





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපි අපගේ පරමාධිපතිව අපි දකින්නෙමු ද?” යැයි විමසුවෝය. ඔහු “වළාකුල තුළ මුළා නොවූ දහවලේ හිරු දැකීම නුඹලාට අපහසු වන්නේ ද?” යැයි විමසීය. ඔවුහු: නැත යැයි පැවසුවෝය. වළාකුල තුළ මුළා නොවූ පුර පසළොස්වක සඳ දැකීම නුඹලාට අපහසු වන්නේ ද? යැයි විමසීය. ඔවුහු නැත යැයි පැවසුවෝය. ඔහු: “මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහුමත දිවුරා පවසමි. නුඹලා ඒ දෙකින් එකක් දැකීමෙහි නුඹලා අපහසුතාවයට පත් නොවනවාක් මෙන්ම නුඹලාගේ පරමාධිපතිව දැකීමෙහි නුඹලා අපහසුතාවයට පත් නොවනු ඇත.” ඔහු තවදුරටත් මෙසේ පවසයි: ඉතින් මම නුඹව ගරුත්වයට පත් නොකළෙම් ද ප්‍රධානීන් බවට පත් නොකළෙම් ද ඔබව විවාහ කර නොදුන්නෙම් ද අශ්වයින් හා ඔටුවන් නුඹට වසඟ කර නොදුන්නෙම් ද හිස ඔසවා කටයුතු කරන්නටත් සතුටින් වාඩිවන්නටත් මම නුඹව අත් නොහැරියෙම් ද? යැයි විමසයි. එවිට ඔහු: එසේය යැයි පවසයි. අල්ලාහ් : ‘සැබැවින්ම නුඹ මා හමුවීම ගැන සිතුවෙහි ද?’ යැයි විමසයි. ඔහු ‘නැතැ’යි පිළිතුරු දෙයි. ‘එසේ නම් නුඹ මා අමතක කළාක් මෙන්ම මම නුඹව අමතක කරමි.’ යැයි පවසයි. පසුව දෙවැන්නා හමුවී මෙසේ පවසයි. “ඉතින් මම නුඹව ගරුත්වයට පත් නොකළෙම් ද ප්‍රධානීන් බවට පත් නොකළෙම් ද ඔබව විවාහ කර නොදුන්නෙම් ද අශ්වයින් හා ඔටුවන් නුඹට වසඟ කර නොදුන්නෙම් ද හිස ඔසවා කටයුතු කරන්නටත් සතුටින් වාඩිවන්නටත් මම නුඹව අත් නොහැරියෙම් ද?” යැයි විමසයි. ඔහු “එසේය” යැයි පවසයි. එවිට ඔහු ‘සැබැවින්ම නුඹ මා මුණ ගැසෙනු ඇතැයි සිතුවාද?” යැයි විමසයි. ඔහු “නැතැ”යි පිළිතුරු දෙයි. ඔහු: එසේ නම් නුඹ මා අමතක කළාක් මෙන්ම මම නුඹව අමතක කරමි. යැයි පවසයි. පසුව තුන්වැන්නා මුණ ගැසෙයි. ඒ ආකාරයෙන්ම ඔහුට පවසයි. එවිට ඔහු: “මාගේ පරමාධිපතියාණනි! මම ඔබව විශ්වාස කළෙමි. එමෙන්ම ඔබේ ධර්ම ග්‍රන්ථය, ඔබේ දූතවරුන් විශ්වාස කළෙමි. මම සලාතය ඉටු කළෙමි. උපවාසය රැක්කෙමි. දානමාන කටයුතු සිදු කළෙමි. එසේ ඔහුට හැකි පමණින් යහපත පවසා වර්ණනා කරයි. එවිට ඔහු: “එසේ නම් මෙහි සිටින්නේ ඇයි? විමසයි. පසුව ඔහුට “ඔබට එරෙහිව අපි සාක්ෂි දරන්නෙකු අපි අවදි කරන්නෙමු. යැයි පවසයි. ඔහු: “මට එරෙහිව සාක්ෂි දරන්නා කවුරුන්දැ?යි ඔහු තුළම සිතන්නට ගනී. එවිට ඔහුගේ කටට මුද්‍රා තබනු ලැබේ. ඔහුගේ කලව, ඔහුගේ මාංශ, හා ඔහුගේ අස්ථිවලට “නුඹ කතා කරනු’ යැයි පවසනු ලැබේ. පසුව ඔහුගේ කලව ඔහුගේ මාංශ හා ඔහුගේ අස්ථි ඔහු ගැන දන්නා දෑ කතා කරයි. එසේ පවසා ඇත්තේ ඔහු නිදහසට කරුණු ඉදිරිපත් කරන බැවිණි. ඔහු කුහකයෙකි. එමෙන්ම අල්ලාහ්ගේ කෝපය ඔහු මත අත් වූ අයෙකි.
