





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඉබ්නු ජුද්ආන් (නම් කෙකේ) "ජාහිලිය්යා" නම් අඥාන කාලයේ ඥාති සම්බන්ධකම් රකිමින්, දුප්පතුන්ට ආහාර සපයමින් සිටියේය. එය ඔහුට ප්‍රයෝජනවත් වන්නේ ද?" යැයි මම විමසුවෙමි. එතුමාණෝ: "ඔහුට ප්‍රයෝජනවත් වන්නේ නැත. සැබැවින්ම ඔහු කිසි දිනක 'මාගේ පරමාධිපතියාණනි, විනිශ්චය දිනයේ දී මාගේ වැරදි වලට මට සමාව දෙනු මැනව' යැයි පවසා සිටියේ නැත."
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අබ්දුල්ලාහ් ඉබ්නු ජුද්ආන් පිළිබඳ ව දන්වා සිටියහ. ඔහු ඉස්ලාමයට පෙර කුරෙයිෂ් ප්‍රධානින් අතරින් කෙනෙකු විය. ඔහුගේ යහපත් ක්‍රියාවන් සමහරක් විය. සැබැවින්ම ඔහු ඔහුගේ ඥාතීන් සමග සම්බන්ධකම් පැවැත්විය. ඔවුන් සමග උපකාර ශීලීව කටයුතු කළේය. දුප්පතුන්ට ආහාර සැපයීය. මෙලෙස ඉස්ලාමය උනන්දු කර ඇති වෙනත් ගුණ ධර්ම ද සිදු කළේය. එනමුත් සැබැවින්ම ඔහුගේ ක්‍රියාවන් ඔහුගේ මතුලොව ජීවිතයේ ඔහුට කිසිවිටෙක ප්‍රයෝජනවත් වන්නේ නැත. ඊට හේතුව ඔහු අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළ බැවින් සහ කිසිවිටෙක 'මාගේ පරමාධිපතියාණනි, විනිශ්චය දිනයේ මාගේ වැරදිවලට මට සමාව දෙනු මැනව' යැයි ඔහු පවසා නැති බැවිනි.
සෙයිද් ඉබ්නු කාලිද් අල්-ජුහනී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හුදෙයිබිය්යා හි රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාවෙන් පසු සුබ්හු සලාතය මෙහෙය වූහ. එතුමාණෝ එය අවසන් කරගත් පසු ජනතාව දෙසට හැරී: “ඔබේ පරමාධිපතියාණන් පැවසූ දේ ඔබ දන්නවා ද?” යැයි විමසූහ. ඔවුහු: 'මැනවින් දන්නෝ අල්ලාහ් සහ ඔහුගේ දූතයා ය" යැයි ඔවුහු පිළිතුරු දුන්නෝය. එතුමාණෝ: “මාගේ ගැත්තන් අතරින් මා විශ්වාස කරන අය සහ මා ප්‍රතික්ෂේප කරන අය උදය වරුව ලැබුවෝය." එහෙයින් කවරෙකු "මුතිර්නා බිෆළ්ලිල්ලාහි වරහ්මතිහි" (අල්ලාහ්ගේ භාග්‍යයෙන් හා ඔහුගේ ආශිර්වාදයෙන් අපට වැසි ලැබුණි) යැයි පවසන්නේද ඔහු ය මා විශ්වාස කර, ග්‍රහ තාරකා ප්‍රතික්ෂේප කළ තැනැත්තා. කවරෙකු 'මේ මේ තාරකා වර්ගය හේතුවෙන් අපට වැසි ලැබුණි' යැයි පවසා සිටියේ ද, ඔහු ය මා ප්‍රතික්ෂේප කොට ග්‍රහ තාරකා පිළිබඳ මිථ්‍යාව විශ්වාස කළ තැනැත්තා."
