





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ දර් ජුන්දුබ් ඉබ්නු ජුනාදා සහ අබූ අබ්දිර් රහ්මාන්, මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හුමා) යන අය විසින් වාර්තා කරන ලදී. "ඔබ කොතැනක සිටියද අල්ලාහ්ට බිය හැඟීමෙන් කටයුතු කරන්න. නපුර සමග ඊට පරව යහපත ඉටු කරන්න. එවිට එය නපුර මකා දමනු ඇත. මිනිසුන් සමග හැදියාවෙන් යුතුව හැසිරෙන්න.”
رواه الترمذيනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරුණු තුනක් පිළිබඳව නියෝග කර සිටියේය. පළමුවැන්න: අල්ලාහ් පිළිබඳ භක්තිමත්භාවය, එය වගකීම් ඉටු කිරීම තුළින් හා තහනම් කරන ලද දෑ අත්හැර දැමීම තුළින් සිදු වේ. සෑම ස්ථානයකම සෑම කාලයකම සෑම තත්ත්වයකම රහසිගතව හෝ ප්‍රසිද්ධියේ වුව ද නිරෝගී තත්ත්වයක හෝ රෝගී තත්ත්වයක වුව ද මේ හැර වෙනත් සෑම තත්ත්වයකම භක්තිමත්භාවය පිහිටිය යුතුය. දෙවැන්න: ඔබ යම් වැරදි මඟක (පාපයක) වැටුණු විටෙක. ඉන් පසු සලාතය, සදකා නම් දානය, ඥාතී සම්බන්ධකම් රැකීම, පාපක්ෂමාව හෝ වෙනත් යම් යහපත් කටයුත්තක් සිදු කළ යුතු ය. එය එම පාපය මකා දමනු ඇත. තුන්වැන්න: යහපත් ගුණධර්ම පිළිපදිමින් මිනිසුන් සමග කටයුතු කිරීම. එනම් ඔවුන් සමග සිනහමුසුවෙන්, මෛත්‍රියෙන්, කරුණාවෙන් හා නිහතමානීව කටයුතු කිරීම, හානිය වැළැක්වීම යනාදියයි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසා අබූ බක්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “මුස්ලිම්වරුන් දෙදෙනෙකු තම අසිපත්වලින් එකිනෙකා මුණ ගැසුණු විටෙක, ඝාතකයා සහ ඝාතනය කරනු ලැබූ තැනැත්තා යන දෙදෙනාම අපා ගින්නේ වෙති.” මම: ‘අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එය ඝාතකයා සම්බන්ධයෙනි. නමුත් ඝාතනය කරනු ලැබූ තැනැත්තාගේ තත්ත්වය කුමක් ද?’ යැයි විමසා සිටියෙමි. එතුමා: “සැබැවින් ඔහු ද තම සගයා ඝාතනය කිරීමේ අපේක්ෂාවෙන් පසු විය.”
متفق عليهමුස්ලිම්වරුන් දෙදෙනෙකු ඔවුන් සෑම කෙනෙකුම අනෙකාව විනාශ කිරීමේ අදිටනින් තම අසිපත්වලින් එකිනෙකා මුණ ගැසුණු විටෙක, ඝාතකයා තම සගයාව ඝාතනය කළ හේතුවෙන් අපා ගින්නට පිවිසෙන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියේය. නමුත් ඝාතනයට ලක් වූ තැනැත්තා අපා ගින්නේ සිටිනුයේ කෙසේ දැයි සහාබාවරුන්ට ගැටලුවක් විය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහු ද තම සගයා ඝාතනය කිරීමේ අදිටනින් සිටියේය. එමෙන්ම ඝාතකයා ඉක්මන් වී ඔහුට කළින් ක්‍රියා කළ බැවින් මිස එසේ ඝාතනය කිරීමෙන් ඔහු වැළකුණේ නැත. එහෙයින් ඔහු ද අපා ගින්නෙහි වනු ඇතැයි පවසා සිටියහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “සියලු ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුවය. පුද්ගලයකුට ඔහු පතන දෑ ඇත. එබැවින් කවරෙකුගේ නික්ම යෑම අල්ලාහ් හා ඔහුගේ දූතයා වෙත පිහිටියේ ද ඔහුගේ නික්ම යෑම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙතම පිහිටනු ඇත. කවරෙකුගේ නික්ම යෑම මෙලොව හිමි කර ගැනීම සඳහා හෝ කාන්තාවක් විවාහ කර ගැනීම සඳහා පිහිටියේ ද ඔහුගේ නික්ම යෑම ඔහු කවර දෙයක් වෙත නික්ම ගියේ ද ඒ සඳහා පිහිටනු ඇත." බුහාරි හි සඳහන් තවත් ප්‍රකාශයක: "සියලු ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුවය. සෑම පුද්ගලයකුටම ඔහු පතන දෑ ඇත."
