





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම නිදියහනට පැමිණි විට, الحمد لله الذي أطعمنا وسقانا، وكفانا وآوانَا، فَكَمْ مِمَّنْ لا كَافِيَ له وَلاَ مُؤْوِيَ “අල්හම්දු ලිල්ලා හිල්ලදී අත්අමනා වසකානා වකෆානා වආවානා, ෆකම් මිම්මන් ලා කාෆිය ලහූ වලා මුඃවියි.” යැයි පවසන්නෙකු වූහ. තේරුම: අපට ආහාර පාන ලබා දී, අප සෑහීමට පත් කොට, අපට නවාතැනක් ලබා දුන් අල්ලාහ්ටම සියලු ප්‍රශංසා. සෑහීමට තරම් ප්‍රමාණයක් නැති, නවාතැන් ගන්නට තැනක් නැති කොපමණ දෙනෙක් සිටත් ද?
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම නිදියහනට පැමිණි විට එතුමා සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම නිදියහනට පැමිණි විට “අල්හම්දු ලිල්ලා හිල්ලදී අත්අමනා වසකානා වකෆානා වආවානා, ෆකම් මිම්මන් ලා කාෆිය ලහූ වලා මුඃවියි.” (අපට ආහාර පාන ලබා දී, අප සෑහීමට පත් කොට, අපට නවාතැනක් ලබා දුන් අල්ලාහ්ටම සියලු ප්‍රශංසා. සෑහීමට තරම් ප්‍රමාණයක් නැති, නවාතැන් ගන්නට තැනක් නැති කොපමණ දෙනෙක් සිටත් ද?) යැයි පවසන්නෙකු වූහ. එතුමා තමන්ට ආහාර පාන සැපයූ අල්ලාහ්ට ප්‍රශංසා කරයි. ඊට හේතුව සැබවින්ම අල්ලාහ් එම ආහාර හා පාන ලබන්නට ඔහු ඔබට පහසු නොකළේ නම් ඔබ එය අනුභව නොකරනු ඇත. පානය නොකරනු ඇත. එබැවින් ඔබට ආහාර පාන සැපයූ අල්ලාහ්ට ‘අත්අමනා වසකානා වකෆානා වආවානා, කෆානා යනුවෙන් ප්‍රශංසා කළ යුතු වේ. එනම් ඔහු එම කරුණු අපට පහසු කළේය. වියදම අපට ප්‍රමාණවත් කළේය. වාසස්ථානයක් අපට ලබා දුන්නේය එනම් අප නවාතැන් ගැනීම සඳහා අපට වාසස්ථානයක් ඇති කළේය. තවත් කොපමණ මිනිසුන් ඒ සඳහා ප්‍රමාණවත් දෑ නොමැතිව නවාතැන් නොමැතිව වියදම් කිරීමට නොහැකිව පසු වන්නේ ද! එහෙයින් ඔබේ නිදියහනට ඔබ පැමිණි විට මෙම අනුවාදය පැවසිය යුතු වේ.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කිසිදු සැකයකින් තොරව පිළිගනු ලබන ප්‍රාර්ථනා තුනක් ඇත. අපරාධයට ලක් වූ අයගේ ප්‍රාර්ථනාව. මගියාගේ ප්‍රාර්ථනාව හා පියා තම පුතු වෙනුවෙන් කරන ප්‍රාර්ථනාව.”
