





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සුවදුක් විමසීම සඳහා රෝගියෙකු වෙත පිවිසුණු විට “ලා බඃස තහූරුන් ඉන් ෂා අල්ලාහ්” (කම්නැත, අල්ලාහ් අභිමත වී නම් පිරිසිදු වනු ඇත.) යැයි පවසන්නෙකු වූහ.”
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතඅබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රෝගීව සිටින ගැමි අරාබි ජාතිකයෙකු වෙත සුවදුක් විමසීම සඳහා පිවිසුණු විට “ලා බඃස තහූරුන් ඉන් ෂා අල්ලාහ්” (කම්නැත, අල්ලාහ් අභිමත වී නම් පිරිසිදු වනු ඇත.) යැයි පවසන්නට වූහ.” ඉන් අදහස් කරනුයේ ඔබට මහත් දරුණු තත්ත්වයක් නැත. වේදනාවක් නැත. ඔබේ රෝගය ඔබේ පව් පිරිසිදු කරන්නක් වේ. ඔබේ අඩුපාඩු පුරවන්නක් වේ. එමෙන්ම අවසානයේ නිලයන් උසස් වීමට එය හේතුවක් වේ යන්නයි.
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. اللهم إني أعوذ بك من البَرَصِ، والجُنُونِ، والجُذَامِ، وَسَيِّئِ الأسْقَامِ “අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් බරසි වල් ජුනූනි වල් ජුසාමි වසය්යිඉල් අස්කාමි.” (අහෝ දෙවියනි, කුෂ්ට රෝග, මානසික රෝග, ළාඳුරු රෝග හා අනෙකුත් දරුණු රෝගවලින් ආරක්ෂාව මම ඔබෙන් පතමි.)
ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතමෙම හදීසයේ සඳහන් පරිදි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නියමිත රෝගවලින් ආරක්ෂාව පතන්නෙකු වූහ. එය එහි ඇති අවදානම හා බලපෑමේ තරම පෙන්වා දෙනු ඇත. පසුව පොදුවේ දරුණු රෝග වලින් සුවය හා ආරෝග්‍යය ඉල්ලා සිටියහ. මෙම ප්‍රාර්ථනාව පොදුවේ මෙන්ම විශේෂිත රෝග ඇතුළත් වේ. එතුමාණන් “අහෝ දෙවියනි, කුෂ්ඨ රෝගවලින් ආරක්ෂාව මම ඔබෙන් පතමි. යැයි ප්‍රාර්ථනා කළේය. එය සමේ ඇතිවන අළුහම් ධද වැනි කුෂ්ඨ රෝග වන්නේය. මැවීමෙහි ඇතිවන එවැනි වෙනස්කම ජනයා අතරින් දුරස් කරවයි. එමගින් අදාළ පුද්ගලයාට හුදකලාව උරුම වන අතර එය ඔහුව අතෘප්තියට ගෙන යා හැකිය. අල්ලාහ් අප ආරක්ෂා කරත්වා! මානසික රෝග යනු: සිහි බුද්ධිය පහව යෑමය. බුද්ධිය යනු වගවීමට යොමු කරන්නකි. මිනිසා තම පරමාධිපතිට නැමදුම් කරන්නේ එමගිනි. අල්ලාහ්ගේ මැවීම් පිළිබඳ පරිශීලනය කර සිතා බලන්නේ ද එමගිනි. ඒ ගැන පවතින කතා අතිමහත්යය. බුද්ධිය පහව යෑම යනු මිනිසාම පහව යෑමය. ‘ලාඳුරු’ යනු ශරීර කොටස් කා දමන්නකි. මාංශ කඩා වැටෙන්නකි. අල්ලාහ් අප ආරක්ෂා කරත්වා! ‘දරුණු රෝග’ යනු අසාද්‍ය රෝග වේ. එය ජනයා අතර පුද්ගලයා නින්දාවට පත් කරන දුර්වලතාවන් වේ. අංශභාගය, අන්ධභාවය සහ පිළිකා වැනි රෝග ස්වභාවයෙන්ම ඔහුව හුදකලා කරයි. සැබැවින්ම ඒවා අධික පිරිවැයක් දරන්නට සිදුවන බලවත් ඉවසීමක් අවශ්‍යය වන දරුණු රෝගාබාධ වෙති. අල්ලාහ් වෙනුවෙන් ඉවසන තම හදවත ඔහු සමග බැඳුණු අයකු මිස එය දරා ගන්නේ නැත. එමෙන්ම මෙය මෙම ධර්මයේ ඇති විශාලත්වය පිළිඹිබු කරයි. එය මුස්ලිම්වරයාගේ ශරීරයත් ඔහුගේ දහමත් සැලකිල්ලට ගනිමින් ආරක්ෂා කරයි.
අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ ඇඹරුම් ගල හේතුවෙන් ඇගේ අතෙහි හට ගෙන තිබූ වේදනාව සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණි. එතුමාණන් වෙත වහලුන් ගෙනැවිත් ඇති බව ඇයට දැනගන්නට ලැබුණ ද එතුමාණන්ව මුණ ගැසෙන්නට ඇයට ලැබුණේ නැත. පසුව ඇය ඒ ගැන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියට මතක් කර සිටියාය. එතුමාණන් පැමිණි විට ආඉෂා තුමිය ඒ ගැන එතුමාණන්ට දන්වා සිටියා ය. තවදුරටත් ඔහු මෙසේ ප්‍රකාශ කර සිටියේය. "අපි නිදියහයනට පැමිණ සිටිය දී එතුමාණෝ අප වෙත පැමිණියහ. අප ද නැගිටින්නට ගියෙමු. පසුව එතුමාණෝ මෙසේ පවසා සිටියහ. "ඔබ දෙපල ඉන්න තැනම ඉන්න." පසුව එතුමාණෝ පැමිණ මා හා ඇය අතර වාඩි වූහ. එතුමාණන්ගේ පාද දෙකෙහි සීතළ මාගේ කුසට දැනෙන තරමට විය. එවිට එතුමාණෝ "ඔබ දෙපළ ඉල්ලා සිටින දෑට වඩා ශ්‍රේෂ්ට යමක් මා ඔබ දෙපළට දන්වා සිටින්නදැ?"යි විමසා සිටියහ. "එසේ නම් ඔබ දෙපළ ඔබ දෙපළගේ නිදියහනට පැමිණි විට, තිස්තුන් වරක් (සුබ්හානල්ලාහ් යනුවෙන්) තස්බීහ් පවසන්න. තිස්තුන් වරක් (අල්හම්දු ලිල්ලාහ් යනුවෙන්) තහ්මීද් පවසන්න. තිස්තුන් වරක් (අල්ලාහු අක්බර් යනුවෙන්) තක්බීර් පවසන්න. සේවකයකුට වඩා එය ඔබ දෙපළට උතුම් වේ." යැයි පැවසූහ.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දියණිය වූ ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමිය එතුමාණන් වෙත පැමිණ ඇඹරුම් ගලෙහි ඇඹිරීම හේතුවෙන් ඇගේ අතෙහි හට ගෙන තිබූ සළකුණ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණි. එතුමාණන් වෙත වහලුන් පැමිණි කල්හි ඒ අය අතරින් තමන්ගේ ස්ථානයේ හිඳ නිවසේ කටයුතු කිරීම සඳහා සේවකයකු ඉල්ලා සිටීමට ඇය පැමිණියාය. නමුත් එතුමාණන්ව තම නිවසේ දකින්නට නොවීය. පසුව ඇය ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය හමු වී ඒ ගැන ඇයට සඳහන් කර සිටියාය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැමිණි කල්හි, එතුමාණන්ගෙන් වහලෙකු ඉල්ලා ෆාතිමා තුමිය පැමිණි සිටි බව ආඉෂා තුමිය එතුමාණන්ට දන්වා සිටියාය. ෆාතිමා තුමිය හා අලී තුමා (රළියල්ලාහු අන්හුමා) නිදන්නට සූදානම් ව සිටිය දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුන් වෙත පැමිණ ඔවුන් අතර වාඩි වූහ. එතුමාණන්ගේ පාද දෙකෙහි සීතළ අලී තුමාගේ කුසට දැනෙන තරමට විය. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ. "සේවකයකු ඔබට ලබා දෙන මෙන් ඔබ මගෙන් ඉල්ලා සිටින කරුණට වඩා ශ්‍රේෂ්ට යමක් මා ඔබ දෙපළට උගන්වන්න ද?" "එසේය" යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. රාත්‍රියේ නිදන්නට ඔබ දෙදෙනා සූදානම් වූ විට අල්ලාහු අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ටය) යැයි තිස් හතර වරක් පවසා ඔහුව ශ්‍රේෂ්ටත්වයට පත් කරන්න. සුබ්හානල්ලාහ් (අල්ලාහ් සුවිශුද්ධය) යැයි තිස්තුන් වරක් පවසා ඔහු පිවිතුරු කරන්න. අල්හම්දු ලිල්ලාහ් (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යැයි තිස්තුන් වරක් පවසා අල්ලාහ්ව පැසසුමට ලක් කරන්න. මෙම අනුවාද ඔබ සේවකයකු ලබනවාට වඩා ඔබ දෙපළට ශ්‍රේෂ්ට වන්නේය.