متفق عليهසෑම ක්‍රියාවක්ම ගණන් ගනු ලබනුයේ චේතනාව අනුව බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කර සිටියි. නැමදුම් මෙන්ම ගනුදෙනු යන සියලු ක්‍රියාවන්හි මෙම නීතිය පොදුවේ පිළිපදිනු ලැබේ. එබැවින් පුද්ගලයකු ඔහුගේ කටයුතු තුළින් යම් ලාභයක් අපේක්ෂා කරන්නේ නම් එම ලාභය ඔහු ලබන අතර ඔහුට කුසල් හිමි වන්නේ නැත. ඔහුගේ ක්‍රියාව තුළින් ඔහු උත්තරීතර අල්ලාහ්ට සමීප වීම අපේක්ෂා කළේ නම්, ඔහුගේ ක්‍රියාව තුළින් ඔහු කුසල් හා ප්‍රතිඵල ලබනු ඇත. ආහාර හා පාන ගැනීම මෙන් එදිනෙදා කරන ක්‍රියාවක් වුව ද එලෙසමය. ඉන්පසුව මතුපිට ස්වරූපයෙන් චේතනාව හා ක්‍රියාව එකිනෙකට සමානව තිබිය දී, ක්‍රියාව තුළ චේතනාවට ඇති බලපෑම කෙසේ දැයි පැහැදිලි කිරීමට උපමාවක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඉදිරිපත් කළහ. ඒ අනුව, කවරෙකු තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් තම දේශය අත්හැර ඉන් නික්ම යාමට අපේක්ෂා කළේ ද ඔහුගේ නික්ම යෑම පිළිගනු ලබන ආගමික පිළිවෙතක් වේ. ඔහුගේ චේතනාවේ අවංකභාවය නිසාවෙන් ඒ සඳහා කුසල් ලැබෙනු ඇත. නමුත් ඔහුගේ නික්ම යෑම තුළින් ධනය, කීර්තිය ව්‍යාපාරය හා විවාහය වැනි ලෞකික ලාබයක් අපේක්ෂා කළේ ද ඔහු චේතනා කළ ලාභය මිස නික්ම යෑමේ කුසල් හෝ ප්‍රතිඵල ඔහුට ලබන්නේ නැත.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී: සැබැවින්ම මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට, ‘මට ඔබ උපදෙස් දෙනු මැනව!’ යැයි පවසා සිටියේය. එතුමාණෝ: “ඔබ කෝප නොවනු” යැයි පැවසූහ. ඔහු එසේ කීප වරක් ම විමසා සිටියේය. එතුමාණෝ: “ඔබ කෝප නොවනු" යැයි පැවසූහ.
رواه البخاريසහාබිවරයකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් තමන්ට ප්‍රයෝජනවත් වන යමක් කියා දෙන්නැයි විමසා සිටියේය. එවිට එතුමාණෝ ඔහුට කෝප නොවිය යුතු යැයි අණ කළහ. එහි තේරුම කෝපය උපදවන හේතුසාධකවලින් වැළකී සිටීම, කෝපය ඇති වූ විට තමන් පාලනය කිරීම හා එම කෝපය සමග ඝාතන, පහර දීම්, බැණ වැදීම් වැනි දැයින් ඉක්මවා ගොස් කටයුතු නොකිරීම. එම පුද්ගලයා තමන්ට උපදෙස් දෙන මෙන් වාර ගණනාවක්ම ආයාචනය කළ අතර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඊට පිළිතුරු වශයෙන් "ඔබ කෝප නොවනු" යන ප්‍රකාශය හැර වෙනත් කිසිවක් ඔහුට පවසා සිටියේ නැත.
සැබැවින්ම තමන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා සිටි දෑට සවන් තුන් බව පවසමින් උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙත පැවරිය යුතු නියම අයුරින් පවරා විශ්වාසය තබන්නෙහු නම්, උදෑසන හිස් බඩින් ගොස් සවස පිරුණු බඩින් පැමිණෙන පක්ෂියාට පෝෂණය කරනු ලබන්නාක් මෙන් නුඹලා ද පෝෂණය කරනු ලබනු ඇත.”
رواه الترمذي وابن ماجه وأحمدලෞකික හා ආගමික කටයුතුවලදී යහපත ගෙන ඒමේ හා හානිය වැළැක්වීමේ දී අල්ලාහ් මත සම්පූර්ණ විශ්වාසය තැබිය යුතු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අප දිරිගන්වා ඇත. උත්තරීතර සුවිශුද්ධයාණන් හැර යමක් පිරිනමන්නට හෝ යමක් වළක්වන්නට හෝ යම් හානියක් කරන්නට හෝ යම් සෙතක් සළසන්නට හෝ කිසිවකු නැත. අල්ලාහ් මත සැබෑ අදිෂ්ඨානය තැබීමත් සමග යහපත ගෙන ඒමේ හා හානිය වැළැක්වීමේ සාධක අප විසින් පිළිපැදිය යුතුය. එය අප සිදු කළ විට කුසගින්නෙන් උදෑසන පිටත්ව ගොස් සවස් කාලයේ කුස පුරවාගෙන එන පක්ෂියාට අල්ලාහ් පෝෂණ සම්පත් දායාද කරන්නා සේ අල්ලාහ් අපට පෝෂණ සම්පත් පිරිනමනු ඇත. මෙම ක්‍රියාව විශ්වාසය මත පමණක් පදනම්ව මැලි නොවී පෝෂණ සම්පත් සෙවීම සඳහා තම උත්සහය යෙදීමේ සාධක අතරින් වූ එක් වර්ගයකි.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපති ගැන පවසා සිටි කරුණක් සම්බන්ධයෙන් හෙතෙම මෙසේ පවසා සිටියි: “ගැත්තෙකු පාපයක් සිදු කරයි. පසු ව ඔහු ‘අහෝ දෙවියනි! මාගේ පාපයට මට සමාව දෙනු මැනව!’ යැයි පවසයි. එවිට උත්තරීතර උත්කෘෂ්ඨ අල්ලාහ්: ‘මාගේ ගැත්තා පාපයක් සිදු කර ඇත. පාපයට සමාව දෙන, පාපය හේතුවෙන් ඔහු ව ග්‍රහණය කරන පරමාධිපතියකු සැබැවින්ම සිටින බව ඔහු දැන සිටියි.' යැයි පවසයි. පසුව ඔහු නැවතත් පාපය සිදු කර, 'මාගේ පරමාධිපතියාණනි! මාගේ පාපයට මට සමාව දෙනු මැනව!' යැයි පවසයි. එවිට ද උත්තරීතර උත්කෘෂ්ඨ අල්ලාහ්: ‘මාගේ ගැත්තා පාපයක් සිදු කර ඇත. පාපයට සමාව දෙන, පාපය