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතප්රාර්ථනා කරන්නන් අතරින් කණ්ඩායම් තුනක ප්‍රාර්ථනාවන් තුන කිසිදු සැකයකින් තොරව පිළිගනු ලබනු ඇත. අපරාධයට ලක් වූ අයගේ ප්‍රාර්ථනාව. එසේ අපරාධයට ලක් වූ තැනැත්තා දේවත්ය ප්‍රතික්ෂේප කරන්නකු වුවද එසේ අසාධාරණයට ලක්ව අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කර සිටි විටෙක සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ප්‍රාර්ථනාවට පිළිතුරු සපයනු ඇත. මගියාගේ ප්‍රාර්ථනාව වනාහි, ඔහු ගමන් ගනිමින් සිටියදී අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළ විට එය පිළිගනු ලබනු ඇත. පියාගේ ප්‍රාර්ථනාව වනාහි, එය පියාගේ හෝ මවගේ හෝ ප්‍රාර්ථනාව වේවා එක සමානය. තම දරුවාට පක්ෂව හෝ ඔහුට එරෙහිව හෝ වේවා එක සමානය.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “තිදෙනෙකු වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් සමග කතා නොකරයි. ඔවුන්ව පිරිසිදු නොකරයි. ඔවුන් දෙස අවධානය යොමු නොකරයි. ඔවුනට වේදනීය දඬුවමක් ඇත. එනම් කාම අපචාරයේ යෙදෙන වැඩිහිටියා, මහත්සේ බොරු කියන පාලකයා, අහංකාරකම් පාන දුප්පතා.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතමළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් සමග කතා නොකරන ඔවුන්ව පිරිසිදු නොකරන ඔවුන් දෙස අවධානය යොමු නොකරන කණ්ඩායම් තුනක් මිනිසුන් අතර වෙති. ඔවුනට වේදනීය දඬුවමක් ඇත. එනම්, කාම අපචාරයේ යෙදෙන වයසට ගිය වැඩිහිටියා, බොරු කියන පාලකයා, අහංකාරකම් පා වෙනත් අය අවමානයට ලක් කරන දුප්පතා.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තමන්ට පැවසූ බව පවසමින් අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ اللهُمَّ اهْدِنِي وَسَدِّدْنِي (අහෝ දෙවියනි! මට මග පෙන්වන්න. මට ඍජු මග ආශිර්වාද කරන්න)" යනුවෙන් පවසන්න. මඟ පෙන්වීම ඉල්ලා සිටින විට, ඔබ ගමන් කළ යුතු දිශාව ගැන සිතන්න, ඍජු මඟ ඉල්ලා සිටින විට, හීයේ ඉලක්කය ගැන සිතන්න.
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා හට, අල්ලාහ්ට ප්‍රාර්ථනා කර ඔහුගෙන් ඉල්ලා සිටින මෙන් නියෝග කළහ. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: اللهُمَّ اهْدِنِي (අහෝ දෙවිඳුනි! මට මග පෙන්වනු මැනව) وَسَدِّدْنِي (මට ඍජු මඟ වෙතට ආශිර්වාද කරනු මැනව) එනම් මාගේ සියලුම කටයුතුවල දී මා නිවැරදි ලෙස කටයුතු කිරීමට මට ආශිර්වාද කරනු මැනව. යහමග යනු: සත්‍යය විස්තරාත්මකව හා සමස්තයක් ලෙස වටහා ගෙන එය බාහිරව මෙන්ම අභ්‍යන්තරව ද අනුගමනය කිරීමේ භාග්‍ය ලැබීම වේ. අස්-සදාද් යනු: එය සත්‍යය මත නිසි අයුරින් පදනම්ව සියලු කරුණුවල සාර්ථකත්වය සහ ස්ථාවරත්වය පැතීමය. එය වචනය, ක්‍රියාව සහ විශ්වාසය තුළ පවතින ඍජු මාර්ගයයි. මක්නිසාද යත් සදාචාරමය කාරණය හැඟීම් දැනීම් තුළින් පැහැදිලි වන බැවිනි; ඔබ මෙම ප්‍රාර්ථනාව (එනම් අල්-හුදා: ඔබව ඍජු මාර්ගයට යොමු කිරීම ගැන) පවසන විට, මෙනෙහි කළ යුතු කරුණ වනුයේ: මගියකු තමන් ගමන් කරන මඟ ලබන්නාක් මෙන් ඔබට මඟ පෙන්වන මෙන් හදවතින්ම ඔබ ඉල්ලා සිටීමය. මන්ද මගියෙකු නිවැරදි මාර්ගයෙන් මං මුලා වී නොයෑමට නම් දකුණට හෝ වමට හෝ හැරී මාර්ගයෙන් බැහැර නොයයි. එමගින් ඔහු ආරක්ෂාව සාක්ෂාත් කර ගනු ඇත. ඔහුගේ ඉලක්කය වෙත ඉක්මනින් හඹා යනු ඇත. (ඍජු මග: හීයේ මාර්ගය) ඔබ හීයක් ඉලක්ක කර විඳින විට එය වේගයෙන් යෑමත් ඉලක්කය වෙත සේන්දු වීමත් දැක ගත හැක. දුනු හේවායකයකු ඉලක්කයක් වෙත හී විදින විට හී තුඩ ඉලක්ක කර ගනී. එලෙස ඔබ ඍජු මාර්ගයක් අදිෂ්ඨානකර එය අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින විට, හීයේ ඉලක්කය ලබනවාක් මෙන් ඍජුව පතන්න. එවිට ඔබේ ඉල්ලීම තුළ යහමගේ අරමුණ හා ඉලක්කයේ අවසානය ලබනු ඇත. එබැවින් මෙම අරුත ඔබේ හදවතට ගන්න. එවිට ඔබ අදිෂ්ඨාන කරන දෑ ලබනු පිණිස, ඉලක්ක කර විදින්නට ඔබ භාවිතා කරන හීයක ස්වරූපය මෙනෙහි කරමින් එය ඉල්ලා සිටින්න.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ් අබියස නමින් ඉතා පහත්ම තැනැත්තා ‘රජවරුන්ගේ රජු’ යැයි නම් තබා ගන්නා මිනිසා ය. අල්ලාහ් හැර වෙනත් රජෙකු නොමැත.” තවත් වාර්තාවක: “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ට මහත් සේ කෝපය ඇති කරන වඩාත් කිලිටි හා වඩාත් කෝපජනක කරුණ වනුයේ ‘රජවරුන්ගේ රජු’ යැයි නම් තබා ගන්නා මිනිසා ය. අල්ලාහ් හැර වෙනත් රජෙකු නොමැත.” සුෆ්යාන් තුමා මෙසේ පැවසූහ. “උදාහරණ වශයෙන් ප්‍රධානින්ගෙන් ප්‍රධානියා යනුවෙන් පවසන්නාක් මෙනි” අහ්මද් ඉබ්නු හන්බල් තුමා මෙසේ පැවසීය. මම අබූ අම්ර්ගෙන් ‘ඉතා පහත්’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැ?යි විමසුවෙමි. එවිට එතුමා ‘වඩාත් අවමන් සහගත’ යනුවෙන් පැවසීය.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතසැබැවින්ම අල්ලාහ් ඉදිරියේ ජනයා අතර වඩාත් පහත්ම සහ වඩාත් අවමන් සහගත තැනැත්තා වනුයේ අල්ලාහ්ට හැර වෙනත් කිසිවකුට සුදුසු නොවන; මහන්ත භාවය හා උඩඟුභාවය අර්ථවත් කරන ‘රජවරුන්ගෙත් රජු’ වැනි නම්වලින් නම් තබා ගන්නාය. සැබැවින්ම එහි අල්ලාහ්ට අනුකරණයක් පිහිටනු ඇත. තමන්ව එසේ හඳුන්වා ගන්නා හෝ එසේ හඳුන්වනු ලබන පුද්ගලයා සැබැවින්ම අල්ලාහ්ට ආදේශ කරන්නෙකි. එහෙයින් එවන් නාමයෙන් නම් තබනු ලැබූ තැනැත්තා ජනයා අතරින් අල්ලාහ් වෙත වඩාත් උදහස ගෙන දෙන්නෙකි. වඩාත් කිලිටි තැනැත්තෙකි. සැබැවින්ම ජනයා අතරින් වඩාත් කෝප ජනක යන පදයෙන් එය අර්ථවත් කරයි. සැබැවින්ම විශ්වයට කිසිදු රජකු නොමැත. එහි උත්තරීතර අල්ලාහ් හැර වෙනත් රජවරුන්ගෙන් රජකු එහි නොමැත. මෙම හදීසය අවවාද කර ඇති විෂයයෙහි නොවැටෙන පරිදි මිනිසුන් හට අර්ථය නිවැරදිව වටහා නොගෙන නම් හා පටබැදි නම් භාවිත කරන්නන් හට මෙනෙහි කිරීමක් හා උපදෙසක් මෙහි පවතී. අල්ලාහ්ම අපට උදව් කරත්වා!
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “බොරු චෝදනා නැගීම යනු කුමක් දැ?යි මා නුඹලාට දන්වා සිටිය යුතු නොවේ ද! එනම් ජනයා අතර වාචාල ලෙස කේළාම් කීමය.”