අබ්දුල්ලාහ් ඉබ්නු හුඃබෙයිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අපි වැසි සහිත ඝනාඳුරු රාත්‍රියක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව සොයමින් පිටත්ව ගියෙමු. එය එතුමාණන් අපට සලාතය මෙහෙය වීම පිණිසය. හෙතෙම, මම එතුමණන්ව මුණ ගැසුණෙමි. එවිට එතුමා 'පවසනු' යැයි පැවසූහ. මම කිසිවක් නොපැවසුවෙමි. පසුව එතුමාණෝ නැවතත් 'පවසනු' යැයි පැවසූහ. පසුව ද මම කිසිවක් නොපැවසුවෙමි. පසුව එතුමාණෝ නැවතත් 'පවසනු' යැයි පැවසූහ. මා පැවසිය යුත්තේ කුමක් දැයි මම විමසුවෙමි. එතුමාණෝ: “ඔබ සවස් කාලයට එළැඹෙන විට හා උදෑසන කාලයට එළැඹෙන විට ‘කුල් හුවල්ලාහු අහද්’ සහ ‘මුඅව්විදතෙයින්’ (ෆලක් හා නාස් නම් සූරා දෙක) තුන්වරක් පාරායනය කරන්න. සියලු දේට වඩා එය ඔබට ප්‍රමාණවත් වනු ඇත යැයි පැවසූ බවට ප්‍රකාශ කර සිටියේය.
رواه أبو داود والترمذي والنسائيකීර්තිමත් සහාබිවරයකු වන අබ්දුල්ලාහ් ඉබ්නු හුඃබෙයිබ් (රළියල්ලාහු අන්හු) තුමා පවසයි. ඔවුන් අධික වැසි සහිත ඝනාඳුරු රාත්‍රියක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සොයමින් පිටත්ව ගියෝය. එය එතුමාණන් ඔවුනට සලාතය මෙහෙය වීම පිණිසය. එවිට ඔවුහු එතුමාණන්ව මුණ ගැසුණෝය. එවිට එතුමාණෝ 'පවසනු' එනම් 'කියවනු' යැයි ඔහුට පැවසූහ. නමුත් ඔහු කිසිවක් කියෙව්වේ නැත. එම ප්‍රකාශයම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුට නැවත නැවතත් පවසා සිටියහ. එවිට අබ්දුල්ලාහ්: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මා කියවිය යුත්තේ කුමක් දැ?'යි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උදෑසන කාලයේ හා සවස් කාලයේ ‘කුල් හුවල්ලාහු අහද්’ සහ ‘මුඅව්විදතෙයින්’ (කුල් අඌදු බිරබ්බිල් ෆලක් සහ කුල් අඌදු බිරබ්බින් නාස් නම් සූරා දෙක) තුන්වරක් පාරායනය කරන්න. එය සියලු උවදුරුවලින් ඔබව ආරක්ෂා කරනු ඇත. සියලු නපුරුකම්වලින් ඔබව මුදවනු ඇත.' යැයි පැවසුහ.
උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමාගේ පුත් අබාන් විසින් මෙසේ වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයකට සවන් දුන් උස්මාන් ඉබ්නු අෆ්ෆාන් (රළියල්ලාහු අන්හු) තුමා කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි. කවරෙකු بِسْمِ اللَّهِ الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ، فِي الْأَرْضِ، وَلَا فِي السَّمَاءِ، وَهُوَ السَّمِيعُ الْعَلِيمُ (තම නාමය සමග මහපොළොවේ හෝ අහසේ හෝ කිසිදු හානියක් ඇති නොවන අල්ලාහ්ගේ නාමයෙනි. ඔහු සර්ව ශ්රාවකය, සර්වඥානීය) යැයි තුන් වරක් පවසා සිටියේ ද ඔහුට උදෑසන කාලය දක්වා හදිසි අනතුරු සිදු වන්නේම නැත. කවරෙකු එය උදෑසන තුන්වරක් පවසන්නේ ද සවස් කාලය දක්වා හදිසි අනතුරු ඔහුට සිදුවන්නේම නැත. තවදුරටත් ඔහු මෙසේ වාර්තා කළේය: අබාන් ඉබ්නු උස්මාන් අල්-ෆාලිජ්ට එලෙස රෝගයක් අත්විය. ඔහුගෙන් මෙම හදීසයට සවන් දුන් පුද්ගලයා ඔහු දෙස බැලුවේය. එවිට හෙතෙම ඔහුට ඔබ මා වෙත බලන්නේ ඇයිදැ?යි විමසා සිටියේය. අල්ලාහ් මත දිවුරා පවසමි. මම උස්මාන් මත බොරුවක් නොකීවෙමි. උස්මාන් තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත බොරුවක් කීවේ ද නැත. නමුත් අද දින මට වැළඳී ඇත්තේ මට වැළඳෙන්නට නියම වූ දෑය. මම කෝප වූයෙමි. එබැවින් එය පැවසීමට මම අමතක කළෙමි.
رواه أبو داود والترمذي والنسائي في الكبرى وابن ماجه وأحمدෆජ්ර් උදාවීමෙන් පසු සෑම උදෑසනකම හා හිරු අවරට යෑමට පෙර සෑම සවස් කාලයකම කවරෙකු මෙම ප්‍රාර්ථනාව තුන්වරක් පවසා සිටින්නේ ද ඔහු ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ විස්තර කළහ. එනම් بِسْمِ اللَّهِ (අල්ලාහ්ගේ නාමයෙන්) හානිදායක සෑම දෙයකින්ම මම ආරක්ෂාව පතා උදව් පතමි. الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ (ඔහුගේ නාමය සමග කිසිදු අනතුරක් ඇති නොවන්නේය) එනම් ඔහුගේ නාමය සිහිපත් කිරීමත් සමග فِي الْأَرْضِ (මහපොළොවේ) එය මතුපිට ඇති වන දැයින් කිසිදු අනතුරක් ඇති නොවන අතර وَلَا فِي السَّمَاءِ (අහසෙහි) එයින් පහළ වන දැයින් කිසිදු අනතුරුක් ඇති නොවනු ඇත. وَهُوَ السَّمِيعُ අප පවසන ප්‍රකාශ පිළිබඳ (ඔහු සර්ව ශ්රාවකය.) الْعَلِيمُ අපගේ තත්ත්වයන් පිළිබඳ (ඔහු සර්වඥානීය.) සවස් කාලය වන විට කවරෙකු මෙය පවසා සිටියේද උදෑසන එළැඹෙන තෙක් හදිසි අනතුරු කිසිවක් ඔහුට සිදුවන්නේ නැත. උදේ කාලය වන විට කවරෙකු මෙය පවසා සිටියේ ද සවස් කාලය එළැඹෙන තෙක් ඔහුට හදිසි අනතුරු කිසිවක් ඔහුට සිදු වන්නේ නැත. මෙම හදීසය වාර්තා කළ අබාන් ඉබ්නු උස්මාන් තුමා ට අල්-ෆාලිජ් නැමැති රෝගයක් හට ගැණින. එය(අංශභාගය වැනි) ශරීරයේ එක් කොටසක් අඩපණ වීමය. අබාන්ගෙන් මෙම හදීසයට සවන් දුන් පුද්ගලයා ඔහු දෙස විමතියෙන් බලන්නට විය. එවිට හෙතෙම එම පුද්ගලයාට: ඔබ මා දෙස බලනුයේ ඇයි? අල්ලාහ් මත දිවුරා පවසමි. මම උස්මාන් මත බොරුවක් නොපැවසුවෙමි. උස්මාන් තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මත බොරුවක් පවසාද නැත. නමුත් අද දින මා වෙත වැළදී ඇත්තේ මා පවසන්නට අල්ලාහ් නියම කළ දෑය. කෝපය මට ඇති විය. එබැවින් සඳහන් කළ මෙම වදන් පෙළ පවසන්නට මම අමතක කර දැමුවෙමි.
