





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කරමින් සිටි බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අල්ලාහුම්ම අස්ලිහ් ලී දීනී, අල්ලදී හුව ඉස්මතු අම්රී. වඅස්ලිහ් ලී දුන්යාය, අල්ලතී ෆීහා මආෂී. වඅස්ලිහ් ලී ආකිඃරතී, අල්ලතී ඉලයිහා මආදී. වජ්අලිල් හයාත සියාදතන් ලී මින් කුල්ලි කයිරින්. වජ්අලිල් මව්ත රාහතන් ලී මින් කුල්ලි ෂර්රින්.” තේරුම: (අහෝ අල්ලාහ්! මාගේ සියලු කාර්යයන්හි ආරක්ෂාව වූ මාගේ දහම මට විධිමත් කර දෙනු මැනව. මාගේ ජීවිතය රැඳී පවතින ලෞකික විෂයයන් විධිමත් කර දෙනු මැනව. එමෙන්ම මා ආපසු හැරි යෑමට තිබෙන මතු ජිවිතය ද විධිමත් කර දෙනු මැනව. කුසල් ක්‍රියාවන් අධිකව කිරීම සඳහා මගේ ආයුෂ දීර්ඝ කරනු මැනව. සියලු උවදුරුවලින් සහන ලබන අයුරින් මාගේ මරණය පහසු කරනු මැනව.”
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව කවර කරුණක් සම්පූර්ණ කිරීම සඳහා එවනු ලැබුවේ ද එම උදාර මූලිකාංග ගොනු වූ ප්‍රාර්ථනාවෙන් එතුමාණෝ ප්‍රාර්ථනා කර සිටියහ. එය දහමට, මෙලොවට හා මතුලොවට යහපත ගෙන දෙන්නකි. මෙම සංකීර්ණ ප්‍රකාශය තුළ මෙම ස්ථාන තුනෙහිම යහපත එතුමාණෝ ඉල්ලා සිටියහ. දහමේ විධිමත් භාවය ලබා දෙන මෙන් ආරම්භ කොට පසුව දෙව්ලොවෙහි විධිමත්භාවය ඉල්ලා සිටියහ. “අල්ලාහුම්ම අස්ලිහ් ලී දීනී”(යා අල්ලාහ්! මාගේ දහම මට විධිමත් කර දෙනු මැනව) එනම් පූර්ණ ස්වරූපයෙන් යුතු විධිමත් විනයන් තුළින් එය ක්‍රියාත්මක කිරීම සඳහා මට ආශිර්වාද කරන මෙනි. “අල්ලදී හුව ඉස්මතු අම්රී” (මාගේ ජීවිතය රැඳී පවතින ලෞකික විෂයයන් විධිමත් කර දෙනු මැනව.) එනම් මාගේ සියලුම කටයුතු සඳහා ආරක්ෂාව සලසනු මැනව. මාගේ දහම දූෂිත වූයේ නම් මාගේ කටයුතු ද දූෂිත වනු ඇත. මා කලකිරෙනු ඇත. මා විනාශ වනු ඇත." යන්නයි. අපේක්ෂිත දහමේ විධිමත් භාවය මෙලොවෙහි විධිමත් භාවයෙන් තොරව සම්පූර්ණ වන්නේ නැත. “වඅස්ලිහ් ලී දුන්යාය” (මාගේ ලෞකික විෂයයන් විධිමත් කර දෙනු මැනව!) එය මා වෙත ශරීර සුවය, ආරක්ෂාව, ජීවන සම්පත්, දැහැමි බිරියන් හා ගුණවත් පරම්පරාවක් හා ා හට අවශ්‍ය දෑ පිරිනැමීමෙනි. එය මට අනුමත විය යුතුය. ඔබට අවනත වීම සඳහා මට උපාකාරයක් විය යුතුය. පසුව එහි විධිමත් භාවය ඉල්ලා සිටීමේ කරුණු ද මෙනෙහි කළහ. එය මෙසේ පවසමිනි: “අල්ලතී ෆීහා මආෂී" (මාගේ ජීවිතය රැඳී පවතින දෑ) එනම් මාගේ ජීවිතයේ මා වාසය කරන ස්ථානය හා මාගේ ආයු කාලය වේ. “වඅස්ලිහ් ලී ආකිඃරතී, අල්ලතී ඉලයිහා මආදී." (එමෙන්ම මා ආපසු හැරි යෑමට තිබෙන මතු ජිවිතය ද විධිමත් කර දෙනු මැනව.) ඔබව හමු වීම සඳහා මා නැවත හැරී යන ස්ථානය, -එම මාගේ ක්‍රියාවන් විධිමත් කිරීමෙනි.- නැමදුම් කිරීමට හා අවංක චේතනාවෙන් යුතුව කටයුතු කිරීමට අල්ලාහ් ගැත්තා හට ආශිර්වාද කිරීම හා යහපත් අවසානය යනාදියයි. මෙලොවට පසු මතුලොව යන පිළිවෙලින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පෙළ ගැස්සූහ. මන්ද පළමු තැන දෙවන තැන විධිමත් කර ගැනීමට මාධ්‍යයක් වන්නේය. කවරෙකු ඔහුගේ මෙලොව ජීවිතය තුළ අල්ලාහ්ගේ අභිමතයට අනුගත වෙමින් ස්ථාවරව සිටියේ ද ඔහු වෙනුවෙන් වූ ඔහුගේ මතුලොව ජීවිතයත් ස්ථාවර වන්නේය. එහි ඔහු ප්‍රීතියෙන් සිටිනු ඇත. "වජ්අලිල් හයාත" (මගේ ජීවිතය පත් කරනු මැනව) ජීවිත කාලය පුරාවටම, "සියාදතන් ලී මින් කුල්ලි කඃයිරින්" (කුසල් ක්‍රියාවන් අධිකව කිරීම සඳහා) මා එහි අධික ලෙස ධාර්මික ක්‍රියාවන් සිදු කිරීම සඳහා, "වජ්අලිල් මව්ත" (මගේ මරණය නියම කරනු මැනව!) මාගේ මරණය පත් කරනු මැනව, "රාහතන් ලී මින් කුල්ලි ෂර්රින්" අකීකරුකම, නොසැලකිලිමත්කම, පීඩාව හා අර්බුද වලින් මිදීමක් ලෙස හා මෙලොව පවතින දුක්කරදර හා පීඩාවන්ගෙන් මිදී සැනසුම උදා කර ගැනීමක් ලෙස ය.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙම ප්‍රාර්ථනාව අයැදිමින් සිටි බව අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: رَبِّ اغْفِرْ لِي خَطِيئَتِي وَجَهْلِي، وَإِسْرَافِي فِي أَمْرِي كُلِّهِ، وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّي، اللَّهُمَّ اغْفِرْ لِي خَطَايَايَ، وَعَمْدِي وَجَهْلِي وَهَزْلِي، وَكُلُّ ذَلِكَ عِنْدِي، اللَّهُمَّ اغْفِرْ لِي مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ، وَمَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ، أَنْتَ المُقَدِّمُ وَأَنْتَ المُؤَخِّرُ، وَأَنْتَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ තේරුම: (අහෝ දෙවියනි! මාගේ වරදටත් මාගේ අනුවනකමටත් මාගේ කටයුතුවලදී මා විසින් සිදු වන නාස්තියටත් මට වඩා ඔබ මැනවින් දැන සිටින දෑටත් මට සමාව දෙනු මැනව! අහෝ දෙවියනි! මාගේ පාපයන්ටත් මා උවමනාවෙන් කළ දෑටත් මාගේ අනුවනකමටත් මාගේ උපහාසයටත් මට සමාව දෙනු මැනව! ඒ සියල්ල මා වෙතින් වූවකි. අහෝ දෙවියනි! මා පෙර කළ දෑටත් මා පසු කළ දෑටත් මා රහසිගතව කළ දෑටත් මා ප්‍රසිද්ධියේ කළ දෑටත් මට වඩා ඔබ මැනවින් දැන සිටින දෑටත් මම ඔබෙන් සමාව අයැදිමි. ඔබයි ප්රාරම්භක, ඔබයි අවසානය. ඔබ සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.)
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අයැද සිටි ප්‍රාර්ථනා අතරින් සියළු කාර්යයනි එකතු වූ ප්‍රාර්ථනාවලින් එකකි මෙම ප්‍රකාශය: رَبِّ اغْفِرْ لِي خَطِيئَتِي අහෝ දෙවියනි! මාගේ වරදට, එනම් පාපයට සමාව දෙනු මැනව وَجَهْلِي මාගේ අනුවනකමට, එනම් කිසිම දැනුමකින් තොරව මගෙන් සිදුවන දෑට සමාව දෙනු මැනව! وَإِسْرَافِي فِي أَمْرِي كُلِّهِ කටයුතුවලදී මා විසින් සිදු වන නාස්තියට එනම් මා විසින් සිදුවන අඩුපාඩුවට හා සීමාව ඉක්මවා යෑම්වලට මට සමාව දෙනු මැනව! وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّي මට වඩා ඔබ මැනවින් දැන සිටින දෑට එනම්, අහෝ දෙවිඳුනි! මට අමතක වී ඇති ඔබ දැන සිටින දෑට සමාව දෙනු මැනව! اللَّهُمَّ اغْفِرْ لِي خَطَايَايَ، وَعَمْدِي මාගේ පාපයන්ට මා උවමනාවෙන් කළ දෑට, එනම් මා විසින් උවමනාවෙන්ම සිදු කළ, මා දැන දැනම කළ පාපයන්ට සමාව දෙනු මැනව! وَجَهْلِي وَهَزْلِي මාගේ අනුවනකමට හා මාගේ උපහාසයට එනම්, මෙම තත්ත්වයන් දෙකෙහි මා විසින් සිදුවුණු දෑට මට සමාව දෙනු මැනව! وَكُلُّ ذَلِكَ عِنْدِي ඒ සියල්ල මා වෙතින් වූවකි. එනම්, මෙනෙහි කරන ලද පාපයන් හා අඩුපාඩු මා රැස්කළ දෑය. اللَّهُمَّ اغْفِرْ لِي مَا قَدَّمْتُ අහෝ දෙවියනි! මා පෙර කළ දෑට එනම්, මා සිදු කළ දෑට