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතජනයා අතර අර්බුද ඇති කරන පරිදි ඔවුන්ගෙන් ඇතැමෙකු ගැන විස්තර තවත් කෙනෙකු වෙත ගෙන යමින් ඔවුන් අතර කේළාම් කියා සැරිසැරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තම සමූහයාට අවවාද කිරීමට අපේක්ෂා කළේය. ඒ අනුව සිත් තුළ මැනවින් පතිත වන පරිදි ඒවා අවදි කරන පරිදි ඇරයුම් කරමින් ප්රශ්නාර්තයක ස්වරූපයෙන් නබි (සල්ලලාහු අලයිහි වසල්ලම්) තුමා මෙම හදීසය ආරම්භ කර ඇත. ඒ අනුව “බොරු චෝදනා නැගීම යනු කුමක්දැ?යි’ යනුවෙන් විමසා සිටියහ. එනම් අසත්‍යය හා බොරු ගෙතීම යනු කුමක් දැයි යන්නය. පසුව හූනියම ගැන විස්තර කරන ලදී. පසුව එම ප්‍රශ්නයට එතුමාම මෙසේ පිළිතුරු දුන්හ. බොරු චෝදනාව යනු ජනයා අතර වාදිත ප්‍රකාශ දන්වා සිටීමය. සැබැවින්ම එය හූනියම් කරු අර්බුධ ඇති කරන්නාක් මෙන් වූ ක්‍රියාවකි. ජනයා අතර දකින්නට ඇත්තාක් මෙන් ඔවුනට ඉන් හිංසාවන් ඇති කරයි. එකට ලෙන්ගතුකමින් වෙළුණු හදවත් තුළ බෙදීම් ඇති කරයි. සමීපතයින් අතර පවතින සම්බන්ධතා විසන්ධි කර දමයි. ක්‍රෝධයෙන් හා වෛරයෙන් හදවත් පුරවා දමයි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “රන් දීනාරයට වහල් වූ තැනැත්තා විනාශ විය. රිදී දිර්හමයට වහල් වූ තැනැත්තා විනාශ විය. ලොම් සහිත තුනී රෙදිවලට වහල් වූ තැනැත්තා විනාශ විය. ඔහුට දෙනු ලැබුවේ නම් තෘප්තියට පත් වෙයි. දෙනු නොලැබුවේ නම් උරණ වෙයි. ඔහු විනාශ විය. පාඩු ලැබීය. එමෙන්ම කටුවක් ඇනුනු විට ඉය ඉවත් කරන්නට කිසිවෙකු ඔහු නොලබනු ඇත. අල්ලාහ්ගේ මාර්ගයේ තම අශ්වයාගේ තෝන් ලනුව අල්ලාගෙන තම හිසකෙස් වියවුල් වී තම පාද දෙක ද දූවිලිවලින් තැවරුණු ගැත්තාට ස්වර්ගයම වේවා! ඔහු මුරකාරත්වයේ සිටියේ නම් ඔහු මුරකාරත්වයේම සිටියි. ඔහු ජලය සම්පාදනය කිරීමෙහි සිටියේ නම් ඔහු ජල සම්පාදනය කිරීමෙහිම සිටියි. ඔහු අවසර පැතුව ද ඔහුට අවසර දෙනු නොලැබේ. එමෙන්ම මැදිහත් වුව ද මැදිහත් වනු නොලැබේ.”
ඒ හා සමානව ඉමාම් බුහාරි තුමාද වාර්තා කර ඇතමෙලොවට වැඩි සැලකිල්ලක් දක්වන ඔහුගේ දැනුමේ ප්‍රමාණයට හා ඔහුගේ පළමු හා අවසාන ඉලක්කය වෙත මහත් සේ අවධානය යොමු කරන ඇතැමුන් මිනිසුන් අතර සිටින බව මෙම හදීසයේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැහැදිලි කළේය. කවරෙකු මෙම තත්ත්වයේ පසු වන්නේ ද ඔහුගේ ගමනාන්තය විනාශය හා අලාභය වනු ඇත. ජනයා අතර සිටින මෙම කණ්ඩායමෙහි සළකුණක් වනුයේ මෙලොවට දැඩි සේ ඇලුම් කිරීමය. එයින් ඔහුට දෙනු ලැබුවේ නම් තෘප්තියට පත් වෙයි. එසේ දෙනු නොලැබුවේ නම් උරණ වෙයි. තම ඉලක්කය අල්ලාහ්ගේ තෘප්තිය හා මතුලොව නිවහන කර ගත් අය ද ඔවුන් අතර වෙති. ඔහු කීර්තිය සොයන්නේ නැත. ප්‍රසිද්ධිය සොයන්නේ නැත. ඔහුගේ ක්‍රියාවෙන් ඔහු අපේක්ෂා කරනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට අවනත වීමය. ජනයා අතර සිටින මෙම පිරිසේ තවත් සළකුණක් වනුයේ ඔහුගේ බාහිර ඔපයට වැදගත් කමක් නොදැක්වීමය. ඔහුව කවර තැනක තබා ඇත්තේ ද ඒ ගැන ඔහු තෘප්තිමත් වෙයි. ඔහු ජනයා අතර පහත් අයකු වෙයි. ප්‍රභූ හා නිල බලතල ඇති උදවියගෙන් දුරස් වෙයි. ඔහු ඔවුන්ගෙන් අවසර පැතුව ද ඔහුට අවසර දෙනු නොලැබේ. ඔවුන් ඉදිරියේ තමන් වෙනුවෙන් මැදිහත් වන මෙන් ඉල්ලුව ද ඔහු වෙනුවෙන් ඔවුහු මැදිහත් නොවේ. ඔහුගේ ගමනාන්තය ස්වර්ගයයි. ප්‍රතිඵල යහපත් විය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “තිදෙනෙකු ස්වර්ගයට නොපිවිසෙති. මත්පැන් සදහටම පානය කරන්නා, ඥාතී සම්බන්ධකම් බිඳ දමන්නා හා හූනියම තහවුරු කරන්නා.”
