





























Hadeeth Cards
Da'wa cards that highlight great meanings from the noble prophetic hadiths in a simple style and attractive display that helps the Muslim to have a deeper understanding of his religion in an easy way
All
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මිනිසෙකු හා දේවත්වයට ආදේශ කිරීම හා දේවත්වය ප්‍රතික්ෂේප කිරීම අතර වෙනස සලාතය අත්හැර දැමීමය."
رواه مسلمඅනිවාර්යය සලාතය මඟ හැරීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. සැබැවින්ම පුද්ගලයකු හා බහුදේව වාදයේ මෙන්ම දේවත්වය ප්‍රතික්ෂේප කිරීමේ ඇඳ වැටීම අතර පවතිනුයේ සලාතය මඟ හැරීමය. සලාතය ඉස්ලාමයේ මූලිකාංග අතරින් දෙවන මූලිකාංගයයි. ඉස්ලාමයේ එහි කරුණ අති වැදගත්ය. කවරෙකු එය අනිවාර්යභාවය ප්‍රතික්ෂේප කරමින් එය අත්හැරියේ ද මුස්ලිම්ලිම්වරුන්ගේ සම්මුතියට අනුව ඔහු ප්‍රතික්ෂේප කළ අයකු මෙන් වේ. මැලිකමින් හා නොසැලකිලිමත්කමින් කවරෙකු එය අත්හැරියේ ද ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කළ අයකු වේ. ඒ සම්බන්ධයෙන් සහාබාවරුන්ගේ සම්මුතියන් සඳහන් වී ඇත. ඇතැම් අවස්ථාවල එය ඉටු කර තවත් අවස්ථාවල එය මඟ හරින්නේ නම් ඔහු ද මෙම දැඩි අවවාදයට යොමු කරනු ලබන්නෙකි.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව බුරෙයිදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී. "සැබැවින්ම අප හා ඔවුන් අතර පවතින ගිවිසුම සලාතයයි. එහෙයින් කවරෙකු එය මඟ හැරියේ ද සැබැවින්ම ඔහු ප්‍රතික්ෂේප කළේය."
رواه الترمذي والنسائي وابن ماجه وأحمدසැබැවින්ම මුස්ලිම්වරුන් හා මුස්ලිම් නොවන දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හා කුහකයින් අතරින් වූ අතර පවතින ගවිසුම හා ප්‍රතිඥාව සලාතයයි. එහෙයින් කවරෙකු එය මඟ හැරියේ ද සැබැවින්ම ඔහු ප්‍රතික්ෂේප කළේය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ඔබේ දෙමව්පියන් මත ඔබ දිවුරා පැවසීම සැබැවින්ම අල්ලාහ් ඔබට තහනම් කර ඇත්තේය.” උමර් තුමා: අල්ලාහ් මත දිවුරා පවසමි. අල්ලාහ්ගේ දූතයාණන් එය වළක්වා ඇති බවට මාගේ කණට වැකුණු දා පටන් මෙනෙහි කිරීමක හෝ (වෙනත් කෙනෙකුගේ ප්‍රකාශයක්) දැනුම් දීමක මම එසේ දිවුරා නොසිටියෙමි.”
متفق عليهතම දෙමාපියන් මුතුන් මිත්තන් කෙරෙහි දිවුරා පැවසීම අල්ලාහ් තහනම් කර ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියහ. එහෙයින් කවරෙකු දිවුරන්නට සිතන්නේ ද ඔහු අල්ලාහ් කෙරෙහි පමණක් දිවුරා සිටිය යුතුය. ඔහු හැර වෙනත් කිසිවෙකු මත දිවුරා නො සිටිය යුතුය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එය තහනම් කර ඇති බව තමන් සවන් දුන් දා පටන්, එසේ තමන් විසින්ම හෝ තවත් කෙනෙකු පිළිබඳ පවසන විට හෝ එසේ කිසිදා දිවුරා නොසිටි බවත් අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු කෙරෙහි දිවුරා නොසිටි බවත් උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා මෙනෙහි කර සිටියේය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තීන්දු දෙනු ලබන පළමු කරුණ වනුයේ ලේ වැගිරීම සම්බන්ධයෙනි .”
متفق عليهමළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එකිනෙකා සිදු කරගත් අපරාධ සම්බන්ධයෙන් ජනයා අතරන තීන්දු ලබා දෙන පළමු කරුණ වනුයේ, ඝාතනය කිරීම, තුවාල කිරීම වැනි ලේ වැගිරීම් ගැන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙනෙහි කළහ.
අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් ප්‍රකාශ කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මිනීවළවල් දෙකක් අසළින් ගමන් ගත්හ. එවිට එතුමාණෝ: සැබැවින්ම මොවුන් දෙදෙනා වේදනා කරනු ලබති. මොවුන් දෙදෙනා වේදනා කරනු ලබනුයේ මහා පාපයක් නිසාවෙන් නොවේ. මොවුන් දෙදෙනාගෙන් එක් අයකු මූත්‍රා කිරීමෙන් පසු පිරිසිදු නොකළ අයෙකි. අනෙක් තැනැත්තා කේළාම් කියමින් සැරිසැරූ අයෙකි යැයි පැවසූහ. පසුව අමු අත්තක් ගෙන එය දෙකට පළා මිනීවල දෙක මත සිටෙව්වේය. ඔවුහු: "අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ මෙසේ සිදු කළේ ඇයි දැ?"යි විමසුවෝය. එතුමාණෝ: "මේ දෙක වියළී නොයන තාක්කල් මොවුන් දෙදෙනාට සහනයක් විය හැක." යැයි පැවසූහ.
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මිනීවළවල් දෙකක් අසළින් ගමන් ගත්හ. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: සැබැවින්ම මෙම මිනීවලවල් දෙක තුළ සිටින දෙදෙනා වේදනා කරනු ලබති. මොවුන් දෙදෙනා වේදනා කරනු ලබනුයේ ඔබ සිතන පරිදි මහා පාපයක් නිසාවෙන් නොවේ. නමුත් එය අල්ලාහ් ඉදිරියේ මහත් පාපයක් වේ. මොවුන් දෙදෙනාගෙන් එක් අයකු ශාරීරික අවශ්‍යතා නිමා කළ පසු තම ශරීරයේ හා තම වස්ත්‍රයේ මූත්‍රා තැවරීම ගැන සැලකිලිමත් නොවූ තැනැත්තකි. අනෙක් තැනැත්තා මිනිසුන් අතර කේළාම් කියමින් සැරිසරන තැනැත්තාය. එනම් ජනයා අතර ගැටලු ඇති කිරීම, වැරදි අදහස් පතුරුවාලීම, හා හිංසා පීඩා ඇති කිරීමේ අරමුණින් වෙනත් අයකු පිළිබඳ තොරතුරු තවත් කෙනෙකු සමග කතා කිරීම වැනි දෑ කළ පුද්ගලයාය.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: සැබැවින්ම මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ‘අවසන් හෝරාව කවදා දැ?‘යි විමසා සිටියේය. එතුමාණෝ: ‘ඔබ ඒ සඳහා සූදානම් කර ඇත්තේ කුමක්දැ?‘ යි ඔහුගෙන් විමසුහ. ඔහු: ‘අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට මා ආදරය කිරීම හැර වෙනත් කිසිවක් නැත' යැයි පවසා සිටියේය. එතුමා: “ඔබ ප්‍රිය කළ අය සමග ම ඔබ වනු ඇත" යැයි පැවසූහ. අනස් තුමා මෙසේ පැවසීය: "ඔබ ප්‍රිය කළ අය සමග ම ඔබ වනු ඇත" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයෙන් අපි සතුටු වූ තරමට වෙනත් කිසිවකින් අපි සතුටු වූයේ නැත. තවදුරටත් අනස් තුමා මෙසේ පැවසීය. "එහෙයින් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ටත් අබූ බක්ර් හා උමර් තුමාණන්ලා හටත් ආදරය කරමි. ඔවුන් කළ ඔවුන්ගේ ක්‍රියාවන් හා සමානව මා ක්‍රියා කර නො තිබුණ ද ඔවුන් කෙරෙහි මා ආදරය කර ඔවුන් සමග මාද වන්නට මම ප්‍රිය කරමි."
متفق عليهකාන්තාරයේ විසූ ගැමි අරාබි මිනිසකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් අවසන් හෝරාව ක්‍රියාත්මක වන වේලාව ගැන විමසා සිටියේය. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)තුමාණෝ ඔහුගෙන්: ‘ඔබ ඒ සඳහා සූදානම් කර ඇත්තේ කුමක්දැ?‘යි විමසා සිටියහ. විමසා සිටි එම තැනැත්තා: ‘අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට මා ආදරය කිරීම හැර ලොකුවට වෙනත් කිසිවක් මා සූදානම් කර නැත' යැයි පවසා සිටියේය. ඒ හැර ඔහු සිත, ශරීරය හා මුදල් හා බැඳුණු වෙනත් කිසිදු නැමදුමක් සඳහන් කළේ නැත. හේතුව ඒ සියල්ල ආදරය මත පෙළ ගැසුණු එහි ශාඛාවන් පමණක් වන බැවිනි. එමෙන්ම සැබෑ ආදරය දැහැමි ක්‍රියාවන්හි නිරත වීමට දිරිමත් කරන බැවිනි. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: “සැබැවින්ම ඔබ ප්‍රිය කළ අය සමග ම ඔබ ස්වර්ගයේ සිටිනු ඇත" යැයි පැවසූහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ මෙම ශුභාරංචිය තුළින් එතුමාණන්ගේ අනුගාමිකයෝ ඉමහත් සේ සතුටු වූහ. පසුව අනස් තුමා, තමන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හටත් අබූ බක්ර් හා උමර් තුමාණන්ලා හටත් ආදරය කරන බවත් ඔවුන් කළ ඔවුන්ගේ ක්‍රියාවන් හා සමානව තමන් ක්‍රියා කර නො තිබුණ ද ඔවුන් සමග සිටීමට තමන් ප්‍රිය කරන බවත් දන්වා සිටියේය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කිසිදු නබිවරයකු තම සමූහයාට දජ්ජාල් ගැන නො පැවසූ කරුණක් මා ඔබට පවසා සිටිය යුතු නොවේ ද? සැබැවින්ම ඔහු එක් ඇහැක් අන්ධ අයෙකි. ස්වර්ගයට හා අපා ගින්නට සමාන දෑ ඔහු රැගෙන එයි. නමුත් සැබැවින්ම එය ස්වර්ගය යැයි ඔහු පවසන දෑ නිරය වේ. නූහ් තුමා තම ප්‍රජාවට ඔහු ගැන අවවාද කර සිටියාක් මෙන් මම ද ඔබට අවවාද කරමි.”
