපතියාණනි!” යැයි පවසති. ඔහු: “ඔවුන් මාගේ ස්වර්ගය දැක ඇත්නම් කෙසේ වේවිද? යැයි විමසයි. ඔවුහු: “ඔවුන් නුඹෙන් ආරක්ෂාව පතනු ඇත.” යැයි පවසති. ඔහු: “ඔවුන් මගෙන් ආරක්ෂාව පතනුයේ කුමකින් ද?” ඔවුහු: “අහෝ පරමාධිපතියාණනි, ඔබේ අපා ගින්නෙනි.” යැයි පවසති. ඔහු: “මාගේ අපා ගින්න ඔවුහු දැක තිබේ ද?” යැයි විමසයි. ඔවුහු: “නැත” යැයි පවසති. ඔහු: “මාගේ අපා ගින්න ඔවුන් දුටුවේ නම් කෙසේ වනු ඇත් ද?” යැයි විමසති. ඔවුහු: “ඔවුන් ඔබෙන් සමාව අයදිනු ඇත.” එවිට ඔහු: “සැබැවින්ම මම ඔවුන් වෙනුවෙන් සමාව දුනිමි. ඔවුන් ඉල්ලන දෑ මම ඔවුනට පිරිනැමුවෙමි. ඔවුන් පතන ප්‍රතිඵල වලින් මම ඔවුනට ප්‍රතිඵල පිරිනැමුවෙමි.” යැයි පැවසීය. ඔවුහු: “ඔවුන් අතර වැරදි කරන ගැත්තෙකු වෙයි. ඔහු ඒ අසළින් ගමන් ගත්තේ නම් ඔවුන් සමග වාඩි වෙයි.” එවිට ඔහු: “ඔහුටත් මම සමාව දුනිමි. ඔවුන් වනාහි, ඔවුන්ගේ සභිකයා හේතුවෙන් අභාග්‍යයට පත් නොවන පිරිසකි.” යැයි පවසයි.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතදික්ර් මජ්ලිස් ගරුබුහුමන් කිරීමේ කරුණු අතරින් එක් අංගයක් පිළිබඳව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශය මෙම හදීසයෙහි විස්තර කෙරී ඇත. “සැබැවින්ම අල්ලාහ් සතුව මලක්වරුන් ඇත. ඔවුහු මාර්ගවල සැරිසරමින් දික්ර් වාසීන් ග්‍රහණය කරති.” එනම්: මලක්වරුන් අතරින් විශේෂිත පිරිසක් ආරක්ෂාවට නොව මහපොළොවේ ගවේශණය කිරීම සඳහා අල්ලාහ් පත් කර ඇත. ඔවුහු මුස්ලිම්වරුන් අතරටත් ඔවුන්ගේ මස්ජිද් අතරටත් ඔවුන්ගේ සම්මන්ත්රණ අතරටත් සැරිසරමින් දික්ර් මජ්ලිස් සොයා යති. ඔවුන් එහි ගොස් එයට සහභාගී වී අදාළ පුද්ගලයින් වෙත සවන් දෙති. අල් හාෆිල් තුමා මෙසේ පැවසීය. එය තස්බීහ් (එනම් අල්ලාහ්ව සුවිශුද්ධ කිරීමේ) මජ්ලිස් වලට හා එවැනි වෙනත් සභාවන්වලට විශේෂයෙන් පැවසූ එකකි. එවිට “කීර්තිමත් අල්ලාහ්ව මෙනෙහි කරන පිරිසක් ඔවුන් දුටු විට” මුස්ලිම්හි එන තවත් වාර්තාවක් අනුව “අල්ලාහ්ව මෙනෙහි කරන සභාවක් ඔවුන් දුටු විට, ඔවුහු “නුඹලාගේ අවශ්‍යතා වෙත -තවත් වාර්තාවක “නුඹලාගේ කැමැත්ත වෙත”- නුඹලා පැමිණෙනු.” යැයි අමතති. එනම් නුඹලා දික්ර් සභාවන් තුළින් කවර කරුණක් සොයන්නේ ද ඒ වෙත පැමිණෙනු. එයට අදාළ උදවිය හමුවීම පිණිස ඔවුන් වෙත ළඟා වනු. ඔවුන්ගේ මෙනෙහි කිරීම්වලට නුඹලා සවන් දෙනු යන්නයි. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මලක්වරුන් ගැන ගුණගායනා කරමින් ඔවුහු දික්ර් සභාවන්හි සිට ‘ඔවුන්ව ආවරණය කරති’ යනුවෙන් පැවසීය. එනම් මැණික් කටුවෙහි අත් පළඳනාවෙන් ඔවුන්ව වටකරගෙන සිටිති. “ඔවුන්ගේ පියාපත්වලින් පහළ අහසෙහි ඔවුහු ඔවුන්ව ආවරණය කරති.” එනම් ඔවුන් වටා ඔවුන්ගේ පියාපත් සමග කැරකෙමින් සිටිති. ‘අහසෙහි’ යනු අහසට ළඟා වන තෙක් යන්නයි. පසුව උත්කෘෂ්ට කීර්තිමත් පරමාධිපතියාණන් අතර හා ගෞරවණීය ඔහුගේ මලක්වරුන් අතර සිදුවන කතාබහක් පිළිබඳ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් විස්තර කර සිටියි. උත්තරීතර අල්ලාහ් : “-ඔහු දැනුවත්ව සිටිය ද- “මාගේ ගැත්තන් කුමක් පවසන්නේ දැ?”යි ඔවුන්ගෙන් විමසයි.” එනම් ඔහු ඔවුන්ගේ තත්ත්වයන් පිළිබඳ අධික ලෙස දැන සිටින්නාය. ඔවුන්ගේ කටයුතු පිළිබඳ උත්තරීතර පිරිස ඉදිරියේ වියාචනය කරමින් සිටියි. එය මලක්වරුන් ඔවුන් ගැන අභිමානයෙන් කතා කරනු පිණිස “මාගේ ගැත්තන් කුමක් පවසන්නේ දැ?” විමසයි. එවිට මලක්වරුන් “ඔවුන් ඔබව පිවිතුරු කරති. ඔබව ශ්‍රේෂ්ඨත්වයට පත් කරති. ඔබට ප්‍රශංසා කරති. ඔබව කීර්තියට පත් කරති” යැයි පිළිතුරු දෙති. එනම්, එවිට මලක්වරුන් සැබැවින්ම මෙසේ දෙවියන්ව මෙනෙහි කරන්නන් ‘සුබ්හානල්ලා, වල් හම්දුලිල්ලාහ්, වලා ඉලාහ ඉල්ලල්ලාහ්, වල්ලාහු අක්බර්’ (අල්ලාහ් සුවිශුද්ධය, සියලු ප්‍රශංසා ඔහු සතුය. ඔහු හැර නැමදුමට සුදුසු වෙනත් දෙවියකු නැත, අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය) යැයි පවසන අතර ඔහුව ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත) යනුවෙන් කීර්තියට පත් කරති. යැයි පවසති. එහි දේවත්වය ඒකීය කරණය කරමින් උත්තරීතර අල්ලාහ්ට ගරුබුහුමන් දැක්වීමක් අන්තර්ගතව ඇත. පසුව උත්තරීතර අල්ලාහ් “ඔවුහු මා දැක තිබේ ද?” ඔවුහු: “නැත, අල්ලාහ් මත දිවුරා පවසමු. ඔවුහු ඔබව දැක නැත.” යැයි ඔවුහු පවසති. ඔහු: “ඔවුන් මා දුටුවේ නම් කෙසේ වනු ඇත්ද?” යැයි පවසයි. ගෞරවනීය මලක්වරුන් පිළිතුරු දෙමින්: “ඔවුන් ඔබව දුටුවේ නම් ඔබට ඉමහත්සේ නැමදුම් කරන්නන් වනු ඇත. ඉමහත්සේ ඔබව කීර්තියට පත් කරනු ඇත. අධික ලෙස ඔබව සුවිශුද්ධ කරනු ඇත.” යැයි පවසති. ඊට හේතුව සැබැවින්ම නැමදුම්වල පරිශ්‍රමයෙන් නිරත වීම දැනුම මත පදනම් වූවක් වන බැවිණි. පසුව උත්තරීතර අල්ලාහ් මෙසේ විමසයි “ඔවුහු කුමක් පතන්නෝද?” එනම් ඔවුන් මගෙන් ඉල්ලන්නේ කුමක් ද? මලක්වරු: “ඔවුන් නුඹගෙන් ස්වර්ගය පතති” යැයි පවසති. එනම් ඔබේ ස්වර්ගය පතමින් ඔබව ඔවුන් මෙනෙහි කරති. ඔබට නැමදුම් කරති. තවදුරටත් මලක්වරුන් පිළිතුරු දෙමින්: “සැබැවින්ම ඔවුන් එය දැක තිබුණේ නම් ඒ කෙරෙහි ඔවුහු දැඩි සේ ප්‍රිය කරනු ඇත.” එනම් ඒ වෙත ඔවුහු අධික ලෙස පරිශ්රමය දරනු ඇත. එසේ පවසන්නට හේතුව සැබැවින්ම ඇස්දෙකින් දකිනවාක් මෙන් යහපත නොවන බැවිණි. පසුව කීර්තිමත් අල්ලාහ් “ඔවුන් ආරක්ෂාව පතනුයේ කුමකින් ද?” යැයි විමසයි. එනම් ඔවුහු කවර කරුණක් පිළිබඳ බියවී ඉන් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඉල්ලා සිටින්නෝද? මලක්වරුන් පිළිතුරු දෙමින් “ඔවුන් ආරක්ෂාව පතනුයේ අපා ගින්නෙනි.” යැයි පවසති. එනම්, ඔවුන් අපා ගින්නට බියෙන් ඔවුන්ගේ පරමාධිපතිව මෙනෙහි කරමින් ඔහුට නැමදුම් කොට එයින් තමන්ව ආරක්ෂා කරන මෙන් උත්තරීතරයාණන්ගෙන් ඔවුහු ඉල්ලා සිටිති. පසුව උත්තරීතර අල්ලාහ්: “ඔවුන් එය දැක තිබුණේ නම් කෙසේ වනු ඇත් ද?” යැයි විමසයි. මලක්වරුන් පිළිතුරු දෙමින් “ඔවුන් එය දැක තිබුණේ නම්, දැඩිසේ එයින් පළා යනු ඇත. ඒ ගැන දැඩිසේ බියවනු ඇත.” යැයි පවසති. එනම් අපා ගින්නෙන් මිදීමට හේතුවන දැහැමි ක්‍රියාවන් ඉටු කිරීමේහිලා ඔවුන් මහත් පරිශ්‍රමයක් දරති. කීර්තිමත් අල්ලාහ් මෙසේ පවසයි: “සැබැවින්ම ඔවුනට මම සමාව දුන් බවට මම නුඹලාව සාක්ෂි වශයෙන් තබමි” යැයි පවසයි. එනම් ඔවුන්ගේ පාපකම්වලට මම ඔවුනට සමාව දුනිමි. මලක්වරුන් අතරින් එක් මලක්වරයෙක්: “ඔවුන් අතර මිනිසෙකු වෙයි. නමුත් ඔහු ඔවුන්ගෙන් කෙනෙකු නොවෙයි. සැබැවින්ම ඔහු පැමිණියේ අවශ්‍යතාවක් උදෙසාය.” යැයි පවසයි. එනම්, එසේ මෙනෙහි කරන්නන් අතර පුද්ගලයකු දකින්නට ලැබුණි. නමුත් ඔහු ඔවුන් අතරින් නොවීය. ඔහු එසේ පැමිණියේ ඔහුගේ අවශ්‍යතාවක් ඉටු කර ගැනීම සඳහාය. පසුව ඔහු ඔවුන් සමගා වාඩි විය. ඔහුටත් සමාව දෙනු ලබන්නේද? උත්තරීතර කීර්තිමත් අල්ලාහ් ඉන් අදහස් කරන අරුථ මෙසේ පවසා සිටියේය. සභිකයින් වන ඔවුනට ඔවුන්ගේ එම සභිගයා අභාග්‍යයක් වන්නේ නැත. බලාපොරොත්තු සුන් කරන්නේ නැත.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මාගේ ගැත්තා යම් නපුරක් කිරීමට සිතූ විට, එය ඔහු සිදු කරන තෙක් නුඹලා එය ඔහුට එරෙහිව නොලියනු. නමුත් ඔහු එය සිදු කළේ නම් ඒ සඳහා ඒ හා සමානයක් පමණක් ලියනු. එය ඔහු මා වෙනුවෙන් අත්හැරියේ නම් ඔහුට ඒ සඳහා යහපතක් ලියනු. එමෙන්ම ඔහු යම් යහපතක් සිදු කිරීමට සිතා එය ඔහු සිදු නොකළේ නම් ඒ සඳහා ඔහුට යහපතක් ලියනු. එසේ ඔහු එය සිදු කළේ නම් ඒ සඳහා ඔහුට ඒ හා සමාන දහ ගුණයේ සිට හත්සීය ගුණය දක්වා ලියනු.”