





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට ෂද්දාද් ඉබ්නු අව්ස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. ප්‍රධාන ඉස්තිග්ෆාරය (පාපක්ෂමාව අයැදීම) වනුයේ ගැත්තා මෙසේ පැවසීමය. اللَّهُمَّ أَنْتَ رَبِّي لاَ إِلَهَ إِلَّا أَنْتَ، خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ، أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ، وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي، فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ (අහෝ දෙවිඳුනි! ඔබ මාගේ පරමාධිපතිය. ඔබ හැර වෙනත් දෙවිඳෙකු إِلَّا أَنْتَ නැත. ඔබ මා මැව්වෙහිය. මම ඔබේ ගැත්තාය. මම ඔබේ ගිවිසුම හා ප්‍රතිඥාව මත මට හැකි පමණින් සිටිමි. මා සිදු කළ දෑහි හානියෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි. මා වෙත පවතින ඔබේ ආශිර්වාදය මම පිළිගනිමි. මාගේ පාපයද පිළිගෙන ඔබ වෙත හැරෙමි. එබැවින් මට සමාව දෙනු මැනව. සැබැවින්ම ඔබ හැර පාපයට සමාව දානය කරන වෙනත් කිසිවකු නැත.) කවරෙකු මෙය දැඩි විශ්වාසයකින් යුතු ව දහවල් කාලයේ පවසා එදින සවස් වන්නට පෙර මිය ගියේ ද සැබැවින්ම ඔහු ස්වර්ග වැසියන් අතරින් කෙනෙකි. එමෙන්ම කවරෙකු මෙය දැඩි විශ්වාසයකින් යුතු ව රාත්‍රී කාලයේ පවසා උදෑසන උදා වීමට පෙර මිය ගියේ ද සැබැවින්ම ඔහු ද ස්වර්ග වැසියන් අතරින් කෙනෙකි.
رواه البخاريසැබැවින්ම පාපක්ෂමාව සඳහා වචන මාලාවක් ඇති බවත් ඒවායින් වඩාත උතුම් හා ප්‍රධානතම වචනමාලාව ගැත්තා මෙසේ පැවසීම බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. اللَّهُمَّ أَنْتَ رَبِّي لاَ إِلَهَ إِلَّا أَنْتَ، خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ، أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ، وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي، فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ (අහෝ දෙවිඳුනි! ඔබ මාගේ පරමාධිපතිය. ඔබ හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔබ මා මැව්වෙහිය. මම ඔබේ ගැත්තාය. මම ඔබේ ගිවිසුම හා ප්‍රතිඥාව මත මට හැකි පමණින් සිටිමි. මා සිදු කළ දෑහි හානියෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි. මා වෙත පවතින ඔබේ ආශිර්වාදය මම පිළිගනිමි. මාගේ පාපයද පිළිගෙන ඔබ වෙත හැරෙමි. එබැවින් මට සමාව දෙනු මැනව. සැබැවින්ම ඔබ හැර පාපයට සමාව දානය කරන වෙනත් කිසිවකු නැත.) ගැත්තා පළමුව අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගනියි. සැබැවින්ම ඔහු ඔහුගේ මැවුම්රු බවත් නැමදුමට සුදුස්සා ඔහු බවත් ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැති බවත් පිළිගනියි. එමෙන්ම සුවිශුද්ධ අල්ලාහ් විශ්වාස කිරීමටත් තමන්ට හැකි පමණින් ඔහුට අවනත වීමටත් ඔහු සමග ගිවිස ගත් ගිවිසුම ද පිළිගනියි. හේතුව ගැත්තා නැමදුම් ඉටු කළද අල්ලාහ් නියෝග කළ සියලුම දෑ ක්‍රියා කිරීමට අපොහොසත් වන බැවින් හා ආශිර්වාදයන්ට තුති පුදන්නට අනිවාර්යය වන දෑ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන බැවිනි. සැබැවින්ම ඔහු යොමු වන්නේ අල්ලාහ් වෙතය. ආරක්ෂාව පතන්නේ ඔහුගෙන්ය. සැබැවින්ම ගැත්තා කළ නපුරින් ආරක්ෂාව පතනු ලබන්නා ඔහුය. තවද ඔහු කෙරෙහි වන ඔහුගේ ආශිර්වාදය පිළිගනී. ඔහු ස්වේච්ඡාවෙන් තම පාපය සහ අකීකරුකම පිළිගෙන පාපොච්චාරණය කිරීමෙන් ඔහු වෙත නැවත යොමු වේ. මෙසේ අල්ලාහ්ගෙන් කණ්ණලව් කළ පසු ව, තම පාපය වසන් කරමින් හා ඔහුගේ සමාව, ඔහුගේ භාග්‍යය හා ඔහුගේ කරුණාව තුළින් එහි පවතින බලපෑමෙන් ආරක්ෂාව පතමින් තමන්ට සමාව දෙන මෙන් තම පරමාධිපතිගෙන් ඉල්ලා සිටියි. සර්ව බලධාරී අල්ලාහ් හැර පාපකම්වලට සමාව දෙන්නට වෙනත් කිසිවෙකු නැත. උදෑසන හා රාත්‍රියේ කරන ප්‍රාර්ථනා අතරින් මෙය ද එකක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. කවරෙකු එය දැඩි අධිෂ්ඨානයෙන් යුතුව, එහි අර්ථය වටහා ගෙන, ඒ ගැන විශ්වාස කරමින් එදින ආරම්භයේ හිරු උදා වීම හා එය මුදුණට යෑම අතර කාලයේ -එය දහවල් කාලයයි- මෙය පවසා මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසෙනු ඇත. කවරෙකු මෙය රාත්‍රියේ පවසා -එය හිරු අවරට යෑමේ සිට අළුයම උදාවන දක්වා වූ කාලයයි- උදෑසන වීමට පෙර මිය ගියේ ද ඔහු ද ස්වර්ගයට පිවිසෙනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව මුආවියා ඉබ්නු හයිදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “එතුළින් ජනයා සිනහසීම සඳහා බොරු කතා කරන්නන්හට විනාශයක්ම වේවා! ඔහු ද විනාශයට පත්වේවා පසුව ද ඔහුට විනාශය අත්වේවා!”
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතමෙම හදීසයේ විහිළුවට හා ජනයා සිනහ ගැන්වීම සඳහා බොරු කියමින් එහි ගිලී සිටින්නාට විනාශයේ අවවාදයක් හා බොරු තෙපළීමේ දැඩි අවවාදයක් සඳහන්ව ඇත. එය ඉතා අශීලාචාර මෙන්ම දැඩි ලෙස තහනමට ලක් වූ ක්‍රියාවකි. මෙම නපුරු ගුණාංගයෙන් දේව විශ්වාසවන්තයකු පිරිසිදු වී ඈත්ව සිටිය යුතුය. ෂරීආව අනුමත කළ අවස්ථාවක හැර සෙසු සෑම අවස්ථාවකම බොරු පැවසීමෙන් තම දිව පිරිසිදුව තබා ගත යුතුය. විහිළුවට බොරු පැවසීම තහනම් වනවාක් මෙන්ම එය බොරුවක් යැයි දැනගෙන එයට සවන් දීම ද තහනම්ය. එය ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ගේ වගකීමය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මා සිහිපත් කරන, මා ගැන (සිහිපත් කිරීමේදී) තම දෙතොල් සෙලවුණු මාගේ ගැත්තා සමග මම වෙමි” යැයි උත්තරීතර අල්ලාහ් පවසා සිටියි.