හා وَمَا أَخَّرْتُ මා පසු කළ දෑට, එනම් සිදුවන්නට යන දෑට සමාව දෙනු මැනව. وَمَا أَسْرَرْتُ මා රහසිගතව රහසේ කළ දෑට وَمَا أَعْلَنْتُ මා ප්‍රසිද්ධියේ හෙළිපිට කළ දෑට මට සමාව දෙනු මැනව. أَنْتَ المُقَدِّمُ ඔබයි ප්රාරම්භක, එනම් ඔබේ මැවීම් අතරින් ඔබ කැමති අය ඔබ පිළිගත් බැවින් ඔබේ ආශිර්වාදය තුළින් ඔබේ කරුණාව වෙත කල් ඇතිව ඇතුළත් කරන්නෙහිය. وَأَنْتَ المُؤَخِّرُ ඔබ කැමති අය ඔබ අවමානයට පත් කරමින් ඔබ ප්‍රමාද කරන්නෙහිය. ඔබ ප්‍රමාද කළ දෑ ඉක්මන් කරන්නෙකු නැත. ඔබ ඉක්මන් කළ දෑ ප්‍රමාද කරන්නෙකු නැත. وَأَنْتَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ඔබ සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය. එනම්, සම්පූර්ණ බලය ඇති, සම්පූර්ණ අභිමතය ඇති, ඔබ අභිමත කරන සියලු දෑ මැනවින් සිදු කරන්නාය.
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සවස් කාලයට එළැඹෙන විට හා උදෑසනට එළැඹෙන විට මෙම ප්‍රාර්ථනාවන් පවසා සිටීම කිසිවිටෙක අත් හැරියේ නැත. එනම්: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي دِينِي وَدُنْيَايَ وَأَهْلِي وَمَالِي، اللَّهُمَّ اسْتُرْ عَوْرَتِي -أَو: عَوْرَاتِي- وَآمِنْ رَوْعَاتِي، اللَّهُمَّ احْفَظْنِي مِنْ بَيْنِ يَدَيَّ، وَمِنْ خَلْفِي، وَعَنْ يَمِينِي، وَعَنْ شِمَالِي، وَمِنْ فَوْقِي، وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِي තේරුම: (අහෝ දෙවිඳුනි! මෙලොව හා මතුලොව ජීවිතයේ සුවය සැබැවින්ම මම ඔබෙන් පතමි. මාගේ දහම, මාගේ මෙලොව ජීවිතය, මගේ පවුල හා මගේ සම්පත් යනාදියෙහි සුවය හා සමාව මම ඔබෙන් පතමි. අහෝ දෙවිඳුනි! මගේ අඩුපාඩු වසං කරනු මැනව. මගේ බිය තුරන් කරනු මැනව. මගේ ඉදිරිපස, පසුපස, දකුණුපස, වම්පස, ඉහළ හා පහල යන දිශාවන්ගෙන් මාහට ආරක්ෂා සලසනු මැනව. මට පහළින් විය හැකි අනතුරුවලින් ආරක්ෂාව ද ඔබේ ශ්‍රේෂ්ඨත්වයේ නාමයෙන් පතමි.)
رواه أبو داود والنسائي وابن ماجه وأحمدඅල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සවස් කාලයට එළැඹෙන විට හා උදෑසනට එළැඹෙන විට මෙම ප්‍රාර්ථනාවන් උසුරීම කිසිවිටෙක අත් හැර දැමුවේ නැත. එනම්: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ (අහෝ දෙවිඳුනි, සැබැවින්ම මම ඔබෙන් සුවය පතමි) එනම් මෙලොව ජීවිතයේ හට ගැනෙන ලෙඩ රෝග, පරීක්ෂණ දුෂ්කරතා වැනි දැයින් සුවය හා ආධ්‍යාත්මික වශයෙන් හට ගැනෙන වැරදි ආශාවන් හා අර්බුදවලින් මා ආරක්ෂා කරනු මැනව. فِي الدُّنْيَا وَالْآخِرَةِ (මෙලොව හා මතුලොව ජීවිතයේ) එනම් මෙලොව ජීවිතයේ පෙරටත් මතුලොව ජීවිතයේ පසුවටත්. اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ (අහෝ දෙවිඳුනි! මම ඔබෙන් සමාව පතමි) මගේ පාපයන් කමා කරන මෙන් ද ඒවා නොසලකා හරින මෙන් ද පතමි. وَالْعَافِيَةَ (සුවය) සියලුම අඩුපාඩුවලින් සුවය ආරක්ෂාව ඔබෙන් පතමි. فِي دِينِي (මාගේ දහම) එහි ඇති විය හැකි ෂිර්ක් හෙවත් ඔබට ආදේශ තැබීමෙන් ද බිද්අත් හෙවත් අලුත් දෙයක් දහම තුළ බිහි කිරීමෙන් ද මආසී හෙවත් පාපයන්ගෙන් ද ආරක්ෂාව පතමි. وَدُنْيَايَ (මාගේ මෙලොව ජීවිතය) ඇතිවන දුක් කරදර, වේදනාවන් හා නපුරෙන් ද මම ආරක්ෂාව පතමි. وَأَهْلِي (මගේ පවුල) මාගේ බිරියන්, මාගේ දරුවන් හා මාගේ ඥාතීන් විසින් සිදුවන හානියෙන් ද මම ආරක්ෂාව පතමි. وَمَالِي (මගේ සම්පත්) මාගේ ධනය හා මාගේ ක්‍රියාවන්හි ඇතිවන හානියෙන් ද මම ආරක්ෂාව පතමි. اللَّهُمَّ اسْتُرْ عَوْرَتِي (අහෝ දෙවිඳුනි, මගේ අඩුපාඩු වසං කරනු මැනව) එනම් ඇති අඩුපාඩු, හිඩැස් හා අතපසුවීම් වසං කරනු මැනව وَآمِنْ رَوْعَاتِي (මගේ බිය තුරන් කරනු මැනව) මාගේ පව් මකා දමනු වැනව. මා තුළ ඇති වන බිය හා ත්‍රස්ථ බියෙන් මා ආරක්ෂා කරනු මැනව. اللَّهُمَّ احْفَظْنِي (මා හට ආරක්ෂාව සළසනු මැනව) ව්‍යසනයන් හා වේදනා සහගත පරීක්ෂණයන්ගෙන් මා ආරක්ෂා කරනු මැනව. مِنْ بَيْنِ يَدَيَّ، وَمِنْ خَلْفِي، وَعَنْ يَمِينِي، وَعَنْ شِمَالِي، وَمِنْ فَوْقِي، وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِي) (මගේ ඉදිරිපස, පසුපස, දකුණුපස, වම්පස, ඉහළ හා පහළ යන දිශාවන්ගෙන් මාහට ආරක්ෂා සලසනු මැනව.) එනම් සියලුම දිශාවන් හරහා ඇතිවන හානියෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පැතීමෙනි. සැබැවින්ම පරීක්ෂණ හා ව්‍යසන මිනිසාට ළඟා වෙයි. එය ඔහු වෙත ළඟා වනුයේ මේ දිශාවන් අතරිිනි. وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ (ඔබේ ශ්‍රේෂ්ඨත්වයේ නාමයෙන් හදිසි අනතුරුවලින් ආරක්ෂාව ද පතමි.) එනම් අනපේක්ෂිතව සිදුවන අනතුරු හා නොසැළකිලිමත්ව සිදුවන විනාශයෙන් ආරක්ෂාව ඔබෙන් පතමි. مِنْ تَحْتِي (මට පහළින්) එනම්, පහළින් හට ගන්නා භූමි කම්පාවන්, ගිලා බැසීම් වැනි දැයින් ඇතිවන හානියෙනි.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසලල්ම්) තමන්ට මෙම ප්‍රාර්ථනාව ඉගැන් වූ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ الْخَيْرِ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ، وَأَعُوذُ بِكَ مِنْ الشَّرِّ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ خَيْرِ مَا سَأَلَكَ عَبْدُكَ وَنَبِيُّكَ، وَأَعُوذُ بِكَ مِنْ شَرِّ مَا عَاذَ بِهِ عَبْدُكَ وَنَبِيُّكَ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْجَنَّةَ، وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَعُوذُ بِكَ مِنْ النَّارِ، وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَسْأَلُكَ أَنْ تَجْعَلَ كُلَّ قَضَاءٍ قَضَيْتَهُ لِي خَيْرًا තේරුම: අහෝ දෙවිඳුනි! වර්තමානයේ හා ආනගතයේ සිදුවන මා නොදැන සිටි නමුත් ඔබ ඒ ගැන දැන සිටි සියලුම යහපත මම ඔබෙන් පතිමි. අහෝ දෙවිඳුනි! වර්තමානයේ හා ආනගතයේ සිදුවන මා නොදැන සිටි නමුත් ඔබ ඒ ගැන දැන සිටි සියලුම නපුරෙන් ආරක්ෂාව මම ඔබෙන් පතිමි. අහෝ දෙවිඳුනි! ඔබේ ගැත්තා මෙන්ම ඔබේ නබිවරයා ඔබෙන් පැතූ යහපත මම ද ඔබෙන් පතමි. අහෝ දෙවිඳුනි! ඔබේ ගැත්තා මෙන්ම ඔබේ නබිවරයා කවර කරුණකින් ආරක්ෂාව පැතුවේ ද එවන් නපුරෙන් ආරක්ෂාව මම ද ඔබෙන් පතමි. අහෝ දෙවිඳුනි! ස්වර්ගය ද ඒ වෙත සමීප කරවන වචනය හා ක්‍රියාව ද මම ඔබෙන් පතමි. එමෙන්ම නිරයෙන් ද ඒ වෙත සමීප කරන වචනයෙන් හා ක්‍රියාවෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි. ඔබ මට තීන්දු කළ සෑම කටයුත්තක්ම යහපතක් බවටම පත් කරන මෙන් ද ඉල්ලමි.