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇතඇතැම් සහාබාවරු: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපි අපගේ පරමාධිපතිව දකින්නෙමු ද? යැයි විමසුවෝය. එවිට එතුමාණන් ඔවුනට: ‘වළාකුළ තුළ මුවා නොවූ එළිමහනේ හිරු දැකීම නුඹලාට අපහසු වන්නේද?” එනම් හිරු නුඹලාට දසුන් නොවන පරිදි එය ආවරණය කරන වළාකුළු නොමැති මුළු ලොවටම ආලෝකය විහිදු වන මධ්‍යහ්නේ ඉහළින් පිහිටන වේලාවේ හිරු දැකීම හේතුවෙන් ඔබ එකිනෙකා අතර ගැටලුවක් හෝ අපහසුතාවක් හෝ තදබදයක් හෝ නුඹලාට හට ගන්නේ ද? යැයි විමසුවෝය. එවිට ඔවුහු: “නැත” යැයි පිළිතුරු දුන්නෝය. නැවතත් එතුමා: “වළාකුළ තුළ මුවා නොවූ පුර පසලොස්වක රාත්‍රියේ සඳු දැකීම නුඹලාට අපහසු වන්නේ ද?” එනම් නුඹලාට එය දසුන් නොවන පරිදි ආවරණය කරන වළාකුළු නොමැති අහසේ, පැහැදිලි පුර පසළොස්වක දින සඳ දැකීම හේතුවෙන් ඔබ එකිනෙකා අතර ගැටලුවක් හෝ අපහසුතාවක් හෝ තදබදයක් හෝ නුඹලාට හට ගන්නේ ද? යන්නයි. එවිට ඔවුහු: නැත යැයි පිළිතුරු දුන්නෝය. තවද ඔහු: මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලා ඒ දෙකින් එකක් දැකීමෙහි නුඹලා අපහසුතාවට පත් නොවනවාක් මෙන්ම නුඹලාගේ පරමාධිපතිව දැකීමෙහි ද නුඹලා අපහසුතාවට පත් නොවනු ඇත.” එනම් ඔහුගේ දසුන ඉතා පැහැදිළි දසුනකි. එකිනෙකා ඒ විෂයයෙහි විරුද්ධ වී බොරු කරන තරමට කුහකභාවය හෝ අපවාදය හෝ එහි නොවනු ඇත. එය හිරු හා සඳ දසුන් වීමෙහි කිසිදු සැකයක් හෝ කිසිදු ගැටලුවක් ඇති නොවන්නාක් මෙනි. සැබැවින්ම මෙහි උපමාව එය දසුන්වීම යන ක්‍රියාව තුළ පිහිටා ඇත. එය එහි කීර්තිය හා විද්‍යාමානය අනුව එහි හෝ ඒ හැර වෙනත් දෑහි සැකයක් ඇති නොවන පරිදි වේ. සැබැවින්ම සුවිශුද්ධයාණන් සියලු මැවීම්වලට සමාන වීමෙන් පිවිතුරුය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අවසන් දිනයේ දර්ශණයක් පිළිබඳ දන්වා සිටියේය. එය සැබැවින්ම පරමාධිපතියාණන් ඔහුගේ ගැත්තන් අතරින් එක් ගැත්තෙකු හමුවීමය. ඔහුගේ ආශිර්වාදයන් ගැන ඔහුව පිළිගන්නට සළස්වමින් ඔහුට මෙසේ පවසයි: අහෝ පුද්ගලය! මම නුඹව උසස් නොකළෙම් ද? නුඹේ ප්‍රජාව තුළ නුඹව නායකයකු බවට පත් නොකළෙම්ද? නුඹේ වර්ගයාගෙන්ම නුඹට සහකාරියක් ඇති නොකළෙම්ද? ඇයගෙන් සුවපහසුකම් ඔබට සළසා දුනිමි. නුඹ අතර හා ඇය අතර ආදරය, කරුණාව, ලෙන්ගතුකම හා සෙනෙහස ඇති කළෙමි. එමෙන්ම මම නුඹට අශ්වයින් හා ඔටුවන් වසඟ කර නොදුන්නෙම් ද? නුඹේ ප්‍රජාවට නායකයකු බවට මම නුඹව පත් නොකළෙම්ද? සතුරන් විසින් දමා ගිය වස්තුව නුඹ නොගන්නෙහිය. අඥාන යුගයේ රජවරු එය ඔවුන් වෙනුවෙන් පමණක් වෙන් කර ගනිමින් සිටියෝය. පසුව මෙම සියලුම ආශිර්වාදයන් එම ගැත්තා පිළිගනීයි. පසුව පරමාධිපති මෙසේ විමසයි: ‘නුඹ මා මතු මුණ ගැසෙන බව නුඹ දැන සිටියාද? ඔහු ‘නැත’ යැයි පවසයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: “එසේ නම් නුඹ මා අමතක කළාක් මෙන්ම මම ද නුඹව අමතක කරමි.” යැයි පවසයි. එනම්: මෙලොවෙහි මට අවනත වීම නුඹ අත්හැරියාක් මෙන්ම අද දින මාගේ කරුණාවෙන් ද මම නුඹව අත්හරිමි. මෙහි අමතක කිරීම යනු දැනීමෙන් අත්හැර දැමීමය. උත්තරීතර අල්ලාහ් ද මෙසේ පවසයි. “සැබැවින්ම අපි නුඹලාව අමතක කරන්නෙමු. එහෙයින් නුඹලා සදාතනික දඬුවම විඳවනු.” පසුව පරමාධිපතියාණන් දෙවැන්නා මුණ ගැසෙයි. පළමු තැනැත්තා විෂයෙහි අල්ලාහ් ඔහුගෙන් විමසා, ඔහු ද පිළිතුරු දුන් කරුණ සඳහන් කරනු ලැබුවාක් මෙන්ම ඔහු විෂයයෙහි ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙනෙහි කළේය. පසුව තුන්වැන්නා මුණ ගැසී ඒ අයුරින්ම ඔහුගෙන් විමසයි. එවිට ඔහු: “මාගේ පරමාධිපතියාණනි! මම ඔබව විශ්වාස කළෙමි. එමෙන්ම ඔබේ ධර්ම ග්‍රන්ථය, ඔබේ දූතවරුන් විශ්වාස කළෙමි. මම සලාතය ඉටු කළෙමි. උපවාසය රැක්කෙමි. දානමාන කටයුතු සිදු කළෙමි.” යැයි පවසයි. එසේ ඔහුට හැකි පමණින් ඔහු ගැන අගය කරමින් සිටියි. පසුව පරමාධිපතියාණන් “එසේ නම් ඔබ මෙහි.” එනම් නුඹ ගැන වූ ප්රශංසාවන් නුඹ අගය කරමින් සිටින විට නුඹව හා නුඹගේ ක්‍රියාවන් අප දකින පරිදි ඒවාට එරෙහිව සාක්ෂිකරුවන් ඉදිරිපත් කරනු ලබන පරිදි නුඹ මෙහි නතර වී ඇත්තේ ඇයි? පසුව ඔහුට මෙසේ පවසනු ලැබේ. “නුඹට එරෙහිව අපි සාක්ෂි කරුවන් ගෙන එන්නේ දැන් ය.” “මට එරෙහිව සාක්ෂි දරන්නා කවුරුන්දැ?”