පුද්ගලයකු තම සහෝදරයා හමුවන අවස්ථාවේ නැවී ආචාර කිරීම පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසන ලදී. එතුමා: ‘ඔහු වෙනුවෙන් නැවිය නොයුතු යැ’යි පැවසීය. පසුව එසේ විමසා සිටි පුද්ගලයා: ඔහු වෙනුවෙන් නොනැවී, ඔහු වැළඳ ගෙන සිප ගත යුතු දැ?යි විමසීය. එතුමා ‘නැත’ යැයි පිළිතුරු දුන්හ. නැවතත් එසේ විමසා සිටි පුද්ගලයා: ‘ඔහුට අතට අතදී ආචාර කළ යුතුද?’ යැයි විමසීය. එතුමා: ‘එසේය’ යැයි පිළිතුරු දුන්හ.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතපුද්ගලයකු තම සහෝදරයා හමුවන අවස්ථාවේ නැවී ආචාර කිරීම පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසන ලදී. එතුමා: ‘ඔහු වෙනුවෙන් නැවිය නොයුතු යැ’යි පැවසීය. පසුව එසේ විමසා සිටි පුද්ගලයා: ඔහු වෙනුවෙන් නොනැවී, ඔහු වැළඳ ගෙන සිප ගත යුතු දැ?යි විමසීය. එතුමා ‘නැත’ යැයි පිළිතුරු දුන්හ. නැවතත් එසේ විමසා සිටි පුද්ගලයා: ‘ඔහුට අතට අතදී ආචාර කළ යුතුද?’ යැයි විමසීය. එතුමා: ‘එසේය’ යැයි පිළිතුරු දුන්හ.
සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: ගම්බද අරාබිවරයකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණ ‘මා පැවසිය යුතු ප්‍රකාශයක් මට උගන්වන්නැ'යි ඉල්ලා සිටියේය. එතුමාණෝ: ඔබ "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ අල්ලාහු අක්බර් කබීරා, වල්හම්දු ලිල්ලාහි කසීරා වසුබ්හානල්ලාහි රබ්බිල් ආලමීන්, ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහිල් අසීසිල් හකීම්.’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. අල්ලාහ් ඉමහත්ය අති ශ්‍රේෂ්ඨය. වැඩි වැඩියෙන් ප්‍රශංසා අල්ලාහ් සතුය. ලොවැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් සුවිශුද්ධය. මහා ප්‍රඥාවන්තය. සර් ව බලධාරී අල්ලාහ්ගෙන් තොරව කිසිදු හැරීමක් හෝ බලයක් හෝ නැත.) යැයි පවසන්න. හෙතෙම: 'මේවා මාගේ පරමාධිපති වෙනුවෙනි. මා වෙනුවෙන් කුමක් තිබේද?' යැයි විමසීය. එතුමාණෝ: "අල්ලාහුම්මග් ෆිර්ලී වර්හම්නී වහ්දිනී වර්සුක්නී. (අහෝ අල්ලාහ් මට සමාව දෙනු මැනව! මට කරුණා කරනු මැනව! මට මග පෙන්වනු මැනව. මට පෝෂණය ලබා දෙනු මැනව!) යැයි පවසන්න." යැයි පැවසුහ.