ඉබ්නු හිබ්බාන් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතජනයා අතර සිටින කණ්ඩායම් තුනක් කිසිවිටෙක ස්වර්ගයට පිවිසෙන්නේ නැති බව මෙම හදීසයෙහි අල්ලාහ්ගේ දූතයාණන් අපට දන්වා ඇත. ඊට හේතුව ඔවුන් තමන්ට මෙන්ම පොදු ජනතාවටත් හානි ගෙන දෙන මහා පාපකම් සිදු කරන බැවිණි. ඒ අතරින් පළමුවැන්න: මත් පානයෙහි අඛණ්ඩව නිරත වීමය. එය බුද්ධිය පහ කරයි. මිනිස් පෞරුෂත්වය බිලි ගනී. මාන්‍යය කෙළසයි. දෙවැන්න: ඥාති සම්බන්ධකම් බිද දැමීමය. එය පවුලේ සාමාජිකයින් අතර සතුරුකම හා බෙදීම් පෙළගස්වයි. තමන්ට වඩාත් ලෙන්ගතු තැනැත්තන්ගෙන් දුරස්ව හුදෙකලා ජීවිතයක් ගත කරන්නට මිනිසාව පත් කරන ක්‍රියාවකි. තැන්වැන්න: හූනියම අනුමත කිරීමය. එය මන්තර ගුරුකම්, වංචාව, බොරුවෙන් මිනිසුන්ගේ මුදල් ගසා කෑම දිරිමත් කරනු ඇත. එමෙන්ම ගුප්ත දැනුම පිළිබඳ මන්ත්රකාරයෝ දන්වා සිටින දෑ විශ්වාස කරන තැනැත්තන් මෙහි තර්ජනයට ඇතුළත් වෙයි. මන්තර ගුරුකම්වලට බලපෑමක් ඇති බව විශ්වාස කරන තැනැත්තා වනාහි, ඔහු මෙම තර්ජනයට ඇතුළත් වන්නේ නැත. එය මන්ත්‍ර ගුරුකම් බලපෑමක් ඇති බවට කිසිදු සැකයක් නොමැති බැවිනි. එසේම, දැව රන් බවට පත් වන්නාක් මෙන් මන්ත්‍ර ගුරුකම් තදින්ම විශ්වාස කරන තැනැත්තා හදවතට බලපෑම් ඇති කරනු ඇතැයි විශ්වාස කරන්නා වනාහි, ඔහු මෙම තර්ජනයට ඇතුළත් වීම ගැන කිසිදු සැකයක් නැත. මක්නිසාද මෙය කළ හැක්කේ සර්වබලධාරී අල්ලාහ්ට පමණක් වන බැවිණි.
අබූ සඊද් හා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හුමා) යන දෙදෙනා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “යම් ගමනක තිදෙනෙකු පිටත්ව ගිය විට, ඔවුන් අතරින් එක් අයකු නායකයකු බවට ඔවුහු පත් කර ගත යුතුය.”
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතමගීන්හට, ඔවුන් අතරින් කෙනෙකු ඔවුන්ගේ මගී නායකයකු බවට පත් කර ගන්නා මෙන් අල්ලාහ්ගේ දූතයාණන් නියෝග කළේය. ඔහු ඔවුන් අතරින් වඩාත් ශ්‍රෙෂ්ඨ මෙන්ම ඔවුන්ගේ කටයුතු සැලසුම් කිරීමේ භාරකාරත්වය දන්නට තරම් මනා දැක්මක් ඇති කෙනෙකු විය යුතුය. ඔවුන් එසේ කෙනෙකු නායකයකු බවට පත් නොකළ විට ඔවුන්ගේ කටයුතු වියවුල් වනු ඇත.