رواه ابن ماجه وأحمدනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියට ප්‍රාර්ථනා එකතුවක් උගන්වන ලදී. එය ප්‍රාර්ථනා හතරකින් සමන්විතය. පළමුවැන්න: සියලුම යහපත සඳහා කෙරෙන පොදු ප්‍රාර්ථනාව اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ الْخَيْرِ كُلِّهِ (අහෝ දෙවිඳුනි! සියලුම යහපත මම ඔබෙන් පතිමි.) පවතින සියලුම දෑහි යහපත عَاجِلِهِ (වර්තමානයේ සිදුවන) ඉතා සමීප කාලය තුළ පිහිටන وَآجِلِهِ (අනාගතයේ සිදුවන) දුරින් පිහිටන وَمَا لَمْ أَعْلَمْ (මා නොදැන සිටි නමුත් ඔබ ඒ ගැන දැන සිටින) එනම් සුවිශුද්ධ ඔබගේ දැනුමෙහි පවතින දෑ. මෙහිදී කටයුතු සර්වඥානී සර්ව ප්‍රඥාවන්ත කාරුණික අල්ලාහ් වෙත පැවරීමක් සිදු කර ඇත. මුස්ලිම්වරයකුට වඩාත් උතුම් හා වඩාත් යහපත් දෑ සුවිශුද්ධයාණන් තෝරා දෙනු ඇත. وَأَعُوذُ (මම ආරක්ෂාව පතමි) بِكَ مِنْ الشَّرِّ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وما لم أعلم (වර්තමානයේ හා ආනගතයේ සිදුවන මා නොදැන සිටි නමුත් ඔබ ඒ ගැන දැන සිටි සියලුම නපුරෙන් ආරක්ෂාව මම ඔබෙන් පතිමි.) දෙවන ප්‍රාර්ථනාව: සීමාව ඉක්මවා යෑමෙන් මුස්ලිම්වරයා ආරක්ෂාව පැතීම ද මෙම ප්‍රාර්ථනාව තුළ ඇතුළත් වේ. اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ (අහෝ දෙවිඳුනි! මම ඔබෙන් පතමි.) මම ඔබෙන් ඉල්ලා සිටිමි. مِنْ خَيْرِ مَا سَأَلَكَ عَبْدُكَ وَنَبِيُّكَ (ඔබේ ගැත්තා මෙන්ම ඔබේ නබිවරයා ඔබෙන් පැතූ යහපත) එතුමාණන් කෙරෙහි ශාන්තිය හා සමාදානය අත්වේවා! وَأَعُوذُ (මම ඔබෙන් ආරක්ෂාව පතමි) ඔබ ඔබෙන් සරණ පතමි; රැකවරණය පතමි. بِكَ مِنْ شَرِّ مَا عَاذَ بِهِ عَبْدُكَ وَنَبِيُّكَ (ඔබේ නබිවරයා කවර කරුණක් සම්බන්ධව ආරක්ෂාව පැතුවේ ද එවන් නපුරෙන් ආරක්ෂාව මම ද ඔබෙන් පතමි.) මෙම ප්‍රාර්ථනාව නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තමන් වෙනුවෙන් කවර ප්‍රාර්ථනාවක් හා ඉල්ලීමක් සිදු කළේ ද එවැන්නක් තමන්ට ද පිරිනමන මෙන් ඉල්ලා සිටීමකි. මෙය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රාර්ථනා වර්ග කිසිවක් වර්ගීකරණයකින් තොරව කෙරෙන ප්රාර්ථනාවකි. තුන්වන ප්‍රාර්ථනාව: ස්වර්ගයට පිවිසීම හා අපා ගින්නෙන් දුරස්වීම සඳහා ඉල්ලා සිටීම. එය සෑම මුස්ලිම්වරයකුම ඉල්ලා සිටිය යුත්තකි. ඔහුගේ ක්රියාවේ අවසන් ඉලක්කය එයයි. اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْجَنَّةَ (අහෝ දෙවිඳුනි! මම ඔබෙන් ස්වර්ගය පතමි) එහි සාර්තකත්වය පතමි. وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ (ඒ වෙත සමීප කරවන වචනය හා ක්‍රියාව ද පතමි) එනම් ඔබ තෘප්තියට පත්වන දැහැමි ක්‍රියාව ද පතමි. وَأَعُوذُ بِكَ مِنْ النَّارِ (එමෙන්ම නිරයෙන් මම ආරක්ෂාව ද පතමි.) ඔබේ කරුණාව තුළින් මිස අප්‍රසන්න ක්‍රියාවන් ගෙන් කිසිදු රැකවරණයක් නැත. وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ (ඒ වෙත සමීප කරවන වචනයෙන් හා ක්‍රියාවෙන් ද) ඔබ කෝපයට පත්වන පාපකම්වලින් ආරක්ෂාව ද පතමි. සිව්වන ප්‍රාර්ථනාව: අල්ලාහ්ගේ නියමය පිළිබඳ සෑහීමට පත්වීම සම්බන්ධයෙන් වූ ප්‍රාර්ථනාවය. وَأَسْأَلُكَ أَنْ تَجْعَلَ كُلَّ قَضَاءٍ قَضَيْتَهُ لِي خَيْرًا (ඔබ මට තීන්දු කළ සෑම කටයුත්තක්ම යහපතක් බවටම පත් කරන මෙන් ද ඉල්ලා සිටිමි.) අල්ලාහ් නියම කළ සෑම කටයුත්තක්ම මට යහපතක් කර දෙන මෙන් පතමි. එය අල්ලාහ්ගේ නියමය ගැන සෑහීමට පත්වීම සඳහා වන ප්‍රාර්ථනාවයි.