رواه مسلمගම්බද වාසීන් අතරින් පුද්ගලයෙක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණ තමන් කියවන්නට අනුවාදයක් තමන්ට උගන්වන මෙන් ඉල්ලා සිටියේය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ ඔහුට "ඔබ මෙසේ පවසන්න" යැයි පැවසූහ. "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ" යන දේව ඒකීයකරණ ප්‍රකාශයෙන් ආරම්භ කළහ. එහි තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත යන්නයි. "අල්ලාහු අක්බර් කබීරා" එනම්: සියලු දෑට වඩා අල්ලාහ් ඉමහත්ය, අති ශ්‍රේෂ්ඨය. "වල්හම්දු ලිල්ලාහි කසීරා" එනම්: අල්ලාහ්ගේ ගුණාංග ඔහුගේ ක්‍රියාවන් හා සංඛ්‍යා නොමැති ඔහුගේ ආශිර්ද සඳහා වැඩි වැඩියෙන් ප්‍රශංසා අල්ලාහ් සතුය. "සුබ්හානල්ලාහි රබ්බිල් ආලමීන්" එනම්: ඔහු සියලු අඩුපාඩුවලින් පිවිතුරුය සුවිශුද්ධය. "ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහිල් අසීසිල් හකීම්." එනම් සර්වබලධාරී අල්ලාහ්ගෙන් තොරව, ඔහුගේ උපකාරය හා ඔහුගේ ආශිර්වාදයෙන් තොරව තත්ත්වයකින් තවත් තත්ත්වයකට කිසිදු හැරීමක් හෝ බලයක් හෝ නැත. එවිට එම මිනිසා: 'මේවා මාගේ පරමාධිපති වෙනුවෙන් ඔහු ව මෙනෙහි කිරීමකි. ගරුබුහුමන් කිරීමකි. මා වෙනුවෙන් කවර ප්‍රාර්ථනාවක් තිබේද?' යැයි විමසීය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ ඔහුට ඔබ මෙසේ පවසන්න යැයි පැවසූහ. "අල්ලාහුම්මග් ෆිර්ලී" වැරදි මකා දමමින් හා ඒවා වසන් කරමින් මට සමාව දෙනු මැනව! "වර්හම්නී" (මට කරුණා කරනු මැනව!) මට ලෞකික මෙන්ම මතුලොව යහපත හා ප්‍රයෝජනය ලබා දීමෙන්. "වහ්දිනී" (මට මග පෙන්වනු මැනව!) යහපත් තත්ත්වයන් වඩාත් යහපත් කරමින් ඍජු මාර්ගය වෙත. "වර් සුක්නී" (මට පෝෂණය ලබා දෙනු මැනව!) අනුමත වස්තුව, ආරෝග්යමත්භාවය මෙන්ම සියලුම යහපත හා සුවය.
ෂක්ල් ඉබ්නු හමීද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මට ප්‍රාර්ථනාවක් කියා දෙන්නැයි විමසුවෙමි. එතුමා: اللهم إني أعوذ بك من شر سمعي، ومن شر بصري، ومن شر لساني، ومن شر قلبي، ومن شر مَنِيِّي අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් ෂර්රි සම්ඊ, වමින් ෂර්රි බසරී, වමින් ෂර්රි ලිසානී, වමින් ෂර්රි කල්බී, වමින් ෂර් මනිය්යී’ (අහෝ දෙවිඳුනි! මාගේ සවන්හි නපුරෙන් ද මාගේ බැල්මෙහි නපුරෙන් ද මාගේ දිවෙහි නපුරෙන් ද මාගේ හදවතෙහි නපුරෙන් ද මාගේ ශුක්‍රාණුවල නපුරෙන් ද ආරක්ෂාව මම ඔබෙන් පතමි.) යනුවෙන් පවසනු. යැයි පැවසූහ.