යැයි අල්ලාහ් පවසයි.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතමෙය මිනිසුන්ගේ ක්‍රියාවන් ආරක්ෂා කිරීමටත් එය සටහන් කිරීමටත් නියම කරන ලද මලක්වරුන් හට අල්ලාහ් විසින් කරන ලද ප්‍රකාශයකි. මිනිසා කෙරෙහි වූ අල්ලාහ්ගේ මහිමය හා ඔහුගෙන් ලැබෙන සමාව මෙය පෙන්වා දෙයි. “මාගේ ගැත්තා යම් නපුරක් කිරීමට සිතූ විට, එය ඔහු සිදු කරන තෙක් නුඹලා එය ඔහුට එරෙහිව නොලියනු.” යන ප්‍රකාශය වනාහි, ක්‍රියාව යනු එය හදවතින් සිතා ශරීර අවයව තුළින් ක්‍රියාත්මක කිරීම අදහස් කෙරේ. මතුපිට අදහස එයයි. ඊට හේතුව සැබැවින්ම හදවතේ ඇති වන ක්‍රියාවද ගණන් ගනු ලබන බවත් ඒ සඳහා ප්‍රතිඵල පරිනමන බවත් මෙය පෙන්වා දී පැමිණ ඇති බැවිණි. උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් මෙසේ පවසයි. “කවරෙකු එහි අපරාධයක් කිරීමට නැඹුරු වී එය අපේක්ෂා කරන්නේ ද අපි ඔහුට වේදනීය දඬුවමකින් දඬුවම් කරමු.” එමෙන්ම පූර්ව සාධක සහිත හදීසයක මෙසේ සඳහන් වෙයි. “මුස්ලිම්වරුන් දෙදෙනකු ඔවුන් දෙදෙනාගේ අසිපත්වලින් එකිනෙකා හමු වූ විට එසේ ඝාතනය කරන්නා ද ඝාතනය කරනු ලබන්නා ද අපා ගින්නේ වෙති.” එවිට ඔවුහු: එය ඝාතකයා සම්බන්ධයෙනි. නමුත් ඝාතනය කරනු ලැබූ තැනැත්තාගේ තත්ත්වය කෙසේද? යැයි විමසූහ. එතුමා “සැබැවින්ම ඔහු ද ඔහුගේ සහෝදරයාව ඝාතනය කිරීමට කැමැත්තෙන් සිටියේය.” යැයි දන්වා සිටියහ. මෙම මූලාශ්‍ර “කවරෙකු යම් නපුරක් සිදු කරන්නට අපේක්ෂා කළේ ද එය ඔහු සිදු කරන තෙක් නුඹලා සටහන් නොකරනු” යන අල්ලාහ්ගේ පොදු ප්‍රකාශය සීමා කරමින් නිවැරදි කර ඇත. නපුර සම්බන්ධයෙන් “එය ලියනු නොලැබේ” යන ප්‍රකාශයට පටහැනි වන්නේ නැත. සැබැවින්ම එය හදවතේ ස්ථාවරයත්වය හා යමක් ක්‍රියා කිරීමේ අධිෂ්ඨානය වන බැවිණි. “නමුත් ඔහු එය සිදු කළේ නම් ඒ සඳහා ඒ හා සමානයක් ලියනු.” ඉන් අදහස් කරන්නේ එක් පාපයක් පමණය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි. “කවරෙකු යහපතක් ගෙන ආවේ ද ඔහුට ඒ හා සමාන දස ගුණයක් හිමිය. කවරෙකු යම් නපුරක් ගෙන ආවේ ද ඒ හා සමාන දෙයකින් මිස ප්‍රතිඵල පිරිනමනු නොලැබේ. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.” තවත් තැනක උත්තරීතරයාණන් මෙසේ ප්‍රකාශ කරයි. “කවරෙකු යම් නපුරක් කළේ ද ඔහුට ඒ හා සමාන දෙයකින් මිස ප්‍රතිඵල පිරිනමනු නොලැබේ. කවරෙකු දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙස සිට ඔහු පිරිමියකු හෝ කාන්තාවක හෝ වේවා යම් දැහැමි කටයුත්තක් සිදු කළේ ද එවැන්නන් ස්වර්ගයට පිවිසෙනු ඇත. එහි ඔවුනට කිසිදු ගණනයකින් තොරව පෝෂණය කරනු ලබති.” “එය ඔහු මා වෙනුවෙන් අත්හැරියේ නම් ඔහුට ඒ සඳහා යහපතක් ලියනු.” යන ප්‍රකාශය වනාහි, එය අතහැරීම යන කරුණ උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් යන කොන්දේසිය මත පනවා ඇත. එනම් ඔහුට බියෙන් හා ලැජ්ජාවෙන් යන්නයි. එය නොහැකියාවෙන් හෝ මැවීම්වලට බියෙන් හෝ වෙනත් යම් හේතුවක් උදෙසා ඔහු එය අතහැර දැමූ විට ඔහුට යහපතක් ලෙස ලියනු නොලැබේ. නමුත් ඇතැම් විට ඔහුට එය පාපකයක් ලෙස ලියනු ලබනු ඇත. “එමෙන්ම ඔහු යම් යහපතක් සිදු කිරීමට සිතා එය ඔහු සිදු නොකළේ නම් ඒ සඳහා ඔහුට යහපතක් ලියනු.” යන ප්‍රකාශයේ සිට එහි අවසානය දක්වා වනාහි: මෙය උත්තරීතර ගෞරවනීය පරිත්‍යාගශීලී අල්ලාහ්ගෙන් වූ ඔහුගේ ගැත්තන්හට වන මහත් භාග්‍යයකි. සියලු ප්‍රශංසා හා සියලු පරිත්‍යාග අල්ලාහ් සතුය. මීට වඩා අතිමහත් ගෞරවයක් කුමක් වනු ඇත්ද? යහපතක් සිතු විට පූර්ණ කුසලක් ඔහු වෙනුවෙන් ලියනු ලැබේ. දැහැමි කටයුත්තට කුසල් දහයේ සිට හත්සීය දක්වා ගුණ කර ලියනු ලැබේ. මෙම හදීසයේ මෙම ප්‍රකාශය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඒ ගැන විස්තර කරමින් “අල්ලාහ් මෙසේ පවසයි. මාගේ ගැත්තා සිතූ විට” යන උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය සමග එකතු කළහ. මෙම ප්‍රකාශය ඔහුගේ පිළිවෙතින් විය. ඔහුගේ ගැත්තන් හට වූ ප්‍රතිඥාවක් විය. ඔවුන් කෙරෙහි වූ ඔහුගේ භාග්‍යයක් විය. එය කුර්ආනයේ වූ සඳහනක් නොවීය. එය මැවීමක සඳහනක් ද නොවීය. එය මැවීම්වල නොව උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය විය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල්-කුද්රි තුමා හා අබූ හුරෙයිරා තුමා (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: “(ස්වර්ගවාසීහු ස්වර්ගයට පිවිසෙන විට) නිවේදකයෙක් "සැබැවින්ම නුඹලාට සුව සැපවත් ජීවිතයක් ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක රෝගාතුර නොවනු ඇත. තවද සැබැවින්ම නුඹලාට ජීවත්වීමක් ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක මරණයට පත් නොවනු ඇත. නුඹලාට තරුණකම