متفق عليهනබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දජ්ජාල් පිළිබඳවත් තමන්ට පෙර වෙනත් කිසිදු නබිවරයකු දන්වා නොසිටි ඔහුගේ ගති ගුණ හා ඔහුගේ සළකුණු පිළිබඳවත් දන්වා සිටියහ. ඒ අතරින් කිහිපයක් මෙසේය: සැබැවින්ම ඔහු ඇසක් අන්ධ අයෙකි. සැබැවින්ම අල්ලාහ් ඔහුට ස්වර්ගය හා අපාය මෙන් ප්‍රතිරූපයක් ඇති කීරීමට හැකියාව ලබා දී ඇත. නමුත් ඔහුගේ ස්වර්ගය නිරයයි. ඔහුගේ නිරය ස්වරගයයි. කවරෙකු ඔහුට යටත් වූයේ ද මිනිසුන් දකින ස්වර්ගයට ඔහු ඇතුළත් කරනු ඇත. නමුත් එය පිළිස්සෙන ගින්නය. කවරෙකු ඔහුට පිටුපාන්නේ ද මිනිසුන් දකින නිරයට ඔහු ඇතුළත් කරනු ඇත. නමුත් එය සැපවත් ස්වර්ගයයි. පසුව නූහ් තුමා තම ප්‍රජාවට ඔහු ගැන අනතුරු ඇඟෙව්වාක් මෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ද ඔහුගේ අර්බූදයන් ගැන අපට අනතුරු අඟවා සිටියහ.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මිනිසා තම කල්‍යාණ මිතුරාගේ දහම මත සිටියි. එබැවින් ඔබ අතරින් කිසිවකු හෝ වේවා තම කල්‍යාණ මිතුරන් වන්නේ කවුරුන්දැයි මැනවින් බලත්වා!”
رواه أبو داود والترمذي وأحمدපුද්ගලයෙකු තම හැසිරීම් සහ පුරුදු තුළ ඔහුගේ කළ්‍යාන මිතුරා සහ සහකරුට සමාන බවත්, මිත්‍රත්වය සදාචාරයට, හැසිරීමට සහ ක්‍රියාවන්ට බලපාන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. මේ හේතුව නිසා හොඳ මිතුරෙකු තෝරා ගැනීමට එතුමාණෝ මඟ පෙන්වූහ. මක්නිසාද යත් ඔහු තම මිතුරාට විශ්වාසය, යහමඟ සහ යහපත වෙත මඟ පෙන්වන අතර ඔහු තම මිතුරාට උදව් කරුවකු වන බැවිනි.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අඳුරු රාත්‍රියේ කොටසක් මෙන් වන අර්බූදය, දැහැමි ක්‍රියාවන් තුළින් (අබිබවන්නට) යුහුසුළු වන්න. මිනිසා උදෑසන දේවත්වය විශ්වාස කළ අයකු ලෙස අවදි වෙයි. සවස දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු බවට පත් වෙයි. එමෙන්ම ඔහු දේවත්වය විශ්වාස කළ අයකු ලෙස සවස් කාලයට එළැඹෙයි. උදෑසන දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු ලෙස අවදි වෙයි. මෙලොව ඇති වස්තුව වෙනුවට තම දහම විකුණා දමයි."
رواه مسلمදැහැමි ක්‍රියාවන් අවහිර කරන, ඉන් වළක්වාලන සැක හා අර්බූධ පැමිණීම හේතුවෙන් එම දැහැමි ක්‍රියාවන් ඉටු කිරීමෙන් වෙනතකට යොමු කිරීමට හා ඒ ගැන නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට පෙර, ඒවා අධිකව ඉටු කිරීමටත් ඒ වෙත යුහුසුළු වීමටත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා ව දිරිමත් කර ඇත. එය රාත්‍රියේ කොටසක් මෙන් අන්ධකාරය. එහි සත්‍යය, අසත්‍යය සමග මුසු වී පවතී. ඒ දෙක අතර වෙන්කර හඳුනා ගැනීමට මිනිසුනට දුෂ්කර වෙයි. එහි බරපතලකම නම්, මිනිසා උදෑසන දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකු ලෙසින් අවදි වී සවස් කාලයේ දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වරයකු බවට පත්වනු ඇත. සවස් කාලයේ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකු සේ අවදි වී උදෑසන දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු බවට පත් වෙයි. මෙලොව ක්ෂණික වින්දනයන් සමග තම ආගම පවා අත්හැර දමයි.