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතෂක්ල් ඉබ්නු හමීද් (රළියල්ලාහු අන්හු) තුමා මෙලොව හා මතුලොව යහපත සොයමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත ගියේය. ඔහු විනාශ වී යන මෙලොව හෝ අල්ප වස්තුව හෝ ආහාර හෝ ඉල්ලා සිටියේ නැත. නමුත් තමන්ට මෙලොව හා මතුලොව ප්‍රයෝජනවත් වන ප්‍රාර්ථනාවක් නබි තුමාණන් උගන්වනු ඇතැයි යන අපේක්ෂාවෙන් ප්‍රාර්ථනාවක් සොයා ගියේය. අල්ලාහ්ගේ භාග්‍යය හා තෘප්තිය සෙවීම සහාභාවරුන්ගේ යථාර්ථය විය. පසුව මෙම කීර්තිමත් ප්‍රාර්ථනාව වෙත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔහුට මග පෙන්වීය. එතුමා මෙසේ පවසන මෙන් ඔහුට දන්වා සිටියේය. “අල්ලාහුම්ම ඉන්නී” අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීමකි. අල්ලාහ්ගේ සියලු අලංකාර නාමයන් ඇතුළත් “අල්ලාහ්” වන ඔහුගේ නමින් ඔහු වෙත හැරීමකි. “අඌදු බික මින් ෂර්රි සම්ඊ” එනම් අභූත චෝදනා, දේව ප්‍රතිෂේපිත වදන්, කටකතා, දහම පිළිබඳ අඩුපාඩු වැනි මිනිසාගේ සවනට වැටෙන තහනම් දෑහි හානියෙන් උත්තරීතර අල්ලාහ්ගෙන් මම ආරක්ෂාව පතමි යන්නයි. “වමින් ෂර්රි බසරී” අසභ්‍ය දර්ශන, නොමනා චිත්‍රපට වැනි තහනම් කරන ලද දර්ශන වෙත තම නෙත් යොමු වීමෙන් ආරක්ෂාව පතමි යන්නයි. “වමින් ෂර්රි ලිසානී” එනම් බොරු සාක්ෂි පැවසීම, බැණ වැදීම, ශාප කිරීම දහම හා එහි වැසියන් ගැන අඩුපාඩු කීම මිනිසාට අවශය නොමැති දෑ කතා කිරීම, කතා කිරීමට අවශ්‍ය දෑ පිළිබඳ කතාව අතහැර දැමීම යනාදී ලෙසින් දිවෙන පිටවන සියලුම තහනම් සහගත දැයින් ආරක්ෂාව පතමි. “වමින් ෂර්රි කල්බී” එනම් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් තොරව හදවත ක්‍රියා වීම. එසේ නැතහොත් බලාපොරොත්තුව, බිය, ගරුබුහුමන් කිරීම වැනි හදවත හා බැඳුනු ගැතිකම් අල්ලාහ් නොවන දෑ වෙත යොමු කිරීම. එසේත් නැතහොත් පරමාධිපතියාණන් වෙත යොමු කළ යුතු හදවත හා බැඳුණු නැමදුම් අතහැර දැමීම වැනි දැයින් ආරක්ෂාව පැතීමයි. “වමින් ෂර් මනිය්යී” එනම් ලිංගික අවයවයෙන් සිදුවන හානියයි. එය අල්ලාහ් තහනම් කළ දෑහි වැටීමය. එසේ නැතහොත් අපචාරය පොළඹවන අසභ්‍ය දසුන්, ස්පර්ශය, ඒ වෙත ගමන් කිරීම එය හදවතින් සිතීම වැනි දෑහි වැටටීමෙන් ආර්ක්ෂාව පැතීමයි. ශරීර අවයවවලට අවශ්‍ය ආරක්ෂාව මෙම සමෘද්ධිමත් ප්‍රාර්ථනාව තුළ ඇත. එය අල්ලාහ්ගේ ආශිර්වාදයකි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙහි අණ කර ඇත්තේ මෙම ආශිර්වාදවල හානියෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන මෙනි. ‘ඇහුන්කන් දීමෙන් මම අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි’ යැයි පවසනවාක් සේ එම ආශිර්වාදවල ආරක්ෂාව පතන මෙන් අල්ලාහ් නියෝග කළේ නැත. ඊට හේතුව එය ආශිර්වාදයකි. එමගින් අල්ලාහ්ව නැමදුමට ලක් කෙරෙයි. එයින් ආරක්ෂාව පතන තරමට එය පිවිතුරු බවින් නපුරක් වන්නේ නැත. නමුත් එයින් මතුවන නපුරෙන් ආරක්ෂාව පැතිය යුතු වේ. ඒ වෙනුවෙන් මවන ලද දෑ පිළිබඳ අවධානය යොමු කරමින් එය ආරක්ෂා කළ යුතු වේ. එමගින් දෙවියන්ට