හේතුවෙන් ඔහු ව ග්‍රහණය කරන පරමාධිපතියකු සැබැවින්ම සිටින බව ඔහු දැන සිටියි' යැයි පවසයි. ඔහු නැවතත් පාපය සිදු කර 'මාගේ පරමාධිපතියාණනි! මාගේ පාපයට මට සමාව දෙනු මැනව!' යැයි පවසයි. එවිට ද උත්තරීතර උත්කෘෂ්ඨ අල්ලාහ්, ‘මාගේ ගැත්තා පාපයක් සිදු කර ඇත. පාපයට සමාව දෙන, පාපය හේතුවෙන් ඔහු ව ග්‍රහණය කරන පරමාධිපතියකු සැබැවින්ම සිටින බව ඔහු දැන සිටියි. ඔබ කැමති දෑ සිදු කරන්න. සැබැවින්ම මම ඔබට සමාව දෙමි' යැයි පවසයි.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපති ගැන මෙසේ පවසා සිටියි: සැබැවින්ම ගැත්තෙක් පාපයක් සිදු කළ පසු ව ඔහු "අල්ලාහුම්ග්ෆිර්ලී දන්බී" (අහෝ දෙවියනි! මාගේ පාපයට මට සමාව දෙනු මැනව!) යැයි පවසයි. එවිට උත්තරීතර අල්ලාහ්: ‘මාගේ ගැත්තා පාපයක් සිදු කර ඇත. පාපයට සමාව දෙන, පාපය වසන් කරන, ඔහුගෙන් එය ඉවත් කරන පරමාධිපතියකු සැබැවින්ම සිටින බව ඔහු දැන සිටියි.' යැයි පවසයි. පසුව ගැත්තා නැවතත් පාපකම් සිදු කර පසු ව ඔහු "අල්ලාහුම්ග්ෆිර්ලී දන්බී" (අහෝ දෙවියනි! මාගේ පාපයට මට සමාව දෙනු මැනව!) යැයි පවසයි. එවිට අල්ලාහ්: ‘මාගේ ගැත්තා පාපයක් සිදු කර ඇත. පාපයට සමාව දෙන, පාපය වසන් කරන, ඔහුගෙන් එය ඉවත් කරන එසේ නැතහොත් ඔහුට දඬුවම් කරන පරමාධිපතියකු සැබැවින්ම සිටින බව ඔහු දැන සිටියි. සැබැවින්ම මම ඔහුට සමාව දුනිමි' යැයි පවසයි. පසුව ගැත්තා නැවතත් පාපකම් සිදු කර, පසු ව ඔහු "අල්ලාහුම්ග්ෆිර්ලී දන්බී" (අහෝ දෙවියනි, මාගේ පාපයට මට සමාව දෙනු මැනව!) යැයි පවසයි. එවිට අල්ලාහ්: ‘මාගේ ගැත්තා පාපයක් සිදු කර ඇත. පාපයට සමාව දෙන, පාපය වසන් කරන, ඔහුගෙන් එය ඉවත් කරන එසේ නැතහොත් ඔහුට දඬුවම් කරන පරමාධිපතියකු සැබැවින්ම සිටින බව ඔහු දැන සිටියි. සැබැවින්ම මම ඔහුට සමාව දුනිමි. එබැවින් ඔහු පාපයක් කරන සෑම විටම ඔහු පාපය අතහැර පසුතැවිලි වී නැවත ඒ වෙත යොමු නොවීමට අධිෂ්ඨාන කර ගන්නා තාක් කල් ඔහුට අවශ්‍ය ඕනෑම දෙයක් සිදු කරත්වා' යැයි පවසයි. නමුත් ඔහුගේ සිත ඔහු අබිබවා ගොස් නැවතත් ඔහු පාපයට වැටේ. ඔහු මෙය කරන තාක් කල්, ඔහු පව් කර පසුතැවිලි වේ. එබැවින් මම ඔහුට සමාව දෙන්නෙමි, මන්ද පසුතැවීම ඊට පෙර පැවති දෑ විනාශ කරන බැවිනි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “සැබැවින්ම යුක්තිගරුකයින් සර්ව බලධාරී, කීර්තිමත්, මහා කාරුණිකයාණන්ගේ දකුණු දෙසින් ඇති, අල්ලාහ් වන ඔහු අභියස ආලෝකයෙන් වූ වේදිකාවන් මත සිටිති. ඔහුගේ දෑත් දකුණු දෙසින් පවතී. ඔවුන් වනාහි, ඔවුන්ගේ තීන්දුවලත් ඔවුන්ගේ පවුල් අතරත් ඔවුන් භාරගත් දෑ අතරත් සාධාරණය ඉටු කරන්නන් වූහ.”