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ හුදෙයිබියා හි සුබ්හු සලාතය මෙහෙය වූහ. එය මක්කාවට සමීපයෙන් පිහිටි ගමකි. එය එම රාත්‍රියේ වැස්ස පහළ වූ පසු පැවති අවස්ථාවකි. එතුමාණෝ සලාම් පවසා තම සලාතය අවසන් කර ගත් කල්හි මිනිසුන් දෙසට හැරී ඔවුන්ගෙන් මෙසේ විමසූහ: "සර්වබලධාරී ඔබ සැමගේ පරමාධිපති කුමක් පවසා සිටියේ දැයි ඔබලා දන්නෙහු ද?" ඔවුහු එතුමාණන්ට පිළිතුරු වශයන් 'අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දන්නෝ" යැයි පැවසූහ. එවිට 'වර්ෂාව පහළ වන අවස්ථාවේ, උත්තරීතර අල්ලාහ්ව විශ්වාස කළ පිරිසක් ලෙස ද උත්තරීතර අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළ පිරිසක් ලෙස ද ජනයා කොටස් දෙකකට බෙදී යති' යැයි උත්තරීතර අල්ලාහ් පැහැදිලි කරන බව එතුමණෝ දන්වා සිටියහ. ඒ අනුව කවරෙකු "මුතිර්නා බිෆළ්ලිල්ලාහි වරහ්මතිහි" (අල්ලාහ්ගේ භාග්‍යයෙන් හා ඔහුගේ ආශිර්වාදයෙන් අපට වැසි ලැබුණි" යැයි පවසා වර්ෂාව උත්තරීතර අල්ලාහ් වෙත ආරෝපණය කළේ ද, ඔහුය විශ්වය මවා පාලනය කරන අල්ලාහ් ව විශ්වාස කළ තැනැත්තා. එමෙන්ම ග්‍රහ තාරකා පිළිබඳ තිබූ මිථ්‍යා විශ්වාසය ප්‍රතික්ෂේප කළ තැනැත්තා. කවරෙකු 'මේ මේ තාරකාව හේතුවෙන් අපට වැසි ලැබුණි' යැයි පවසා සිටියේ ද, ඔහු ය අල්ලාහ්ව ප්‍රතික්ෂේප කොට ග්‍රහ තාරකා පිළිබඳ මිථ්‍යාව විශ්වාස කළ තැනැත්තා. එය වර්ෂාව ග්‍රහ තාරකා වෙත ආරෝපණය කරමින් අල්ලාහ්ට කෙරෙන සුළු ප්රතික්ෂේපයකි. අල්ලාහ් එය ආගමානුකූල හේතුවක් ලෙස හෝ පෙර නියම කළ හේතුවක් ලෙස හෝ පත් කළේ නැත. කවරෙකු වර්ෂාව පහළ වීම හා මහපොළොවේ සිදුවන වෙනත් සිදුවීම්, ග්‍රහතාරකාවන් උදා වීමේ හා අස්ථානගත වීමේ දී ඇතිවන චලනය නිසාවෙන් බවත්, සැබෑ ලෙස ක්‍රියාත්මක කළේ එය බවත් විශ්වාස කරමින් කරුණ ඒ වෙත ආරෝපණය කළේ ද ඔහු මහත් සේ දේවත්වය ප්‍රතික්ෂේප කළ අයෙකි.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහගාමීන් පිරිසක් පැමිණ එතුමාණන්ගෙන්: සැබැවින්ම අප අතරින් කෙනෙක් ඒ ගැන කතා කිරීමට බරපතල සේ සලකන කරුණු අපගේ සිත් තුළ අපි දකින්නෙමු' යැයි පැවසුවෝය. එතුමාණෝ: "ඇත්තෙන්ම නුඹලා එසේ දකින්නෙහු ද?" යැයි විමසූහ. ඔවුන් "එසේය" යැයි කීවෝය. එවිට එතුමා, "එය ඊමානයේ සුපැහැදිලිතාවයි." යැයි පැවසුහ.
رواه مسلمනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහගාමීන් පිරිසක් එතුමාණන් වෙත පැමිණ, එහි ඇති අප්‍රිය නිසාවෙන් හා ඔවුන් ඒ ගැන පිළිකුල් කරන නිසාවෙන් කතා කිරීමට බැරෑරුම් සේ සලකන සිත් තුළ දකින බරපතල (යම්)කරුණු පිළිබඳ විමසා සිටියෝය. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සැබැවින්ම ඔබ දුටු දෑ ඊමාන් හෙවත් විශ්වාසයේ ස්ථාවරත්වයේ සුපැහැදිලිතාවයයි. හදවත තුළ ෂෙයිතාන් හෙළන දෑ වැළැක්වීමට එය ඔබට ඉවහල් වෙයි. ඒ පිළිබඳ කතා කිරීම ගැන ඔබ තුළ තිබෙන පිළිකුල්භාවය හා ඔබේ සිත තුළ වූ එහි බරපතලකම මෙය පෙන්වයි. මේ තත්ත්වය සැබැවින්ම ෂෙයිතාන් විසින් පාලනය කරනු ලබන හා ඔහු සමඟ අරගලයක නිරත නොවෙන අයගේ තත්ත්වය මෙන් නොවේ.
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අප අතරින් යමෙක් ඔහුගේ සිත තුළ යමක් -ප්‍රදර්ශණය වීම- දකියි. ඒ ගැන කතා කිරීමට වඩා අළු බවට පත් වීම ඔහුට වඩාත් ප්‍රිය ජනකය" යැයි පැවසීය. එවිට එතුමාණෝ: "අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල් හම්දුලිල්ලාහිල්ලදී රද්ද කයිදහූ ඉලල් වස්වසති" (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය, අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය, ෂෙයිතාන්ගේ කෙඳිරීම හටගත් විගස ඔහුගේ කුමන්ත්‍රණය ඔහු වෙතම යළි හරවා යැවූ තැනැත්තාටම සියලු ප්‍රශංසා) යැයි පැවසූහ.