අබ්දුල්ලා ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) මෙසේ ප්‍රාර්ථනා කරන්නෙක් වූහ: اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ زَوَالِ نِعْمَتِكَ، وَتَحَوُّلِ عَافِيَتِكَ، وَفُجَاءَةِ نِقْمَتِكَ، وَجَمِيعِ سَخَطِكَ (අහෝ දෙවිඳුනි! ඔබේ ආශිර්වාදයන් ඉවත්ව යාමෙන් ද ඔබේ සුවය වෙනතකට පෙරළීමෙන් ද ඔබේ දඬුවම අනපේක්ෂිතව පැමිණීමෙන් ද ඔබේ සියලු කෝපයන්ගෙන් ද ආරක්ෂාව මම ඔබෙන්ම පතමි.)
رواه مسلمකරුණු හතරක් සම්බන්ධව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ආරක්ෂාව පැතූහ: පළමුව: اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ زَوَالِ نِعْمَتِكَ (අහෝ දෙවිඳුනි! ඔබේ ආශිර්වාදයන් ඉවත්ව යාමෙන් ආරක්ෂාව මම ඔබෙන් පතමි) එනම් මෙලොව හා මතුලොව ආශිර්වාදයන් අහිමි වීමෙන් ආරක්ෂාවය. එමෙන්ම ඉස්ලාමය මත ස්ථාවරත්වය ද, ආශිර්වාද අහිමි කරන පාපකම්වල වැටීමෙන් දුරස් කරන මෙන් ද ඉල්ලා සිටිමි. وَتَحَوُّلِ عَافِيَتِكَ (ඔබ වෙතින් වූ සුවය වෙනතකට පෙරළීමෙන් ද) එය පරීක්ෂණයක් දක්වා පරිවර්තනය වීමෙන් ද ආරක්ෂාව පතමි. සදා සුවය මෙන්ම සියලුම දුක් වේදනාවන් හා ලෙඩ රෝගවලින් සුවය මම ඔබෙන් පතමි. තුන්වැන්න: وَفُجَاءَةِ نِقْمَتِكَ (ඔබේ දඬුවම අනපේක්ෂිතව පැමිණීමෙන් ද ආරක්ෂාව පතමි) එනම් පරීක්ෂණ හා ව්‍යසන ඇතිවීමෙන් ආරක්ෂාව පතමි. දඬුවම් හා දුක් කරදර අනපෙක්ෂිත ලෙස එකවර ඇති වූ විටෙක පාපක්ෂමාවෙහි නිරත වීමට හෝ එය සහනයක් ලබා ගැනීමට හෝ කාලයක් නැත. එමගින් ඇතිවන අර්බුධය බිහිසුණුය. අති මහත්ය. සිව්වැන්න: وَجَمِيعِ سَخَطِكَ (ඔබේ සියලු කෝපයන්ගෙන් ද) ඔබේ කෝපයට තුඩු දෙන හේතු සාධකවලින් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි. ඔබ කවරෙකු කෙරෙහි කෝප වූයේ ද සැබැවින්ම ඔහු පරාජය අත් කර ගත් අතර පාඩු ලැබුවේය. සුවිශුද්ධ අල්ලාහ්ගේ කෝපයට හේතුවන සියලුම ප්‍රකාශ, ක්‍රියාවන් හා විශ්වාසයන් ඇතුළත් වන පරිදි මෙම වචන එකතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ගෙන ආහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පහත සඳහන් මෙම වචනවල් පවසා ප්‍රාර්ථනා කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් බින් අල් ආස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ غَلَبَةِ الدَّيْنِ، وَغَلَبَةِ الْعَدُوِّ، وَشَمَاتَةِ الْأَعْدَاءِ අහෝ දෙවිඳුනි! ණය බරින් ද, සතුරා ඉක්මවා යාමෙන් ද, සතුරන් සතුටු වීමෙන් ද සැබැවින්ම මම ඔබෙන් ආරක්ෂාව පතමි.