යි ඔහු තුළම ඔහු සිතන්නට ගනී. එවිට ඔහුගේ කටට මුද්‍රා තබනු ලබයි. ඔහුගේ කලව, ඔහුගේ මාංශ, හා ඔහුගේ අස්ථිවලට ‘නුඹ කතා කරනු’ යැයි පවසනු ලැබේ. පසුව ඔහුගේ කලව, ඔහුගේ මාංශ හා ඔහුගේ අස්ථි ඔහු ගැන දන්නා දෑ කතා කරයි. එසේ පවසා ඇත්තේ ඔහු නිදහසට කරුණු ඉදිරිපත් කරන්නට බලන බැවිණි.’ ඔහුගෙන් සිදු වූ බොහෝ පාපකම්වලට ඔහු ඉදිරිපත් කරන නිදහසට කරුණු අල්ලාහ් ඉවත් කරනු පිණිස ඔහුගේ ශරීර අවයව කතා කරන්නට සලස්වයි. නිදහසට කිසිදු කරුණක් ඔහුට ඉතිරි නොවන පරිදි ඔහුට එරෙහිව ඔහුගේ අවයව සාක්ෂි දරයි. මේ තුන්වැනි ගැත්තා අල්ලාහ්ගේ කෝපය ළඟා කරගත් කුහකයෙකි.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරමින් මෙසේ පවසන ලදී. “අල්ලාහ් සතුව සියයට එකක් හැර, නාම අනූ නවයක් ඇත. එය වනපොත් කරන කිසිවෙකු ස්වර්ගයට පිවිසීම හැර වෙනත් කිසිවක් ඔහුට හිමි වන්නේ නැත. ඔහු කේවලය. ඔත්තේ දෑ ඔහු ප්‍රිය කරයි.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇතසැබැවින්ම අල්ලාහ් සතුව නාම අනූ නවයක් ඇත. එය වනපොත් කරන කිසිවෙකු හෝ වේවා ඔහු ස්වර්ගයට පිවිසීම හැර වෙනත් කිසිවක් හිමි කර නොගනියි.” වනපොත් කිරීමෙන් අදහස් කරනුයේ එය කටපාඩම් කිරීමය. එමෙන්ම ඒවා විශ්වාස කොට, ඒ අනුව කටයුතු කර ඒ සෑම නාමයකම අර්ථයන්ට අනුකූලව අවනත වී එවා ඉදිරිපත් කරමින් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම යන අර්ථයෙන් ද ප්‍රකාශ වී ඇත. මෙම හදීසය තුළින් මෙම නාම ඇති බව ස්තීර කර ඇත. මීට අමතර සංඛ්‍යාවකින් ගණන් බැලීම වළක්වා ඇත. මෙම නාමවලට සුවිශේෂීකරණයක් ඇත. එය ඒවා ප්‍රසිද්ධ වන බැවින් හා ඒවායෙහි අර්ථ ඉතා පැහැදිළිව පිහිටා ඇති බැවිණි. මෙම ප්‍රකාශයේ ස්ථාවරය. “සැබැවින්ම සෙයිද්ට රන්කාසි දෙසීයක් ඇත. ඒවා ඔහු දන් දීම සඳහා ගණන් කළේය.” යන ප්‍රකාශයේ ස්ථාවරය මෙනි. මීට වඩා අධික ලෙස රන්කාසි ඔහු සතුව නොමැතැයි මින් අදහස් කරන්නේ නැත. සැබැවින්ම ඉන් පෙන්වා දෙනුයේ ඔහු එය දන්දීම සඳහා සූදානම් කර ඇතැයි යන්නයි. මෙම විග්රහයට ඉබ්නු මස්ඌද් තුමා වාර්තා කළ හදීසයක් ද පෙන්වා දෙයි. “ඔබ ගැන, ඔබ නම් කළ; එසේ නැතහොත් ඔබේ ග්‍රන්ථයේ ඔබ පහළ කළ; එසේත් නැතහොත් ඔබේ මැවීම් අතරින් ඔබ කිසිවකුට හෝ ඉගැන්වූ: එසේත් නැතහොත් ඔබ සතු ගුප්ත දෑහි දැනුම සම්බන්ධයෙන් බලපෑමක් ඇති කරන ඔබ සතු සෑම නාමයක් තුළින්ම මම ඔබෙන් ඉල්ලමි.” මෙය සැබැවින්ම ඔහුගේ මැවීම්වලට නොදන්නා ඔහුගේ ග්‍රන්ථයේ පහළ නොවූ නාම ද අල්ලාහ් සතුව ඇති බව පෙන්වා දෙයි. “ඔහු කේවලය” එනම් අල්ලාහ් ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවෙක් නොමැත. “ඔහු ඔත්තේ දෑ ප්‍රිය කරයි.” එනම් නැමදුම් තුළ හා අවනතවීම් බොහෝමයක් තුළ ඔහු මහිමයට පත් කරනු ලබන බවයි. පස්වාරයක් සලාත් ඉටු කිරීමත් හත්වතාවක් තවාෆ් කිරීමත් බොහෝ නැමදුම්වල තුන්වරක් බවට පත් කර තිබීමත් අහස් හතක් බවට හා පොළෝ හතක් බවට නිර්මාණය කර තිබීමත් ඒ හැර වෙනත් ඔත්තේ කරුණු අල්ලාහ් නියම කර තිබීමත් ඒ හේතුවෙනි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: "කවරෙකු අදානය (සලාතය සඳහා වූ ඇරයුම)ට සවන්දුන් අවස්ථාවේ, اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ، وَالصَّلاَةِ القَائِمَةِ، آتِ مُحَمَّدًا الوَسِيلَةَ وَالفَضِيلَةَ، وَابْعَثْهُ مَقَامًا مَحْمُودًا الَّذِي وَعَدْتَهُ ("අහෝ මෙම පරිපූර්ණ ඇරයුම හා ඉටු කරනු ලබන සලාතයේ හිමිපාණනි! වසීලාව හෙවත් මැදිහත්වීම හා ෆළීලා හෙවත් මහිමය පිරිනමනු මැනව! ඔබ පොරොන්දු දුන් ප්‍රශංසනීය ස්ථානයේ ඔහුව අවදි කරනු මැනව!) යැයි පවසා සිටියේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මාගේ මැදිහත් වීම ඔහුට වලංගු විය." යැයි කීහ.