පිටුපාන ක්‍රියාවන් සඳහා ඉදිරිපත් නොවිය යුතුය. ඉතා පහත් දෑ එමගින් පැතිරිය නොයුතුය. ඊට හේතුව සැබැවින්ම එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම ආශිර්වාද පිළිබඳව වග ගියනු ලබන බැවිණි. එය උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය තහවුරු වන්නේය. “නුඹට කවර දෙයක් පිළිබඳ දැනුමක් නොමැත්තේ ද එවන් දෑ මත නුඹ රැඳී නොසිටිනු. නියත වශයෙන්ම ශ්‍රවණය බැල්ම හා සිත යන ඒවා සියල්ල ඒ පිළිබඳ ව විමසනු ලබන්නක් විය.” (අල් ඉස්රා: 36)
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකුගේ හදවත තුළ අණුවක තරම් අහංකාරය ඇත්තේ ද ඔහු ස්වර්ගයට නොපිවිසෙනු ඇත.” එවිට මිනිසකු: “පුද්ගලයෙක් තම ඇදුම අලංකාරව හා තම පාවහන් අලංකාරව තබා ගැනීමට ප්‍රිය කරයි. යැයි පැවසීය. එතුමාණෝ: සැබැවින්ම අල්ලාහ් අලංකාරය. ඔහු අලංකාරය ප්‍රිය කරයි. අහංකාරය යනු සත්‍යය ගැන උදම් අනමින් ජනයා පාගා දැමීමය.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතසැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකුගේ හදවත තුළ අණුවක තරම් අහංකාරය ඇත්තේ ද ඔහු ස්වර්ගයට නොපිවිසෙනු ඇත.” මෙම හදීසය අවවාදාත්මක හදීස් අතරින් එකකි. ආගමික සාධක සහිතව විස්තර කිරීමට අවශ්‍ය වන්නකි. ඒ අනුව කවර හදවතක අහංකාරය ඇත්තේ ද සත්‍යය ගැන වූ උදම් ඇනීමක් හෝ සත්‍යය පිළිකුල් කිරීමකින් හෝ විය හැක. එවැන්නා ස්වර්ගයට නොපිවිසෙන, අපා ගින්නට සදාතනිකයකු බවට පත් කරන දේව ප්රතික්ෂේපකයකු වන්නේය. උත්තරීතර අල්ලාහ් ඒ ගැන මෙසේ ප්‍රකාශ කරයි: “එය ඔවුන් අල්ලාහ් පහළ කළ දෑ පිළිකුල් කළ බැවිණි. එබැවින් ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල විය.” එසේ නැතහොත් මැවීමක් මත පිහිටන අහංකාරයකින් හෝ මැවීමක් මත පිහිටන ගරුබුහුමන් කිරීමකින් විය හැක. නමුත් ඔහු අල්ලාහ්ට නැමදුම් කිරීමට අහංකාර නොවෙයි. මෙම අවවාදය එවැන්නෙකු විෂයයෙහි පැමිණ ඇත. එබැවින් ආරම්භ සලකුණත් ලෙස ඔහු ස්වර්ගයට නොපිවිසෙනු ඇත. යැයි පවසා ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙම හදීසය සඳහන් කළ කල්හි මිනිසෙකු: අල්ලාහ්ගේ දූතයාණනි! “පුද්ගලයෙක් තම ඇදුම අලංකාරව හා තම පාවහන් අලංකාරව තබා ගැනීමට ප්‍රිය කරයි. එයත් අහංකාරකමින් වූ ක්රියාවක්දැ?යි විමසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්: “සැබැවින්ම අල්ලාහ් අලංකාරය. ඔහු අලංකාරය ප්‍රිය කරයි.” යැයි පැවසීය. එනම් ඔහුගේ පැවැත්මෙහි ඔහු අලංකාරය. ඔහුගේ ක්‍රියාවන්හි ඔහු අලංකාරය. ඔහු විසින් මතුවන ඔහුගේ සියලු ගුණාංගයන්හි අලංකාරය. එහෙයින් එය ද අලංකාරයකි. එය පිළිකුල් කරනු ලබන්නක් නොවේ. “ඔහු අලංකාරය ප්‍රිය කරයි.” එනම් මිනිසා තම ඇඳුම, තම පාවහන්, තම ශරීරය හා තමන්ගේ සියලුම කටයුතු අලංකාරව පිහිටීම ප්‍රිය කරයි. සැබැවින්ම අලංකරණය යනු මිනිසා වෙත හදවත නැඹුරු කරවන්නක් වේ. මිනිසා වෙත ප්‍රිය කරවන්නක් වේ. එය තම හිසකෙස්, තම ඇඳුම් පැළඳුම් වලදී මිනිසා පිළිකුල් කරන අභාග්යවන්තකමට විරුද්ධ වූවකි.