رواه النسائي وأحمدනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් ආරක්ෂාව පැතූහ. පළමුවැන්න: اللَّهُمَّ إِنِّي أَعُوذُ (අහෝ දෙවිඳුනි! මම ආරක්ෂාව පතමි.) මම සරණ පතමි. රැකවරණය පතමි. بِكَ (ඔබගෙන්) වෙනත් කිසිවකුගෙන් නොව, مِنْ غَلَبَةِ الدَّيْنِ (ණය බරින්) එහි බලපෑමෙන් ඉන් ඇතිවන දුකෙන් හා හානියෙන් ආරක්ෂාව පතමි. එය ගෙවා පියවීමට උපකාර කරන මෙන් මම ඔබෙන් පතමි. දෙවනුව: وَغَلَبَةِ الْعَدُوِّ (සතුරා ඉක්මවා යාමෙන් ද) ඔහුගේ බලපෑමෙන් හා ආධිපත්‍යයෙන් මම ආරක්ෂාව පතමි. ඔහුගේ හානිය වළක්වාලන මෙන් ද ඔහුට එරෙහිව උපකාර කරන මෙන් ද මම පතමි. තුන්වැන්න: ، وَشَمَاتَةِ الْأَعْدَاءِ (සතුරන් සතුටු වීමෙන් ද) මුස්ලිම්වරුන්ට ඇතිවන පරීක්ෂණ හා ව්‍යසනයන් දැක ඔවුන් සතුටු වීමෙන් ද මම ආරක්ෂාව පතමි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: එතුමාණෝ උදෑසන එළැඹුණු විට, اللهُمَّ بِكَ أَصْبَحْنَا، وَبِكَ أَمْسَيْنَا، وَبِكَ نَحْيَا، وَبِكَ نَمُوتُ، وَإِلَيْكَ النُّشُورُ යනුවෙන් පවසන්නෙකු වූහ. තේරුම: අහෝ දෙවිඳුනි! ඔබ නිසාවෙන් අපි උදෑසනට එළැඹුණෙමු. ඔබ නිසාවෙන් අපි සවස් කාලයට එළැඹුණෙමු. ඔබ නිසාවෙන් අපි ජීවත් වෙමු. ඔබ නිසාවෙන් අපි මරණයට පත් වෙමු. නැවත යොමු වීම ඇත්තේ ඔබ වෙතය. සවස් කාලයට එළැඹුණු විට මෙසේ පැවසූහ. اللهم بِكَ أَمْسَيْنَا، وَبِكَ أَصْبَحْنَا، وَبِكَ نَحْيَا، وَبِكَ نَمُوتُ، وَإِلَيْكَ النُّشُورُ තේරුම: අහෝ දෙවිඳුනි! ඔබ නිසාවෙන් අපි සවස් කාලයට එළැඹුණෙමු. ඔබ නිසාවෙන් අපි ජීවත් වන්නෙමු. ඔබ නිසාවෙන් අපි මරණයට පත් වෙමු. නැවත යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය.
رواه أبو داود والترمذي والنسائي في الكبرى وابن ماجهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උදෑසන කාලය එළැඹුණු විට, එනම් අලුයම උදාවත් සමග දහවල් කාලයේ ආරම්භ වේලාව ළඟා වූ විට මෙම ප්‍රාර්ථනාව ප්‍රකාශ කර සිටියහ. اللهُمَّ بِكَ أَصْبَحْنَا (අහෝ දෙවිඳුනි! ඔබ නිසාවෙන් අපි උදෑසනට එළැඹුණෙමු.) ඔබේ ආරක්ෂාවෙහි ගැලී, ඔබේ කරුණාවෙහි ගිලී, ඔබව මෙනෙහි කිරීමෙහි නියැලී, ඔබේ නාමයෙන් උපකාර පතා, ඔබේ ආශිර්වාදයෙන් ආවරණය වී, ඔබේ බලය සහ ශක්තියෙන් ක්‍රියාත්මක වී උදෑසන එළැඹුනෙමු. وَبِكَ أَمْسَيْنَا، وَبِكَ نَحْيَا، وَبِكَ نَمُوتُ (ඔබ නිසාවෙන් අපි සවස් කාලයට එළැඹුණෙමු. ඔබ නිසාවෙන් අපි ජීවත් වෙමු. ඔබ නිසාවෙන් අපි මරණයට පත් වෙමු.) මෙය පෙර සඳහන් වදන් මාලාවට සමානය. ඒ සමග සවස් කාලය යන ප්‍රකාශය යොදා ගත යුතුය. එනම්, ඔබ නිසාවෙන් අපි සවස් කාලයට එළැඹුණෙමු. ජීවය ලබා දෙන ඔබේ නාමයෙන් ජීවත් වන්නෙමු. මරණයට පත් කරන ඔබේ නාමයෙන් අපි මරණයට පත් වෙමු. وَإِلَيْكَ النُّشُورُ (නැවත යොමු වීම ඇත්තේ ඔබ වෙතය.) මරණයට පත් වූ පසු යළි අවදිවීම, එක්රැස් කළ පසු වෙන් කිරීම ඇත්තේ ඔබ වෙතය. අපගේ තත්ත්වය සෑම වේලාවකදීම සහ අනෙකුත් සෑම අවස්ථාවකදීම එලෙසම පවතින අතර, මම කිසි විටෙකත් එයින් කැඩී නොයන්නෙමි, එය අත් නොහරින්නෙමි. අසර් වේලාවෙන් පසුව සවස් කාලයට එළැඹුණු විට මෙසේ පැවසූහ. اللَّهُمَّ بِكَ أَمْسَيْنَا، وبكَ أصبحنا، وَبِكَ نَحْيَا، وَبِكَ نَمُوتُ، وَإِلَيْكَ المَصِيْر (අහෝ දෙවිඳුනි! ඔබ නිසාවෙන් අපි සවස් කාලයට එළැඹුණෙමු. ඔබ නිසාවෙන් අපි ජීවත් වන්නෙමු. ඔබ නිසාවෙන් අපි මරණයට පත් වෙමු. නැවත යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය.) මෙලොවට නැවත පැමිණීම හා මතුලොවට නැවත හැරී යාම ඇත්තේ ඔබ වෙතය. එනම් මා නැවත අවදි කරන්නේ ඔබ ය. මා මරණයට පත් කරන්නේ ද ඔබය.
අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මාර්ගවල වාඩිවී සිටීම ගැන මම නුඹලාට අවවාද කරමි.” ඔවුහු: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපගේ සභාවන්හි වාඩි වී එහි කතා කිරීම අපට අවශ්‍ය කරුණක් වී ඇත. එවිට එතුමා: “නුඹලා එසේ ප්‍රතික්ෂේප කරන්නෙහු නම් මාර්ගයට එහි අයිතිය පිරිනමනු.” යැයි පැවසූහ. ඔවුහු: එහි අයිතිය කුමක්දැයි විමසුවෝය. එතුමා: බැල්ම පහත හෙළීම, හානිය වළක්වා ගැනීම, සලාමයට පිළිතුරු දීම, යහපත විධානය කිරීම හා අයහපතින් වැළැක්වීම වේ” යැයි පිළිතුරු දුන්හ.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතමාර්ගවල වාඩි වී සිටීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සහාබාවරුන්ට අවවාද කළෝය. එවිට ඔවුහු ‘එය අපට අවශ්‍ය වී ඇත’ යැයි පැවසුවෝය. එවිට එතුමා: නුඹලා එසේ වැළකී වාඩි වී සිටීමට නුඹලාට අවශ්‍යය වූ විටක මාර්ගයේ අයිතිය පිරිනැමීම නුඹලාට අනිවාර්යය වන්නේය යැයි පැවසූහ. එවිට ඔවුහු මාර්ගයේ අයිතිය කුමක්දැ?යි ඔවුහු එතුමාගෙන් විමසුවෝය. එවිට එතුමා ඔවුනට මෙසේ දැන්වීය. ඔවුන්ගේ ඉදිරියෙන් ගමන් කරන කාන්තාවන් දෙස බැල්ම හෙලීම මැඩගැනීම, මගීන්හට වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ හිංසා කිරීම වැළකීම, තමන් වෙත සලාම් පවසන්නන්හට ප්‍රතිචාර දැක්වීම, යහපත නියෝග කිරීම, ඔවුන් ඉදිරියේ යම් පිළිකුල් සහගත කරුණක් දුටු විට එය වැළැක්වීම ඔවුනට අනිවාර්යය වේ.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ප්‍රාර්ථනා අතරින් එතුමා අධිකව කළ ප්‍රාර්ථනාව වූයේ, رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً، وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ (අහෝ පරමාධිපතියාණනි! මෙලොව යහපත ද මතුලොවෙහි යහපත ද අපට පිරිනමනු මැනව. නිරයේ ගින්නේ දඬුවමින් අප ආරක්ෂා කරනු මැනව) යන්නයි.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රාර්ථනා ගොනුවකින් අධික ලෙස ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. ඒවා අතරින්: "අල්ලාහුම්ම රබ්බනා ආතිනා ෆිද් දුන්යා හසනතන් වෆිල් ආහිඃරති හසනතන් වකිනා අදාබන්නාර්" (අහෝ පරමාධිපතියාණනි! මෙලොව යහපත ද මතුලොවෙහි යහපත ද අපට පිරිනමනු මැනව. නිරයේ ගින්නේ දඬුවමින් අප ආරක්ෂා කරනු මැනව) මෙලොව යහපත යන්නෙහි, අනුමත සමෘද්ධිමත් රසවත් පෝෂණය, දැහැමි බිරිය, නෙතට සිසිල ගෙන දෙන දරුවන්, සැනසුම, ප්‍රයෝජනවත් දැනුම, ධාර්මික ක්‍රියාව හා එවැනි ප්‍රිය මනාප හා අනුමත වෙනත් පැතුම් ද ඇතුළත් වේ. එමෙන්ම මතුලොව යහපත යන්නෙහි, මිනීවලෙහි නවාතැනෙහි හා අපා ගින්නේ දඬුවමින් ආරක්ෂාව, අල්ලාහ්ගේ තෘප්තිය ලැබීම, සදා සුවපහසුකම් තුළින් සාර්ථකත්වය සහ මහාකාරුණි පරමාධිපතියාණන්ගේ සමීපත්වය යනාදී කරුණු එහි ඇතුළත් වේ.