رواه البخاريමුඅද්දින් සලාතයේ ඇරයුම වන අදාන් පවසා අවසන් කළ පසු එයට සවන් දෙන තැනැත්තා පහත සඳහන් පරිදි ප්‍රාර්ථනා කළ යුතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ ، (අහෝ මෙම ඇරයුමෙහි හිමිපාණනි!) මේවා අල්ලාහ්ට නැමදුම් කිරීම හා සලාතය සඳහා ඇරයුම් කරනු ලබන අදානයේ වදන් වේ. التَّامَّةِ (පරිපූර්ණ) පරිපූර්ණ ඇරයුම. එය දේවත්වය ඒකීයත්වයට පත් කිරීමේ හා දිව්‍ය පණිවිඩයේ ඇරයුමකි. وَالصَّلاَةِ القَائِمَةِ (ඉටු කරනු ලබන සලාතයේ) ඉටු කරනු ලබන සුපුරුදු නැමදුමේ. آتِ (පිරිනමනු මැනව!) හිමිකර දෙනු මැනව, مُحَمَّدًا الوَسِيلَةَ (මුහම්මද්ට වසීලාව හෙවත් උසස් නිලය) එතුමාණන්ට හැර වෙනත් කිසිවකුට දෙනු නොලබන ස්වර්ගයේ උසස් නිලය, وَالفَضِيلَةَ (ෆළීලා හෙවත් මහිමය) මෙම මැවීම්වලට හිමි තරාතිරම්වලට වඩා අමතර තරාතිරම්, وَابْعَثْهُ (ඔහු අවදි කරනු මැනව!) ඔහුට පිරිනමනු මැනව, مَقَامًا مَحْمُودًا (ප්‍රශංසනීය ස්ථානයේ) එහි අවදි වන්නා ප්‍රශංසාවට ලක් වෙයි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අතිමහත් මැදිහත් වීමය. الَّذِي وَعَدْتَهُ (ඔබ පොරොන්දු දුන්) එනම්: ඔබේ පරමාධිපති ඔබව ප්‍රශංසනීය ස්ථානයේ ඔබව අවදි කරනු ඇත යන පොරොන්දුව අනුව එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට හිමි වනු ඇත. කවරෙකු මෙම ප්‍රාර්ථනාව උසුරන්නේ ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මැදිහත් වීම මතු ලොවෙහි ඔහුට උරුම වනු ඇත. එය ඔහුට අනිවාර්යය වනු ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මාගේ මිතුරන් හට (සහාබාවරුන්) නින්දා නොකරන්න, ඔබ අතරින් කෙනෙකු උහුද් තරම් රත්තරන් වියදම් කළ ද ඔවුන් කිසිවකුගේ 'මුද්දු'හි ප්‍රමාණයට හෝ ඉන් අඩකට හෝ ළඟා විය නොහැක. "
متفق عليهසහාබාවරුන්ට දොස් නැගීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැළැක්වූහ. විශේෂයෙන්ම ආරම්භක මුහාජිර් හා අන්සාර් සහාබිවරුන් විෂයයෙහි සැලකිලිමත් විය යුතුය. එතුමාණන් තවදුරටත් මෙසේ දන්වා සිටියහ: "ජනයා අතරින් කිසිවෙකු හෝ උහද් කන්ද තරම් රන් වැය කර තිබුණ ද, කිසියම් සහාබිවරයකු වැය කළ ආහාර මුද්දුවක හෝ ඉන් අඩක ප්‍රමාණයක කුසල් ඔහු වෙත ලඟා වන්නේ නැත. "අල්-මුද්දු" යනු සාමාන්‍ය ශරීර මැවීමක් සහිත මිනිසෙකුගේ දෝත පිරෙන්නෙට ඇති ප්‍රමාණය වේ.- එය ඔවුන්ගේ අවංක භාවය, ඔවුන්ගේ චේතනාවේ අව්‍යාජභාවය, ඔවුන් වැය කිරීමට ඉදිරිපත් වීම, අවශ්‍යම අවස්ථාවන්හි මක්කා ජයග්‍රහණයට පෙර ඔවුන් යුද වැද තිබීම."
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු ජාබිර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "බද්ර් (සටනට) හා හුදෙයිබිය්යා (ගිවිසුමට) සහභාගී වූ මිනිසා කිසිවිටෙකත් අපා ගින්නට ප්‍රවේශ වන්නේ නැත."