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ස්ථීර ආකෘතියක් මඟින් මුඅල්ලක් ආකාරයෙන් ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතකවරෙකු අල්ලාහ්ව මෙනෙහි කරන්නේ ද අල්ලාහ් ඔහුට ඉතා සමීපයෙන් සිටින බවත් ඔහුගේ සෑම කටයුත්තකදීම ඔහු සමගම සිටින බවත් ඔහුට ආශිර්වාද කර ඔහුට මඟපෙන්වා ඔහුගේ පැතුමට පිළිතුරු දෙන බවත් මෙම හදීසය පෙන්වා දෙයි. මෙම හදීසයේ අර්ථය තවත් හදීසයක මෙසේ වාර්තා වී ඇත. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පවසා ඇති බව ඉමාම් බුහාරි තුමා තම සහීහ් ග්‍රන්ථයේ මෙසේ දන්වා සිටියි: මාගේ ගැත්තා මා සිහිපත් කරන අයුරින් මම ද වෙමි. ඔහු සිහිපත් කරන විට මම ඔහු සමග වෙමි. ඔහු තුළ ඔහු මා සිහිපත් කරන්නේ නම් මා තුළම මම ඔහුව සිහිපත් කරමි. යම් පිරිසක් අතර මා සිහිපත් කරන්නේ නම් මමද ඔවුනට වඩා උතුම් පිරිසක් අතර ඔහුව සිහිපත් කරමි.
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු තමන් වෙත රයිහාන් නම් සුවඳැති පැලෑටියක් පිළිගන්වන්නේ ද එය ඔහු ප්‍රතික්ෂේප නොකළ යුතුය. හේතුව නියත වශයෙන්ම එය පහසුවෙන් උසුලා ගෙන යා හැකි සුඟද වර්ගයකි."
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතතමන් වෙත යම් සුවඳ විළවුන් වර්ගයක් පිරිනමනු ලබන්නෙහි ද එය ඔහු පිළිගත යුතුය. හේතුව නියත වශයෙන්ම එය උසුලාගෙන යන්නට අසීරු එකක් නොවන්නේය. එමෙන්ම එහි ගන්ධය සුගන්ධය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: “අපරාධය ගැන බියවන්න. සැබැවින්ම සැබෑ අපරාධය යනු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අඳුරු වේ. එමෙන්ම මසුරු වීම ගැන බියවන්න. සැබැවින්ම මසුරුකම නුඹලාට පෙර සිටියවුන් විනාශ කර දැමීය. ඔවුන්ගේ ජීවිත නැසීමටත් එමෙන්ම ඔවුනට තහනම් කරනු ලැබූ දෑ අනුමත කර ගැනීමටත් එය තුඩු දිය.”
رواه مسلمඅපරාධය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. මිනිසුනට අපරාධ කිරීම, තමන්ටම අපරාධ කර ගැනීම හා උත්තරීතර අල්ලාහ්ගේ අයිතිය තුළ අපරාධ කිරීම ඉන් කිහිපයකි. එනම් ඔහුගේ අයිතිය තුළ පිරිනැමිය යුතු සෑම අයිතියක්ම පැහැර හැරීමය. සැබැවින්ම සැබෑ අපරාධය යනු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අදාළ පුද්ගලයාට ඇතිවන බියකරු හා දැඩි සිදුවීම් අතරින් අත්වන අපරාධ වේ. තවද මසුරුකමින් ද එතුමාණෝ වැළැක්වූහ. එය තණ්හාවෙන් යුතු දැඩි ලෝභකමය. මූල්‍යමය වගකීම් ඉටු කිරීමෙහි සිදු කරන අඩුපාඩු හා මෙලොවෙ කටයුතු සදහා වන දැඩි ආශාව ඒ අතරින් වෙති. මෙම වර්ගයේ අපරාධ අපට පෙර විසූ සමූහයන් විනාශ කර දැමීය. ඔවුන්ගේ ජීවිත නැසීමටත් එමෙන්ම ඔවුනට තහනම් කරනු ලැබූ දෑ අනුමත කර ගැනීමටත් එය තුඩු දිය.