رواه مسلمතම අණසක, තම විනිශ්චය හා තම භාරකාරත්වය යටතේ සිටින මිනිසුන් අතර යුක්තිය සහ සත්‍යය පදනම් කර ගෙන විනිශ්චය කරන්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ආලෝකයෙන් මවන ලද උස් සහ ඉහළ ආසන මත වාඩි වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටී. එම වේදිකා උත්තරීතර මහා කාරුණිකයාණන්ගේ දකුණු දෙසින් පිහිටා තිබේ. ඔහුගේ දෑත් දකුණු ය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ජරීර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කරුණාව තහනම් කර ගන්නා සියලු යහපත තහනම් කර ගනී.”
رواه مسلم"කවරෙකු කාරුණිකත්වය තහනම් කර ගන්නේ ද, මෙලොව හා මතුලොව කටයුතු වලදී ද, තමා වෙනුවෙන් වන කටයුතුවල දී ද, ඔහු වෙනත් අය සමග කරන කටයුතුවල දී ද ඔහු ආශිර්වාද නො ලබනු ඇත. එබැවින් ඔහු සියලු යහපත අහිමි කර ගනී." යැයි නබි (සල්ලල්ලාහ් අලෙයිහි වසල්ලම්) තුමාණන් දැන්වුහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. එතුමාණෝ: "කේළම යනු කුමක්දැයි ඔබ දන්නෙහු ද?’ යැයි විමසා සිටියහ. ‘මැනවින් දන්නා අල්ලාහ් හා ඔහුගේ දූතයා’ බව ඔවුහු පවසා සිටියෝය. එතුමාණෝ: ‘ඔබේ සහෝදරයා ගැන ඔහු පිළිකුල් කරන යමක් ඔබ මෙනෙහි කිරීමයි.’ යනුවෙන් පැවසූහ. ‘මා පවසන දෑ මාගේ සහෝදරයා තුළ වී නම් ඔබේ අදහස කුමක්දැ?’යි එතුමාණන්ගෙන් විමසන ලදී. එතුමාණෝ: ඔබ පවසන දෑ ඔහු තුළ තිබෙන්නේ නම්, සැබැවින්ම ඔබ ඔහු ගැන කෙළම් කියා ඇත්තෙහිය. එය නොවී නම් සැබැවින්ම ඔබ ඔහු ගැන අවලාදයක් නගා ඇත්තෙහිය.”
رواه مسلمතහනම් කරන ලද කේළමෙහි යථාර්ථය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කර සිටියි. මුස්ලිම්වරයකු නැති තැන ඔහු පිළිකුල් කරන ඔහුගේ සදාචාර ගුණාංග හෝ ශරීරයේ ගුණාංග අතරින් යමක් මෙනෙහි කිරීමය. උදාහරණ වශයෙන්: පොට්ටයා. වංචාකාරයා, බොරුකාරයා හා එවැනි නින්දා සහගත ගුණාංග ගැන කතා කරන්නාක් මෙනි. එම ගුණාංග ඔහු තුළ දක්නට ලැබුණ ද එලෙසමය. එම ගුණාංග ඔහු තුළ දක්නට නොලැබුණේ නම්, එය කේළමට වඩා දරුණුය. එය ප්රබන්ධයකි. එනම්: මිනිසා තුළ නැති දෙයක් ගොතා පැවසීමකි.