رواه أحمد وأصله في صحيح مسلمහිජ්රි දෙවැනි වසරේ සිදුවු බද්ර් යුද්ධයට, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග එක්ව සටන් කරමින් සහභාගී වූ අය හා හුදෙයිබිය්යා ගිවිසුමට සහභාගී වූ අය කිසිවිටෙකත් අපා ගින්නට පිවිසෙන්නේ නැති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. හිජ්රි හය වැනි වසරේ සිදු වූ බය්අතුල් රිළ්වාන් ද එහි ඇතුළත් වේ.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අබූ බක්ර් හා උමර් දෙස බලා: "මේ දෙදෙනා වක්තෘවරුන් හා ධර්ම දූතවරුන් හැර ආරම්භක ජනයා හා පසු ජනයා අතරින් ස්වර්ගවාසීන්ගේ වැඩිහිටි නායකයෝ වෙති."
رواه الترمذيසැබැවින්ම අබූ බක්ර් අස්-සිද්දීක් හා උමර් අල්-ෆාරූක් (රළියල්ලාහු අන්හුමා) යන ප්රමුඛ අනුගාමිකයින් දෙදෙනා නබිවරුන්ගෙන් පසු වඩාත් ශ්‍රේෂ්ඨ උදවිය වෙති. එමෙන්ම මෙම උදාර අනුගාමිකයින් දෙදෙනා නබිවරුන් හා ධර්ම දූතවරුන් ස්වර්ගයට ගිය පසු එහි පිවිසෙන අය අතරින් වඩාත් උතුම්ම පුද්ගලයින් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "හසන් සහ හුසෙයින් ස්වර්ග වාසී තරුණයින්ගේ නායකයින් දෙදෙනා වෙති."
رواه الترمذي وأحمدසැබැවින්ම අලී ඉබ්නු අබී තාලිබ් හා තම දුව වන ෆාතිමා (රළියල්ලාහු අන්හුමා) ගේ පුතුන් වන තම මුණුබුරන් වන, හසන් හා හුසෙයින් (රළියල්ලාහු අන්හුමා) යන දෙදෙනා, තරුණ වියේ මරණයට පත්ව භාග්‍යමත් ස්වර්ගයට පිවිසෙන සෑම කෙනෙකුගේ නායකයෝ දෙදෙනා වෙති. එසේ නැතහොත් ඔවුන් දෙදෙනා නබිවරුන් 'කුලෆාඋර් රාෂිදීන්' හෙවත් ප්‍රධාන පෙළේ අනුගාමිකයින් හැර සෙසු ස්වර්ගවාසී තරුණයින්ගේ ප්‍රධානියෝ දෙදෙනා වෙති. යනුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම ඔබ අතරින් කිසිවෙකු හෝ මිය ගිය විට, ඔහුගේ නවාතැන උදේ හා හවස ඔහුට නිරූපණය කරනු ලැබේ. ඔහු ස්වර්ගවාසීන් අතරින් කෙනෙකු වී නම් ඔහු ස්වර්ගවාසීන් අතරින් වනු ඇත. එමෙන්ම ඔහු අපා ගින්නේ වාසීන් අතරින් කෙනෙකු වී නම්, ඔහු අපා ගින්නේ වාසීන් අතරින් වනු ඇත. එවිට ඔහුට මෙසේ පවසනු ලැබේ: මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔබව අවදි කරන තෙක් ඔබේ වාසස්ථානය මෙය වේ."