رواه أبو داود والنسائي في الكبرىමිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, සැබැවින්ම අප අතර සිටින ඇතැමුන් තම සිතට ප්‍රදර්ශණය වන ඇතැම් කරුණු දකියි. නමුත් ඒ ගැන කතා කිරීම බරපතළ වේ. එබැවින් එය කතා කිරීමට වඩා තමන් අළු බවට පත්වීම වඩාත් හොඳ යැයි සිතයි." යනුවෙන් පැවසුවේය. දූතයාණන් දෙවරක් "අල්ලාහු අක්බර්" අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය, යැයි තක්බීර් පවසා ෂෙයිතාන්ගේ කෙඳිරීම හටගත් විගස ඔහුගේ කුමන්ත්‍රණය ඔහුටම යළි හරවා යැවීම සම්බන්ධයෙන් එතුමාණෝ අල්ලාහ්ට ප්‍රශංසා කළහ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. ඔබ අතරින් යමෙකු වෙත ෂෙයිතාන් පැමිණ: "මෙසේ මැව්වේ කවු ද? එසේ මැව්වේ කවු ද? අවසානයේ ඔබේ පරමාධිපති ව මැව්වේ කවු ද? යැයි විමසා සිටියි. එය ඔහුට ළඟා වූ විටෙක, ඔහු අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතා ඉන් වැළකී සිටිය යුතුය.
متفق عليهමුඃමින්වරයකු තුළ ෂෙයිතාන් කොඳුරන ප්‍රශ්නවලට ඵලදායී ප්‍රතිකාරය ගැන අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විසින් මෙහි දන්වා ඇත. ෂෙයිතාන්: මෙසේ මැව්වේ කවු ද? එසේ මැව්වේ කවු ද? අහස මැව්වේ කවු ද? පොළොව මැව්වේ කවු ද? යැයි පවසා සිටියි. එවිට මුඃමින්වරයා ඔහුට ආගමෙන්, සහජ බුද්ධියෙන් සහ තර්කනයෙන් "අල්ලාහ්" යැයි පිළිතුරු දෙයි: නමුත් ෂෙයිතාන් මෙසේ කෙඳිරීමෙන් නතර වන්නේ නැත. 'ඔබේ පරමාධිපති ව මැව්වේ කවු දැ?'යි ඔහු පවසා සිටින තෙක් ක්‍රියා කරමින් සිටියි. එවිට මුඃමින්වරයා එම කෙඳිරීම කරුණු තුනකින් වළක්වා ගත යුතුය. අල්ලාහ් පිළිබඳ විශ්වාසය තැබීමෙන් ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පැතීමෙන් කෙඳිරීමත් සමග එය දිගටම රැගෙන යාම නතර කිරීමෙන්.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම අල්ලාහ් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකුට (ඔහුගේ) යහපත සම්බන්ධයෙන් කිසිදු අසාධාරණයක් සිදු නොකරයි. එය මෙලොවෙහි ඔහුට පිරිනමනු ලබන අතර මතුලොවෙහි ද ඒ සඳහා ප්‍රතිඵල පිරිනමනු ලැබේ. දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වනාහි, ඔහු මෙලොවෙහි සිදු කළ යහපත් දෑ වෙනුවෙන් පෝෂණය කරනු ලැබේ. නමුත් මතුලොවෙදී ඒ සඳහා ප්‍රතිඵල පිරිනමන්නට තරම් යහපතක් එහි ඔහුට නොවනු ඇත.
رواه مسلمදේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ට හිමි අල්ලාහ්ගේ භාග්‍යයේ මහිමය හා දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරුන් සමග වන ඔහුගේ යුක්තිය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙහි පැහැදිලි කර සිටියි. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා වනාහි, ඔහු සිදු කළ යහපතෙහි කුසල් ඔහුට අඩු නොකෙරේ. ඔහුගේ අවනතභාවය සඳහා මෙලොවෙහි යහපත පිරිනමන අතරම ඒ සඳහා මතුලොවෙහි ඔහු වෙනුවෙන් ප්‍රතිඵල රැස් කරනු ඇත. සියලු ප්‍රතිඵල ඔහු වෙතුවෙන් මතුලොවෙහි සංරක්ෂණය කෙරේ. දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වරයා වනාහි, ඔහු සිදු කරන යහපත සඳහා ප්‍රතිඵල මෙලොවෙහි යහපත තුළින් ඔහුට පිරිනමනු ලබන අතර ඔහු මතුලොවට පිවිසෙන තෙක් එය පවතී. නමුත් ඒ සඳහා ප්‍රතිඵල පිරිනමන තරමට කුසල් ඔහුට එහි නොවනු ඇත. හේතුව දෙලොවටම ප්‍රයෝජනවත් වන දැහැමි ක්‍රියාවක් වීමට නම් ඔහු දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකු ලෙස සිටිය යුතුය.