අබූ උමාමා අල් බාහිලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු හෝ තමන්ට තහවුරු කිරීමට සාක්ෂියක් තිබියදී තර්ක කිරීම අතහැර දමන්නේ ද ඔහුට ස්වර්ගයේ කෙළවරක නිවසක් හිමි කර දීමටත් විහිළුවට වුව ද බොරු පැවසීම අතහරින්නේ ද ඔහු ස්වර්ගය මධ්‍යයේ නිවසක් හිමි කර දීමටත් තමන්ගේ ගතිගුණ යහපත් කරගත් අයකුට ස්වර්ගයේ ඉහළ කොටසින් නිවසක් හිමි කර දීමටත් මම භාරකරුවකු වෙමි.”
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇතකවරෙකු හෝ තමන්ට තහවුරු කිරීමට සාක්ෂි තිබියදී තර්ක කිරීම අතහැර දමන්නේ ද ඔහුට ස්වර්ගය අවට ඉන් පිටත හෝ එහි කෙළවරවල්වල හෝ නිවසක් හිමි කර දීමට මම භාර වෙමි. සැබැවින්ම එය කාලය නාස්ති කරන මෙන්ම ක්‍රෝධය ඇති කිරීමට හේතුවක් වන්නේය. විහිළුවට වුව ද සිදු වූ දෑට පටහැනිව යම් පුවතක් දන්වා සිටීම බොරු කීම අතහැර දමන්නා හට ස්වර්ගය මධ්‍යයේ නිවසක් හිමි කර දීමට මම භාර වෙමි. එමෙන්ම තමන්ගේ ගති ගුණ හැඩ ගස්වා එයට ස්වයං පුහුණුව ලබා දීමෙන් හෝ එය යහපත් කර ගන්නේ ද ඔහුට ස්වර්ගයට ඉහළින් නිවසක් හිමි කර දීමේ භාරකාරත්වය දරමි. යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියේය.
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී: “සැබැවින්ම මිනිසෙක් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ‘ඉස්ලාමයේ කවර කරුණක් උතුම් වන්නේදැ?’යි විමසා සිටියේය. එතුමා: “ඔබ ආහාර සැපයීම, හඳුනන අයට හා නාඳුනන අයට ඔබ සලාම් පැවසීම වේ.” යැයි පවසා සිටියහ.
متفق عليهඉස්ලාමයේ කවර කරුණක් උතුම් වන්නේදැ?යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ කරුණු දෙකක් සිහිපත් කළහ. පළමුවැන්න: දිළිඳුන් හට අධිකව ආහාර සැපයීමය. එහි සදකා නම් දානය, පරිත්‍යාග, ආගන්තුක සත්කාර හා විවාහ සංග්‍රහය යනාදිය ඇතුළත් වේ. සාගින්නෙන් පෙළෙන අවස්ථාවල හා ජීවන වියදම ඉහළ යන අවස්ථාවල එසේ ආහාර සැපයීම වඩාත් උතුම් වේ. දෙවැන්න: ඔබ හඳුනන හා නාඳුනන සෑම මුස්ලිම්වරයකුටම සලාම් පැවසීම.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මිනිසුන් අධික ලෙස ස්වර්ගයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසන ලදී. එතුමා: “අල්ලාහ් පිළිබඳ බිය හැඟීමෙන් යුතුව කටයුතු කිරීම හා අලංකාර ගතිගුණ වේ” යැයි පැවසූහ. තවදුරටත් මිනිසුන් අධික ලෙස නිරයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි එතුමාගෙන් විමසන ලදී. එවිට එතුමා: “කට හා ලිංගේන්ද්‍රිය” යැයි පැවසූහ.
ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇතස්වර්ගයට ඇතුළත් කරවන කරුණු අතරින් වඩාත් අධික ලෙස හේතු වන කරුණු වනුයේ අල්ලාහ් පිළිබඳ වූ බිය හැඟීම හා යහපත් ගතිගුණ වේ. අල්ලාහ් පිළිබඳ බිය හැඟීම සියලුම වර්ගයේ තහනම් කරන ලද දැයින් දුරස් කරවනු ඇත. යහපත් ගතිගුණ සෙසු මැවීම් සමග වූ විටෙක අවම වශයෙන් ඔවුනට හිංසා කිරීම අතහැර දමනු ඇත. එහි උපරිමය ඔහුට නපුරක් කරන තැනැත්තා සමග යහපත් අයුරින් කටයුතු කිරීම. එමෙන්ම නිරයට ඇතුළත් කරවන කරුණු අතරින් වඩාත් අධික ලෙස හේතු වන්නේ කට සහ ලිංගේන්ද්රියයි. සැබැවින්ම මිනිසා බොහෝ විට සුවිශුද්ධ අල්ලාහ්ට විරුද්ධ වීමෙහි හා මිනිසුන්ට විරුද්ධ වීමෙහි වැටෙනුයේ මේ කාරණා දෙක හේතුවෙනි.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම නිදියහන ගත් විට එතුමාගේ දෙඅත් මත පිඹ ආරක්ෂාව පතන සූරාවන් දෙක පාරායනය කොට ඒ දෙකින් එතුමාගේ ශරීරය පිරිමදින්නෙකු වූහ. තවත් වාර්තාවක: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එතුමාණන්ගේ නිදියහනට පැමිණි විට, සෑම රාත්‍රියකම එතුමාගේ අත් දෙක එකතු කොට ඒ දෙක මත පිඹ ඒ දෙකෙහි ‘කුල් හුවල්ලාහු අහද්’, ‘කුල් අඌදු බිරබ්බිල් ෆලක්’ මෙන්ම ‘කුල් අඌදු බිරබ්බින් නාස්’ පාරායනය කොට පසුව ඒ දෙකින් තමන්ට හැකි පමණින් තම ශරීරය පිරිමැද්දාහ. තම හිස, තම මුහුණ හා තම ශරීරයේ ඉදිරි කොටසින් ඒ දෙක ආරම්භ කරයි. එසේ තුන් වරක් සිදු කරයි.
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇතඅපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරිය වූ මෙලොව හා මතුලොව දේවත්වය විශ්වාස කරන්නන්ගේ මාතාව වූ ආඉෂා තුමිය අපට මෙසේ දන්වා සිටියාය. මෙය ශුද්ධ වූ නබිතුමාණන්ගේ පිළිවෙතයි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සෑම රාත්‍රියකම නිදා ගන්නට ගත් විට එතුමාගේ අත් දෙක එකට එකතු කර පසුව ඒ දෙකෙහි කෙල නොතැවෙරෙන පරිදි සියුම් ලෙස පිඹ, ඒ දෙකෙහිම ‘කුල් හුවල්ලාහු අහද්’, ‘කුල් අඌදු බිරබ්බිල් ෆලක්’ මෙන්ම ‘කුල් අඌදු බිරබ්බින් නාස්’ යන සූරාවන් පාරායනය කරන්නෙකු වූහ. එය පළමුව පිඹ පසුව පාරායනය කළ ද එසේ නැතහොත් පළමුව පාරායනය කොට පිම්ඹ ද එහි හානියක් නැත. ඊට හේතුව මෙම හදීසය පිළිවෙලක් හා එකිනෙකට පරව පවතින්නක් වෙත පෙන්වා දී නැති බැවිණි. පසුව තමන්ගේ ශරීරයෙන් තම හිස තම මුහුණ හා තම ශරීරයේ ඉදිරි කොටසින් ආරම්භ කරමින් ඒ දෙකින් පිරිමැද්දාහ. අල් කුර්ආනය පාරායනය කිරීම, පිඹීම හා පිරිමැදීම යන කරුණු තුන්වරක් බැගින් එතුමා එසේ සිදු කරන්නට වූහ.