متفق عليهගැත්තෙකු මිය ගිය විට, ඔහුගේ නවාතැන, ස්වර්ගයේ හෝ අපා ගින්නේ හෝ ඔහුට හිමි විශේෂ ස්ථානය දහවල් ආරම්භයේ හා එහි අවසානයේ ඔහුට නිරූපණය කරනු ලබන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඔහු ස්වර්ගවාසීන් අතරින් කෙනෙකු නම් ඔහුගේ නවාතැන ස්වර්ගයේ පවතී. එමෙන්ම ඔහු අපා ගින්නේ වාසීන් අතරින් කෙනෙකු නම්, ඔහුගේ නවාතැන අපා ගින්නේ පවතී. තවදුරටත් ඔහුට මෙසේ පවසනු ලැබේ: මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔබව අවදි කරන තෙක් ඔබේ වාසස්ථානය මෙය වේ. එහි දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා සැපත විඳින අතර මුරන්ඩු ලෙස දේවත්වය ප්‍රතික්ෂේප කළ කාෆිර් වරයා දඬුවම විඳිනු ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් තමීම් අද් දාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මෙම කරුණ රාත්‍රිය හා දහවළ ළඟා වන සෑම තැනකටම පැතිරී යනු ඇත. මැටි ගඩොලින් තැනූ කිසිදු නිවසක් හෝ ඔටු හමින් තැනූ කිසිදු නිවසක් හෝ අල්ලාහ් එහි මෙම දහම ප්‍රවේශ කරනු මිස නැත. එය බලවත් ගෞරවයකින් හෝ අපහාසාත්මක නින්දාවකින් හෝ සිදු වනු ඇත. ගෞරවයයි, එමගින් අල්ලාහ් ඉස්ලාමය උසස් කරයි. අවමානයයි, එමගින් අල්ලාහ් දේව ප්රතික්ෂේපය නින්දාවට පත් කරයි. තමීම් අද්-දාරී තුමා මෙසේ පවසා සිටියේය. මම ඒ ගැන මාගේ නිවැසියන් අතරින් දැන ගත්තෙමි. ඔවුන් අතර කිසිවකු හෝ ඉස්ලාමය වැළඳ ගත්තේ ද ඔහුට යහපත, ගෞරවය හා ශ්‍රේෂ්ඨත්වය නියම විය. එමෙන්ම ඔවුන් අතර කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුට නින්දාව, අපහාසය හා ජිස්යා බද්ධ නියම විය."
رواه أحمدඅල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ දන්වා සිටියි: සැබැවින්ම මෙම දහම මහපොළොවේ සියලුම ප්‍රදේශ ආවරණය කරනු ඇත. කවර ස්ථානයකට රාත්‍රිය හා දහවල ළගා වන්නේ ද මෙම දහම ද ඒ වෙත ළඟා වනු ඇත. ගමේ හා නගරයේ හෝ පිටිසර ප්‍රදේශයේ හා කාන්තාර ප්‍රදේශයේ හෝ වේවා එහි ඇති කවර නිවසක් වුව ද අල්ලාහ් මෙම දහම එහි ප්‍රවේශ නො කර අත්හැර දමන්නේම නැත. කවරෙකු මෙම දහම පිළිගෙන එය විශ්වාස කළේ ද සැබැවින්ම ඔහු ඉස්ලාමයේ ගෞරවය හේතුවෙන් ගෞරවනීය පුද්ගලයකු වනු ඇත. කවරෙකු එයට පිටුපා එය ප්‍රතික්ෂේප කළේ ද සැබැවින්ම ඔහු අවමානයෙන් යුතුව පහත් තත්ත්වයට පත්වනු ඇත. පසුව තමීම් අද්දාරී සහාබිවරයා සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කවර දෙයක් ප්‍රකාශ කළේ ද ඒ ගැන විශේෂයෙන් තම නිවැසියන් අතර හඳුනාගත හැකි වූ බවත් ඔවුන් අතරින් ඉස්ලාමය වැළඳගත් උදවියට යහපත ගෞරවය හා ශ්‍රේෂ්ඨත්වය හිමි වූ බවත් ඔවුන් අතරින් එය ප්‍රතික්ෂේප කළ උදවියට අවමානය හා අපහාසය අත් වූ අතරම ධනයෙන් මුස්ලිම්වරුන් වෙත ජිස්යා බද්දක් ගෙවන්නට සිදු වූ බවත් ප්‍රකාශ කර සිටියේය.