ඇත. එහෙයින් නුඹලා කිසිවිටෙක මහලු නොවනු ඇත. නුඹලාට භුක්ති විඳීමක් ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක බලාපොරොත්තු සුන්කර නොගනු ඇත. එය සර්වබලධාරී අල්ලාහ්ගේ ප්‍රකාශයට අනුවය. එනම්: "නුඹලාගේ එම ස්වර්ගය නුඹලා උරුම කරගෙන ඇත්තේ නුඹලා සිදුකරමින් සිටි දෑ හේතුවෙනි යැයි ඔවුන් අමතනු ලබති." (අල්-අඃරාෆ්: 43)
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ මෙනෙහි කර සිටියහ. "ස්වර්ගවාසීන් ස්වර්ගයේ භුක්ති විඳිමින් සිටිය දී 'සැබැවින්ම ඔබට සුවය ඇත. ස්වර්ගයේ කිසිවිටෙක සුළු රෝගී තත්ත්වයක් හෝ ඔබට හට ගන්නේ නැත. තවද සැබැවින්ම ඔබ ජීවිතය ගත කරනු ඇත. එහි කිසිවිටෙක ඔබ මරණයට පත් වන්නේ නැත. සුළු මරණය හෙවත් නින්දකට හෝ ඔබ වැටෙන්නේ නැත. ඔබ තරුණවියේ පසුවනු ඇත. එහි ඔබ කිසිවිටෙක මහලු වන්නේ නැත. තවද ඔබ එහි භුක්ති විඳිනු ඇත. එහෙයින් ඔබ එහි කිසිවිටෙක දුකට පත්වන්නේ නැති අතර බලාපොරොත්තු සුන් වී යන්නේ නැත. එය සර්ව බලධාරී අල්ලාහ්ගේ ප්‍රකාශයයි." එනම්: "නුඹලාගේ එම ස්වර්ගය නුඹලා උරුම කරගෙන ඇත්තේ නුඹලා සිදුකරමින් සිටි දෑ හේතුවෙනි යැයි ඔවුන් අමතනු ලබති."
නබ් (සල්ලල්ලාහු අලෙයිහි ව සල්ලම්) තුමාණන් මෙසේ පැවසු බව සුහෙයිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “ස්වර්ගවාසීහු ස්වර්ගයට පිවිසෙන විට අති උත්කෘෂ්ඨ, උත්තරීතර අල්ලාහ්: “මම නුඹලාට යමක් අමතරව දීම නුඹලා ප්‍රිය කරන්නෙහු ද?”යැයි විමසයි. එවිට, ඔවුහු: “අපගේ මුහුණු ඔබ සුදුවන් නොකළෙහි ද? අපව ස්වර්ගයට ඇතුළත් නොකළෙහි ද? අපව අපා ගින්නෙන් මුදවා නොගත්තෙහි ද?" යැයි පවසති. පසුව ඔහු තිරය ඉවත් කරයි. ඔවුනට දෙනු ලැබූ කිසිවක්, ඔවුන්ගේ පරමාධිපති දෙස බැලීමට වඩා ඔවුනට ප්‍රිය මනාප නොවනු ඇත.”
رواه مسلمස්වර්ගවාසීහු ස්වර්ගයට පිවිසෙන විට අති උත්කෘෂ්ඨ, උත්තරීතර අල්ලාහ් ඔවුනට මෙසේ පවසන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රකාශ කර සිටියහ. එනම්: මම නුඹලාට යමක් අමතරව පිරිනැමීම නුඹලා ප්‍රිය කරන්නෙහු ද? එවිට, සමස්ත ස්වර්ගවාසීහු, “අපගේ මුහුණු ඔබ සුදුවන් නොකළෙහි ද? අපව ස්වර්ගයට ඔබ ඇතුළත් නොකළෙහි ද? අපව අපා ගින්නෙන් මුදවා නොගත්තෙහි ද?" යැයි පවසති. පසුව ඔහු බාධකය ඔසවා ඉවත් කරයි. ඔහුගේ ආවරණය ආලෝකයයි. ඔවුනට දෙනු ලැබූ කිසිවක් හෝ වේවා ඔවුන්ගේ පරමාධිපති දෙස බැලීමට වඩා ඔවුනට එය ප්‍රිය මනාප නොවනු ඇත.