හකීම් ඉබ්නු හිසාම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අඥාන යුගයේ මම පුණ්‍ය කටයුතු, වහලුන් නිදහස් කිරීම් සහ ඥාතී සබඳතා පැවැත්වීම් වැනි ක්‍රියාවන් සිදු කරමින් ආවෙමි. ඒවායෙහි මට යම් ප්‍රතිඵලයක් තිබේ ද? ඒ ගැන ඔබේ අදහස කුමක් ද? යැයි විමසුවෙමි. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ "ඔබ එම සියලු යහපත් ක්‍රියාවන් මත ඉස්ලාමය වැළඳ ගෙන ඇත" යැයි පිළිතුරු දුන්හ.
متفق عليهදේවත්වය ප්‍රතික්ෂේප කළ තැනැත්තා විසින් ඉස්ලාමය වැළඳ ගැනීමට පෙර පුණ්‍ය කටයුතු හෝ වහලුන් නිදහස් කිරීම හෝ ඥාතී සම්බන්ධකම් පැවැත්වීම වැනි යහපත් ක්‍රියාවන් කිසිවක් සිදු කර තිබුණේ නම්, ඔහු ඉස්ලාමය වැළඳගත් අවස්ථාවේ ඒ සඳහා කුසල් ඔහුට ප්රදානය කරනු ලැබේ.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. "කුහකයාට උපමාව බැටළු රැළ දෙකක් අතර කලබලයෙන් සිටිනා බැටළුවෙකු මෙන් ය. විටෙක ඌ එක් රැළකට පැටලෙයි. තවත් විටෙක අනෙක් රැළට පැටලෙයි."
رواه مسلمමුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ කුහකයාගේ තත්වය පැහැදිලි කළ අතර ඔහු බැටළු රැළ දෙකෙන් කුමන බැටළු රැළක් අනුගමනය කළ යුතු දැයි නොදන්නා බැටළුවෙකු සේ වන බව පැහැදිලි කළහ. ඌ විටෙක එක් රැළකට යයි. තවත් විටෙක ඌ අනෙක් රැළට යයි. ඔවුහු දේවත්වය විශ්වාස කිරීම හා ප්‍රතික්ෂේප කීරීම අතර ව්‍යාකූලත්වයෙන් පසුවෙති. ඔවුන් මතුපිටින් මෙන්ම ඇතුළාන්තයෙන් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් සමග නැත. එමෙන්ම ඔවුන් මතුපිටින් මෙන්ම ඇතුළාන්තයෙන් දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරුන් සමග ද නැත. නමුත් ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් සමග සිටින බව මතුපිටින් පෙන්වා ගනිති. ඔවුන්ගේ අභ්‍යන්තරය සැකයේ හා කුතුහලයේ පවතී. විටෙක ඔවුන් වෙත ද විටෙක මොවුන් වෙත ද ඔවුහු නැඹුරු වෙති.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල්-ආස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "දිරාපත් වී යන ඇඳුමක් දිරාපත් වී යනවාක් මෙන් ඊමාන් හෙවත් විශ්වාසය ඔබ අතරින් කෙනෙකුගේ හදවත තුළ දිරාපත් වී යු ඇත. එබැවින් ඔබේ හදවත් තුළ දේව විශ්වාසය අලුත් කරන මෙන් අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින්න."
رواه الحاكم والطبرانيඅලුත් ඇදුමක් දිගු කලක් භාවිත කිරීමෙන් දිරාපත් වී යන්නාක් මෙන් සැබැවින්ම ඊමාන් හෙවත් විශ්වාසය මුස්ලිම්වරයාගේ හදවත තුළ දිරා පත් වී යනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අපට දන්වා සිටියහ. මෙයට හේතුව නැමදුම්හි දක්වන උදාසීනත්වය හෝ පාපකම් සිදු කිරීම සහ තෘෂ්ණාවෙහි ගිලී යාමය. අනිවාර්ය නැමදුම් ඉටු කිරීම, අධික ලෙස අල්ලාහ් ව මෙනෙහි කිරීම හා පාපක්ෂමාවෙහි නිරත වීම යනාදිය තුළින් අපගේ විශ්වාසය අලුත් කර දෙන මෙන් අප අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළ යුතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අපට මඟ පෙන්වූහ.